අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
"කෙටිකාලීන අන්තර්කාලීන ආණ්ඩුවක්" හෙවත් "ද්විබල පාලනය"
පමුණුවා තිබේ
2022 ආරම්භත් සමග අප සමාජය ආර්ථික හා දේශපාලන යන දෙඅංශයෙන්ම අපගේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ
තීව්‍රතායකින් කඩා පාත් වූ තියුණු අර්බුදය මේ වන විට තරමක් ලිහිල් වෙමින් පවතින බවක් නිරීක්ෂණය කළ
හැකිය.
“ශ්‍රී ලංකාවේ ආහාර, සෞඛ්‍ය හා බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම” සඳහා 2017 මාර්තුවල ඉන්දීය
ආණ්ඩුව ලංකා ආණ්ඩුවට ඩොලර් බිලියනයක සහන ණය පහසුකමක් සැපයීම ද 2023 අප්‍රේල්වල අයිඑම්එෆ්
පැකේජය අනුමත වීම ද එහි පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ලැබීම ද අයිඑම්එෆ් පැකේජයෙන් පසු ලෝක
බැංකුවේ ආයෝජන හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඖෂධ, ආහාර, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන
සඳහා ඩොලර් මිලියන 400 ක් (පෞද්ගලික බැංකු තුනකට) සැපයීම ද ලංකාවේ ආහාර අර්බුදය සමහන් කිරීම සඳහා
ආසියානු ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200 ක හදිසි ණයක් අනුමත කිරීම ද මේ ලිහිල් වීමට හේතු වී
තිබේ. මේ සියල්ල සමගින් දියත් කරන ලද තිරසර මර්දනය මගින් විරෝධතා රැල්ලේ යම් පසු බැස්මක් ඇති කිරීමට
ආණ්ඩුව සමත්ව තිබීම ද මෙම ආර්ථික ලිහිල්කරණයට යම් දුරකට හේතු වී තිබේ.
මෙම ලිහිල්කරණය සිදු වන්නේ ප්‍රධාන කොටම ආණ්ඩුවට ගැලවී ගැනීම සඳහා එල්ලී ගැනීමට සිදුව තිබූ ජීව යොත
වූ අයිඑම්එෆ් පැකේජය අනුමත වීම හේතු කොට ගෙන ය. වසර හතරක් සඳහා වන මෙම පැකේජයෙන් අනුමත මුදල
ඩොලර් බිලියන 2.9 කි. ආණ්ඩුවේ වගකීමැති ආණ්ඩුව, රාජ්‍ය ව්‍යවසායන් හා මහ බැංකුව ගෙවීමට ඇති යෝධ ණය
කන්දරාව වන ඩොලර් බිලියන 83.6 (මින් විදේශ ණය ඩොලර් බිලියන 36.73 කි) සමග ගත් විට ඩොලර් බිලියන 2.9
ක් යනු බැලූ බැල්මට හාස්‍යෝත්පාදනීය ප්‍රදානයක් වන්නේ වුව ද එමගින් ලැබෙන සහතිකය ආණ්ඩුව පත්ව සිටි
තත්ත්වයට සාපේක්ෂව එහි පැවැත්ම සඳහා ලැබෙන සැලකිය යුතු අත්වැලක් වනු ඇති බව යථාර්ථයකි.
අයිඑම්එෆ් පැකේජය යනු තාවකාලිකව යම් ප්‍රකෘතිමත්භාවයක් අත් කර ගැනීම සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබා
දෙන එහෙත් ප්‍රතිකූල වශයෙන් ජනතාවට චිරස්ථායි බරපතල අතුරු ආබාධ ඇති කරන කටුක තිත්ත කසායකි.
ආණ්ඩුවේ වඩාත් නිවැරදිව කීවොත් පාලක පංතියේ පැවැත්ම සඳහා විවිධ මාත්‍රාවන්ගෙන් නියම කරනු ලබන මෙම
කසාය පාලකයන් විසින් ජනතාවට පොවනු ලබන්නේ බලහත්කාරය ද රැවටිල්ල ද දෙකම එකසේ උපරිමව යොදා
ගනිමිනි.
