විප්ලවය, පංතිය හා පක්ෂය
විප්ලවය පිළිබඳ සංකල්පය පොදු වශයෙන් ඉතිහාසය පිළිබඳ ලියකියවිලි හා පොත්පත් තුළ සටහන් වන්නේ මාක්ස්ට පෙර හා මාක්්ස්ට පසුකාලයේ පටන්ම ය. අදත් පාසැල් පෙළ පොත් තුළ අපට යුරෝපා ඉතිහාසය ඉගැන්වීමේදී විප්ලව ගැන කියා දෙයි. ඒ වැඩවසම්වාදය පෙරළා දමා ධනවාදය බිහිවීමට මග පෑදූ විප්ලවයන් - ධනේශ්වර විප්ලවයන් ගැන යි. නැගී එමින් තිබූ ධනවාදයට බාධකයන් වූ සියළු ආකාරයේ රදළවාදී සම්බන්ධතාවයන් වහාම බිඳදමා නව ධනේශ්වර සම්බන්ධතාවයන් තුළ මුළු මහත් සමාජය ස්ථානගත කිරීම ධනේශ්වර විප්ලවයේ කාර්යභාරය විය. එය ඒ තාක් දුරට ප‍්‍රගතිශීලී වෙයි. මානව සමාජය ම්ලෙච්ඡුත්වයේ සිට ශිෂ්ඨත්වය කරා, නොදියුණුබවේ සිට දියුණුබව කරා, පහළ අදියරයක සිට ඉහළ අදියරයක් කරා ගමන්කරමින් පැවතිිි විචල්‍ය ප‍්‍රපංචයක් ලෙස දුටු ඉතිහාසඥයින් එය ධනවාදය කරා පිවිසි විගස මානව සමාජීය සංවර්ධනය එතෙකින් කෙළවර කර ස්ථායී ප‍්‍රපංචයක් ලෙස සලකයි. සිදුවෙන යම් දියුණුවක් වේ නම් ඒ ධනවාදයම ප‍්‍රසාරණය කරන්නකි.
අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය (පළමුවන කොටස)
(මෙම ලිපිය 2014. 10.22 පීපල්ස් මාර්ච් සංවිධානය විසින් ලියන ලද්දකි. විප්ලවීය පක්ෂය හා බහු ජනතාව අතර සහසම්බන්ධතාවය ගොඩනැගීම සම්බන්ධ උපාය මාර්ගය බොල්ෂෙවික් අත්දැකීම් ආශ්‍රයෙන් සැකෙවින් සාකච්ඡාකරයි. ලංකාවේ වාමාංශික පක්ෂ, පක්ෂය නමින් යම් ආයතනයක් ගොඩනැගීමට උත්සාහ දරන නමුත් පලල් බහුජනතාව සදහා අත්‍යාවශ්‍ය සංවිධානාත්මක වේදිකාවක් නිර්මාණයකිරීම පසෙකටදමා ඇත. එහෙත් වෘත්තීය සමිති, තරුණ සමිති, කාන්තා සමිති,ගොවි සමිති වගේ තම පූර්ණ අධිකාරිත්වයට යටත් සංවිධාන ගොඩනැගීම ගැන දැඩි උනන්දුවක් දක්වයි. මෙහි තේරුම බහුජන ක්‍රියාකාරිත්වය අවතක්සේරුකිරීම, ඒ කෙරෙහි තම අධිපතිත්වය අහිමිවීයාම ගැන ඇති බිය බව පැහැදිලිය. ඒ සමගම තමන්ගේ ප්‍රතිපත්ති, උපාය, උපක්‍රම හා නායකත්වය උත්රීතරයැයි සිතන උද්ච්ඡ මනෝභාවය ද ඉන් ගම්‍යකෙරෙයි. රුසියානු විප්ලවයේදි බොල්ෂෙවික ව්‍යාපාරයට බරිභාහිරව වූ දේශපාලනිකව විවිධත්වයෙන් යුත් කම්කරුවන්,සොල්දාදුවන් හා ගොවීන්ගේ සභා (සෝවියට් සභා ) විප්ලවය ඉදිරියට මෙහෙයවු ප්‍රධාන සංවිධාන ව්‍යුහය විය. ජයග්‍රහණයෙන් පසු රාජ්‍ය බලය කරා ඔසවා තැබුයේ එයයි. පක්ෂය වෙත නොව නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය දිනාගැනීම අර්ථවත් කෙරුනේ එලෙසයි. බොල්ෂෙවිකයන් ඊට මගපෙන්පවීම හා නායකත්වය දුන්නා පමණි. )
