සයිටම් එරෙහි වර්ජන ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මහාචාර්ය රොහාන් සරජිව (රාවය)


මහාචාර්ය රොහාන් සමරජිව කවදත් නව ලිබරල්වාදය වෙනුවෙන් සෘජුව පෙනි සිටි අයෙකි.
ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රකාශනය මගින් වෛද්‍ය අධ්‍යාපනය ද ඇතුළුව තෘතීයික අධ්‍යාපනය සැපයීමේ දි රාජ්‍ය නොවන පාර්ශවයන්ට ද ඉඩක් සපයන බව දක්වා ඇති බවත් ඒ නිසා සයිටම් විරෝධී වැඩ වර්ජන තර්ජනයන්ට ආණ්ඩුව යටත් වන්නේ නම් එය තමන් දුන් මැතිරණ පොරොන්දු බිඳ දැමීමක් බවත් ඔහු  අවධාරණය කරයි. කොටින්ම වැඩ වර්ජන මැඩ පුද්ගලික අධ්‍යනයට ඉඩ සපයා ආණ්ඩුව තම පොරොන්දු ඉටු කළ යුතුය.

අපට ඇත්තේ සරල ප්‍රශ්නයකි. මේ වනවිටත් ආණ්ඩුව බිඳ දමා ඇති  මැතිවරණ පොරොන්දු කොපමණ ද, ඒවා ගැන මහාචාර්යවරයා  කියන්නේ කුමක්ද?  දූෂිතයන් අල්ලා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන බවට ආණ්ඩුව දුන් එක් ප්‍රධාන පොරොන්දුවකි. එය කුණු බක්කියට දමා ඇතිවා පමණක් නොව දූෂිතයන්ට වරප්‍රසාද සහිත රාජ්‍ය තනතුරු පවා ලබා දී ඇති බව කියන්නේ යහපාලනය ගෙනෙන්න කැපවි කටයුතු කළ  සිවිල් ව්‍යාපාර නායකයන්ම ය. ඉතිං, නව ලිබරල්වාදයේ පැවැත්මට පුද්ගලීකරණය පමණක් නොව ක්‍රමය දූෂණයෙන් තොරව තිබීම ද යම් පමණකට හෝ අත්‍යවශ්‍ය බව අපි අසා ඇත්තෙමු. සයිටම් එරෙහි වර්ජනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධීබව සොයන අතරම ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පිටු දැකිය යුතු අත්‍යවශ්‍ය කරුණක් වු ‘දූෂණය’ට එරෙහිව ආණ්ඩුවේ පොරොන්දු බිඳ දැමීම ගැන ද පුළුල්ව මහාචාර්යවරයා විසින් සෙවිය යුතුව ඇත.
සුළුතරයක ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් අවි අමෝරා ගන්නා මහාචාර්යවරයාට (සයිටම් විරෝධය තුළ පරාජිත  දේශපාලන බලවේග පෙළ ගැසෙන්නට දරණ උත්සාහයන් තිබෙන්නේ වුව ) විරෝධයේ පදනම් බලවේගය වූ ශිෂ් ව්‍යාපාරයෙන් දෝංකාර දෙන්නේ අධ්යාපනය තුළ සමාජයේ ලක්ෂ සංඛ්යාත පීඩිතයින්ගේ එනම් බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ බව නොපෙනීම මහාචාර්යවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ  ගැඹුර පෙන්නුම් කරන්නකි.
 මහාචාර්ය රොහාන් සමරජීව දාර්ශනිකයකු වූ මහාචාර්ය කාල් පොපර් ගේ කියමනක් උපුටා දක්වමින් ආණ්ඩුවේ ‘ඉවසාසිටීම’ ගැන තම නුරුස්නාකම පෙන්වයි. ‘අන්‍යන්ගේ අදහස් හෝ ක්‍රියා අසීමිත ලෙස ඉවසීම, එම ඉවසීම අහෝසි වී යාමට මග පාදනු ඇත’ මේ එම උපුටනයෙන් කොටසකි. මේ මතය ආණ්ඩුවට පමණක් අදාළ වන්නක් නොවේ. බහුතර ජනතාවට ද අදාළ වෙයි. පැහැදිලිව කියනවා නම් ‘ජනතාව ආණ්ඩුවේ අදහස් හෝ ක්‍රියා අසීමිත ලෙස ඉවසීම, ඔවුන්ගේ ඉවසීම අහෝසීවී යෑමට මග පාදනු ඇත’යන්නත් කවුරු කවුරුත් වටහා ගත යුතු වනු ඇත!    

    

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...