රොහින්ගානුවෝ ලෝකයේ පුරවැසි අයිතිය නොමැති විශාලතම ජනප්‍රජාව වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ජීවත් වන්නේ මියන්මාරයේ දුප්පත්ම ප්‍රාන්තයක් වන බටහිර වෙරළබඩ රහයින් ප්‍රාන්තයේයි, රෝහින්ගා බහුතරය මුස්ලිම් වන අතර ශතවර්ෂ ගණනාවක් පුරා බෞද්ධ මියන්මාරයේ වාසය කොට ඇත. රොහින්ගා ජනයා කථා කරන්නේ රොහින්ගා හෙවත් රුවයින්ගා නමැති උපභාෂාවකි. රහයින් ප්‍රාන්තයේ සහ මියන්මාරයේ කතා කරන උපභාෂාවන්ට වඩා මෙම උපභාෂාව වෙනස් ය. රටේ නිළ වශයෙන් පිළිගත් ජනවාර්ගික කණ්ඩායම් 135 කි පමණ වෙයි. රෝහින්ගානුවෝ එසේ පිළිගත් ජන වාර්ගික කණ්ඩායමක් සේ නොසැලකෙයි. 1982 සිට ඔවුන්ට පුරවැසිභාවය අහෝසිකොට ඇත.
වසර 100 කට වැඩි වූ බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදී මියන්මාරය පරිපාලනය කරන ලද්දේ ඉන්දියාවට අයත් පළාතක් වශයෙනි. බෙංගාලය සහ ඇරකන් අතර කිසිදු ජාත්‍යන්තර දේශ සීමාවක් තිබුණේ නැතුවා සේම එම කලාප අතර සංක්‍රමණය වෙන්නට කිසිදු සීමාවක් තිබුනේද නැත. 12 වන සියවස තරම් ඈත කාලයක සිට මුස්ලිම්වරු මියන්මාරයේ ජීවත් වූ බව පෙනේ. රොහින්ගානුවෝ :දැන් රහයින් ලෙස හඳුන්වනු ලබන* ඇරකන් කලාපය තුල ඉතා දිගු කාලයක් තිස්සේ ජීවත් වෙමින් සිටිති.
2017 අගෝස්තු මාසයේ සිට මියන්මාරයෙන් බංග්ලාදේශයට රොහින්ගාවරු ලක්ෂ පහකට වඩා වැඩි පිරිසක් පලා ගොස් ඇත. මියන්මාරයේ වත්මන් කැළඹීමට තුඩු දෙන ලද ඓතිහාසික තත්වයන් හා සමාන්තර වන බොහෝ කරුණු ශ්‍රී ලංකාවේ ද දක්නට තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම මියන්මාරයද බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය යටතේ පැවතින. රටවල් දෙකේදීම යොදා ගන්නා ලද බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ උපාය මාර්ගය වූයේ ,බෙදා වෙන් කොට පාලනය කිරීමයි. යටත් විජිතවාදී පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවත් මියන්මාරයත් යන රටවල් දෙකම ගමන් කර ඇත්තේ එක හා සමාන මාවත් ඔස්සේ ය.
යටත් විජිතවාදී පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවත් මියන්මාරයත් යන රටවල් දෙකම ගමන් කර ඇත්තේ එක හා සමාන මාවත් ඔස්සේ ය. එකමුතු වූ ජාතියක් ගොඩනැගීම සඳහා විවිධ ජනප්රජාවන් එක්සත් කරන්නට කිසි විටෙකත් උත්සාහ නොකරන ලදි. දමිල සහ මුස්ලිම් වැනි ඇතැම් ජනවාර්ගිකත්වයන් විසින් තමන්ට එරෙහිව කරන ලද වෙනස්කම් වශයෙන් සලකනු ලැබූ වතු කම්කරු ඡන්ද බලය අහෝසි කිරීම, ජනපද පිහිටුවීම, දමිල භාෂාව නොසලකා හැර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, අධ්‍යාපන ප්රමිතිකරණය සහ රැකියාවලට බඳවා ගැනීමේදී හා උසස් වීම් දීමේදී වෙනස්කම් කිරීම වැනි පියවරයන් ක්‍රියාවට නංවන ලදි. අසමඟිය, ධ්‍රැවීකරණය සහ බැහැර කිරීම එම පියවරවල කටුක ප්‍රතිඵල වූයේය.
