දුගීබවේ ගැටළු විසදීමට ධනවාදයට ශක්‍යතාවයවත්, ධෛර්යවත්, සදාචාරයවත් නැත. පිඩෙල් කැස්ත්‍රෝ - 1991, ජුලි



 ‘   පිදෙල් කැස්ත්‍රෝ, කියුබානු විප්ලවයේ නියමුවා අද , 2106 නොවැම්බර් 25, පස්වරු 10.29 ට මිය ගිය බව අපේ ජනතාවටත් ලතින් ඇමරිකාව සහ ලෝකය පුරා අපේ මිතුරන්ටත් මහත් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි’ යි කැස්ත්‍රෝගේ සොහොයුරු, කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ  රූපවාහිණියේ පෙනීසිටිමින් ප්‍රකාශකිරීමත් සමග   ලොව පුරා අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලී ජනතාව මහත් කම්පාවටත්  සංවේගයටත් පත්වූහ.

1926 අගෝස්තු 13 දින කියුබාවේ ඔරියනට්හිදී කැස්ත්‍රෝ උපත ලැබීය. ඔහුගේ පියා මහන්සිවී වැඩකරන උක් ගොවියෙකි. හවානාහී කතෝලික උසස් පාසැලෙදී  මූලික අධ්‍යාපනය හමාර කළ කැස්ත්‍රෝ හවානා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබමින් සිටින  අතර එහිදී අධිරාජ්‍ය විරෝධී ශිෂ්‍ය දේශපාලනයට යොමුවිය. 1950 දී නීතිය, ජාත්‍යන්තර නීතිය සහ සමාජවිද්‍යාව උපාදිය දිනාගත් ඔහු (පසුකාලයේ බැටිස්ටා පාලනයේ ඉහළ නිළයක් දැරූ ) නිළධාරියෙකුගේ දියණියක හා විවාහවිය.  ඩොමිනිකන් සමුහ ආණ්ඩුවේ සහ කොලොම්බියාවේ දක්ෂිණාංශික ආණ්ඩුවලට එරෙහි නැගිටිම්වලට සහභාගිවූ ඔහු 1953 දී කියුබාවේ මොන්කාඩා කදවුරට  පහරදෙමින් ආඥාදායක් බැටිස්ටා පාලනයට එරෙහිව සටන්වැදුනි.

