ලිපි අංක 1- 2022 ජනවාරි
මෙය 2021 නොවැම්බර් මස විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය විසින් එහි පේස්බුක් පිටුවෙහි පළ කරන ලද්දකි. ලංකාවේ ණය අර්බුදය පිළිබඳ ඇත්ත සඟවන්නට පාලකයන්ට උවමනාය. ඔවුහු කොවිඩ් වසංගතය මත සියල්ල පටවා ඇඟ බේරා ගැනීමට කැස කවති. ගෙන ඇති ණය කන්දරාවෙන් වැඩි කොටස ගෙන ඇත්තේ පිළිගත් ජාත්‍යන්තර ආයතනවලින් හෝ ක්‍රමවේද අනුව නොව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ විකිණීමෙනි. හිටපු ශ්‍රීලනිප ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මැතකදි කළ ප්‍රකාශයකට අනුව එම බැඳුම්කර මිලදී ගෙන ඇත්තේ වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහ රාජපක්ෂලාගේ නෑ හිතවතුන් විදෙස් ගිණුම්වල සඟවාගෙන සිටින ඩොලර් වලිනි. කෙසේවුවත් ලංකාවේ ණය අර්බූදයේ ඇත්ත කතාව තේරුම් ගැනීමට මෙම ලිපිය ඔබට ප්‍රවේශයක් සපයනු ඇත.