මියන්මාර පාර්ලිමේන්තුව විසින් පුරවැසිභාවය ලබාගත හැක්කේ කුමන ජනවාර්ගිකත්වයන්ට දැයි නිර්වචනය කළ 1948 සංගම් පුරවැසි පණත : සම්මත කර ගන්නා ලදී. රොහින්ගා ජනයා පුරවැසිභාවයන් බැහැර කොට තබන ලදිග එසේ වුවද, අවම වශයෙන් පරම්පරා දෙකක් වත් මියන්මාරයේ ජීවත්ව සිට ඇති පවුල්වල අයට හැඳුනුම්පත් සඳහා අයදුම් කරන්නට එම පණතින් අවසර ලැබුනේය. මුලදී රොහින්ගාවරුන්ට එවැනි අනන්යතාකරණයක් හෝ පාරම්පරික විධිවිධාන යටතේ පුරවැසිභාවයක් වුවද ලබා දෙන ලදී.
බුරුම ජාතිකවාදීහු දෙවන ලෝක යුද්ධ සමයේදී ජපනුන්ට සහයෝගය දැක්වූ අතර එරට මුස්ලිම්වරු ජපන් පාලනය යටතේ පැවති බෞද්ධ බහුතර ප්‍රදේශවල සිට බ්‍රිතාන්‍ය පාලනය යටතේ මුස්ලිම් ආධිපත්‍යය පැවති උතුරු ඇරකන් ප්‍රදේශය වෙත පලා ගියහ. ජපනුන්ට එරෙහිව බ්‍රිතාන්‍යයන් සමග එකට සටන් කළහොත් “මුස්ලිම් ස්වයංපාලන ප්‍රදේශය”ක් ලබා දෙන බවට බ්‍රිතාන්‍යයෝ රොහින්ගාවරුන්ට පොරොන්දු වී තිබින. කෙසේ වෙතත් 1948 දී බ්‍රිතාන්‍යයෝ මියන්මාරය හැර ගිය විට, රොහින්ගාවරුන්ට ස්වයංපාලන ප්‍රදේශයක් ලැබුනේ නැත. 1950 දී රොහින්ගාවරු පුරවැසිභාවය ඉල්ලමින්දල බ්‍රිතාන්‍යයන් පොරොන්දු වූ රාජ්‍යය ඉල්ලා සිටිමින්ද රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහිව ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.
සියලුම පුරවැසියෝ ජාතික ලියාපදිංචි කාඩ්පත් ලබා ගත යුතු වූහ. රොහින්ගාවරුන්ට ලබා දෙන ලද්දේ විදේශීය හැඳුනුම් පත් පමණකි. ඒ අනුව, ඔවුන්ට ලබා ගත හැකි වූයේ සීමිත රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් පමණකි. රොහින්ගාවරුන් සතුව තිබූ වගා කළ හැකි ඉඩම් රාජසන්තක කර, හමුදාව එසේ අල්ලා ගන්නා ලද ඉඩම් එම කලාපයට බැහැරින් පැමිණි බෞද්ධ පදිංචිකරුවන්ට ලබා දී තිබේ.
යුද හමුදා පාලනය සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා බුරුම ජාතිකවාදයත් ථෙරවාදී බුද්ධාගමත් භාවිතා කිරීම මත දැඩි විශ්වාසය තැබීය. බලයේ රැඳී සිටීම සඳහා යුද හමුදා පාලනය සුළුතර ජන කොටස්වලට එරෙහිව වෙනස්කම් කිරීම් කළා පමණක් නොවල බෞද්ධයන් විසින් මෙහෙයවන ලද කැරලි කෝලාහල අවුළුවා ලන්නටද උදව් කලේය. නේ වින්ගේ පාලනය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ රොහින්ගාවරුන්ට එරෙහිව යුද මෙහෙයුම් දියත් කලේය.
අනාගතයේ ජාතිකත්වය ලබා ගන්නට ඇති හැකියාව ඔවුන්ට අහිමිකරමින් ඉගෙන ගන්නටල රැකියාවක යෙදෙන්නට, ගමන් බිමන් යන්නට, විවාහ වෙන්නටල ඔවුන්ගේ ආගම අදහන්නට සහ සුව සේවාවන් ලබා ගන්නට ඔවුන්ට ඇති අයිතිය සීමා කරන ලදි. ඔවුන්ට දේපල මිලදී ගන්නට හෝ තනතුරු සඳහා තරඟ කරන්නට හෝ නොහැකිය. මැතිවරණ තරග කරනු ලැබීමෙන් වැළැක්වීම සඳහා රොහින්ගා දේශපාලනඥයන් සිරගත කරනු ලැබ ඇත.
