ධනවාදය යනු මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙන්වු ව්‍යාකූල නිෂ්පාදන ක‍්‍රමයකි. එය මිනිස් සමාජය සදාතිනික අර්බුදයන් තුලට ඇද දමයි. ඇයි එය මෙලෙස නිරන්තර අර්බුදයන් කරා යොමුව පවතින්නේ ?
2007-08 වර්ෂය අපි එතෙක් නොදැක තිබු ලෝක ආර්ථික අර්බුදයක් අපේ දෙනෙත් ඉදිරියේ විද්යා්මාන කළේය. දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සිට නිළ වශයෙන් ප‍්‍රකාශිත ආර්ථික පසුබැසීම් අවස්ථා හතකි. එහෙත් ඒ සෑම එකක්ම අනතුරුව සාපේක්ෂ වශයෙන් වේගවත් ප‍්‍රකෘති තත්ත්වයක් ලබා ගැනීමට සමත්විය. 2007-08 දී තත්ත්වය වෙනස් මුහුණුවරක් ගත්තේය. එවිට ප‍්‍රතෘති තත්ත්වයක් හෝ වර්ධනයක් අත්කරගන්නා බවක් පෙනෙන්නට නොවීය. යුරෝපය පුරා වැටුප් වර්ධනය ඇනහිටියේය, රැුකියා වියුක්තිය හා ජීවන වියදම ඉහළ ගියේය, මේ සමග ආණ්ඩු මහජන සේවාවන් කප්පාදුකරමින් ලූහුපෙවෙත දේශනා කරන්නට විය. ජනතාවට කියා සිටියේ වෙනත් විකල්පයක් නැති බවය. එනිසා ඔවුන් එය වි`ද දැරියයුතුම විය.
සැබෑ තත්ත්වය එයමද? සමාජ දර්ශකයේ අනෙක් කෙළවර සම්පත් ප‍්‍රමාණය අතිශයින් වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් තිබිණි. පසුගිය දශකය තුල ඉහළම ධනවතුන් සියයට 1 ගේ ආධායම සියයට 60 න් වර්ධනය වූ බව ඔක්ස්ෆැම් (oxfam) ආයතනය වාර්ථාකරයි. සමාජයේ සාතිශය බහුතරය වූ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය වඩාත් කර්කශ වෙමින් ඇත්නම් මෙලෙස සිදුවිය හැක්කේ කෙසේද ? මෙහි ප‍්‍රතිවිරෝධයක් ඇති බව නිසැකය. ප‍්‍රශ්ණය ධනවාදයේ පතුලම කරා විහිද යන බව ඒ වගේම නිසැකය. මාක්ස් පැහැදිළීකරන්නේ සාමාන්‍යයෙන් ඔරලෝසුවේ බට්ටා ඒ පැත්තට මේ පැත්තට පැද්දෙනවා මෙන් උත්පාතයට හා අවපාතයට යාන්ත‍්‍රික ලෙස ගමන්කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථික අර්බූදය හට ගන්නේ නැති බවය. මාක්ස්ගේම වචනවලින් කියනවා නම් ”ධනවාදී නිෂ්පාදනයේ සැබෑ භාධකය නම් ප‍්‍රාග්ධනයමය.”
මෙය තේරුම් ගැනීමෙහිලා අපට ආධාරවන්නේ මාක්ස්ගේ ”වටිනාකම පිලිබ`ද ශ‍්‍රම නියාමය” යි. මෙම නියාමයෙන් කියවෙන්නේ වෙළ`ද භාණ්ඩයක වටිනාකම තීරණය වෙන්නේ එම භාණ්ඩය නිපදවීමට යොදවන ලද ශ‍්‍රමයේ ප‍්‍රමාණය එනම් ” සමාජීය වශයෙන් අවශ්‍ය ශ‍්‍රමය” මගින් බවයි. සමාජයේ නිපදවෙන සියළුම දේවල අඩංගු පොදු සමාජීය මූලිකාංගය ශ‍්‍රමයයි. ඒ අනුව ශ‍්‍රමය යනු වටිනාකම නැතිනම් හුවමාරු වටිනාකම ප‍්‍රකාශකරන ඉතාම නිරවද්‍ය සාධකයයි. වෙළ`ද භාණ්ඩයක ”වෙළ`දපොල මිල” යනු එම වටිනාකම මුදලින් කෙරෙන ප‍්‍රකාශනයක් පමණි. ඉල්ලූම හා සැපයුමෙහි උච්චාවචනයන් මිලෙහි වෙනසක් සිදුකිරීමට බලපාන නමුත් වටිනාකම කෙරෙහි එම ක‍්‍රියාවලිය කිසිසේතම බලනොපායි.