සිවිල් සමාජ සිහින සහ යථාර්ථය


ඔක්තෝබර් 12 දින  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආබාධිත හමුදා සොල්දාදුවන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා කරන ලද ආවේගාත්මක  කතාව සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. සිය කතාවේ දී ඔහු:
හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ආරක්ෂක ලේකම් ‘උසාවියට දක්කාගෙන ඒම’ ගැන දැඩි අප්‍රසාදය පළ කළේ ය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමට සම්බන්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මාස 16 ක තරම්  දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටීම ගැන කණස්සල්ල පලකරමින් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ආයතනවලට  ඒවා දේශපාලන උවමනාවන්ට අනුව ක්‍රියාකරන බවට   චෝදනා කළේ ය.      
ජනාධිපතිවරයාගේ එම කතාවට දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා විශේෂයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්   ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරයා ජනවාරි 8 ජනවරමට පයින් ගසා දූෂිතයන් ආරක්ෂා කිරීමේ දිසාවකට ගමන් කරමින් සිටින බවට  සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය සහ සමහර බුද්ධිමත්තු දැඩි දෝෂාරෝපණයක් එල්ල කරති. ජනාධිපතිවරයාට පක්ෂ ඇමතිවරු  හා තවත් පිරිසක් කියා සිටින්නේ අල්ලස, දූෂණය, හොරකම, අපරාධ මර්දනය කිරිමට ගොඩනගා ඇති ආයතන දේශපාලන න්‍යාය පත්‍ර‍යකට අනුව මෙහෙය වන බව පෙනීයන බැවින් ඒවා නිවැරදි පීල්ලට ගැනීමට ද දේශපාලන න්‍යාය පත්‍ර‍ අනුව වැඩ කරන සමහර නිලධාරීන්ට අනතුරු ඇඟවීමට ද  ජනාධිපතිවරයා  මෙම ප්‍ර‍කාශය සිදු කළ බව  ය. මෙවැනි ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා ඉක්මන් වුනා වැඩි යයි තවත්  සිවිල් සංවිධාන හා පුද්ගලයන් ස්වල්පයකගේ  අදහස ය.  
සිවිල් සමාජ සිහින සහ  යථාර්ථය
ඔක්තෝබර් 12 දින  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආබාධිත හමුදා සොල්දාදුවන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා කරන ලද ආවේගාත්මක  කතාව සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. සිය කතාවේ දී ඔහු:
හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ආරක්ෂක ලේකම් ‘උසාවියට දක්කාගෙන ඒම’ ගැන දැඩි අප්‍රසාදය පළ කළේ ය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමට සම්බන්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මාස 16 ක තරම්  දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටීම ගැන කණස්සල්ල පලකරමින් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ආයතනවලට  ඒවා දේශපාලන උවමනාවන්ට අනුව ක්‍රියාකරන බවට   චෝදනා කළේ ය.      
ජනාධිපතිවරයාගේ එම කතාවට දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා විශේෂයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්   ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරයා ජනවාරි 8 ජනවරමට පයින් ගසා දූෂිතයන් ආරක්ෂා කිරීමේ දිසාවකට ගමන් කරමින් සිටින බවට  සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය සහ සමහර බුද්ධිමත්තු දැඩි දෝෂාරෝපණයක් එල්ල කරති. ජනාධිපතිවරයාට පක්ෂ ඇමතිවරු  හා තවත් පිරිසක් කියා සිටින්නේ අල්ලස, දූෂණය, හොරකම, අපරාධ මර්දනය කිරිමට ගොඩනගා ඇති ආයතන දේශපාලන න්‍යාය පත්‍ර‍යකට අනුව මෙහෙය වන බව පෙනීයන බැවින් ඒවා නිවැරදි පීල්ලට ගැනීමට ද දේශපාලන න්‍යාය පත්‍ර‍ අනුව වැඩ කරන සමහර නිලධාරීන්ට අනතුරු ඇඟවීමට ද  ජනාධිපතිවරයා  මෙම ප්‍ර‍කාශය සිදු කළ බව  ය. මෙවැනි ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා ඉක්මන් වුනා වැඩි යයි තවත්  සිවිල් සංවිධාන හා පුද්ගලයන් ස්වල්පයකගේ  අදහස ය.   
රාජපක්ෂ රෙජිමය  සිදු කළ මහජන දේපළ කොල්ලකෑම, වංචා, දූෂණ, පුද්ගලයන් අතුරුදහන්කිරීම හා ඝාතන පිළිබඳව සමාජයේ ගොඩනැගෙමින් පැවතියේ දැඩි විරෝධයකි. අදාළ  දූෂිතයන්, ඝාතකයන්  නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදී යහපත් සමාජ දේශපාලන තත්ත්වයක් රට තුළ ගොඩනැගිය යුතු බවට සමාජ මතයක් සැකසෙමින් තිබිණි. මෙහි පුරෝගාමීන් වූයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත සිවිල් සමාජ ව්‍යාපාරය යි. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය එහි අතිශය වැදගත් වැඩ කොටසක් ඉටු කළේ ය. සැබවින්ම මෙහි ආරම්භකයන්ට යහපාලනයක් පිළිබඳ අවංක අපේක්ෂා තිබුණේ යයි කිව හැකි ය. ඔවුහු මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු පිළිබඳ අපේක්ෂා දල්වාගෙන සිටියහ. ප්‍රධාන විරුද්ධ පක්ෂය -එජාපය-  පවා මේ සමාජ ප්‍රවනතාවය ඉදිරියේ  සිටියේ තරමක් අන්ද මන්දව ය.

