පයින් ගැප්- විශාලතම ඇමරිකානු ඔත්තු සේවා මධ්‍යස්ථානය





උතුරු ඕස්ව්‍රේලියා ප්‍රාන්තයේ පහළ කාන්තාරය මැද ඇලිස් ස්ප්‍රින්ග් නම් කුඩා නගරයට කිමී 18 ක් පමණ දුරකින් පයින් ගැප් නම් ස්ථානයේ   ඇමරිකානු ඔත්තුසේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇත. මෙය ඇමරිකා භූමියට පිටතින් ඇමරිකාව සතු අති විශාලතම හමුදා කදවුර ලෙස සැලකෙයි. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ඒකාබද්ධව 1970 දී පිහිටුවා ඇති මේ මධ්‍යස්ථානය අද සාමාන්‍යෙයන් හදුන්වන්නේ පයින් ගැප් යන කෙටි නමින්ය. ඇමරිකාව වෙනුවෙන් මෙය මෙහෙයවන්නේ මධ්‍යම ඔත්තුසේවා ඒජන්සිය,(CIA) ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) සහ ජාතික පිරික්සුම් කාර්යාලය මගිනි. ඇ.එ.ජ. ප්‍රධාන ආරක්ෂක ආතන කීපයකම මැදිහත්වීමෙන්  මෙම මධ්‍යස්ථානය නඩත්තුකිරීමෙන් ම පෙනීයන්නේ එහි ඇති වැදගත්කමය.
1999 දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව විසින්  මීට අදාළ ගිවිසුම් ඉදිරිපත්කරන ලෙස  ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට දන්වා සිටිය ද  ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂකරනු ලැබීම නිසා සෙනෙට් සභාව ඕස්ට්‍රේලියානු ජාතික වි.විද්‍යාලයේ ඔත්තුසේවා බිළිබද විශේෂඥයකු වූ මහාචාර්ය  ඩෙස් බොල් Des Ball කැදවා කරුණු විමසීය.   කක්ෂගත සැටලයිට් මගින් ලබාගන්නා  සංඥා එක් රැස්කිරීම හා එම සැටලයිට් පාලනය කිරීම මෙහි සිට සිදුකරන බවත් එමගින් අන් රටවල් විසින් නිශ්පාදනයකරන බැලස්ටික් මිසයිල වැනි දියුණු අවි   පිලිබද තොරතුරු ලබාගැනීම, සතුරු මිසයිල සහ ප්‍රහාරක යානා  පිලිබද සංඥා ලබාගැනීම සහ  ඈත  දුරකථන කතාබහ ගග්‍රහණයකරගැනීම මෙහි ප්‍රධාන වශයෙන් සිදුකරන බවත් අති ප්‍රබල ඇන්ටනා 33 ක් මේ සදහා යොදාගෙන ඇති අතර  ලබාගන්නා දත්ත විශ්ලේෂණ්‍අයකිරීම සදහා විශාල පරිඝණක සංකීර්ණයක් මෙහි ස්ථාපිත කර ඇතිබවත්  ඔහු  සාක්ෂිදෙමින් කියා සිටිය.








