අද අප ජිවත්වන්නේ ධනපති ක්‍රමය ගෝලීය ක්‍රමයක් ලෙස තව දුරටත් සංවර්ධනය වු ද වඩාත් සංකීරන වූ ද අවධියක ය. මින් පෙර නොවූ විරූ ආකාරයෙන් ලෝක ධනවාදී නිෂ්පාදනයේ, මුල්‍යයයේ, කළමනාකරනයේ හා තාක්ෂණයේ අති මහත් විපර්යාෂ ඇතිකර තිබෙන මේ අවධිය ස්වභාවික වූ ද මිනිසා විසින් නිර්මාණය කරනු ලැබුවා වූ ද සියළු දේ අධිවේගී සීඝ්‍රතාවයකින් වෙළද භාණ්ඩ බවට පත්කරමින් තිබේ. ප්‍රාග්ධන සංචලනය යොමුව ඇත්තේ මානව අවශ්‍යතා සදහා නැතුවම බැරි සැබෑ නිස්පාදනය නගාලීම සදහා නොව, සුද්ධ සමපේක්ෂණ මතින් අධි- ලාභය සොයායාම වෙතය. ඉවක් බවක් නැති මේ ලාබ හඹායාමේ මෙහෙයුම මගින් පාර ජාිතක සමාගම්වල උවමනාවන් මානව අයිතීන්ට හා ජනතාවගේ හා ජාතීන්ගේ ස්වාධිපත්‍යයට ඉහළින් තබන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය හා කෝටි සංඛ්‍යාත ජනතාවගේ උවමනා එපාකම් හා අරමුණුවලට යටත් කොට ඒ තාක් දුරට, ඒ තාක් දුරට පමණක්. පවත්වා ගැනීමටත් බලකරයි. සැම දේයකටම මිලක් නියම කරන්නට බලකරන එය රාජ්‍යය මගින් කරන සුබ සාධන සේවා කපා හරින්නට ද රාජ්‍යයට ආර්ථික කටයුතුවලින් බැහැර වන්නට ද බලකරයි.
ශ්‍රම ඵලදායීතාවය තීව්‍රකිරීමට හා සමාජ සම්පත් වැඩිදියුණු කිරීමට ඉවහල් වූ තාක්ෂණයේ දියුණුව ධනවාදය යටතේ අද ජනගහනයේ අති බහුතරය අතර ඇති නැති පරතරය පුළුල්කරමින් සමාජ අසමානතාවය තිව්‍රකිරීමට ද ජීවන පැවැත්මේ අසීරුතාවය හා විරැකියාව වර්ධණය කිරීමට ද ඉවහල් වී ඇත. ඒ සමගම ලොව මුළුල්ලේම සුළු නිෂ්පාදකයන් ද සුළු දේපොළ හිමියන් ද මධ්‍යම පුමාණයේ නිෂ්පාදකයන් හා දේපොළ හිමියන් ද විනාශයට පත්කරමින් අහිමවූවන්ගේ ගොඩ එන්ට එන්ටම තරකරමින් තිබේ. මිනිස් වර්ගයාම ඔවුන්ගේ ජීවිතයට අහිමිකිරීම නැතහොත් පරාරෝපිත බවට පත්කරනු ලබමින් සිටී.