එහෙත් සමාජ ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යාමට  අවශ්‍යයෙන්ම තිබිය යුතු  සාපේක්ෂ හෝ ඒකාග්‍ර පළල් දේශපාලන දැක්මක්වත් වැඩපිළිවෙලක්වත් පහළට කිඳා බැසගත් ජනතාව මත පදනම්වූ විනයගත සංවිධාන රටාවක්වත් බිම් මට්ටමේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පිළිබඳ දැක්මක්වත් මෙම ව්‍යාපාරවලට නොතිබිණ. පොදු අපේක්ෂකයා පිළිබඳ ඔවුන්ගේ වැඩපිළිවෙල පළල් හා ඈතට විහිදුන එකක්  නොවීය. එය ප්‍රායෝගිකත්වය මත  පමණක් බරතබා සකස් කළ එකක් විය.  තමන්ගේම නායකත්වයක් (පොදු අපේක්ෂයෙක්) නිර්මාණයකර ගැනී‍මේ වැඩපිළිවෙලක්   ඔවුන්ට නොවීය. මේ තත්ත්වය තුළ රනිල් චන්ද්‍රිකා ඇතුලු කණ්ඩායමට මෛත්‍රී මහින්දගෙන් ගලවාගෙන කුමන්ත්‍රණකාරී ලෙස ඔහුව පොදු අපේක්ෂකයා ලෙස කරලියට ගෙන ඒමට හැකිවිය. මෙලෙස මෛත්‍රී පොදු අපේක්ෂකයා වශයෙන් සිවිල් සමාජ ව්‍යාපාරයට තෝරාගැනීමට බලකරනු ලැබුවා වගේම සිවිල් සමාජ ව්‍යාපාරය  සිටියේ ද එවැනි බලකරනු ලැබීමකට සරිලන අස්ථාවර තත්ත්වයකය.  (කොහොම වුණත් සිවිල් සමාජය මෛත්‍රීපාල සිරිසේන තෝරාගත්තේ වෙන විකල්ප නොතිබුණු හින්දා- නිර්මාල් රංජිත් දේවසිරි, ඔක්. 16 රාවය)

