2018 දෙසැම්බර් මස 13
වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි දෙන ලද තීන්දුව රටේ පැවති අවම ප්‍රජාතන්තවාදය හො ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්වූ වැදගත් නඩු තීන්දුවකි.
යම් තරමකට නමුත් ප්‍රජාතන්තවාදය ක්‍රියාත්මක වන රටක පාලකයන් ර ටේ මූලික නීතිය වන ආණ්ඩුම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ප්‍රජාතන්තවාදය
උදෙසා අත්‍යවශ්‍යම කාර්යයක්
වෙයි. එහෙත් මෛත්‍රී- මහින්ද බල කුමන්ත්‍රණය මෙය අමු අමුවේ උල්ලංඝනය කරමින් රට ඇද ගෙන යන්නට වූයේ අන්ත අත්තනොමතිකත්වයක් කරා ය. මෙය රටේ පැවති අවම ප්‍රජාතන්තවාදය
පවා වළලා දමන්නක් විය. මෙයට එෙරහිව බලෙයන් පහකරන ලද එජාපය සටන්වැදීම අෙප්ක්ෂා කළ යුත්තක් විය එහෙත් ඒ නිසා ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී
පියවරට එෙරහිව ප්‍රජාතන්තවාදී බලෙව්ගවල අරගලය පෙරට ගැනීම දෙවරක් සිතීම අවශ්‍ය නොවීය. ශක්ති පමණින් විවිධ ආකාරයන්ගෙන් එකී බලෙව්ග අරගලයට අවතීර්ණ විය. එහි අරමුණ කුමක් වුව ද එය හුදෙක් තම බලය ස්ථාපිතකර ගැනීමක් සඳහාවූ එකක් පමණක් වුව ද එජාපය
පවා මේ නිශ්චිත අවකාශෙය් අරගලයට පිවිසීම
ප්‍රජාතන්තවාදය සඳහා වූ අරගලය ශක්තිමත්
කරන්නක් වූයේ ය. එලෙස විවිධ ප්‍රජාතන්තවාදී සංවිධාන,
පිරිස් ප්‍රජාතන්තවාදය රැක ගැනීම සඳහා අරගලයට පිවිස තිබිණ. දෙසැම්බර්
13 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි තීන්දු කරන්නේමෙවන් තත්ත්වයක් තුළ ය. ශ්‍රේෂ්ඨාධිකරණය
ජනාධිපති සිරිසේනගේ තීන්දුව අනුමත කෙළේ නම් නීත්‍යානුකූලවම
කිසිෙවකුට වග නොකියන අත්තනොමතික පාලකයෙකු නිර්මාණය කරන්නේ ය. එසේ වූයේ නම් ඒය ෙජ්.ආර්ගේ ‘’විධායක ජනාධිපතිවරයා” පවා ඉක්මවා
යන ඒකාධිපතියෙක් නිර්මාණය කිරීමක් වීමට ඉඩ තිබිණ. එලෙසම අභියාචනාධිකරණය ව්‍යවස්ථා විරෝධී අාකාරෙයන් පත් කරන ලද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තහනම් නියෝගයක් දීම හා ශ්‍රේෂ්ඨාධිකරණය ඒය
අනුමත කිරීම ද මෙහිලා වැදගත් පියවරකි. එහෙයින් මෙහිදී ප්‍රජාතන්තවාදය අගයන සෑම පාර්ශවයකම ප්‍රණාමය අධිකරණයට හිමිවිය යුතු ය.
මෛත්‍රී- මහින්ද ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්තවාද විරෝධී ෙද්ශපාලන කුමන්ත්‍රණය
පරාජය විය. දෙසැම්බර් 15 දින මහින්දට
ඊනියා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. දැනටමත් ලබා ඇති අපකීර්තිය
නින්දාසහගත අපකීර්තියක් වීම වළක්වාගනු වස්
ආරූඪකරගත් අගමැති ධූරයෙන් එසේ ඉල්ලා අස්වීමත් එසේ ඉල්ලා අස්වීම පිළිගැනීමත් හැර මහින්දට සහ
මෛත්‍රීට නැගී වර්ධනය වූ තත්ත්වයන්
හමුවෙ වෙනත් විකල්පයක් නොවීය.