ධනවාදී ගෝලීයකරණය මගින් ඇතිකර තිබෙන යෝධ සංවර්ධනය යට ඇත්තේ ධනපති ක්‍රමයට ආවේනික ආර්ථික, දේශපාලනික,සමාජ හා පාරසරික ආදී වශයෙන් වර්ධනය වෙමින් පවතින නියත අර්බූදයකි. එ් තුල නිර්මාණයවන ප්‍රතිවිරෝධතාවයන් හා ඝට්ටන වරින් වර කඩා පාත්වෙන ආර්ථික අවපාත මගින් පමණක් නොව, පෙළඹවිම , බලපෑම්, කුමන්ත්‍රණ, ආක්‍රමණ හා යුද්ධ ආදී දේශපාලන හැඩයන්ගෙන් ද ප්‍රකාශයට පත්වෙයි. ඒ සමගම තාක්ෂණයේ දියුණුව, නිෂ්පාදන හා හුවමාරු මාධ්‍යන්ගේ සිදුවන සංකේන්ද්‍රනය, ධනවාදී ව්‍යවසායයන් තුල ශ්‍රම ක්‍රියාවලිය සීඝ්‍රයෙන් සමාජීයකරණය වීම ආදිය විසින් ධනවාදී නිෂ්පාදන සම්බන්ධතාවයන් සමාජවාදී නිෂ්පාදන සම්බන්ධතාවයන් මගින් විස්ථාපනය කිරීම සදහා අවශ්‍ය භෞතික තත්ත්වයන් , එනම් සමාජ විප්ලවය සදහා අවශ්‍ය තත්ත්වයන් පෙර නොවූ විරූ වේගයකින් නිර්මාණය කරනු ලබයි. නිෂ්පාදන හා හුවමාරු මාධ්‍යන්ගේ පුද්ගල අයිතිය වෙනුවට සමාජීය අයිතිය පිහිටුවමින් ද සමාජයේ සියළු දෙනාගේ සුබසාධනය හා සර්වප්‍රකාර වර්ධනය සහතික කරනු වස් සමාජ නිෂ්පාදන ක්‍රියාවලිය සැළසුම්ගතව සංවිධානය කරමින් ද නිර්ධන පංතියේ සමාජ විප්ලවය සූරාකෑමේ සියළු ආකාරයන් අහෝසිකරමින්, සමාජය පංතිවලට බෙදී පැවතිම අහෝසිකරනු ඇත. එමගින් පීඩිත මන්ෂ්‍ය වර්ගයාම නිදහස් කරනු ඇත.
ලංකාව මේ ගෝලිය ධනපති ක්‍රමයේ අවිච්ඡින්නයති. ලංකාවේ නිෂ්පාදනයේ ධනපති ආකාරය නිෂ්පාදනයේ සමාජවාදී ආකාරය මගින් ඉවත්කිරීම අත්‍යාවශ්‍ය ය.
ධනවාදය ලෝකයේ ඒකාකාරව වර්ධනයවී නොතිබීම නිසාත් විවිධ රටවල විවිධාකාර සමාජ දේශපාලන තත්ත්වයන් පැනනැගිය හැකි නිසාත් සමාජවාදය දිනාගැනීමේ පොදු අරමුණ කරා වූ අරගලයේදී විවිධ ක්ෂණික ඉල්ලීම් ඉදිරිපත්කිරීමට සිදුවෙයි.
ධනවාදය ලංකාවේ ප්‍රමුඛ නිෂ්පාදන ආකාරය යි. එසේ වුවත්, ලාංකීය ධනවාදය අප සමාජය මත උත්තාරාරෝපනය කරන ලද යල් පිනුූ පූර්ව ධනේශ්වර අගතීන් ද සමග වෙන්කල නොහැකි සේ මුසු වූ පසුගාමී ධනවාදයකි. සංවර්ධිත ධනවාදයේ දැකීම අසීරු පසුගාමී අගතීන්ගෙන් පිරී පවතින එය වත්මන් ගෝලීයකරණ ක්‍රියාවලිය සමග බද්ධකිරීමෙන් නිර්මිත වූ අන්ත දුෂිත, අත්තනෝමතික, අත්‍යන්ත පරපුටු, කොල්ලකාරී ගජමිතුරු ධනවාදයකි. මෙකී තත්ත්වය ධනවාදයේම වර්ධනයට බාධාවක් ලෙස පවතිනවා පමණක් නොව, පීඩිත ජනතාව ඇතුළු සමස්ථ සමාජය මතම මුදාහැර ඇති සූරාකෑම හා මෙලේච්ඡත්වය නඩත්තුකරමින්, පංති අරගලයේ සර්වාකාර වර්ධනයට ද බාධා කරයි.