මහින්දට එරෙහිව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වූ  මෛත්‍රීපාල සිරිසේන සිවිල් සමාජ ව්‍යාපාරය සමග ප්‍රසිද්ධියේ ගිවිසුමකට එළඹුණේ ය.  එහෙත්  ඊට පෙර ඔහු රහසේ එජාපය සමග විසුමකට එළඹ තිබුණි. කරුණු සියල්ල පෙළ ගැසුණේ  2015 ජනවාරි 8 වෙනිදා මෙරට හයවන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමට මෛත්‍රීපාල සිරිසේනට වරම් ලැබෙන ආකාරයකට ය. ජනවාරි 8 සිදුවූ දේශපාලන පෙරළියෙන් ඇතැමෙක් කොතෙක් උද්දාමයට පත්වීදැයි කීවොත් ඔවුහු  එය  විප්ලවයකැයි හැඳින්වීමට තරම් ද දුර දිග ගියහ.
රාජපක්ෂ පරදවා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ලබා දුන් මාස හයක කාලය  දින 100 ට කෙටි කරමින් සිවිල් සමාජ ව්‍යාපාරය නොඉල්ලූ ඉල්ලීම් පවා ලබා දීමට පොරොන්දු විය. එහෙත් වැඩිකල් නොයාම යහපාලන කොකාගේ සුද පෙනෙන්නට පටන් ගත්තේය. දූෂිත රාජපක්ෂ රෙජිමයේ සිටි, ඒවගේම මේ ජනාධිපතිවරණයේදී පවා මහින්ද වෙනුවෙන් ඇප කැපවී වැඩ කළ හිටපු මැති ඇමතිවරු ජනාධිපතිවරයා විසින් යහපාලනයට ඈඳා ගන්නා ලද්දේ කිසිම හිරිකිතයකින් තොරව ය. මහින්ද වටා සිටි දූෂිත නිළධාරීන් අර හෝ මේ තනතුරු නිර්මාණයකර ඒවායේ පිහිටුවීය. උපදේශක තනතුරුවලින් පුදනු ලැබූහ. ඉහළ පෙළේ දූෂිතයන්‍, අපරාධවලට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදිය යුතුය යන මග හැරයා නොහැකි දැඩි සමාජ ඉල්ලීම යම් තරමකට ක්‍රියාත්මක කරමින්    දූෂණ, වංචා,  ඝාතන සහ අතුරුදහන්කිරීම්වලට වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත්කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරුකිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ දැරීම ආදියට මුලපිරුව ද ඒ ඒවා සැබෑ ලෙසම ඉටු කිරීමකට  හා සිවිල් සමාජය තෘප්තිමත් කිරීමකට වඩා ජාත්‍යන්තරය තෘප්තිමත්ව තබා ගැනීමට  ගත් ක්‍රියාමාර්ග ලෙස සැලකිය හැකි ය. ඒවා වුවත් අර්ධ මවා පෑම් ය. අනෙක් අතට ඒ තාක් දුරට වුවත්  ඒ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූයේ  ද ඇතැම් ඇමතිවරුන්ගේ  හා ඉහළ නිළධාරීන්ගේ බාධා කිරීම් හා යටි ගනු දෙනු  මධ්‍යයේ ය. රාජපක්ෂවරුන්ට දඬුවම් නොදෙන බවට  අධිකරණ ඇමති ප්‍රසිද්ධියේම සපථ කළේ ය. තමන් පරාජයට පත් වූවා නම් අඩි හයක් පොළොව යටට යන්නට සිදුවේ යයි කියූ ජනාධිපතිවරයාම ඒ ප්‍රකාශයේ උණුසුම යන්නටත් පෙර රාජපක්ෂවරුන් ගලවා ගැනීමේ යටි ක්‍රියාවලියකට  සම්බන්ධ වූ බවට  කරුණු හෙළි වී තිබේ.
ඒ අතර නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කරන්නේ යයි ද වත්මන් ධූර කාලයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ යයි ද සපථ කළ ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිවරයා වෙමින් තමන් වටා ද බලය ගොඩ නගා ගැනීමේ ක්‍රීඩාවකට පිවිස සිටින අයුරු ද දැකිය හැකි ය. ඔක්තෝබර් 12 දින හා ඉන් පසු පුවත්පත් සම්මුඛ සාකච්ඡා මගින් ජනාධිපතිවරයාගේ මුවින් ගිලිහෙන්නේ මේ බලය පිළිබඳ ඔහුගේ හද පත්ලෙන් මොර දෙන “හෘද සාක්ෂියේ” දෝංකාරය  බව ඉතා පැහැදිලි ය.
උපන්ගෙයි නව ලිබරල් ධනවාදී නායකයෙකු වශයෙන් රනිල් ඉතා සූර ලෙස පවතින දේශපාලන වාතාවරණය කළමනාකරණය කරන බව පෙනෙන්නට තිබේ. ඒ අතර මහින්ද හා මෛත්‍රී අතර පැලුම් විවරය එසේම පවත්වාගැනීම ද රනිල්ගේ ඉදිරි දේශපාලනයට අවශ්‍ය සාධකයකි. එය කළමනාකරණය කරගන්නත් ඔහු  මේ පරීක්ෂණ යොදා ගන්නා බවට සැක නැත.   
ඇතුලේ සීතල යුද්ධයක් ලෙස දිස් වුවත්  අපරාධකරුවන්ට අනුකම්පාව පෙන්වන මෛත්‍රීගේ හැරවුමත් භාණ්ඩාගාර බිල්පත් ජාවාරම වසාලීමට රනිල් දරන උත්සාහයත් නව ලිබරල්වාදයේ එකම කේන්ද්‍රයෙන් පිළිපන් ඒවාය. සීතල හෝ උණුසුම් හෝ මේ යුද්ධ කුමක් සඳහා ද? ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවීම සඳහා නම් නොවන බව පැහැදිලි ය. එය මේ ධනවාදී ක්‍රමයේ සුක්කානම ඩැහැගන්නට ධනපති දේශපාලන පාර්ශවයන් අතර කෙරෙන බල අරගලයකි. සිවිල් සමාජය බලාපොරොත්තුවන ‘ජනතා පරමාධිපත්‍යය’  මේ කියන  ධනපති බල අරගලයට  යටත් සාපේක්ෂ එකක් බව තේරුම් ගත යුතු ය. ඉදිරියේදී මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති තවතවත් නිරාවරණය වනු ඇත. ඒ මේ බල අරගලය   වගේම නව ලිබරල්වාදය ඉදිරියේ ඔවුන්ට වෙනත් විකල්ප ප්‍රතිපත්ති නැති නිසා ය.
ආර්ථික වශයෙන් ගත් කල මෛත්‍රී - රනිල් ආණ්ඩුව නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට තදින් ගැටගසා තැබීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඒ අනුව නවතනවායැයි කියූ වරාය නගරය මුල්‍ය නගරයක් වී ඇත. එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිත ය. දූෂිත භාණ්ඩාගාර බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වැරදිකරු කළ හිටපු මහ බැංකු අධිපති බේරාගැනීමට අගමැතිවරයා අවසානය දක්වා බල ඇණි මෙහෙය වූයේ ය. ශ්‍රිලනිප ඇමති සමහරෙක් තමන්ගේ ආණ්ඩුවක් හැදීමේ දොළදුකෙන් පෙළෙති. ඔවුන් එළිපිට ගතින් මෛත්‍රී සමග සිටියත් මුළු හදින් මහින්ද සමග ය. රාජපක්ෂවරු ජාතිවාදය හා ආගම්වාදය මතින් ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය තහවුරු කෙරෙන දේශපාලන ව්‍යාපෘතිවලට පණ දෙමින් සිටිති. උතුරේ දෙමළ ජනයා සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් පේනතෙක් මානයකවත් නැත. දේශපාලන වශයෙන් ‘ජාතික ආණ්ඩුව’ දෙකොන ඇවිලෙනු ඇති  විලක්කුවක් වැනිය.
‘යහපාලනය‘ සමග   සිවිල් සමාජ ව්‍යාපාරයේ බැඳීම්  එකින් එක බිඳවැටෙමින් තිබේ. ඔක්තෝබර් 12 දින  ප්‍රකාශයෙන් හා අනතුරුව පුවත්පත්වලට දෙන ලද සම්මුඛ සාකච්ඡාවලින් ජනාධිපතිවරයා එම බැඳීම් කපා දැමීමට තමන්ගේ ඇති සූදානම නොකියා කියා සිටියේ දැන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ම කියන විදියට ඔවුන් වේදනාවටත් තිගැස්මටත් පත් කරමිනි.
මේ සිදුවීම්දාමය හුදු ‘සිවිල් ‘ දෘෂ්ටියකින් තේරුම් ගැනීම, තේරුම් කිරීම හා පිළියම් සෙවීම අවසාන වන්නේ දැන් සිදුවී ඇති පරිදිම තුච්ඡ ලෙස රවටනු ලැබීමෙන් හා ඉන් විඳවන  වේදනාත්මක අත්දැකීම සම්බන්ධයෙන් අඳෝනා නැගීමෙන් පමණි. ‘දේශපාලනය’ ඇකඩමික   සීමාවන් තුළ බහා පිරික්සනතාක්  කෙනෙකුට මෙවැනි අත්දැකීම් ලැබීමෙන් ගැලවිය නොහැකි ය. දේශපාලනය නිසැකවම පංතිමය බලවේගවල  චලනයන්ගේ පැහැදිලි ප්‍රකාශනයක් බව යළි යළිත් සනාත කෙරෙයි. එහෙයින් අදාළ සත්‍යය මතුකර ගත හැක්කේ  එම චලනයන් තුළට කිඳා බැස බලන්නේ නම් පමණක් බව ද පැහැදිලි වෙයි.

