ධනවාදය අර්බූය කරා යන්නේ ඇයි ?


ධනවාදය යනු මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙන්වු ව්‍යාකූල නිෂ්පාදන ක‍්‍රමයකි. එය මිනිස් සමාජය සදාතිනික අර්බුදයන් තුලට ඇද දමයි. ඇයි එය මෙලෙස නිරන්තර අර්බුදයන් කරා යොමුව පවතින්නේ ?
2007-08 වර්ෂය අපි එතෙක් නොදැක තිබු ලෝක ආර්ථික අර්බුදයක් අපේ දෙනෙත් ඉදිරියේ විද්යා්මාන කළේය.  දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සිට නිළ වශයෙන් ප‍්‍රකාශිත ආර්ථික පසුබැසීම් අවස්ථා හතකි. එහෙත් ඒ සෑම එකක්ම අනතුරුව සාපේක්ෂ වශයෙන් වේගවත් ප‍්‍රකෘති තත්ත්වයක් ලබා ගැනීමට සමත්විය. 2007-08 දී තත්ත්වය වෙනස් මුහුණුවරක් ගත්තේය. එවිට ප‍්‍රතෘති තත්ත්වයක් හෝ වර්ධනයක් අත්කරගන්නා බවක් පෙනෙන්නට නොවීය. යුරෝපය පුරා වැටුප් වර්ධනය ඇනහිටියේය, රැුකියා වියුක්තිය හා ජීවන වියදම ඉහළ ගියේය, මේ සමග ආණ්ඩු මහජන සේවාවන් කප්පාදුකරමින්  ලූහුපෙවෙත දේශනා කරන්නට විය. ජනතාවට කියා සිටියේ වෙනත් විකල්පයක් නැති බවය. එනිසා ඔවුන් එය වි`ද දැරියයුතුම විය. 

අන්ත ජාතිකවාදී හා ආගම්වාදී රකුසා පරදවමු!



මහනුවර ආශ්‍රිත ප්රදේශ කීපයක  සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර  පැන නැගී ඇති ගැටුම්කාරී උණුසුම් වාතාරවරණය පිළිබඳ බලවත් ලෙස කනස්සල්ලට පත්ව සිටින අපි සියළු ආකාරයේ වෛරීය හා ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමු. වාර්තාවන  අන්දමට සුළු ත්‍රීරෝද රථ අනතුරක් පාදක වූ ආසන්න සිද්ධියක්  ජාතිවාදී ආගම්වාදී මහත් ව්‍යාසනකාරී ව්යාපාරයක් බවට වර්ධනය කරන්නට ඇතැම් දුෂ්ට, කුමන්ත්රණකාරී කොටස් ක්‍රියාකාරී වූ බව  පෙනෙන්නට ඇත. මීට දින කීපයකට පෙර අම්පාර නගරයෙන් මෙවැනිම ජාතිවාදී ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය. ගෙවී ගිය වසර කිපය තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩකාරී ආක්රමණකාරී ප්‍රවනතාවයේ වැඩීමක් නිරීක්ෂණය වෙයි. මහනුවර දිගන රිය අනතුර කොහේ දී වුවත් සිදු විය හැකි සාමාන්න්‍ය අහඹු  සිදුවීමකි. එහෙත් එක් ත්‍රීරෝද රථයක සිංහලයෙක් සිටීමත් අනෙකෙහි මුස්ලිමුන් සිටීමත් එම රිය අනතුර 'අසාමාන්න්‍ය' රිය අනතුරක් බවට පත්කර ඇත!  එය නම් අහඹු දෙයක් නොවේ!  එය අසාමාන්න්‍ය  රිය අනතුරක් බවට පත්කරනු ලැබ ඇත්තේ නිසැකවම   මැතක සිට  සමාජ අභ්‍යයන්තරයෙහි  පණ පොවමින් තිබෙන  අන්ත ජාතිවාදී හා අන්ත ආගම්වාදී මනෝභාවයන්  හා  ඒවාට පොළඹවන අන්ත අවස්ථාවාදී දේශපාලන උවමනාවන් විසින් බව පැහැදිලි . වපුරමින් තිබූ වෛරය හා ක්‍රෝධය  පුලපුලා  සිටි ප්‍රචණ්ඩත්වය  බවට පරිවර්තනය කරන ලද්දේ ප්‍රධාන කොටම මෙම මනෝභාවයගෙන් හා උවමනාවන්ගෙන් පිරි සංවිධිත  බලවේග . ජාතිවාදිය දවස් 365  පුරාම වපුරන සමාජයක මෙවැනි සිදුවිම් ඇතිවීම අරුමයක් නොවේ.පන්සල්, පල්ලි හා කෝවිල් වැඩි හරියක් එක් එක් ජාතින් හා ආගමිකයන් අතර වෛරය, අවිශ්වාසය ගොඩනගන ස්ථාන බවට පත්ව ඇත . සියළු ජාතින්ට හා ආගමිකයන්ට පොදුවේ විශ්වාසකල හැකි පලල්දෘෂ්ටිමය දැක්මක් ඇති .දේශපාලන ව්‍යාපාරයක් නොමැති කම සුළුතර ජාතීන් හා ආගමිකයන් හැමවිටම තමන්ගෙම සංවිධාන ගොඩනැගීමට පෙළඹවී තිබේ. මහ ජාතිවාදයට එරෙහි එවැනි සංවිධාන යන්ද සුළු ජාතික හා ආගමික මඩ ගොහොරුවේම ගිලී යති.

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...