ධනවාදයේ පදනම ලාභය ඉලක්කකරගත් නිෂ්පාදනයයි. මෙම ලාභයේ උල්පත ”අතිික්ත වටිනාකම ”යි. එහි උපත කම්කරුවාගේ ශ‍්‍රමය ස`දහා නොගෙවන ලද යම් වටිනාකමකි. කම්කරුවෙකුට වැටුප් ගෙවනව නම් මෙය සිදුවිය හැක්කේ කෙසේද? පිළිතුර නම් ඇත්ත වශයෙන්ම කම්කරුවා නිපදවූ සම්පූර්ණ වටිනාකම ඔහුට නොගෙවන ලද බවයි.
මේ ගැටළුව අපට මෙසේ විස`දාගත හැකිය. ඒ ස`දහා අපි මේ ක‍්‍රියාවලියේ අග්ගිස්සේ සිට- ලාභයේ සිට - ආපසු මුල කරා ආ යුතු වෙමු. වැටුප්, අමු ද්‍රව්‍ය හා යන්ත‍්‍ර සූත‍්‍ර වැයවීම්වලට යම් වටිනාකමක් වෙන්කල පසු ලාභය නමින් යම් වටිනාකම් ප‍්‍රමාණයක් ධනපතියා සිය සාක්කුවට දමා ගනී. මෙය එන්නෙ කොහෙන්ද ? අමුද්‍රව්‍ය යන්ත‍්‍ර සුත‍්‍ර වල ආධාරයෙන් වෙනත් හැඩයකට පරිවර්ථනය වනවා හැර කිසිසේත්ම නව වටිනාකම් නිර්මාණය කල නොහැක. එසේ නම් එය - ලාභය - නිර්මාණය කරනවා ඇත්තේ නිසැකවම ශ‍්‍රමය මගින් ම විය යුතුය. කම්කරුවාට වැටුප් ලෙස ගෙවා ඇත්තේ ඔහුගේ ශ‍්‍රමයට හිමි නියමිත වටිනාකම නොව ඉන් යම් ප‍්‍රමාණයක් පමණි. යම් කොටසක් ධනපතියා සොරකම්කර ඇත. ප‍්‍රාග්ධනය යනු එසේ සොරකම්කර ගොඩගසා ගන්නා ධන සම්පතය. පිළිගත් නීතිය යටතේ එය ඔහුගේ පෞද්ගලික දේපළයි.
කම්කරුවගේ වැටුපට වඩා සැමවිටම ඔහු නිපදවූ භාණ්ඩයේ වටිනාකම වැඩියි. මක්නිසාද ඔහුට නොගෙවු වටිනාකම් ප‍්‍රමාණයක් ඒ තුල අඩංගුව ඇති නිසාය. මෙහි ප‍්‍රතිඵලය නම් කම්කරුවෙකුට ඔහුම නිපදවූ භාණ්ඩය කිසි දවසක ඔහුගේ වැටුපෙන් මිලදී ගත නොහැක. එනම් වෙළ`දපොලේ අති විශාල ගැණුම්කරුවන් පිරිස කම්කරුවන් වුවත් සමස්ථයක් වශයෙන් ඔවුන්ට, ඔවුන්ගේ පවුල්වලට ධනවාදය විසින් නිපදවන භාණ්ඩ මුළු ප‍්‍රමාණය මිලදි ගැනීමේ නොහැකියාව මින් අදහස්කෙරෙයි. වැඩිදුරටත් ඉන් අදහස් වෙන්නේ වෙළ`ද පොළට උරාගත නොහැකි තරම් අධි නිෂ්පාදනයක් වෙත ධනවාදය ස්වභාවික නැමියාවක් දක්වන බවයි. පැවැත්ම රැුකගැනීමට නම් සැම ධනපතියෙක්ම ලාභය සොයා ගතයුතුය, ඒ ස`දහා වැඩි වැඩියෙන් භාණ්ඩ වෙළ`දපොළට දැමිය යුතුය. මේ සීමිත වෙළ`ද පොල තුල ධනපතීන්ට සිදුවන්නෙ එකිනෙකා මරාගන්නා