1980 දක්වාම මෙහි සංඥා ක්‍රියායන අංශය සහ සංඥා විශ්ලේෂණ අංශය  ඕස්ට්‍රේලිය්නු සේවකයන්ට තහනම් ප්‍රෙද්ශයක් වු අතර මේ වනවිට ඇමරිකානු දත්ත විශ්ලේෂණ අංශයට පමණක්  ඔවුන්ට ඇතුල්වීමට අවසර නැත. එසේම ඇමරිකානුවන්ට ද ඕස්ට්‍රේලියානු දත්ත අංශයට ඇතුල්වීමට අවසර නැත.සෑම දිනකම උදයේ ඒකාබද්ධ තොරතුරු විශ්ලේෂණ කමිටුව රැස්වී  ඊළග පැය 24 තුල සැටලයිට මෙහෙයුම් වැඩපිළිවෙල ගැන සාකච්ඡාකරයි.
ඇමරිකානු පවුල් 400 ක් පදිංදිකරවීමෙන් ආරම්භවූමේය මේ වනවිට1000 ක් පමණ නාසා සේවක පිරිසක්   රාජකාරියෙහි යෙදී සිටිති. චීනය, රුසියාවේ ආසියාතික භූමි ප්‍රෙද්ශය සහ මැද පෙරදිග  ඇතුලත් ලෝක ගෝලයෙන් තුනෙන් එකක් ආවරණය කරමින් අභ්‍යාවකාශයෙහි පෘතුවියට කි.මී. 36000 ක ඉහළින් සරන  ඇ.එ.ජනපදයට අයත් ඔත්තුසේවා අභ්‍යාවකාශ යානා පාලනයකිරීම මෙහි සිට සිදුකරයි. ඇප්ගන්ස්ථානය, ඉරකය හා මෑත භාගයේ  සිරියාවේ ඇමරිකාව කරගෙන යන් යුධ ක්‍රියාන්විතයන්ට විශාල මෙහෙවරක් මෙහි සිට සුදුකරනු බලයි. මෙවැනිම ඔත්තුසේවා මධ්‍යස්ථානයක් නිව්සීලන්තයේද ඇමරිකාව විසින් පිහිටුවා ඇතියි එඩ්වඩ් ස්නෝඩන් හෙළිකරයි. ප්‍රධාන පෙළේ ඇමරිකානු අන්තර්ජාල සේවා සමාගම් (ගූගල් ද ඇතුළු ) නවයක පමණ ගබඩාකර ඇති අන්තර්ජාල තොරතුරු ලබාගන්නා  ප්‍රිස්ම් ඔතත්තුසේවා වැඩපිළිවෙල(PRISM surveillance program) සමග ද පයින් ගැප් සම්බන්ධ බව ඔහු වැඩිදුරටත් හෙළිකරයි.
ජාත්‍යන්තර මුහුදෙහි ගමන්කරන විදේශ ඔත්තුසේවා නවුකාවලට මෙහි සිට නිකුත්කෙරෙන ගුවන් විදුලි සංඥා ග්‍රහණය කරගැනීම වැලැක්වීම සදහා මෙලෙස මධ්‍යම ඕස්ට්‍රේලියාව තොරාගැනීමට හේතුවී ඇත.
ඇමරිකානු මෙන්ම ඕස්ට්‍රේලියානු යුධවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව යුධ විරෝධී හා මානව අයිතීන් සදහා ක්‍රියාකාරිකයන් ද වාමාංශික ක්‍රියාකාරීන් ද මේ ඇමරිකානු ඔත්තුසේවා මධ්‍යස්ථානයට එරෙහිව දිගින් දිගටම විරෝධතා ව්‍යාපාරවල නියෙලමින් සිටියී. 1983 නොවැ.11 දින පෙ.ව 11.00 ට ස්වදේශීය ඇබොරිජින් කාන්තාවන්   මෙහෙයවූ කාන්තා උන්නතිය සදහා ව්‍යාපාරය මගින්  මෙහෙයවූ   ක්‍රියාකාරිනියන් 700 දෙනෙක් පමණ සහභාගිවූ විරෝධතා ව්‍යාපාරය ඒ අතරින් වැදගත් තැනක් ගනී. සති දෙකක් එහි කදවුරු බැද විරෝධතාවයේ නියැලී සිටි ඔවුන් කදවුරට ඇතුල්වීමට උත්සාහකිරීමේදී 111 දෙනෙක් අතුඅඩංගුවට ගනුලැබූහ.1986 දී  ‘ ගැප් වසාදමනු ‘ නම් ව්‍යාපාරය විසින් විරෝධතා ව්‍යාපාරයක් අරඹමින් ‘ජනතාව විසින් වසාදමනලදී ‘ යනුවෙන් කදවුරවෙත ‘තහනම් ‘ නියෝගයක් නිකුත්කරන ලදී. 