ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ විවිධ
මට්ටටම්වල දේශපාලනඥයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව විවිධ අදහස්
දක්වමින් සිටිති. ඔවුනට අනුව ජනමත විමසුමකට
තුඩුදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ
අනුමැතියක් නැති අතර ඒ අනුව විධායක ජනාධිපති ධූරය ද අහෝසි කළ නොහැකිවන අතර කළ
හැක්කේ යම් යම් සංශෝධනයන් කිරිම පමණි.
2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදි හැට දෙලක්ෂය ඉක්ම වූ මෙරටේ ඡන්දදායකයෝ ශ්‍රිලනිප
අපේක්ෂකයා වු මහින්ද රාජපක්ෂ මහතා පරාජය
කර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කළහ. අද නිල ශ්‍රිලනිපයේ
අයිතිකරුවෝ හා ප්‍රකාශකයෝ බවට පත් වී සිටින බහුතරයක් එදා ශ්‍රිලනිප අපේක්ෂකයා වූ
මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමට පෙනී සිටි අය වූහ. මෛත්‍රිපාල සිරිසේන
මහතාට එක් වී සිටියේ ශ්‍රිලනිප නායකත්ව මට්ටමින් පුද්ගලයන් කිහිපදෙනෙකු හා පාක්ෂිකයන් ගෙන් ඉතා සුළු පිරිසක් පමණි.