අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
සිම්බාබ්වේ: විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත
ලයනල් බෝපගේ
අවිනිශ්චිතතාවය
රොබට් මුගාබේ ඉල්ලා අස් වූයේය. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු ඇත්තේ දැන් මොකක්ද? යන්නයි. සිම්බාබ්වේහි පාලක සානු-පීඑෆ් (ZANU - PF) පක්‍ෂය මුගාබේ සහ
ඔහුගේ බිරිඳ ගුචි ග්‍රේස් යන දෙදෙනාම පක්‍ෂයෙන් ඉවත් කලේය. පෙනෙන ආකාරයට ඇය, නිදහස ලැබූ දා පටන් බලයට ඉතා සමීපව සිටින යුද ප්‍රවීනයන් බෙල හීන කරන්නට
උත්සාහ කොට තිබේ. සානු පීඑෆ් පක්‍ෂය මුගාබේට විමුක්තිදායකයෙකුගේ සිට ඒකාධිපතියෙකු
දක්වා ස්වයං-පරිණාම වෙන්නට ඉඩ හැරියේය. එම සානු-පීඑෆ් පක්‍ෂයම දිගටම බලයේ සිටිනු
ඇත; එහෙත්, සිම්බාබ්වේ විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත ගමන් කරවීම පිළිබඳ වගකීම සහ වගවීම
ගැන සිදු වන්නේ කුමක් ද? මුගාබේගේ අභිලාශයන් අනුව පක්‍ෂය බොහෝ වාරයක් එහි උපසභාපතිවරුන් මාරු කොට
ඇත. මුගාබේ හිටපු උප ජනාධිපති එමර්සන් මනංගග්වා වෙනුවට 'ගුචි ග්‍රේස්' ව ආදේශ කරන්නට අදහස් කරන තුරු, මනංගග්වා මුගාබේගේ යාවජීව ආධාරකරුවෙකු වූ අතර ඔහුගේ බලය යොදවන්නා ලෙස
අනුකමිපා විරහිත හසුරුවන්නෙකුද විය. සිම්බාබ්වේහි අඳුරේ නිමග්න ජනයාට වැඩි දේශපාලන
නිදහසක් හෝ ආර්ථික සහනයක් ලබා දෙන්නට ජනාධිපති විය හැකි මනංගග්වාට හැකි වේද?සිම්බාබ්වේ දශක ගණනාවක් තිස්සේ සමාජමය හා ආර්ථික වශයෙන් අර්බුදකාරී
තත්ත්වයක පසුවී ඇත. වරක් බලගතුව සිටි යුද වීරයාට සහ නිර්දය ආඥාදායකයාට
"ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් වෙන" ලෙස බල කරමින් යුද හමුදාව මැදිහත් වීමත්
සමඟ තත්වය වඩා සංකීර්ණ බවට පත් වී තිබේ. මිලිටරිය අත්පත් කරගත් නව භූමිකාව ඔවුන්
විසින් අතහැර දමනු ඇත්ද? බලවත් යුද ප්‍රවීනයන් සමහරෙක් හිටපු උප ජනාධිපති කෙනෙකු වූ ජොයිස් මුජුයුට
අනුප්‍රාප්තිකයා ලෙස සහාය දැක්වීමත් සමඟින් මුගාබේ සහ ඔවුන් අතර තත්වය උණුසුම් අතට
හැරෙන්නට පෙර, අරටුවටම දූෂිත වූ මුගාබේ පාලන තන්ත්‍රය දශක ගනනාවක් තිස්සේ ආරක්‍ෂා කළේ ද
මේ යුද හමුදාවමයි. රටේ දියමන්ති පතල් වලින් ලබා ගන්නා ආර්ථික වාසි සහ ඔවුන් භුක්ති
විඳින දඬුවම් නොලැබීමේ සංස්කෘතිය හේතුවෙන් යුද හමුදාව පවතින තත්වය වෙත සහාය දක්වා
ඇත.මර්දනයජනතාව පසුගිය ශතවර්‍ෂයේ අවසානයේ සිට දරිද්‍රතාව, උද්ධමනය, විරැකියාව සහ දූෂනය සමඟ පොර බදමින් සිටිති. මේ මොහොතේ, අඩු තරමින් මතුපිටින්වත් සිම්බාබ්වේ වැසියෝ බොහෝ දෙනෙක් සන්තෝෂයෙන් සිටින
බව පෙනෙන අතර, මුගාබේ ගෙන් ග්‍රේස් වෙත බලය පවරා දෙනු ලැබීම වැලැක්වූ යුද හමුදා පාලනයට
වැඩි කැමැත්තක් දක්වයි. කෙසේවෙතත්, ජනතා ප්‍රතිචාරය, 1990 දශකයේ දී මෙන්ම 2007 තරම් මෑතදී පවා ඔවුන් විසින් දක්වන ලද විරෝධතා හා
පෙළපාලිවලට වඩා තියුනු වෙනසක් පෙන්නුම් කරයි. මහ ජනතාවට පෙනීගිය අන්දමට සිම්බාබ්වේ
මර්ධනයේ ඉදිරියෙන් සිටියේ යුද හමුදාව නොවේ; පොලීසියයි. විමතිකයන් නිශ්ශබ්ද කරන්නට, පහර දෙන්නට හා වධබන්ධනයට පමුණුවන්නටත් මුගාබේගේ දේශපාලන විරුද්ධවාදීන් වගවීම් රහිත
අතුරුදහන් කිරීම්වලදීත් පාලන තන්ත්‍රය මුක්තිය සහිතව පොලීසිය යොදා ගත්තේය.
