අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !


දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine)
 

 2008 ඔක්තෝබර් 1 දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත පෞද්ගලික ව්‍යාපාරයකි. එය වෛද්‍ය, කළමනාකරණ හා මූල්‍ය, ඉංජිනේරු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යනුවෙන් පීඨ හතරකින් යුක්තය. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ 2011 අගෝස්තු 30 දින ප‍්‍රසිද්ධ කළ රජයේ ගැසට් පත‍්‍රය මගින් වෛද්‍ය උපාධිය (MBBS)  ප‍්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා ඇති නමුත් අවශ්‍ය කොන්දේසි නිසි පරිදි සපුරා නොමැති නිසා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව එම උපාධිය පිළිනොගනී.    මෙය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට උත්සාහ දරා තිබෙන දෙවෙනි අවස්ථාවයි. පළමු අවස්ථාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යි. උද්ඝෝෂණ හේතුවෙන් එය රජයට පවරා ගැනිණ. 
-----------------------------------------------------
මෙම වෛද්‍ය විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ලද බරපලතල තර්ජනයක් වශයෙන් ගෙන එය  අහෝසි කරන්නැයි ඉල්ලා ආරම්භ කෙරී ඇති අරගලය දිගටම ඇදීයමින් පවතී. මෙම අරගලයේ පෙරටු බලඇණිය වී සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීම යටතේ සරසවි සිසු සිසුවියන් ය. 
පළමුවෙන්ම අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස පිළිගන්නා අපි ඒ අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට නැතහොත් වෙළෙඳපොලකරණයට ද එහි දිගුවක්වන සයිටම්වලට ද සපුරා විරුද්ධ වන්නෙමු. ඊට එරෙහි අරගලයට අපේ තිරසර සහය පළ කරමු. මෙහිදී  මුලින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය හා එයට පක්ෂ හා විපක්ෂ  මතවාද හා තර්ක පිළිබඳව පැහැදිලිතාවක් ලබා ගැනීම අවශ්‍ය බව අපගේ පිළි ගැනීම ය. 
සයිටම් ප‍්‍රශ්නය  හුදෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවේ. එය තනි, හුදකලා ප‍්‍රශ්නයක් වශයෙන් පමණක් ගත නොහැකි ආණ්ඩුවේ සමස්ත අධ්‍යාපන ප‍්‍රතිපත්තියට අදාළ ප‍්‍රශ්නයකි. එමෙන්ම එය අධ්‍යාපනයට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් පමණක් ද නොවේ. අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය, ප‍්‍රවාහනය ආදී අනෙකුත් මූලික සේවාවන් ද කර්මාන්ත, ගොවි, ධීවර හා අනෙකුත් ක්ෂේත‍්‍ර ද කොටින්ම වත්මන් සමාජ ආර්ථික හා සංස්කෘතික යන සියලූ ක්ෂේත‍්‍ර ද පුරා ද විහිද යන සමස්ත ප‍්‍රශ්නයක එක් ප‍්‍රකාශනයකි. 

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය (2 කොටස)

විප්ලවය, පංතිය හා පක්ෂය
  විප්ලවය පිළිබඳ සංකල්පය පොදු වශයෙන් ඉතිහාසය පිළිබඳ ලියකියවිලි හා පොත්පත් තුළ සටහන් වන්නේ මාක්ස්ට පෙර හා මාක්්ස්ට පසුකාලයේ පටන්ම ය. අදත් පාසැල් පෙළ පොත් තුළ අපට යුරෝපා ඉතිහාසය ඉගැන්වීමේදී විප්ලව ගැන කියා දෙයි. ඒ වැඩවසම්වාදය පෙරළා දමා ධනවාදය බිහිවීමට මග පෑදූ විප්ලවයන් - ධනේශ්වර විප්ලවයන් ගැන යි. නැගී එමින් තිබූ ධනවාදයට බාධකයන් වූ සියළු ආකාරයේ රදළවාදී සම්බන්ධතාවයන් වහාම බිඳදමා නව ධනේශ්වර සම්බන්ධතාවයන් තුළ මුළු මහත් සමාජය ස්ථානගත කිරීම ධනේශ්වර විප්ලවයේ කාර්යභාරය විය. එය ඒ තාක් දුරට ප‍්‍රගතිශීලී වෙයි.   මානව සමාජය ම්ලෙච්ඡුත්වයේ සිට ශිෂ්ඨත්වය කරා, නොදියුණුබවේ සිට දියුණුබව කරා, පහළ අදියරයක සිට ඉහළ අදියරයක් කරා ගමන්කරමින් පැවතිිි විචල්‍ය ප‍්‍රපංචයක් ලෙස දුටු ඉතිහාසඥයින් එය ධනවාදය කරා පිවිසි විගස  මානව සමාජීය සංවර්ධනය එතෙකින් කෙළවර කර ස්ථායී ප‍්‍රපංචයක් ලෙස සලකයි.  සිදුවෙන යම් දියුණුවක් වේ නම් ඒ ධනවාදයම ප‍්‍රසාරණය කරන්නකි. 

