ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය

 

 අද අප ජිවත්වන්නේ ධනපති ක්‍රමය ගෝලීය ක්‍රමයක් ලෙස තව දුරටත් සංවර්ධනය වු ද වඩාත් සංකීරන වූ ද අවධියක ය. මින් පෙර නොවූ විරූ ආකාරයෙන් ලෝක ධනවාදී නිෂ්පාදනයේ, මුල්‍යයයේ, කළමනාකරනයේ හා තාක්ෂණයේ අති මහත් විපර්යාෂ  ඇතිකර තිබෙන මේ අවධිය ස්වභාවික වූ ද මිනිසා විසින් නිර්මාණය කරනු ලැබුවා වූ ද සියළු දේ අධිවේගී සීඝ්‍රතාවයකින්  වෙළද භාණ්ඩ බවට පත්කරමින් තිබේ. ප්‍රාග්ධන සංචලනය යොමුව ඇත්තේ මානව අවශ්‍යතා සදහා නැතුවම බැරි සැබෑ නිස්පාදනය නගාලීම සදහා නොව, සුද්ධ සමපේක්ෂණ මතින් අධි- ලාභය සොයායාම වෙතය. ඉවක් බවක් නැති මේ ලාබ හඹායාමේ මෙහෙයුම මගින් පාර ජාිතක සමාගම්වල උවමනාවන් මානව අයිතීන්ට  හා ජනතාවගේ හා  ජාතීන්ගේ ස්වාධිපත්‍යයට ඉහළින් තබන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය හා කෝටි සංඛ්‍යාත ජනතාවගේ උවමනා එපාකම් හා අරමුණුවලට යටත් කොට ඒ තාක් දුරට, ඒ තාක් දුරට පමණක්. පවත්වා ගැනීමටත්  බලකරයි. සැම දේයකටම මිලක්     නියම කරන්නට බලකරන එය රාජ්‍යය මගින් කරන සුබ සාධන සේවා කපා හරින්නට ද රාජ්‍යයට ආර්ථික කටයුතුවලින් බැහැර වන්නට ද බලකරයි.

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...