අර්ධ නාගරික මධ්‍යම පංතික බහුතරය ජාතිවාදී හා ආගම්වාදී ආස්ථානයක සිට රාජපක්ෂ රෙජිමය හා පෙළ ගැසී සිටි අතර එම පංතියේම ලිබරල්වාදී බුද්ධිමත්තු අතලොස්සක් රෙජිමයට එරෙහිව සාධාරණත්වය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියහ. පසුගිය කාලයේ ‘යහපාලනයක්‘ වෙනුවෙන් සිවිල් සමාජ ව්‍යාපාරය මෙහෙයවූයේ මේ පිරිස් ය.  ඔවුන්ගේ දැක්ම, උපාය උපක්‍රම, සංවිධාන රටාව ආදිය  ස්වභාවයෙන්ම ධනවාදයෙන් ගැලවීගත නොහුනු  මධ්‍යම පංතිමය ලක්ෂණයන් අඩංගුකර ගනී. නව ලිබරල් ධනවාදය තුළ සාධාරණත්වය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය අභ්‍යාස කළ හැකියැයි ඔවුන්ගෙන් සමහරෙක්  අවංකවම විශ්වාස කරන අතර සමහරෙකුට ඇත්තේ යටි අරමුණු ප්‍රමාණයක් ය. නව ලිබරල්වාදී  ප්‍රතිපත්ති තීරණාත්මකව මුහණට මුහුණ මුණ ගැසෙනවිට සමහරවිට ඔවුන්ගෙන් සමහරු මෙතෙක් කතා කළ ‘යුක්තිය ‘ ‘සාධාරණත්වය ‘පැත්තක දමා නව ලිබරල්වාදය සමග සිට ගනිති (උදා. සයිටම් ප්‍රශ්නයේ දී මෙන්).