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය (පළමුවන කොටස)


(මෙම ලිපිය 2014. 10.22 පීපල්ස් මාර්ච් සංවිධානය විසින් ලියන ලද්දකි. විප්ලවීය පක්ෂය හා බහු ජනතාව අතර සහසම්බන්ධතාවය ගොඩනැගීම සම්බන්ධ උපාය මාර්ගය බොල්ෂෙවික් අත්දැකීම් ආශ්‍රයෙන් සැකෙවින් සාකච්ඡාකරයි. ලංකාවේ වාමාංශික පක්ෂ, පක්ෂය නමින් යම් ආයතනයක් ගොඩනැගීමට උත්සාහ දරන නමුත් පලල් බහුජනතාව සදහා අත්‍යාවශ්‍ය  සංවිධානාත්මක වේදිකාවක් නිර්මාණයකිරීම පසෙකටදමා ඇත. එහෙත් වෘත්තීය සමිති, තරුණ සමිති, කාන්තා සමිති,ගොවි සමිති වගේ තම පූර්ණ අධිකාරිත්වයට යටත් සංවිධාන ගොඩනැගීම ගැන දැඩි  උනන්දුවක් දක්වයි. මෙහි තේරුම බහුජන ක්‍රියාකාරිත්වය අවතක්සේරුකිරීම, ඒ කෙරෙහි තම අධිපතිත්වය අහිමිවීයාම ගැන ඇති බිය බව පැහැදිලිය. ඒ සමගම තමන්ගේ ප්‍රතිපත්ති, උපාය, උපක්‍රම හා නායකත්වය උත්රීතරයැයි සිතන උද්ච්ඡ මනෝභාවය ද ඉන් ගම්‍යකෙරෙයි. රුසියානු විප්ලවයේදි බොල්ෂෙවික ව්‍යාපාරයට බරිභාහිරව වූ  දේශපාලනිකව විවිධත්වයෙන්  යුත් කම්කරුවන්,සොල්දාදුවන් හා ගොවීන්ගේ සභා (සෝවියට් සභා ) විප්ලවය ඉදිරියට මෙහෙයවු ප්‍රධාන සංවිධාන ව්‍යුහය  විය. ජයග්‍රහණයෙන්  පසු රාජ්‍ය බලය කරා ඔසවා තැබුයේ එයයි.  පක්ෂය වෙත නොව නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය  දිනාගැනීම අර්ථවත් කෙරුනේ එලෙසයි.   බොල්ෂෙවිකයන් ඊට මගපෙන්පවීම හා නායකත්වය   දුන්නා පමණි.  )

අද අප ජීවත් වන සමාජය  ස්වභාවික වශයෙන් ම ධනපති ක‍්‍රමයයේ ප‍්‍රචණ්ඩමය ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන, සංස්කෘතිකමය සමාජයක් පමණක් ම නොව ආගමික හා වාර්ගික  ඓතිහාසික සාධකයන් විසින් පොළවඹවනු ලැබ ආවේශයට පත් ජනතාවක් විසින් ස්ව කැමැත්තෙන්මත් තමන් පාලනය කරනු ලැබීමට ස්වකීය නියෝජිතයන් ලෙස සලකන සමාජ බල කණ්ඩායම් හරහා ධනපති පාලකයන්ට වරම් දෙනු ලැබ ඇති  සමාජයකි. මෙම තත්ත්වයන් ගේ එකතුව විසින් රාජපක්ෂ හෙජමොනිය නිර්මාණය කරනු ලැබ ඇත. ඊට ගෝලීය ධනවාදයේ ආශිර්වාදය හා අනුබලය නොඅඩුව ලැබෙයි. තරවටු කිරීම් කරන්නේ නම් ඒ ‘‘යහ මගට’’ ගැනීම සඳහාම පමණි. උතුරේ දෙමළ ජනතාවට ගේ දොර ඉඩකඩම් අහිමිකර ඇත. ඔවුන්ගේ පැල්පත් යටකරගෙන විසල් හමුදා සංකීර්ණයන් ගොඩ නැගෙයි. ඊටත් වඩා ඔවුන්ට හිමි ජාතික ගෞරවය හා අභිමානය අහිමි කරනු ලැබීමෙන් ඉතිහාසයේ කවරදාටත් වඩා ඔවුහු විඳවමින් සිටිති. 53 දී සහල් සහනාධාරය අත් හිටුවා සේරුව ශත විසි පහකින් වැඩි කළ විට මහා නැගිටීමකට පිළිපන් ජනතාවක්  පාන් රාත්තල රුපියල් දහයකින් වැඩිවන විට, සිය ගණනින් පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම්වලට ආණ්ඩුවේ සෘජු සම්බන්ධය පැහැදිලිව එළිදරව් වෙමින් පවතින විට, බිලියන ගණනින් රාජ්‍ය සම්පත් වංචනික හා ¥ෂිත මාර්ගයෙන් ගිලදමන විට, හමුදාමය මැදිහත්වීම් මගින් නීතියේ ස්ථානය ඩැහැ ගනිමින් තිබෙනා විට අද ඒවාට එරෙහිව විටින් විට වුවත් නැගෙන විරෝධතාවන්  නොසලකා සිටින්නේ  එම ජනතාවගෙන් බහුතරය රාජපක්ෂ හෙජමොනිය සමග ඇති කරගෙන ඇති මේ සහමිතික බැඳීම ද  නිසා ය. මීට අමතරව මහින්ද රෙජිමය නිවැරදි කරන්්නට හා ආරක්ෂා කරන්නට උපදේශන පාඨමාලා පවත්වන ජාතික හා ඇතැම් විකල්ප මාධ්‍ය  ගෙන යන මාධ්‍ය ප‍්‍රචාරය ද මෙම සහමිතික බැඳීම නගාලීම සඳහා කරන කුප‍්‍රකට සේවය මෙහි දී නොකියා නොහැකි ය.  

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...