ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු-ලයනල් බෝපගේ


                                                                 
  පස්වන කොටස                                                                                                      

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්
2.         ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු සුළුතර ජන ප්‍රජාවක් වාර්ගිකත්වය පදනම් කොට ගෙන වෙනස්කම් කිරීමක් ගැන පැමිණිලි කරන බවක් නොපෙනේ; වාර්ගිකත්වය මත පදනම්ව කිසිදු වෙනස්කම් කිරීමක් ඇත්තේ නැත; එය සැඟවුනු අභිප්‍රායක් සහිතව (දෙමළ දේශපාලණ නායකත්වය විසින්) ගෙන යන හුදු දේශපාලන ප්‍රචාරයක්.
“වෙනත් කිසිදු සුළුතර ජන ප්‍රජාවක් වාර්ගිකත්වය පදනම් කොට ගෙන වෙනස්කම් කිරීමක් ගැන පැමිණිලි කරන බවක් පෙනෙන්නට නැතැ” යි යනුවෙන් ආචාර්‍ය ගොඩහේවා කරන ප්‍රකාශය කරුණු මුළුමණින්ම වැරදි සහගත ලෙස ඉදිරිපත් කිරීමකි. ශ්‍රී ලංකාවේ බහුතරය නොවන ජන ප්‍රජාවෝ බොහෝ ආකාර වෙති. ඒ අය අතර දමිල, මුස්ලිම් සහ බර්ගර් වශයෙන්ද හින්දු, ක්‍රිස්තියානි, මැලේ, චීන, කෆීර් යනාදීහු ද සිටිති. මොවුන් අතරෙන් දමිල, මැලේ, චීන සහ කෆීර් ජාතිකයෝ පමණක් වාර්ගික වශයෙන් පදනම් වන බව සැලකිය හැකිය. අනෙක් අය වාර්ගික වශයෙන් පදනම් නොවන නමුත්, ඔවුහු විශ්වාස මත පදනම් වෙති. බහුතරය නොවන ජන ප්‍රජාවන්ට එරෙහිව, ඔවුන් කිතුනුවන්[1]  හෝ මුස්ලිම්වරුන්[2] වන නිසාම පමණක් මෑත දී දකුණේ ඇති කරන ලද නොයෙක් කැරලි කෝලාහල පිළිබඳව කිසිවෙකු දැන සිටිය නොහැක්කේ කෙසේද? 2014 ජූනි මාසයේ බොදුබල සේනා විසින් අළුත්ගම මුස්ලිම්වරුන්ට එරෙහිව ගැටුම් අවුළුවා ලීම පුළුල් ලෙස හෙළා දකින ලද අතර, මාරාන්තික කැරලි වළක්වන්නට කඩිනම් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව බල කර සිටියේය. යුද්ධයේ අවසානයෙන් පසුව පවා, දමිල ජනයා[3] සහ මලයියහ (කඳුරට) දමිල ජනයාට[4] එරෙහිව ඕනෑකමින් ඇති කරන ලද කැරලි කෝලාහල දකුණේ සමහර වතුවල දිගටම සිදු වෙයි; ඒ සඳහා කිසිදු සාධාරණ යුක්තිසහගත හේතු දැක්වීමක් නැත.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු- ලයනල් බෝපගේ


                                                         සිව්වන කොටස                                                                                                            
නිවැරදි කිරීම: මෙම දිගු ප්‍රතිචාරයේ පෙර කොටස් පළ කරන ලද්ද ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් යන මාතෘකාව යටතේය. කතුවරයා කථිකයාට නුසුදුසු ගරවයක් ආරෝපනය කිරීමෙන් කරන ලද මෙම නොදැනුවත් වරද ගැන කණගාටු වෙයි. 
ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්
1.      ශ්‍රී ලංකාව නිදහසෙන් පසු සියලු පුරවැසියන්ට සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දුන්නේය; ශ්‍රී ලංකාව තුළ පවත්නා ව්‍යවස්ථාමය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය විධිවිධාන කිසිවක් විසින් කිසිදු සුළුතර ජනකොටසක් වෙනස්කම් කිරීමට ලක් කරනු නොලැබේ; සියලු දෙනාම ඒකීය රාජ්‍යයක් තුල සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියන් වෙති; යුද්ධයෙන් පසුව පවා, සංවර්ධන වියදම්වලින් වැඩි කොටසක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන ලදි;
ධ්‍යාපනය
යටත් විජිත පාලනය යටතේ ප්‍රභූ පෙලැන්තියේ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඉගැන්වීමේ භාෂාව විය[1]. මෙය ඉංග්‍රීසි කථා කරන්නන්ට වාසිදායක වූවද, බහුතරයට එහි ප්‍රතිලාභ ලබා ගන්නට නොහැකි විය. කලින් සඳහන් කළ අන්දමට, උතුරු හා නැගෙනහිර පළාත්වල සිටි, ප්‍රධාන වශයෙන් දමිල සිසුන්ට, ඔවුන් අයත්ව සිටි සමාජ ආර්ථික ස්ථර නොසලකා මිෂනාරි පාසල් මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගන්නට ඇතුල් විය හැකිව තිබිනි. 1931 දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් විට 84,000 ක් ඉංග්‍රීසි පාසැල්වල ද, 476,000 ක් ස්වභාෂා පාසැල්වල ද ඉගෙනුම ලැබූහ. නිදහස ලැබෙන්නට ආසන්න කාලයේදී, 180,000 ක් පමණ ඉංග්‍රීසි පාසැල්වලත්, 720,000 ක් ස්වභාෂා පාසැල්වලත් ඉගෙනුම ලැබූහ. ඉංග්‍රීසි පාසල් විෂය මාලාව තුළ උසස් පාඨමාලා ඇතුළුව සෑම ශ්‍රේණියක් සඳහාම පන්ති සහ විභාග ඇතුළත් වූ අතර, ස්වභාෂා පාසැල්වල පන්ති පස්වන මට්ටමෙන් අවසාන විය. 1942 දී ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවනු ලැබීය. බොහෝ ඉංග්‍රීසි කතා කරන දමිල හා සිංහල සිසුහු විශේෂයෙන් විද්‍යා, වෛද්‍ය විද්‍යා හා ඉංජිනේරු විද්‍යා පාඨ මාලා හදාරන්නට විශ්ව විද්‍යාලවලට ඇතුළ් වූහ. විශ්ව සාක්‍ෂරතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් සමඟින්, ආණ්ඩුවේ පාසල් වල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බවට පත් විය. මූලික හා තාක්‍ෂණික පාසැල් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටුවන ලද අතර ස්වභාෂාවෙන් ලබන අධ්‍යාපනය නිල වශයෙන් දිරි ගැන්වුනි.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් -ලයනල් බෝපගේ