තර`ගයකට ප‍්‍රවේශවිමටය. තර`ගයට මුහුණදීමට ඔවුන් නිෂ්පාදන වැය අඩුකරගැනීමට කම්කරු වැටුප් කප්පාදු කරයි, කම්කරුවන් සේවයෙන් නෙරපා දමයි, යනත්‍රෝපකරණ නවීකරණය කර ශ‍්‍රමබලකාය අඩුකරගනීයි. අධි නිෂ්පාදනයෙන් වෙළ`දපොළ පුරවන අතරම මිළදී ගැනීමේ හැකියාව අඩුකරමින් ප‍්‍රතිවිරුද්ධවද ක‍්‍රියාකරයි. ලෝකයේ මුළු ජනගහනයම පෝෂණයකළ හැකි තරම් නිෂ්පාදනය කරද්දී සැමවසරකම සාගින්නෙන් මිලියන ගණන් මින්සුන් මියැදෙයි.! නිවාස අහිමිය පසෙකින් කාමර දුසිම් ගණනන් ඇති හිස් මන්දිර ය.! ධනවාදය තම වෙළ`දපොල නිර්මාණය කරගන්නවා වගේම එය විනාශයකරාද රැුගෙන යයි. අවසානයේදී විකුණාගත නොහැකි භාණ්ඩවලින් පිරී යන වෙළ`ද පොළ ක‍්‍රමක‍්‍රයෙන් බි`ද වැටිමේ ලක්ෂය කරා ල`ගාවෙයි. ක‍්‍රමය අර්බූදයට- අධි නිෂ්පාදනයේ අර්බූදයට - ඇද වැටෙයි. මෙවැනි අවස්ථාවලදි අර්බූදයන් වළක්වාගැනිමට නැතිනම් අඩුම වශයෙන් පමාකරගැනිමට ධනවාදය පිහිටකර ගන්නේ වෙළ`දපොලේ මිළදී ගැනිමේ හැකියාව කෘතිමව ඉහළ දැමිම ස`දහා නය මුදා හැරිමට පියවර ගැනිමය. මින් වෙළ`දපොලේ ස්වභාවික සීමාව තාවකාලිකව පුළුල්කරන නමුත් නය යනුද ආපසු ගෙවිය යුත්තක් වන නිසා ඊළ`ග වටයේදි අර්බුදය වඩාත් උත්සන්නව කඩාවදියි.
ආයෝජනයකරමින් හා උත්තේජන විධික‍්‍රම මගින් මෙම අර්බුදයට ආණ්ඩු මැදිහත් වියයුතුය යන කේන්සියානු න්‍යායටද මෙහිලා තාවකාලික විස`දුමක් විනා ස්ථාවර වශයෙන් කිසිවක් කළ නොහැකි තත්ත්වයක් මතුවේ. මක්නිසාද නිතරම මුල්‍ය ව්‍යාපාර ආණ්ඩුවලට කියා සිටින්නේ මහජන සුබසාධන ක‍්‍රම නවතා දමන ලෙසය. ඉන් සමාජිය මිලදි ගැනිමේ හැකියාව තවත් කෘෂ වෙයි. ප‍්‍රතිසංස්කරණවාදි දැඩි මතධාරින් බලකරන පරිදි ධනපතින්ට වැඩි බදුබර පැටවීමෙන් සිදුවන්නෙ ඔවුන් තම ආයෝජන හකුලාගෙන වෙනත් දේශයක් බලා යාමය. සාමාන්‍යයෙන් ආණ්ඩු පුරුදුවසිටින මුදල් අච්චු ගැසිම ද අර්බුදය තවත් උස්සන්නකරනවා විනා විස`දුමක් වන්නෙ නැත. රටක නිෂ්පාදිතයන්ගේ සැබෑ වටිනාකම් ප‍්‍රමාණය ඉහළ දමන්නේ නැතිව මුදල් ගලා ඒමට සැළැස්වීමෙන් උද්ධමනය ඉහළ යාම පමණක් සිදුවෙයි.
