මතකයන් සහ අතීත අත්දැකීම් නව
තත්වයන් ඇසුරෙන් යළි පරික්ෂා කරනු නොලැබුවහොත් සියලු නව පරම්පරාවන්වල අනාගතය අඳුරු
වනවා ඇත.
ආචාර්ය නාලක ගොඩහේවාගේ වෘත්තිමය පසුබිම සළකා බැළු විට ඔහු එක්සත් ජාතීන්ගේ මානව
හිමිකම් කවුන්සිලයේ (UNHRC) දී කරන ලද කතාව දේශපාලන ප්‍රෝඩාවක් බව පෙනේ.
මක්නිසාද යත් එය මූලික වශයෙන් නොමඟ යවන සුළු, අතාර්කික, අවිචාරී, "ආචාර්‍යමය නොවන" සහ ඇතැම් අවස්ථාවලදී
අවංකකමින් තොර කතාවක් වන හෙයිනි. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට, විශේෂයෙන් දෙමළ ජනයාට එරෙහිව වෙනස්කම් කරනු ලැබීම
ගොතන ලද (හෝ හිතේ මවා ගත්) මිථ්‍යාවක් ය යන වැරදි සහගත කල්පිතය මත ඔහුගේ කතාව
පදනම් වී ඇත. මෑතකදී කරන ලද කටයුතුවලින් පෙනී යන්නේ ඔහු "වියත්මඟ"
නියෝජනය කරන්නට ඇති බවයි. ඔහුගේ සැක සහිත දේශපාලන අභිප්‍රායයන් කතාව අවසානයේ දී
පැහැදිලි වෙයි. දැනට කෙරෙන අසීරු ව්‍යවස්ථා වර්ධන ක්‍රියාවලියට මුහුණ නොදෙන්නට
තෝරා ගන්නා ඔහු, මේ සමස්ත ක්‍රියාවලිය "අපව බෙදා වෙන්කිරීමට පමණක් අවශ්‍ය"
වී ඇති බාහිර බලවේගවල බටහිර න්‍යාය පත්‍රයක් සපුරා ගන්නට
කරන එකක් බව කියමින්, "ජනවර්ග
මත පදනම්වූ විසඳුම් එපා" යයි ප්‍රකාශ කරයි.