දුගීබවේ ගැටළු විසදීමට ධනවාදයට ශක්‍යතාවයවත්, ධෛර්යවත්, සදාචාරයවත් නැත. පිඩෙල් කැස්ත්‍රෝ - 1991, ජුලි



 ‘   පිදෙල් කැස්ත්‍රෝ, කියුබානු විප්ලවයේ නියමුවා අද , 2106 නොවැම්බර් 25, පස්වරු 10.29 ට මිය ගිය බව අපේ ජනතාවටත් ලතින් ඇමරිකාව සහ ලෝකය පුරා අපේ මිතුරන්ටත් මහත් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි’ යි කැස්ත්‍රෝගේ සොහොයුරු, කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ  රූපවාහිණියේ පෙනීසිටිමින් ප්‍රකාශකිරීමත් සමග   ලොව පුරා අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලී ජනතාව මහත් කම්පාවටත්  සංවේගයටත් පත්වූහ.

1926 අගෝස්තු 13 දින කියුබාවේ ඔරියනට්හිදී කැස්ත්‍රෝ උපත ලැබීය. ඔහුගේ පියා මහන්සිවී වැඩකරන උක් ගොවියෙකි. හවානාහී කතෝලික උසස් පාසැලෙදී  මූලික අධ්‍යාපනය හමාර කළ කැස්ත්‍රෝ හවානා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබමින් සිටින  අතර එහිදී අධිරාජ්‍ය විරෝධී ශිෂ්‍ය දේශපාලනයට යොමුවිය. 1950 දී නීතිය, ජාත්‍යන්තර නීතිය සහ සමාජවිද්‍යාව උපාදිය දිනාගත් ඔහු (පසුකාලයේ බැටිස්ටා පාලනයේ ඉහළ නිළයක් දැරූ ) නිළධාරියෙකුගේ දියණියක හා විවාහවිය.  ඩොමිනිකන් සමුහ ආණ්ඩුවේ සහ කොලොම්බියාවේ දක්ෂිණාංශික ආණ්ඩුවලට එරෙහි නැගිටිම්වලට සහභාගිවූ ඔහු 1953 දී කියුබාවේ මොන්කාඩා කදවුරට  පහරදෙමින් ආඥාදායක් බැටිස්ටා පාලනයට එරෙහිව සටන්වැදුනි.
අසාර්ථක වූ එම ප්‍රහාරයෙන් පසු අවු. 15 ක සිරදඩුවමකට යටත්කරනු ලැබීය. පසුව ආණ්ඩුවේ ජනප්‍රියතාවය සලකා දේශපාලන සිරකරුවන් නිදහස්කිරීමට ගත් තීරණය අනුව   1955 මැයි 15 දින ඔහු නිදහස්කරනු ලැබීය. අනතුරුව මැක්සිකෝවට යන ඔහු චේ, රාවුල් ඇතුළු ඇතුළු  විප්ලවීය කණ්ඩායම සමග එක්ව ජුලි 26 ව්‍යාපාරය ආරම්භකර එමගින් ගරිල්ලා ව්‍යාපාරයක් මෙහෙයවමින් බැටිස්ටා පාලනය පෙරලා දරමීය. එතැන් සිට අධිරාජ්‍යවාදී ඇමරිකාවේ කිව නොහැකි තරම් වූ බාධක, කුමණ්ත්‍රන හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට මුහුණ දීමට කියුබාවට සිදුවිය. සි.අයි. ඒ  අනුග්‍රහය යටතේ පලාගිය කියුබානුවන් විසින් අටවාගත් ‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවීය පෙරමුණ’  කියුබාව සමග ගණුදෙනුකළ නව්කාවලට පහරදෙමින්, කඩසාප්පුවලට සහ උක් කර්මාන්තශාලාවලට බෝම් ප්‍රහාර එල්ලකරමින් කඩාකප්පල්ක්‍රියාවන්හි යෙදීම සාමාන්‍ය දෙයක් විය.   කටගොන්නක් බිගෙන කොඩි ලෙලවමින් ‘ නාකියා මරුණ’  ‘  කියුබාව නිදහස්’ කියමින් මියාමියේ වීදිවලට බැස ප්‍රීති ඝෝෂා නගන්නේ එදා එසේ පලාගොස්   ‘නිදහස්’ ජීවිතගතකරන කියුබානු පරපුරය.
ඇමරිකානු සම්භාධක හේතුවෙන් සංවර්ධනයට යොදාගත හැකි ඩො. මිලියන 685 ක් වාර්ෂිකව කියුබාවට  අහිමිවෙයි. තත්ත්වය මෙසේවුවද, සියළු පුරවැසියන්ට නොමිලයේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා සැපයීමට කියුබානු රජය සමත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව  ජීව අපේක්ෂා දර්ශකය අනුව කලාපයේ   ඉහළම ස්ථානයත් ලෝකයේ ඉහළම
ස්ථාන පහ අතරත් කියුබාව රැදී සිටී. සේවාවේ ව්‍යාප්තිය හා ගුණය අනුව පමණක් නොව පර්යේෂණ හා නව්‍යකරණය අතින් ද එය ඉදිරියෙන් සිටී. දිවයින පුරා විහිදුන පාසැල් පද්ධතිය මගින් අධ්‍යාපනය සියළු පුරවැසියන්ට නොමිලයේ ලබාදෙන අතර ඒ වෙනුවෙන් දළ දේශීය අධායමෙන් 13% ක්ම(2014) වෙන්කර ඇත. කියුබාවේ මිනිස් අයිතිවාසිකම් සහ  දේශපාලන නිදහස  , තාක්ෂණික වර්ධනයේ පසුබෑම අපි තක්සේරුකරන්නේ මෙම අභියෝගයන්ට සාපේක්ෂවය.
 කැස්ත්‍රෝ යනු කියුබානු විප්ලවයේ නියමුවා හෝ කියුබානු රාජ්‍ය නායකයා පමණක් නොව, විප්ලවීය අරමුණු සාක්ෂ්‍යාත්කරගැනීමට කැපවූවන්ගේ හදවත් තුල අධිෂ්ඨාණය. ධෛර්ය, විර්යය පුබුදුවාලන ආදර්ශකයක් ද විය. ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉදිරියේ අවසානය තෙක් නොසැලී නිර්භීතව සිය සමාජවාදී ප්‍රතිපත්ති ඔස්සේ කියුබාව මෙහෙයවීමෙන්   පෙන්නුම්කරන්නේ ඔහුගේ අධිෂ්ඨාණශීලී නොනැමෙන සුළු ගුණය පමණක් නොව සමාජවාදය ඉදිරියේ මතුවිය හැකි දරුණු අභියෝගවල තරමය.  
කැස්ත්‍රෝ සහෝදරය ඔබට අපේ විප්ලවීය අචාරය !


No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...