2017 වන විට බුරුමයේ එකදු රොහින්ගා මන්ත්‍රීවරයකු හෝ නැත. රොහින්ගාවරුන්ට ඡන්ද අයිතියක් නොමැති අතර ඔවුන් විවිධ ආකාරයේ කප්පම් ගැනීම්වලටල අත්තනෝමතික බදු ගෙවීම්වලටල ඉඩම් රාජසන්තක කිරීම්වලටල බලය යොදා පිටමං කරනු ලැබීමටල නිවාස විනාශ කර දැමීමටල විවාහ සීමා කිරීම්වලට සහ දරුවන් අපලේබන ගත කිරීමට ලක් කරනු ලැබේ. ඔවුහු කුමන ආාකාරයෙන් හෝ ,රට වැසියන්, බවට පත් වුවද, වෛද්‍ය විද්‍යාව හා නීතිය වැනි වෘත්තීන්ට ඇතුළ්වීම ඔවුන්ගෙන් වළක්වා ඇත. ඔවුන්ගේ නූගත්බව සියයට 80 ක් පමණ වේ.
60 වසරක මිලිටරි පාලන කාලය තුලදී, රොහින්ගාවරුන්ගේ තත්වය වඩා නරක අතට හැරුනේය. ඔවුහු 1978ල 1991-92ල 2012ල 2015ල 2016 සහ දැන් 2017 දී හමුදා ප්‍රහාරවලට මුහුණ දුන්හ. 1990 ගණන්වල සිට අළුත් .රොහින්ගා. ව්‍යාපාරයක් මතු වී ඇති බව පෙනේ. ,රොහින්ගා, යන පදය ප්‍රචලිත කරන නව ව්‍යාපාරය, බෙංගාලයෙන් ඔවුන් ජනිතවූ බව විදහා දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ ඩයස්පෝරාව ප්‍රජාව හා එක්ව ජාත්‍යන්තර ලෙස බලපෑම් කරති.
පටුවූත් වෙනස්කම් කරන්නාවූත් ජාතිකවාදයක බීජ, මහා පරිමාණයේ මානුෂීය ව්‍යසනයක් බවට පුපුරා ගොස් තිබේ. මියන්මාර සමාජයේ ජනවාර්ගික හා ආගමික විවිධත්වය වැළඳ ගනු ලබන සමාජයක් ගොඩ නඟන්නට කටයුතු කළ යුතු වෙයි. දුෂ්කර වුවද දශක ගණනාවක් තිස්සේ පවතින සන්නද්ධ ගැටුම ආමන්ත්රනය කරන්නට ඇති එකම ප්‍රතිචාරය වනු ඇත්තේ එයයි. රහයින් බෞද්ධ හා මුස්ලිම් ජනප්රජාවන්ගේ ඉල්ලීම් සහ අපේක්ෂාවන් සංහිඳවීම ප්‍රධාන අභියෝගයක් වෙනවා ඇත. එවැනි පරිසරයක් තුල අන්තවාදයට හා ද්වේෂ සහගත කථාවලට එරෙහිව සටන් වැදීමත් සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම් සහ ස්වාධීනත්වයන් සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය වෙයි.
තත්වය ඉතා සංකීර්ණ එකක් වන අතර අන්ත දුගී භාවය, ඌන සංවර්ධනය හා මුස්ලිම්වරුන් හා ඇති ජනවාර්ගික හා ආගමික ගැටුම් සමඟ ඓතිහාසික මධ්‍ය-පර්යන්ත සමිබන්ධතා පිළිබඳ ගැටළු එකට පැටලී තිබේ. පුරවැසිභාවය අවශ්‍ය වුවද, අවශ්‍යයෙන්ම එයින් මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් වඩා යහපත් අතට පත්වීමකට මඟ පෑදෙන්නේ නැත. මියන්මාර් පාලන තන්ත්රය මෙම තත්ත්වය ආමන්ත්‍රණය කිරීම පටන් ගන්නේ ලියකියවිලි රහිත මුස්ලිම්වරුන්ගේ පුරවැසිභාවය පිළිබඳ සත්‍යය සොයා බැලීම මත වීම අතිශයින්ම ගැටලුකාරී වෙයි. පූර්ණ පුරවැසිභාවයේ අයිතිවාසිකම් ලබා නොදෙන රටවැසිභාවය ලබා දීමෙන් ජනයා වඩාත් අනාරක්ෂිත බවට පත් කරනු ඇත.