                                                                                  තෙවන කොටස                                                                                                  

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු
1. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු සියලු පුරවැසියන්ට සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දුන්නේය; ශ්‍රී ලංකාව තුළ පවත්නා ව්‍යවස්ථාමය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය විධිවිධාන කිසිවක් විසින් කිසිදු සුළුතර ජනකොටසක් වෙනස්කම් කිරීමට ලක් කරනු නොලැබේ; සියලු දෙනාම ඒකීය රාජ්‍යයක් තුල සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියන් වෙති; යුද්ධයෙන් පසුව පවා, සංවර්ධන වියදම්වලින් වැඩි කොටසක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන ලදි;
1947 සෝල්බරි ව්‍යවස්ථාව දිවයිනේ ප්‍රථම ඒකීය රාජ්‍යය ස්ථාපිත කර ලීය. එය, එතෙක් විමධ්‍යගත පරිපාලනයක් යටතේ පැවති රටක් මත ආරෝපණය කරන ලද අපරදිග ව්‍යවස්ථාමය නිර්මිතයකි. නව පාලනය පදනම් වූයේ ජනවාර්ගික, ආගමික හා භූගෝලීය විවිධත්වය නොසලකා සජාතීය මහජනතාවක් උපකල්පනය කල බහුතරවාදී ප්‍රජාතන්ත්‍රවාදය මත යි. බහුතරයේ කැමැත්ත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සකස් කරන බවට සලකන ලදි. එසේ වුවත්, අඩු තරමින් පසුගිය ශතවර්‍ෂ කිහිපයේදී වත් ලංකාව සජාතීය සමාජයක් ව පැවතී නැත. නව ඒකීය රාජ්‍යය ඇතැම් විට බහුතරය නොවන ජනයාගේ මානව හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් යටපත් කර දමමින්, බහුතරයේ අදහස් පමණක් හැම විටකම පාහේ ක්‍රියාත්මක කළේය.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන්--ලයනල් බෝපගේ


දෙවන කොටස                                                                                                

පූර්ව යටත් විජිත සහ යටත් විජිත පාලනය
පූර්ව යටත් විජිත ලංකාව, ප්‍රාදේශීය රාජධානිවලින් මෙන්ම, කුල වැදගත්කම විසින් ආගමික සහ වාර්ගික ගැටළුව යටපත්කර දමන ලද දමිල සහ සිංහල වැඩවසම් වංශාධිපතීන් අතර පැවති සුහදතාවයේ සංකලනයකින්ද නිරූපනය වුනු බොහෝ සෙයින් ධූරාවලිගත වැඩවසම් සමාජයක් වූයේය. මතභේද පැන නැගුනේ ජනවාර්ගික ද්වේෂය නිසා නොව, වංශාධිපතීන් අතර පැවති එදිරිවාදිකම් හේතුවෙනි. දිවයිනේ ධනවාදය දේශිය තත්ත්වයන්ගෙන් පැන නැඟුනා නොව, යටත් විජිත හාම්පුතුන් විසින් ඔවුන්ගේ ආර්ථික හා ව්‍යුහාත්මක අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ආරෝපනය කරන ලද්දකි. සියලූ ජනප්‍රජාවන්ට අයත් වූ ප්‍රභූ පිරිස් මෙම යටත් විජිත ව්‍යවසායයේ පර්යන්තයෙහි කටයුතු කරමින් ඔවුන්ගේ වස්තුව හා සමාජ තත්වයන් තහවුරු කර ගත්හ. එබැවින් ඔවුහු යටත් විජිත හාම්පුතුන් ගේ අනුග්‍රහය මත යැපුනහ.

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...