එබැවින්, වැදගත් ප්‍රශ්නයක් විය යුත්තේ: යුද හමුදා මැදිහත්වීම, වඩා හොද, වඩා සාධාරණ සහ අඩු දූෂණයෙන් යුත් සිම්බාබ්වේවක් සදහා ද, එසේ
නැතහොත් පශ්චාත්-විමුක්ති පාලන තන්ත්‍රය වැටෙන්නට නොදී මෙතරම් කාලයක් තිස්සේ
පවත්වාගෙන ගොස් ඇති වරප්‍රසාද ලත් ප්‍රභූ පාලැන්තියේ පවත්නා තත්වය ආරක්‍ෂා කිරීම
සඳහා ද?මුගාබේගේ ආධාරක කුලුණක් වූ සිම්බාබ්වේ ජාතික විමුක්ති යුද ප්‍රවීනයන්ගේ
සංගමය, පාලන තන්ත්‍රයට විරුද්ධ වන අයට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදාහැරීමෙහි හවුල්වී
සිටියේය. යුද ප්‍රවීනයන් ඔහුගේ කටයුතුවලින් බලපෑමට ලක්වූ විට පමණකි, ඔවුහු ආඥාදායක, වාසියට ක්‍රියාකරන සහ ස්වෝත්තමවාදී යනුවෙන් ඔහුව හඳුන්වන්නට පටන් ගත්තේ.
ගරිල්ලා යුද්ධය නිදහස වෙනුවෙන් සටන්කළවුන් අතර සමීප බැඳීම් හැඩ ගස්වා ලීය.
මුගාබේගේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බොහෝ දුරට යොමු කරන ලද්, ඔහුගේ පාලනය අස්ථාවර කරන්නට තර්ජනය කළ කෝපයට පත් යුද ප්‍රවීනයන් සන්සුන්
කිරීමටයි. කෙසේ වෙතත්, මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය, රට ආර්ථික පරිහානියට ලක් කරමින්, තීරණාත්මක වූ කෘෂි අංශය විනාශ කර දැම්මේය. යුද ප්‍රවීණයන්ගේ හදිසි කැරැල්ල
ඇති වූයේ සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ආණ්ඩු විරෝධී
විරෝධතාවලින් පසුව ය.ජයග්‍රාහී විප්ලවවාදී ව්‍යාපාරයක නායකයා ලෙස මුගාබේ අති විශාල ලෙස
ගෞරවාදරයට පාත්‍ර විය. මුගාබේ මුලින්ම මාක්ස්වාදය වැලඳ ගත් අතර, ඝානාවේ නිර්මාතෘ ජනාධිපති ක්වාමෙ න්ක්රෑමා ද ඇතුලු දකුණු අප්‍රිකාවේ
ජාතිකවාදී නායකයින් බොහොමයක් සමග ඇසුරුකම් පැවැත්වීය. 1974 දී පිටුවහල් වන්නට
පෙර, මුගාබේ 1964 පටන් රොඩේසියානු බන්ධනාගාරයක වසර 10 ක් සිරගත කරන ලදුව
සිටියේය. රොඩේසියානු සුදු පාලන තන්ත්‍රය ඔහුට තම දරුවාගේ අවසන් කටයුතු වලට සහභාගි
වීම පවා ප්‍රතික්‍ෂේප කළේය. කෙසේ වෙතත්, ජනාධිපති ලෙස, මුගාබේ පැරණි රොඩේසියානු රාජ්‍යයේ මර්දන යන්ත්‍රය බොහෝ සෙයින් එලෙසින්ම
පවත්වාගෙන ගියේය. නව රජය විමතිකයින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා, දහස් ගනනක් ඝාතනය කරමින් නොකඩවා මර්දනය කරගෙන ගියේය. මුගාබේ ප්‍රචණ්ඩත්වය
සහ මර්දනය යොදා ගෙන දේශපාලන විරුද්ධවාදීන් පොඩි පට්ටම් කරමින්, නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කරමින්, ස්වාධීන පුවත්පත් යටපත් කරමින් සහ මැතිවරණ ප්‍රෝඩා කරමින් තම පාලනය
වැටෙන්නට නොදී පවත්වා ගත්තේය.ZANU සහ ZAPU
Subscribe to:
Post Comments (Atom)
Featured Post
අධ්යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...
No comments:
Post a Comment