”සිය වෙළ`ද භාණ්ඩ ස`දහා නිරන්තරයෙන් පුළුල්වන වෙළදපොළක් සොයාගැනිමේ අවශ්‍යතාවය විසින් ධනේශ්වර පංතිය මුළු මහත් ලෝක ගෝලය වටා ලූහුබැ`දීමට සලස්වයි. එයට සැම තැනකටම රිංගන්නටද සෑම තැනකම පදිංචිවිමටද සෑම තැනකම සම්බන්ධතා ඇතිකර ගැනීමටද සිදුවෙයි. ” වෙළ`දපොල ගොලීයකරණයවුවද එයටද සීමාවන් ඇත. අඩු ශ‍්‍රමයක් අවශ්‍යවෙන නව තාක්ෂණවේධයන් වැඩිවශයෙන් ප‍්‍රයෝජනයට ගෙන නිපදවන භාණ්ඩ ලෝකය පුරා ගොඩගැසුවද ඊට සමානුපාතිකව මිළදී ගැනිමේ හැකියාව වර්ධනය නොවීම නිසා පෙරකී ප‍්‍රතිවිරෝධතාවයට නැවත නැවත මුහුණදීමට ධනවාදයට සිදුවෙයි. ධනවාදය පැටලි ඇත්තේ එසේමෙසේ අවුල් ජාලයක නොවේ. එය ප‍්‍රකෘතිමත්විමට උත්සාහගන්නා බව සැබෑ නමුත් එය කොතරම් නම් කාලයකටද? ඒ වෙනුවෙන් මිනිස් සමාජයට දරන්න වෙන බර කොපමණද? නිෂ්පාදන බලවේගයන් සහ සමාජයේ අතිරේක හැකියාව විනාශකරමින් අප‍්‍රකාශිත විස`දුම් වශයෙන් යුද ක‍්‍රියාන්විතයන් කරා ධනවාදය යොමුවුවද එයට ලෝකයේ පිලිකුල හමුවේ අනාගතයේ ඉඩක් නැතිබව පැහැදිලිය. වෙනකවදාවත් නැති තරමට වර්ධනයවන යුද කර්මාන්තය සමගින් මානව සංහතිය සමුලඝාතනය කරනු ලැබීමේ අනතුර කරා ගෝලිය ගැටුම් උත්සන්න වන බව පෙන්නුම්කලත් සූරාකැමට මිනිසුන් ඉතිරිව සිටිය යුතු හෙයින් ධනවාදයට වුවද එවැනි සමූලඝාතනයක් අවශ්‍ය නොවේ. මේ නිසා ජාතීන් අතර යුද්ධයන්ට වඩා පංතීන් අතර යුද්ධයන් ලෝකය අභියසට පැමිණෙනු ඇත. නිෂ්පාදනය කම්කරු පාලනයට යටත් කොට තර්කානුකූලව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදිව සැළසුම් කරන්නේ නම් සම්පත් සමාජිය අවශ්‍යතාවය අනුව බෙදාහැරිමේ හැකියාව අත්කරගත හැක. ධනවාදය යටතේ සිහින බවට පත්ව ඇති පූර්ණ රැුකියා නියුක්තිය, වැඩකරන පැය ගණන අඩුකිරිම, සියළු දෙනා ස`දහා නිවාස සහ නිදහස් අධ්‍යාපනය හා හො`ද විශ‍්‍රාම වැටුපක් සැපයිය හැකි වනු ඇත. මේ ස`දහා අවශ්‍ය වන්නේ ආර්ථිකයේ මුලිකාංග වු බැංකු, යටිතල ව්‍යුහය, ප‍්‍රධාන බහු ජාතික සමාගම් ජනතාව වෙත පවරා ගැනිමය, ඒවා සුළු පිරිසකගේ උවමනාවන් වෙනුවෙන් නොව සමාජයේ අති බහුතරයේ උවමනාවන් වෙනුවෙන් යොදගැනීමය. ධනවාදය එහි විනාශයේ බීජ වපුරනවාත් සමගම මෝරා වැඩෙන විප්ලවයක් ස`දහා බිමද සකස්කරයි. බහුජන විප්ලවීය ව්‍යාපාරය හරහා මානව වර්ගයා ඉතිහාසයේ පළමුවරට සිය විභව ශක්තිය හ`දුනාගනිමින් තෙමේම නව අවධියකට ඔසවා තැබිමට සමත්වනවා ඇත. !
ටෘත්අවුට් වෙබ් අඩවිය ආශ‍්‍රයෙන් සකස්කරන ලද්දකි.
No comments:
Post a Comment