2002 දී කදවුර ඉරාකයේ ඇමරිකානු යුද්ධ කටයුතු සදහා යොදාගැනීමට  එරෙහිව 500 ක් පමණ පිරිසක් විරෝධතාවයක යෙදුන අතර පොලිසිය සමග ඇතිවූ ගැටුම්වලදී ස්වල්ප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 2005 දෙසැම්බර් මස ‘සියළු ආකාරයේ ත්‍රස්තවාදයන්ට එරෙහි කිතුනුවෝ“ නම් ව්‍යාපාරයේ සාමාජිකයන් හය දෙනෙක්   පයින් ගැප් ඉදිරිපිට විරෝධය පාමින් සිට ඉන් හතර දෙනෙක් කදවුරට කඩාපැන්නහ. අත්අඩංගුවට ගනුලැබූ ඔවුන්ට ඩො.3,250 ක දඩයක් නියමකරනු ලැබීය. ඔවුන්ගේ ඇපෑල විභාග කළ ඉහළ අධිකරණය පයින් ගැප්  කදවුර ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාවට අදාළ නොවන බව ජූරියක් හමුවේ පෙන්වාදීමට විත්තිකරුවන්ට අවස්ථාව ලැබීනැතයි යන කරුණ මත ඔවුන් නිදහස් කරනු ලැබීය.
වෙනත් රටක යුධ කටයුතු සදහා ඕස්ට්‍රේලියානු භූමිය යොදාගැනීම නිසා අනාගත යුද්ධයකදී ඕස්ට්‍රේලියාව ගොදුරක්බවට පත්වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඒ නිසාම මේ කදවුර පිළිබද තොරතුරු දැනගැනීමට ඉඩදිය යුතුයැයි යුධ  විරෝධින් හඩනැගුවද පයින් ගැප්  සදාකාලික රහසක් වශයෙන් පවත්වාගැනීමට දෙරටේම ආණ්ඩු වගබලාගෙන ඇත.
ආසන්නතම  විරෝධතා උද්ඝෝෂණය පසුගිය සෙප්. මස 26 දින  පයින් ගැප් ඉදිරිපිටදී පැවැත්විනි.කදවුර ඇතුලට හෝ පිටතට කිසිවෙකුටත් යාමට ඒමට  නොහැකි අයුරින් විරෝධතාකරුවන් මාර්ගය අවහිරකළහ.පොලීසිය දුෂ්කර අතුරුමාර්ග ඔස්සේ වාහන හරවා යැවීය. රාත්‍රියේ විරෝධතාකරුවන් හතර දෙනෙක්  කදවුරට ඇතුල්වී යුධ විරෝධී ගීත ගායනා කරනුලැබූ අතර ඔවුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. නඩු පැවරීමේ නීතිමය දුර්වලතා හේතුවෙන් පසුදින ඔවුන් අධිකරණය මගින මුදාහරිනු ලැබීය. මෙදින උදේ වනවිට වැල නොකැඩී විරෝධතා කරුවන් පයින් ගැප් දොරටුව ඉදිරිපිට


විරෝධතාවයට එක්වූහ. මෙවැනි විශාල ඇමරිකානු ඔත්තුසේවා කදවුරකට පහසුකම් සැපයීමට එරෙහිව  ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට එල්ලවන විරෝධතාවය එන්න එන්නම උත්සන්නවෙමින් පවතී.

   පයින් ගැප් කරා වැටී ඇති   Hatt Road  නාම පුවරුව විරෝධතාකරුවන් විසින් එහි ‘ t ‘අකුරක් සූරාදමා ‘e යොදා Hate Road- ද්වේශයේ මාවත ලෙස අරුත්ගැන්වීමටත්  ඒ සෑම අවස්ථාවකම බලධාරීන් පුවරුව නැවත පෙරපරිදි සකස්කිරීමත් දැන් සාමාන්‍යෙදයක් බවට පත්වී ඇත.  

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...