ඔක්. 26 ට පෙර පැවති ව්‍යවස්ථානුකූල
ආණ්ඩුකරණය කරා මෛත්‍රී- මහින්ද කුමන්ත්‍රණය පසුබැස්සවීම ප්‍රගතිශීලි ජනතා ක්‍රියාන්විතයක
ස්වරූපයක් ගැනීම රටේ මෑත දේශපාලනයේ වැදගත් ලක්ෂණයක් සේ සැලකිය හැකිය. නෙරපනු
ලැබීමට ලක් වූ එජාපෙරමුණේ අරගලය ප්‍රධාන
වශයෙන් පාර්ලිමේන්තුව සහ අධිකරණයට සීමා වෙමින් තිබියදී රටේ විවිධ සමාජ ස්ථරයන්ට අයත් ප්‍රගතිශීලී ජන
කණ්ඩායම් දිනක් නෑර වීදි බසිමින් කුමන්ත්‍රණයට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා
පෙළපාලි පැවැත් වූහ. ඔවුන්ගේ සටන් පාඨ රනිල් ඉල්ලා හඩ නගන සටන් පාඨ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය
ඉල්ලා සිටින සටන් පාඨ ලෙස හැඩගැන්වී තිබීමත්
එවැනි සමහර විරෝධතා කෙනෙකු දෙවරක් සිතන්නට පොළඹවන සුළු නිර්මාණශීලීත්වයක්
අඩංගුකරගෙන තිබීමත් හේතුවෙන් කුමන්ත්‍රණයට එරෙහි සමාජීය දැනුවත්බව ඉහළ තලයකට
එසවිණි. එහි අගය වඩාත් වැඩිවන්නේ රටේ ජනමාධ්‍ය වැඩි ප්‍රමාණයක් වර්ගවාදය හා ආගම්වාදය
ඉදිරියෙහි තබාගෙන කුමන්ත්‍රණකරුවන්ට පක්ෂව සැළසුම් සහගතව ප්‍රචාරණයෙහි යෙදී සිටිම
සැලකිල්ලට ගැනීමේදීය.
සියළු කරුණු අතින් මෛත්‍රී-
මහින්ද කුමන්ත්‍රණය පැරදවීම ප්‍රජාතන්ත්‍රවාදය ලැදි ජනතාව ලැබූ ජයග්‍රහණයකි. එහි
නොවැළැක්විය හැකි අතුරු ඵලයක් වශයෙන් එජා පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීම සිදුවන බව ඇත්ත නමුත් (එය මේ නිශ්චිත තත්ත්වය තුළ වැළක් විය නොහැක්කකි) එයින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක අවශ්‍යතාව ඉහළ නංවනවා
මිස පහළ නොදමයි.
ඒ සමගම ඉන් අරගලයේ
සීමාවන් ඉදිරියට තල්ලුවී ඇති බව හඳුනා ගැනීම අවශ්‍යය. මක්නිසාද, නව ලිබරල්වාදී ක්‍රමෝපායන්ට පිටින්
කිසිදු ජනතාවාදි පියවරකට ඉඩක් නැති එජාප නායකත්ව ආණ්ඩුවක් නැවතත් අපට අබිමුඛවන
නිසාය. එය අනිවාර්යයෙන්ම සටන් බිම යාවත්කාලීන කරනවා නිසැකය.
ගෙවී ගිය වසර තුනක
දේශපාලන ක්‍රියාදාමය තුළ නොබිදිය හැකි ,
පැහැදිළි තර්කානුකූල සත්‍යයක් රට ඉදිරියේ දිස්වෙයි.