77 ජේආර් පාලනය විසින් ස්ථාවර කරනු ලැබුවා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නව ලිබරල් ආර්ථික උපාය මාර්ගය ද ඉන් අනතුරුව බලයට පත් ආණ්ඩු, විශේෂයෙන් රාජපක්ෂ පවුල් පානය විසින් වඩාත් විකෘත්ති කරන ලදුව ඉදිරිය ට ගෙනගිය ආණ්ඩුකරණය හා එම ආර්ථික උපාය මාර්ගය ද මගින් ලංකාවේ ධනවාදයේ වත්මන් විශේෂිත ව්‍යාසනකාරී ස්වභාවය නිර්මාණය කරනු ලැබ ඇත. ජීවන බර , විරැකියාව, වැඩෙන සමාජ අසමානතාවය හා අසාධාරණය, දරිද්‍රතාවය වැනි ධනවාදයේ ස්වභාව ලක්ෂණයන්ට අමතර වශයෙන් සමාජ ආර්ථික දේහය පුරා අල්ලස හා දූෂණය පැතිරීම, රාජ්‍ය දෝපොළ කොල්ලකෑම, දේශපාලන බලපුළුවන්කාරකම, අුාර්ථික, දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තර්ජනයට ලක්වීම, නීතිය වල් වැදීම, ජාතික ගැටළුව සම්පූර්ණයෙන් ම නොතකා හැරීම හා ඒ වෙනුවට ජාත්‍යේන්මාදී හා ආගමික අන්තවාදි මතවාද හා ක්‍රියාකාරකම් පනගැන්වීම, ප්‍රජාතන්ත්‍රිය භාවිතයන් මරණීය තර්ජනයට ලක්කිරිම, පරිසරය මහ පරිමාණයෙන් විනාශකිරීම ආදී වශයන් ව්‍යාසනකාරී ලක්ෂණයන් ප්‍රකාශවෙයි. අද මෙම ධනවාදය හසුරුවන දේශපාලන බලය වී ඇත්තේ පවුල් හා ගජමිතුරු කතිපයාධිපති බල කල්ලියකි. රටේ සියළු සම්පත් හසුරුවන්නේ මෙම කල්ලියේ ඵලප්‍රයෝජන හා පැවැත්ම සදහා ය. දේශපාලන බලය හසුරුවන්නේ ඒ සදහාම ය. කොරෝන වසංගතය මෙම අර්බූදය අද පවතින මට්ටමට වර්ධනයවීමට සැළකිය යුතු බලපෑමක් කර තිබුණ ද පාලකතයන් මවා පෙන්වන විදියට අරිබූදය එහි ඵලයක් නොවේ. වසංගතය මගින් කළේ අර්බූදය වඩාක් තිව්‍රකිරිම පමණි.
සමාජයක් ලෙස අද අප සිටින්නේ ආර්ථික, දේශපාලන,සමාජ හා පාරිසරික වන බරපතල කුණුවීමකට මුහුණ දෙමෙිනි. මෙකී තත්ත්වය සමාජවාදය කරා වූ මාර්ගය හරස්කරමින් නැගී සිටින මහ කළු ගල් කුලක් වැනිය. පොදු වශයෙන් සමාජයේ සියළු දෙනාගේ සුබසාධනය සදහා මෙන් ම, විශේෂ වශයෙන් සමාජවාදී අරගලය පහසුකරගැනීම සදහා මෙම බාධකය වහාම ඉවත්කල යුතුව ඇත. ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩු ක්‍රමයක් ද ජනතාවට හිතකර ආර්ථික ක්‍රමයක් ද ස්ථාපනය කළ යුතුව ඇත. අද අප හමුවේ ඇති හදිසි කාර්ය එය යි. විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු ප්‍රජාතන්ත්‍රවිරෝධි අණපනත් අහෝසිකිරීම, ජාතික ගැටළුවට විසිදුමක් ලබාදීම, නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය , ප්‍රවාහන හා අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම් සහතිකකිරිම ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රීය නව වටිනාකම්වලින් පොහොසත් නූතන රාජ්‍යක් කරා ලංකාව ඔසවා තැබිමට එය සමත් විය යුතුය.
