පැන්ඩෝරා පත්‍රිකා
![]() |
අක්වෙරළ (offshore)සමාගම් තුල විශාල වශයෙන් ධනය යෙදවූ රාජ්‍ය නායකයන්, රාජ්‍ය නිළධාරීන්, දේශපාලකයන්, ජනප්‍රිය පුද්ගලයන් සහ මහ පරිමාණ ව්‍යාපාරිකයන් 330 ට වැඩි පිරිසකට අදාළව හෙළිදරව් කර ඇති අතිශයිනි රහස්‍ය ලියවිලි 'පැන්ඩෝරා පත්‍රිකා' ලෙස හදුන්වයි. ඒවා ප්‍රමාණයෙන් මිලියන 11.9 ක් තරම් විශාල ය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකතුව (International Consortium of Investigative Journalists)නම් ස්වෙච්ඡා සංවිධානය විසින් ය එම මහා හෙළිදරව්ව කර ඇත්තේ. එයට ලොව පුරා රටවල් 117 මාධ්‍යවේදීන් 600 ක් පමණ සහභාගිවී ඇත.
පැන්ඩෝරා-Pandora-යනු ග්‍රීක දෙව කතා අනුව දෙවියන් විසින් මේ ලෝකයේ මවන ලද පළමු කාන්තාව ය. දෙවියන් විසින් ඇයට පෙට්ටියක් දී කිසිවිටකවත් එය විවෘත නොකරන ලෙසත්, එය නොසළකා විවෘත කළ හොත් ඉන් සියළු ආකාරයේ අනර්ථයන් ලෝකය වෙත මුදාහැරෙනු ඇති බවටත් අවවාද කර ඇත. සමහර ප්‍රභූන් විසින් රහසිගතව හා දූෂිත ලෙස ධනය රැස්කරගෙන ඇති ආකාරයත් එම ධනය අක්වෙරළ සමාගම් හා ගිණුම්වල දමා සගවා ඇති ආකාරයත් එමගින් අපේ යුගයේ ලෝකය වෙත මුදාහැර ඇති මහා අනර්තයන් පිළිබද කතාව එළිදක්වන හෙයින් එම ලිපි ගොනු පැන්ඩෝරා පත්‍රිකා ලෙස හදුන්වයි.
බදු ක්ෂේමස්ථාන නැතිනම් අතිශයින් කුඩා බද්දක් අයකරන හෝ කිසිම බද්දක් අය නොකරන බදු සහන ලබාදෙන සිංගප්පූරුව,, ස්විට්සර් ලන්තය සහ නෙදර්ලන්තය වැනි රටවල හදුන්වා දී ඇති සමාගම් විශේෂය අක්වෙරළ සමාගම් යනුවෙන් හදුන්වයි. මේවායේ විශේෂත්වය තමයි අතිශය රහස්‍ය බව. ආයෝජනය කර ඇති ධනය කොපමණ ද, ඒ කවුරුන් විසින් ද, සමාගමේ කාර්ය ය කුමක්ද ආදී කිසිම තොරතුරක් එළිදරව් නොකිරීමේ නීතිමය ආවරණය ඒවාට ලැබී ඇත. ඇත්තටම එවැනි සමාගම් හැබෑ ලෙස ක්‍රියාත්මක නොවන නාමික නැතිනම් පෙනුමට ඇති සමාගම් ය. ඒ නිසාම ඒවා කබොලු සමාගම් -Shell Company- කියාද හදුන්වයි. මවි රටට බදු නොගවා, ඒ නිසාම මව් රටට හොරෙන් ඉපැයූ, බොහෝවිට නීති විරෝධී බලාපොරොත්තු ඇතිව රැස්කරගත් ධනය කබොලු සමාගම් වල යෙදවීමෙන් අදාළ රටේ නිතිමය ආරක්ෂාව ලබාගැනීම මින් සිදුවෙයි.
පැන්ඩෝරා එක් පත්‍රිකාවක් මගින් හෙළිදරව් කර ඇත්තේ රාජපක්ෂ පවුලට අයත්. හිටපු ඇමතිවරියක වූ නිරූපමා රාජපක්ෂට සහ ඇගේ සැමියා වූ තිරු නඩේසන් ට අයත් ඇ. ඩො. මිලියන 160 ක පමණ වත්කම් ප්‍රමාණයක් ගැන ය. තිරු නඩෙසන් ප්‍රකොටිපතියෙක් බව ඇත්ත ය. එහෙත් ලංකාව හෝ වෙනත් රටක නිතියෙන් ගැලවී සිටීමේ උවමනාව නිසා නොවේ නම් රහස්‍ය අක්වෙරළ සමාගමක ආයෝජනය කිරීමට ඔවුන් තීරණය කළේ ඇයි? ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයේ යෙදෙන, රටේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ, මුල්‍ය විනයක් ඇති, වගකිවයුතු, යහපත් පුරවැසියන් නම් ඔවුන් දූෂිත වත්කම් තැන්පතුවලට සුප්‍රසිද්ධ අක්වෙරළ සමාගමක ආයේජනය කළේ ඇයි? දක්ෂ ව්‍යාපරිකයකු වූ තිරු නඩෙසන් ඒ ගැන නොදන්නවා විය නොහැක. ඒ වගේම තිරු නඩේසන් ගේ ව්‍යාපාර කටයුතුවල ස්වභාවය ගැන නිරූපමා රාජපක්ෂ හෝ අනෙක් රාජපක්ෂවරු නොදැන සිටියා කියා සිතිය නොහැක.
පරීක්ෂණ කළ යුතු මහ පරිමාණ වංචා / දූෂණ අපමණවත් රටේ තිබිය දී ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ එළඹි සිහියෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට මේ පිළිබදව වහාම පරීක්ෂණයක් කර මසක් ඇතුලත වාර්ථාවක් ඉදිරිපත්කරන ලෙස නියෝග කර ඇත. ඒ සමගම තිරු නඩේසන් ද කඩිනම් පරීක්ෂනයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත.එහිදී තම නිර්දෝශිභාවය ඔප්පුකිරීමට ඔහු සූදානම්ව සිටී.
අක්වෙරළ සමාගම් අදාළ රටේ නීතිය මගින් පිළිගැනෙන,එනම් නීත්‍යානුකූල, දැඩි ලෙස රහස්‍යභාවය රැකෙන නීති මගින් ආවරණය ලබන අති විශේෂ ආයතන වර්ගයකි.
ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට සිදුවෙන්නෙ අක්වෙරළ සමාගමේ එළිපත්ත ලග බලා සිටිමටය.!
සභා තොමෝ සතුටින් විසිර ගියහ!