අද අප ජීවත් වන සමාජය ස්වභාවික වශයෙන් ම ධනපති ක‍්‍රමයයේ ප‍්‍රචණ්ඩමය ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන, සංස්කෘතිකමය සමාජයක් පමණක් ම නොව ආගමික හා වාර්ගික ඓතිහාසික සාධකයන් විසින් පොළවඹවනු ලැබ ආවේශයට පත් ජනතාවක් විසින් ස්ව කැමැත්තෙන්මත් තමන් පාලනය කරනු ලැබීමට ස්වකීය නියෝජිතයන් ලෙස සලකන සමාජ බල කණ්ඩායම් හරහා ධනපති පාලකයන්ට වරම් දෙනු ලැබ ඇති සමාජයකි. මෙම තත්ත්වයන් ගේ එකතුව විසින් රාජපක්ෂ හෙජමොනිය නිර්මාණය කරනු ලැබ ඇත. ඊට ගෝලීය ධනවාදයේ ආශිර්වාදය හා අනුබලය නොඅඩුව ලැබෙයි. තරවටු කිරීම් කරන්නේ නම් ඒ ‘‘යහ මගට’’ ගැනීම සඳහාම පමණි. උතුරේ දෙමළ ජනතාවට ගේ දොර ඉඩකඩම් අහිමිකර ඇත. ඔවුන්ගේ පැල්පත් යටකරගෙන විසල් හමුදා සංකීර්ණයන් ගොඩ නැගෙයි. ඊටත් වඩා ඔවුන්ට හිමි ජාතික ගෞරවය හා අභිමානය අහිමි කරනු ලැබීමෙන් ඉතිහාසයේ කවරදාටත් වඩා ඔවුහු විඳවමින් සිටිති. 53 දී සහල් සහනාධාරය අත් හිටුවා සේරුව ශත විසි පහකින් වැඩි කළ විට මහා නැගිටීමකට පිළිපන් ජනතාවක් පාන් රාත්තල රුපියල් දහයකින් වැඩිවන විට, සිය ගණනින් පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම්වලට ආණ්ඩුවේ සෘජු සම්බන්ධය පැහැදිලිව එළිදරව් වෙමින් පවතින විට, බිලියන ගණනින් රාජ්‍ය සම්පත් වංචනික හා ¥ෂිත මාර්ගයෙන් ගිලදමන විට, හමුදාමය මැදිහත්වීම් මගින් නීතියේ ස්ථානය ඩැහැ ගනිමින් තිබෙනා විට අද ඒවාට එරෙහිව විටින් විට වුවත් නැගෙන විරෝධතාවන් නොසලකා සිටින්නේ එම ජනතාවගෙන් බහුතරය රාජපක්ෂ හෙජමොනිය සමග ඇති කරගෙන ඇති මේ සහමිතික බැඳීම ද නිසා ය. මීට අමතරව මහින්ද රෙජිමය නිවැරදි කරන්්නට හා ආරක්ෂා කරන්නට උපදේශන පාඨමාලා පවත්වන ජාතික හා ඇතැම් විකල්ප මාධ්‍ය ගෙන යන මාධ්‍ය ප‍්‍රචාරය ද මෙම සහමිතික බැඳීම නගාලීම සඳහා කරන කුප‍්‍රකට සේවය මෙහි දී නොකියා නොහැකි ය.
Subscribe to:
Posts (Atom)
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්රජාතන්ත්රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...