ඉහත දැක් වූ පරිදි සමාජ ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යාමට  අවශ්‍යයෙන්ම තිබිය යුතු  සාපේක්ෂ හෝ ඒකාග්‍ර පළල් දේශපාලන දැක්මක්වත් වැඩපිළිවෙලක්වත් පහළට කිඳා බැසගත් ජනතාව මත පදනම්වූ විනයගත සංවිධාන රටාවක්වත් මෙවැනි ව්‍යාපාරවලට නොපිහිටන්නේ මේ මධ්‍යම පංතික පදනම නිසා ය. ඇත්තටම නම් ඔවුන් යම් යම් අංශයන්ගෙන් අත්කරගෙන සිටි සිය ප්‍රතිරූපය යොදා ගනිමින් සමාජය මත මතවාදීමය බලපෑමක් ඇතිකරගෙන සිටි ලිහිල් කුඩා කණ්ඩායම් ය. ඔවුන්ට ඒ ලිහිල් විසුරුණු බව ව්‍යාපාරය තුළ පවත්වා ගන්නට උවමනා ය. ඔවුන්ගේ වැඩපිළිවෙලවල් තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයක් වන දමිළ ජාතික ගැටළුවට විසඳුම් යෝජනාවක් ඉදිරිපත් නොවුනේත් ජනාධිපතිවරණය කිට්ටුවන තෙක්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මහින්දට ආයාචනය කළේත් පසුව මින් සමහරෙක් මහින්ද රෙජිමය හිස මුදුනේ තියාගෙන සිටි මංත්‍රීවරුන්ගේද සහායෙන් ‘යහපාලනයක්‘ සඳහා අවශ්‍ය අණපනත් සම්මතකරගත හැකියයි  විශ්වාස කළේත් මේ ප්‍රායෝගිකවාදී සුළුධනපති හිතළු නිසාම ය.  

