අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine)
2008 ඔක්තෝබර් 1 දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත පෞද්ගලික ව්‍යාපාරයකි. එය වෛද්‍ය, කළමනාකරණ හා මූල්‍ය, ඉංජිනේරු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යනුවෙන් පීඨ හතරකින් යුක්තය. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ 2011 අගෝස්තු 30 දින ප‍්‍රසිද්ධ කළ රජයේ ගැසට් පත‍්‍රය මගින් වෛද්‍ය උපාධිය (MBBS) ප‍්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා ඇති නමුත් අවශ්‍ය කොන්දේසි නිසි පරිදි සපුරා නොමැති නිසා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව එම උපාධිය පිළිනොගනී. මෙය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට උත්සාහ දරා තිබෙන දෙවෙනි අවස්ථාවයි. පළමු අවස්ථාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යි. උද්ඝෝෂණ හේතුවෙන් එය රජයට පවරා ගැනිණ.
-----------------------------------------------------
මෙම වෛද්‍ය විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ලද බරපලතල තර්ජනයක් වශයෙන් ගෙන එය අහෝසි කරන්නැයි ඉල්ලා ආරම්භ කෙරී ඇති අරගලය දිගටම ඇදීයමින් පවතී. මෙම අරගලයේ පෙරටු බලඇණිය වී සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීම යටතේ සරසවි සිසු සිසුවියන් ය.
පළමුවෙන්ම අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස පිළිගන්නා අපි ඒ අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට නැතහොත් වෙළෙඳපොලකරණයට ද එහි දිගුවක්වන සයිටම්වලට ද සපුරා විරුද්ධ වන්නෙමු. ඊට එරෙහි අරගලයට අපේ තිරසර සහය පළ කරමු. මෙහිදී මුලින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය හා එයට පක්ෂ හා විපක්ෂ මතවාද හා තර්ක පිළිබඳව පැහැදිලිතාවක් ලබා ගැනීම අවශ්‍ය බව අපගේ පිළි ගැනීම ය.
සයිටම් ප‍්‍රශ්නය හුදෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවේ. එය තනි, හුදකලා ප‍්‍රශ්නයක් වශයෙන් පමණක් ගත නොහැකි ආණ්ඩුවේ සමස්ත අධ්‍යාපන ප‍්‍රතිපත්තියට අදාළ ප‍්‍රශ්නයකි. එමෙන්ම එය අධ්‍යාපනයට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් පමණක් ද නොවේ. අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය, ප‍්‍රවාහනය ආදී අනෙකුත් මූලික සේවාවන් ද කර්මාන්ත, ගොවි, ධීවර හා අනෙකුත් ක්ෂේත‍්‍ර ද කොටින්ම වත්මන් සමාජ ආර්ථික හා සංස්කෘතික යන සියලූ ක්ෂේත‍්‍ර ද පුරා ද විහිද යන සමස්ත ප‍්‍රශ්නයක එක් ප‍්‍රකාශනයකි.
Subscribe to:
Posts (Atom)
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්රජාතන්ත්රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...