උක්ත හදිසි අවශ්‍යතාවය සපුරාගන්නට මේ මොහොතේ ප්‍රායෝගිකව ප්‍රථමකොට අවශ්‍ය කරන්නේ ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදි මහජන සමූහාණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් දිනාගැනීම ද, එවැනි ආණ්ඩුවක මූලික කාර්යයන් ලෙස ආර්ථික හා දේශපාලන වශයෙන් දැවෙන මූලික ගැටළු විසදිමට සමත් කෙටිකාලීන වැඩපිළිවෙලක් ද සමස්ථ ව්‍යුහයම මූලික වෙනසකට යොමුකිරීමට සමත් පූර්ණ අර්ථයෙන්ම ජනසහභාගිත්වයෙන් නිර්මාණය කරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයකරගැනීම ඇතුලත් තරමක දිගුකාලීන වැඩපිළිවෙලක් ද සහිත ඒකාබද්ධ සමසම්ථ වැඩපිළිවෙලක් අද අවශ්‍ය ය.
මෙය හුදෙක් ආණ්ඩුවක් වෙනුවට තවත් ආණ්ඩුවක් පිහිටුවාගැනීමේ මෙතෙක් පැවති සම්ප්‍රධායට සම්පූර්ණයෙන් ම වෙනස් ම ක්‍රියාවලියකි.එක් මැතිවරණයකින් නොනැවතී මැතිවරණ ක්‍රියා දාමයක් ද, මැතිවරණ ක්‍රියාවලිය තුල මෙන්ම ඉන් පිටත ද අඛණ්ඩව ගෙනයන අරගල දාමයක ප්‍රතිඵලය ලෙස දිනාගැනීමට සිදුවන නිෂ්ඨාවක් එහි අඩංගුව ඇත. එනිසාම, රට මෙම ව්‍යාසනයට ඇද දැමූ මෙතෙක් බලය හෙබ වූ පක්ෂවලට හා ඒවාට සෘජුව හවුල් වු කිසිදු පාර්ශවයකට මෙම කාර්යෙහි ලා හැකියාවක් නැති බව එකහෙළා පැහැදිළිය. එසේම මැතිවරණයක් ආසන්න වනවිට ප්‍රාදුර්භූතවන ඊනියා " පොදු අපේක්ෂකය" පෙරටුකරගත් ව්‍යාපාර ආණ්ඩු විරෝධය කොල්ලකෑමට අටවන උගුලක් පමණක්ම බව මෙ වනවිට උවමනාවටත් වඩා සනාථවී ඇත. වාමවාදී පක්ෂයක් ලෙස පැවති/පවතින ආණ්ඩුවලට දැඩි විවේචන කොතෙකුත් එල්ලකරන්නේ වුව ද එවැනි තනි පක්ෂයකට, එහි සන්ධානයකට වුව ද මෙම කාර්ය ඉටුකළ නොහැකි බව ද පැහැදිළිය.
එසේ නම් මෙම කාර්යභාරය සාක්ෂ්‍යාත්කිරීමේ හැකියාව සතුව ඇත්තේ කවුරුන් වෙතද? රටේ දකුණේ ද උතුරේ ද නගරයේ ද ගමේ ද , රට මුළුල්ලේම ද සිංහල, දමිළ , මුස්ලිම් ආදී සියළු ජාතීන්ට හා ජන කොටස්වලට අයත් වාමාංශික, ප්‍රගතිශීලී , ප්‍රජාතන්ත්‍රවාදී සියළු පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති, ගොවි සමිති, ධීවර සමිති, කාන්තා සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, වෘතික සංවිධාන, පරිසර සංවිධාන හා පුද්ගලයන් එක බල මුළුවක් සේ පෙළ ගැසෙන හා බිම්මට්ටම කරා විහිදුන යෝධ මහජන ව්‍යාපාරයකට පමණි, වාමවාදී පාර්ශවයන්ගේ වගකිම මෙහිලා වැදගත් සාධකයක් බව අවධාරණය කරමු.
විප්ලවීය සමාජවාදී පක්ෂයක දේශපාලන වැඩපිලිවෙල මේ මොහොතේ හදිසි අවශ්‍යතාවයක්ව පවතින ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලය, සමාජවාදය දිනාගැනීමේ දිගු කාලින අරගලය සමග මෙලෙස අන්තර් සම්බන්ධිත පොදු වැඩපිලිවෙලක් වන්නේය.
No comments:
Post a Comment