අද මහින්ද පරාජය කර ඇත. එය සාක්ෂාත්කර ගත යුතුම හදිසි කාර්යයක්ම විය. ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අලුත් පාලනය ගැන අවධියෙන් සිටීම අනිවාර්ය  අවශ්‍යතාවක් විය. මන්ද කුමන පොරොන්දු දී බලයට පැමිණියත් එම පොරොන්දු පසෙකලා ඒවාට එරෙහි ක්‍රියාකාරිත්වයකට පිවිසීමේ නෛසර්ගික ස්වභාවය හා කොන්දේසි  පැවති නිසා ය. ඒවා ඉක්මවා යාමේ පදනමක් හෝ හැකියාවක් එකී පාලනයට  නොවූ නිසා ය.

මෛත්‍රීපාල සිරිසේනටවත් රනිල් වික්‍රමසිංහටවත්  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ  හැඟීමක් තිබූ බව පෙන්නුම් කරන ඉතිහාසයක් තිබී ද නැත. මෛත්‍රීපාල මහින්දගෙන් කැඩී වෙන්වන්නේ ඔහුට සිදු වූ මදිපුංචිකම් නිසා සහ මහින්ද විරෝධී රැල්ලක් වර්ධනය වීම නිසා මිස සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ  හැඟීමක් තිබූ නිසා යයි කිව නොහැකි ය. රීතියක් වශයෙන් සිදුවන පරිද්දෙන්ම මැතිවරණ ජයක් පතා සටන් වදින ඕනෑම විපක්ෂයක්, විපක්ෂ අගමැති හෝ  ජනාධිපති අපේක්ෂකයෙක් පරිද්දෙන්ම මෛත්‍රීපාල  ද රනිල්  ද ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයෝ ලෙස පෙනී සිටියහ.  

එමෙන්ම අල්ලස, දූෂණය, හොරකම යන මේවා ධනේශ්වරය සමග බැඳී පවතින අඩු වැඩි වශයෙන් වන එහි නෛසර්ගික ගුණාංගයන්ය. යම් යම්  නීතිරීති හා ආයතන ව්‍යුයන් ගොඩනැගිම තුළින් සිදු කළ හැක්කේ මෙම තත්ත්වයන් කිසියම් දුරකට අවම කිරිමක් විනා නැති කිරිමක් නොවේ. පෞද්ගලික දේපළ ක්‍ර‍මයක් පදනම් කරගත් ක්‍ර‍මයක් තුළ සුරාකෑම, ප්‍රාග්ධන සමුච්චකරණයන්  පවතිනවා සේම අල්ලස, දූෂණය, හොරකම ද අඩු වැඩි වශයෙන් බැඳී පවතී.  ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මිනිස් අයිතිවාසිකම් යන ඒවා ද සපුරාගත හැක්කේ යම් යම් සීමාවන්ට යටත්ව ය. දියුණු ධනේශ්වර රටවල ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මිනිස් අයිතිවාසිකම් කිසියම් ඉහළ මට්ටමක පැවැතියත් ශ්‍රී ලංකාව වැනි අඩු දියුණු රටවල මෙම තත්ත්වය ළඟාකර ගැනීම ඒවාට සාපේක්ෂව බෙහෙවින් අසීරු ය. ජනවාරි 08 දා බලවේගයන් තේරුම් නොගන්නේ ද, තේරුම් ගැනීමට උත්සහ නොකරන්නේ ද  සමහර අයට තේරුණත් පැහැදිලි කිරීමට උත්සාහ නොකරන්නේ ද මෙම සත්‍යය යි.

