උතුරු ඕස්ව්‍රේලියා ප්‍රාන්තයේ පහළ කාන්තාරය මැද ඇලිස් ස්ප්‍රින්ග් නම් කුඩා නගරයට කිමී 18 ක් පමණ දුරකින් පයින් ගැප් නම් ස්ථානයේ ඇමරිකානු ඔත්තුසේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇත. මෙය ඇමරිකා භූමියට පිටතින් ඇමරිකාව සතු අති විශාලතම හමුදා කදවුර ලෙස සැලකෙයි. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ඒකාබද්ධව 1970 දී පිහිටුවා ඇති මේ මධ්‍යස්ථානය අද සාමාන්‍යෙයන් හදුන්වන්නේ පයින් ගැප් යන කෙටි නමින්ය. ඇමරිකාව වෙනුවෙන් මෙය මෙහෙයවන්නේ මධ්‍යම ඔත්තුසේවා ඒජන්සිය,(CIA) ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) සහ ජාතික පිරික්සුම් කාර්යාලය මගිනි. ඇ.එ.ජ. ප්‍රධාන ආරක්ෂක ආතන කීපයකම මැදිහත්වීමෙන් මෙම මධ්‍යස්ථානය නඩත්තුකිරීමෙන් ම පෙනීයන්නේ එහි ඇති වැදගත්කමය.
1999
දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව විසින් මීට
අදාළ ගිවිසුම් ඉදිරිපත්කරන ලෙස ඕස්ට්‍රේලියානු
ආණ්ඩුවට දන්වා සිටිය ද ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂකරනු
ලැබීම නිසා සෙනෙට් සභාව ඕස්ට්‍රේලියානු ජාතික වි.විද්‍යාලයේ ඔත්තුසේවා බිළිබද
විශේෂඥයකු වූ මහාචාර්ය ඩෙස් බොල් Des Ball කැදවා කරුණු
විමසීය. කක්ෂගත සැටලයිට් මගින්
ලබාගන්නා සංඥා එක් රැස්කිරීම හා එම
සැටලයිට් පාලනය කිරීම මෙහි සිට සිදුකරන බවත් එමගින් අන් රටවල් විසින් නිශ්පාදනයකරන
බැලස්ටික් මිසයිල වැනි දියුණු අවි පිලිබද තොරතුරු ලබාගැනීම, සතුරු මිසයිල සහ ප්‍රහාරක
යානා පිලිබද සංඥා ලබාගැනීම සහ ඈත දුරකථන
කතාබහ ගග්‍රහණයකරගැනීම මෙහි ප්‍රධාන වශයෙන් සිදුකරන බවත් අති ප්‍රබල ඇන්ටනා 33 ක් මේ සදහා යොදාගෙන ඇති
අතර ලබාගන්නා දත්ත විශ්ලේෂණ්‍අයකිරීම සදහා
විශාල පරිඝණක සංකීර්ණයක් මෙහි ස්ථාපිත කර ඇතිබවත් ඔහු සාක්ෂිදෙමින් කියා සිටිය.