සිව්වන කොටස
නිවැරදි
කිරීම: මෙම දිගු ප්‍රතිචාරයේ පෙර කොටස් පළ කරන ලද්දේ
‘ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන්’
යන මාතෘකාව යටතේය. කතුවරයා කථිකයාට නුසුදුසු ගෞරවයක්
ආරෝපනය කිරීමෙන්
කරන ලද මෙම නොදැනුවත් වරද ගැන කණගාටු වෙයි.
ආචාර්ය ගොඩහේවා
මතු කර ඇති කරුණු ගැන තව දුරටත්
1. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු සියලු පුරවැසියන්ට සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම්
ලබා දුන්නේය; ශ්‍රී ලංකාව තුළ පවත්නා ව්‍යවස්ථාමය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය විධිවිධාන කිසිවක් විසින්
කිසිදු සුළුතර ජනකොටසක් වෙනස්කම් කිරීමට ලක් කරනු නොලැබේ; සියලු දෙනාම ඒකීය රාජ්‍යයක් තුල සමාන අයිතිවාසිකම්
භුක්ති විඳින පුරවැසියන් වෙති; යුද්ධයෙන් පසුව පවා, සංවර්ධන වියදම්වලින් වැඩි කොටසක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන
ලදි;
අධ්‍යාපනය
යටත් විජිත පාලනය යටතේ ප්‍රභූ
පෙලැන්තියේ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඉගැන්වීමේ
භාෂාව විය[1].
මෙය ඉංග්‍රීසි කථා කරන්නන්ට වාසිදායක වූවද, බහුතරයට එහි ප්‍රතිලාභ ලබා ගන්නට
නොහැකි විය. කලින් සඳහන් කළ අන්දමට, උතුරු හා නැගෙනහිර පළාත්වල
සිටි, ප්‍රධාන වශයෙන් දමිල සිසුන්ට, ඔවුන් අයත්ව සිටි සමාජ
ආර්ථික ස්ථර නොසලකා මිෂනාරි පාසල් මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගන්නට
ඇතුල් විය හැකිව තිබිනි. 1931 දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් විට 84,000 ක් ඉංග්‍රීසි
පාසැල්වල ද, 476,000 ක් ස්වභාෂා පාසැල්වල ද ඉගෙනුම ලැබූහ. නිදහස ලැබෙන්නට ආසන්න
කාලයේදී, 180,000 ක් පමණ ඉංග්‍රීසි පාසැල්වලත්, 720,000 ක් ස්වභාෂා පාසැල්වලත්
ඉගෙනුම ලැබූහ. ඉංග්‍රීසි පාසල් විෂය මාලාව තුළ උසස් පාඨමාලා ඇතුළුව සෑම ශ්‍රේණියක්
සඳහාම පන්ති සහ විභාග ඇතුළත් වූ අතර, ස්වභාෂා පාසැල්වල පන්ති
පස්වන මට්ටමෙන් අවසාන විය. 1942 දී ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවනු ලැබීය. බොහෝ
ඉංග්‍රීසි කතා කරන දමිල හා සිංහල සිසුහු විශේෂයෙන් විද්‍යා, වෛද්‍ය විද්‍යා හා ඉංජිනේරු විද්‍යා පාඨ මාලා හදාරන්නට විශ්ව විද්‍යාලවලට
ඇතුළ් වූහ. විශ්ව සාක්‍ෂරතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් සමඟින්, ආණ්ඩුවේ පාසල් වල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බවට පත් විය. මූලික හා තාක්‍ෂණික පාසැල් ග්‍රාමීය
ප්‍රදේශවල පිහිටුවන ලද අතර ස්වභාෂාවෙන් ලබන අධ්‍යාපනය නිල වශයෙන් දිරි ගැන්වුනි.