ආණ්ඩුව සහ රහයින් ජනප්‍රජාව ,රොහින්ගා, යන පදය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් රොහින්ගා ප්‍රජාව ,බෙන්ගාලි, යන පදය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් විසඳිය නොහැකි අන්දමේ අවුලකට මඟ පාදා ඇත. මෙම කරුණ විසඳා ගන්නේ නැත්නම් රොහින්ගාවරු බහුතරයක් එවැනි සත්‍ය සොයා බැලීමේ ක්‍රියාවලියක් ප්‍රතික්ෂේප කරනවා ඇත. ඒ කෙසේ වුවත්ල මැදහත් රොහින්ගා ජනයා සම්මුති සහගත ලෙස රොහින්ගා යන පදය යොදා ගැනීමක් මත වුවද පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂා කරන බව පෙනේ. ඔවුන්ට පුරවැසිභාවය ලබා දෙන්නේ නම් ඔවුහු ,බෙංගාලි, හෝ , රොහින්ගා , නොවන අනන්‍යතාවයක් ලබා ගැනීමට කැමති බවද පෙනේ.
මුස්ලිම් ජනප්රජාවෝ විශේෂයෙන්ම රොහින්ගාවරු වසර ගණන් තිස්සේ සමාජ දේශපාලන ජීවිතයෙන් වැඩි වැඩියෙන් කොන් කර දමා තිබේ. ඔවුන් පුරවැසි අයිතිය නොමැති සහ ප්‍රජා අයිතිය අහෝසි කළ අයවළුන් ලෙස තබා ගැනීමෙන් ඔවුන්ගේ සාධාරණය කළ හැකි දුක්ගැනවිලිවලට යුක්ති සහගත හා සතුටුදායක විසඳුමක් අත් කර ගැනීමට ඔවුන් තුල ඇති බලාපොරොත්තු විනාශ කර දමනවා ඇත. ඇතැමෙක් දැනටමත් සියළු බලාපොරොත්තු සුන් කර ගෙන ඇත. ඔවුන්ගේ අති දුෂ්කර තත්වයට ප්රජාතන්ත්රවාදී සහ ඇතුළත් කර ගන්නා අන්දමේ විසඳුමකට ඉඩකඩ ලබා නොදීමෙන් ඔවුන්ගේ මානුෂීය ගැටළු විසඳා ගැනීමට තිබෙන එකම ඵලදායක විකල්පය ලෙස ප්රචණ්ඩත්වය සොයා යන්නට ඔවුන්ට බල කෙරෙනු ඇත.
රහයින් ප්‍රාන්තයේ සහ මියන්මාරයේ අනාගතය උදෙසා දේශපාලන විසඳුම් ලබා දීම තීරණාත්මක වෙයි. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් දේශපාලන ප්‍රශ්න කිසි විටෙකත් විසඳී නොමැති අතර ඉදිරියට විසඳෙන්නේද නැත. මෙම තත්වයෙන් මිදෙන්නට ඇති විශ්වාසනීය අන්දමේ ක්‍රියාවලියක් තුල මියන්මාරයේ දැවැන්ත සංස්කෘතිකල ජනවාර්ගික හා ආගමික විවිධත්වය සාකල්‍යයෙන්ම වැළඳ ගන්නා මියන්මාර් ජාතික අනන්‍යතාවක් පිළිබඳ නව අවබෝධයක් නිර්මාණය කිරීම අඩංගු කර ගැනීම අවශ්‍ය වෙනවා ඇත. සියලු ජනප්රජාවන්ගේ දිගුකාලීන පාරම්පරික දිළිඳුබවත් ඌන සංවර්ධනයත් සාධාරණ සහ අපක්ෂපාතී සංවර්ධන යෝජනා ක්‍රම මගින් ආමන්ත්රනය කිරීම අවශ්‍ය වෙයි. එසේ නොවුවහොත් මියන්මාරයේ සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම අනාගතයේ තවත් දිගු කාලයකට අසීරු වෙනවා ඇත.
No comments:
Post a Comment