යෝධ අඩි තබමින් නැගී වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදයේ ආසන්නතම ප්‍රතිවිපාකයන්ගෙන් බැට කෑමෙන්
අපේක්ෂා භංගත්වයට පත් සමාජ තීරුවලට අයත් ජන කොටස්වලට අයත් ජනයා ප්‍රමුඛ කර ගත් ඇවිස්සී ගිය ජන
බලවේග විසින් පාලකයන්ට එරෙහිව සාංසිද්ධිකව දියත් කරන ලද 2022 මාර්තු - ජූලි යෝධ විරෝධතා රැල්ල
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් බලයේ සුක්කානමෙන් පන්නා දැමීමට සමත් වු අයුරු අපි දුටිමු. එහෙත්
අනතුරුව රාජපක්ෂවරුන් විසින් බලයේ සුක්කානම පවරන පවරන ලද රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ සිදු
වූයේ කලකිරීම හා විරෝධය නොඅඩුව පැවතුන ද ඉහත කී තත්ත්වයන් හේතු කොට ගෙන පියවරෙන් පියවර අරගල
රැල්ලේ බැස යාමකි.
ඉහත කී තත්ත්වයන් සමග ආණ්ඩුව ආණ්ඩු විරෝධී රැල්ල යළි උත්තේජනය කළ හැකිව තිබූ පළාත් පාලන ඡන්දය
කූඨ ලෙස කල් දමා ගැනීම හරහා ද ආණ්ඩු විරෝධය යම් පමණකට පසු බැස්ස වීමට සමත්ව තිබේ. ඡන්දය කල්
දමන ලද මුල් අවස්ථාවේ විරෝධතා රැල්ලක් නැගී ආව ද මේ වන විට දැකිය හැක්කේ එම රැල්ලේ ද බැස යාමකි.
උත්ප්‍රාසය වන්නේ කිසිදු සුජාතභායක්, ජන ප්‍රසාදයක් නැති, අභ්‍යන්තර අර්බුද හා දැවැන්ත පිරිහීමක් මැද්දේ
ගමන් කරන ආණ්ඩුවක් කිසිදු විරෝධතාවක් ගණනකට නොගනිමින් නිදැල්ලේ ගමන් කරමින් තිබීම ය. දශක
ගණනාවක් තිස්සේ කුරිරු මර්දනීය උපකරණයක් ලෙස ක්‍රියා කළ ත්‍රස්තවාදය වැළක් වීමේ පනත වෙනුවට
ආණ්ඩුව දසතින් එල්ල වෙමින් තිබෙන විරෝධය නොතකා අතිශයින් කුරිරු ප්‍රති ත්‍රස්ත පනතක් සම්මත කිරීමට
සැරසෙයි. මීට දේශපාලන, බහුජන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මිස සිවිල් සමාජයේ බරපතල
විරෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මහා දේශපාලන ක්‍රියාකාරිත්වයක දී මිස සිවිල් සමාජයේ දෘෂ්ටිය
වන්නේ පාලක පංතියේ දෘෂ්ටිය යි. ඒ නිසා අර්බුද මැද්දේ වුව විවිධ තාවකාලික සහන හා ප්‍රයෝග හරහා මෙන්ම
මර්දනය හරහා සිවිල් සමාජය යම් ග්‍රහණයක පවත්වා ගන්නට පාලක කණඩායම්වලට හැකියාවක් තිබේ.
පාලක රෙජිමයට එරෙහිව විවිධ ආකාරයෙන් සටන් සටන් වදින වාමාංශික හා ප්‍රගතිශීලී කියන සියලු දේශපාලන
පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, බහුජන හා වෘත්තීය සමිති සංවිධාන හා සන්ධාන විසින් මෙම උපායික වැරද්ද
කරනු ලබන බව පෙනෙන්නට තිබේ. පාලක රෙජිමයේ සෑම ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ටම
එරෙහිව සටන් වැදිය යුතු ය යන්න අවිවාදිත ය. එහෙත් සුපුරුදු හුදු විරෝධය පෑමේ අරගලවලින් හා පාලකයන්ට
එරෙහිව ප්‍රේක්ෂක ජන සමූහයා මන්මත් කරවන අභියෝගවලින් පමණක් පාලක රෙජිම පලවා හැරිය නොහැකි
බව වටහා ගැනීම අවශ්‍ය ය.