සිවිල් සමාජ ව්‍යාපාරය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් වූයේ නම් කළ යුතුව තිබූ කාර්යය විය යුතුව තිබුණේ රාජපක්ෂ රෙජිමය පලවා හැරි තැන් පටන්ම නව පාලනයෙන් එල්ලවන අනතුර පිළිබඳ අවදියෙන් යුතුව ඒ අනතුර පැන නගින මෙහොතේ සිට එයට එරෙහිව ජනතාව අවදිකර පෙළ ගස්වා බලමුළු ගැන්වීමේ කාර්යය සඳහා සූදානම් කිරීමේ ක්‍රියාවලියකට මුල පිරීම ය. එහෙත් ඒ වෙනුවට ඒවා  පාලකයන් පොරොන්දු ඉටු කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පාලනය වෙනුවෙන් ආරක්ෂක භූමිකාවක් රඟන තත්ත්වයකට තමන් විසින්ම පත්කර ගනු ලැබ තිබුණි.

නව පාලනය බිහි වූ ගමන්ම රාජපක්ෂ රෙජිමයට සාපේක්ෂව  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් බිහි වූයේය යන්න අපි ප්‍රතික්ෂේප නොකරමු.  එහෙත් එම අවකාශය පුළුල් කරන්නටවත්, ආරක්ෂා කරන්නටවත්, පවත්වා ගෙන යන්නටවත් වත්මන් පාලනයට වුවමනාවක් නැති බව එන්ට එන්ටම ඔප්පුකරමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාය තහවුරු කරන්නට ගෙන එනවා යයි කියූ නීති අණ පනත් ගෙනවිත් ඇත්තේ බොහෝ සෙයින් නමට පමණි. විශාල කප්පාදු කිරීම්වලට යටත්ව ය. නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට සපුරා පටහැනි වගන්ති ද ඇතුළත් කරමිනි.

රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ වැඩී යාමට නියමිත ප්‍රජාතන්ත්‍ර හා ජනතා විරෝධී පිළිවෙතට අභියෝග කළ හැකි මට්ටමකට සිවිල් සමාජ ව්‍යාපාරය වෙනස් වේ යැයි අපට මොහොතකටවත් බලාපොරොත්තු විය නොහැකි ය. ‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යන්න තේරුම් ගන්නට ඔවුන්ට ඕනෑ තරම් අවස්ථා තිබිණ. එහෙත් ඔවුන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින්, ප්‍රකාශ නිකුත් කරමින් නාහෙන් ඇඬීමය,   ආයාචනා කිරීම ය. ආරම්භයේ සිටම එනම් 2015 ජනවාරි 9 වෙනිදා සිටම ආණ්ඩුව පීලිපනින ඕනෑම මොහොතක පොදු ජනතාව බලමුළු ගැන්විය හැකි ආකාරයෙන් ක්‍රියා කළ  යුතුව තිබුණත් ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් ගැන සිහිනෙන්වත් සිතුවේ නැත. ඉදිරිටත් එසේ නොසිතනු ඇත. ප්‍රබල මහජන ව්‍යාපාරයකින් තොරව ලිබරල් ධනවාදය ඉදිරියේ ඉල්ලීම්, ආයචනා, සම්මුතීන් ආදියට කළ හැකි දෙයක් නැති බව සිවිල් සමාජ ව්‍යාපාරය විසින් පැහැදිලිව සනාථ කරනු ලැබ ඇත. සිවිල් සමාජ ව්‍යාපාරයේ මේ නෛසර්ගික නිෂේධනීය ගුණය පිටුදැක පළල් මහජන ව්‍යාපාරයක් කරා පරිවර්තනය වීමේ  ප්‍රවේශයන් සොයා බලා ඒවාට මැදිහත්වීම සැබෑ ප්‍රජාතන්ත්‍රීය බලවේගයන්ගේ වගකීම යැයි අපි සිතමු. මේ කාර්යයේලා ඉදිරි පෙරමුණේ සිට ක්‍රියාකාරී විය යුත්තේ වාමාංශික බලවේග ය. එහෙත් අපේ වමේ යයි කියන බලවේග  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයට හා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ දැවෙන අවශ්‍යතාවට තවමත් නිසි අවධානය හා අවධාරණය යොමුකර නැත.     

 

  



 

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...