ඉන් කියවෙන්නේ අප රට ප්‍රගතිය කරා යොමු කිරීමට සියළු පාලක කණ්ඩායම් දක්වා ඇති
අසමත්භාවයි, නොඋවමනාවයි. එහෙයින්ම ඔවුන් පිටියෙන් ඉවතට විසිවූවෝ වෙති. 2015 දී පළවා හැරිය මහින්ද රාජපක්ෂ දැන් 2018 දී
සිය අසීමිත බල ලෝභය විසින්ම කුජීත කර ගනු ලැබ ඇත. රනිල් නව ලිබරල්වාදයෙන් අන්ධව
පොදු ජනතාව කෙරෙහි අසංවේදී ම දේශපාලන චරිතය බව සනාථ කරගනු ලැබ ඇත. මෛත්‍රී පෙර දෙදෙදෙනාටම වඩා කෙටිකාලයක් තුළ ලෝකයේම
අඳබාල දේශපාලකයා බවට ස්වයංව ප්‍රකාශකර ගෙන ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අප අදහස් කරන්නේ ජනතාවගේ එදිනෙදා කටයුතු, ආර්ථික, දේශපාලන,
සංස්කෘතික හා අවශේෂ කටයුතු ජනතාව විසින්ම හසුරුවා ගැනීමය. පාලනය කිරීමය. එහෙත් එසේ කිරීමේ අයිතිය, ඉඩ ප්‍රස්ථාව ක්‍රමය විසින්
ජනතාව වෙතින් ඉවත්කර ඇත. මේ නිසා ව්‍යවස්ථාව
මගින් රට වැසියන් සියළු දෙනා සමාන යයි පිළිගැනුන ද එදිනෙදා සමාජීය ජීවිතයේදී ඇත්තේ විශ්මය දනවන
අසමානතාවයකි. සරලව රජය හා ජනතාවගේ එදිනෙදා ජීවිතය අතර ඇත්තේ මහත් පරතරයකි. වර්තමානයේ
මේ සම්බන්ධයෙන් අප කළ යුත්තේ එම පරතරය සාපේක්ෂව හෝ අඩුකරගැනීමට ප්‍රයත්න දැරීමය. අරගල
කිරීම ය. ඉන් ජනතාවගේ සමාන්‍ය ජීවිතයට යම් ඉස්පාසුවක් ලැබෙනවා වගේම පරතරය පුර්ණ
වශයෙන් අඩුකර ගැනීමේ දිසාව වෙත යොමු කෙරෙන දැනුවත්බව වැඩී වර්ධනයවනවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය
හා නිදහස සඳහා අරගලය තුළ අපේ මැදිහත්වීමේ පසුබිම එයයි.
කොළ, නිල් සහ පොදු
අපේක්ෂක සංකල්ප තවදුරටත් වලංගු ඒවා නොවේ. ඉන් අදහස් වෙන්නේ පැරණි ආම්පන්න සැමකක්ම යල් පැනගොස් ඇති බවය. අද ජනතාවට
අවශ්‍ය කරන්නේ තම කටයුතු තමන් විසින් පාලනය කර ගත හැකි තමන් සඳහා හා තමන්ගේම වූ ආණ්ඩුවකි! විකල්ප ආණ්ඩුවකි! විකල්ප
ජනතා ආණ්ඩුවක් සඳහාවන සියලු වාම, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී බලෙව්ග
හා ජනයා නියෝජනය වන මහජන ව්‍යාපාරයකි!
පොදුවේ ගත් කල මහජන ව්‍යාපාරයක් හා ඒ තුළ ගොඩ නගනු ලබන විකල්ප ආණ්ඩුවක් සඳහා වූ ව්‍යාපාරයකි.
විප්ලවීය සමාජවාදී
කේන්ද්‍රය
17.12.2018
කොළ, නිල් සහ පොදු අපේක්ෂක සංකල්ප තවදුරටත් වලංගු ඒවා නොවේ. ඉන් අදහස් වෙන්නේ පැරණි ආම්පන්න සැමකක්ම යල් පැනගොස් ඇති බවය. අද ජනතාවට අවශ්‍ය කරන්නේ තම කටයුතු තමන් විසින් පාලනය කර ගත හැකි තමන් සඳහා හා තමන්ගේම වූ ආණ්ඩුවකි! විකල්ප ආණ්ඩුවකි! විකල්ප ජනතා ආණ්ඩුවක් සඳහාවන සියලු වාම, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී බලෙව්ග හා ජනයා නියෝජනය වන මහජන ව්‍යාපාරයකි! පොදුවේ ගත් කල මහජන ව්‍යාපාරයක් හා ඒ තුළ ගොඩ නගනු ලබන විකල්ප ආණ්ඩුවක් සඳහා වූ ව්‍යාපාරයකි.
ReplyDelete