රනිල්ලා, රාජපක්ෂලා, ඩලස්ලා, වීරවංශලා, මෛත්‍රීපාලලා, චම්පිකලා, හකීම්ලා යන සියල්ලෝම කුමනාකාරයෙන්
පෙළ ගැසුණ ද පාලක පංතික කල්ලි කණ්ඩායම්ම ය. මෙම හැම කණ්ඩායමක්ම විටින් විට ඒ ඒ ආණ්ඩුවේ පමණක්
නොව එකම ආණ්ඩුවල ද කොටස්කරුවෝ වූහ. මොවුන් කුමනාකාර සන්ධාන හදා ගෙන බලය සඳහා ජනතාව හමුවට
පැමිණිය ද අනුගමනය කරන්නේ එකම ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගම ය.
මේවාට වෙනස්ව ජනතා ඵලප්‍රයෝජන වෙනුවෙන් පෙනී සිටින වාම, ප්‍රගතිශීලී හා පාලක පංති විරෝධී
ජනප්‍රියවාදී බලවේගයන්ට උක්ත පෙළගැසීම් අතරවන ප්‍රතිවිරෝධතා සැලකිල්ලට ගනිමින් ප්‍රති ත්‍රස්ත
පනත වැනි ආණ්ඩුවේ මර්දනීය පියවර පරාජයට පත් කරන්නට එක්ව ක්‍රියා කරන්නට කටයුතු කරන්නට පුළුවන.
කටයුතු කළ යුතු ය. එය හදිසි අවශ්‍යතාවකි. එහෙත් මෙකී බලවේගයන්ට ඊට වඩා යමක් සඳහා එම පෙළ ගැසීම්
සමග ක්‍රියාකාරිත්වයන්ට යන්නට බැරි ය.
පාලක පංති සන්ධානයන්ට යම් වෙනසක් පෙන්නුම් කරන හා අද දවසේ ප්‍රධාන ජනප්‍රියවාදී දේශපාලන
ව්‍යාපාරය බවට පත්ව තිබෙන ජවිපෙ කේන්ද්‍රිත ජාජබය සියල්ල ඡන්දයට ඌනනය කර ගත් සන්ධානයක් බවට
පත් කර තිබෙන අතර එයට සිදුව ඇත්තේ අරගලය ඡන්දයක් ලැබෙන තෙක් තමන් වටා ගොනු කර ගත් රැල්ල
නඩත්තුකර පවත්වා ගැනීමේ ක්‍රියාකාරිත්වයකට කොටු කර ලීමට ය. මේ සඳහා ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමය වී
ඇත්තේ ලොකු රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වල දී ප්‍රේක්ෂක ජනයා මන්මත් කරවන ආණ්ඩුවට එරෙහි ප්‍රවේගකාරී
අභියෝග කිරීම් හා ඕඩියන්ස් කතා ය.
වාම හා ප්‍රගතිශීලී බලවේගයන් ද විරෝධය පෑම් වලින් ඔබ්බට සිය ක්‍රියාකාරිත්වය පෙළ ගස්වන බවක්
පෙනෙන්නට නැත. ඉදිරි වර්ධනයන් තුළ නව උපාය උපක්‍රම ගැන සිතන්නට ගවේෂණය කරන්නට සිදුව තිබේ.
අප ජනප්‍රිය විරෝධතාවන්ට පමණක් සිමා නොවී ඉන් ඔබ්බට ගමන් කළ යුතුව තිබේ. එය වාම හා ප්‍රගතිශීලී
සෑම කොටසකගේම වගකීමකි.
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්රජාතන්ත්රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...