ජනාධිපති වහා ඉවත් වෙනු! ජනතා ආණ්ඩුවකට මග හදමුææ


අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සිදුවීමත් සමගම රාජපක්ෂ ආණ්ඩුව බි වැටී ඇත ජනතා හඬට කන් නොදී ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ තවම තනතුරේ රැඳී සිටිය ද ඔහු පත්ව සිටින්නේ රටේ පාලන බලය මෙහෙයවිය හැකි තත්ත්වයක නොවේ. සමස් රාජ්‍ය යන්ත්‍රයම වාගේ අක්‍රීයවී ඇති අතර ඔහුගේ නියෝග හා උපදෙස් පිළි නොගන්නා තත්ත්වයක් උද්ගත වෙමින් පවතී.

මෙවන වාතාවරණයක් තු ජනාධිපතිවරයා තව දුරටත් ධූරයේ එල්ලී සිටින්නට උත්සාහ කළත් ඒ සදහා පවතින ඉඩ කඩ හා තර්කානුකූලභාවය ඉතාම අවම බව පැහැදිලිය. ඔහු ධූරයේ රැදී සිටින තාක්ම රට පුරාම අරගලකාරී තත්ත්වයන් තව තවත් වර්ධනය විය හැකිවා විනා පාලනය වීමක් සිදුවීමේ ඉඩක්  නැත. 2022 මැයි මස 9 දින ගෝල්පේස් අරගල බිමට එල්ල කළ නීච මැර ප්‍රහාරයත් සමගම මැරයින්ට එරෙහිව බහු ජන ක්‍රියාකාරිත්වය මුදා හැරුණේ නිමේශයකිනි. රට පුරාම ජනතාව කෝපයෙන් ඇලලී යමින් පොහොට්ටු මැති ඇමතීන්ගේ ගෙවල් ද යාන වාහන ද  දවා හලුකර දමන්නට වූහ. ැර ප්‍රහාරයේ මොහොතේ සිටම වීදි බසින්නට වූ  පොදු මහ ජනයා කෙතරම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ඇද දැමුණේ ද යත් ඔවුන් කිසිදු නීතියක් මගින් පලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වූයේ නිරායාසයෙනි.   

පොදු ජනයා එවන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ඇද දමා රට ගිනි ගන්නා තත්ත්වයකට පත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන් ම භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ කේන්ද්‍රය කරගත් රාජපක්ෂ පාලනය ය.  මේ පාලක මැර තක්කඩියන්ට ඔවුන්ගේ සාපරාධී දුෂ්ට ක්‍රියාවන් සම්බන්ධයෙන් නිසි දඬුවම් ලබා දිය යුතු බව සැබෑ ය. එසේ නමුත් පුද්ගල ඝාතන හා දේපොළ විනාශකිරීම වැනි ක්‍රියා අරගලයේ සැබෑ ජයග්‍රහණයන්ට හා ගරුත්වයට හානි පමුණුවනවා පමණක් නොව පාලකයන්ට ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කර ගැනීම සදහා මර්දනයේ පිහිට පැතීම තර්කික කරනු ඇත.  

මෙවන් තත්ත්වයක් තුළ මේ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුකර මෙතෙක් දී ඇති ආදර්ශය අනුව යමින් මහත් වගකීමෙන් කටයුතු කරන ලෙස අරගල බිමේ සිටින සියළු පාර්ශව වලින් අපි ඉල්ලා සිටිමු.

එසේම මෙම අරගලකාරී තත්ත්වය උපයෝගීකර ගනිමින් ජාතිවාදී  හා ආගම්වාදී අරගල ඇති කිරීම සදහා බොහෝ විසකුරු බලවේග මේ පාලක කල්ලියේ ආධාර හා මෙහෙවීම ඇතිව කටයුතු කරනු ඇති බව නිසැක ය. මැයි 10 දින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ සිංහල මුස්ලිම්  ගැටුමක් නිර්මාණයකිරීමට ගත් උත්සාහයෙන් මේ බව මනාව පැහැදිළි වේ.

එසේම මෙහි තවත් අවධානයට ගත යුතු මහත් අවාසනාවන්ත තත්වයක්ද නිර්මාණය වීමේ අවකාශ තිබේ. දැනටමත් දකින්නට ඇති පරිදි මෙවන් අරගල අවස්ථාවන්හි සමාජ‌යේ  සිටින විවිධ පාදඩ බලවේග දේපොළ මංකොල්ලකමින් විවිධ විනාශකාරී ක්‍රියාවල නිරතවීම ය.   මෙවැනි විනාශකාරී ක්‍රියා මගින් අරගලයේ ජයග්‍රහණයට විශාල ලෙස බාධා පමුණුවනු ඇති අතර ඒවා ද පාලකයින්ගේ මර්දනීය මෙහෙයුම්වලට, මිලිටරිකර මැදිහත්වීම්වලට මහත් සේ සේවය කරනු ඇත.  එමනිසා ජන බලවේග මෙවැනි ක්‍රියාවන් වලකා ලීමට ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය ය. මේ සදහා ජන අරගලයේ සියළු පාර්ශවවලට විශාල  වගකීමක් පවරෙනවා පමණක් නොව ඒවාට එරෙහිව  ක්‍රියාකාරී මැදිහත්වීමක් ද  ඉතාම අවශ්‍ය ය.

අගමැතිවරයා  ඉවත්වී පලා ගොස් සැගව ගැනීමත් සමඟ මේ වන විට රට පවතින්නේ ආණ්ඩුවක් නොමැති රාජ්‍ය පාලනය බිද වැටී ඇති අරාජික තත්ත්වයක ය. මතුවී ඇති මේ හිදැස යහපත් ආකාරයට හසුරුවා ගැනීම සදහා ක්‍රියාකිරීම සියලු වාම හා ප්‍රගතිශීලී බලවේගවල වගකීම වන අතර ඒ සදහා එකිනෙකා පරයා යමින් කටයතු නොකර සාමූහිකව කටයුතු  කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයකි. මේ වනවිටත් ජනතා අරගලය යම් ප්‍රමාණයක ජයක් ලබා ඇති අතර එම ජයග්‍රණය තවත් ඉදිරියට ගෙනයාමට ඒවායේ එක්සත්භාවයක්  ඇතිතකර ගැනීම දවසේ අවශ්‍යතාවක් මෙන්ම පැහැර හැරය නොහැකි වගකීමක් ද වන බව අවධාරණයට ගත යුතු ය. එහෙයින් එක්සත් කර ගත යුතු  සෑම ප්‍රගතිශීලී බලවේගයක්ම එකතුකර ගනිමින්  ජනතා ආණ්ඩුවක් බිහිකර ගැනීම සදහා සාමූහික නායකත්වයක් යටතේ සටන් වදින ලෙස අපි සියළු ප්‍රගතිශීලී බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු. මේ සදහා අපට කළ හැකි සෑම දෙයක්ම ඉටුකර ලන බවත් ඒ සදහා කැපවෙන බවත්  ්‍රකාශකර සිටිමු.

විප්ලවීය සමාජවාදී කේන්ද්‍ර    

 

 

 

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...