මහනුවර ආශ්රිත ප්‍රදේශ කීපයක සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර පැන නැගී ඇති ගැටුම්කාරී උණුසුම් වාතාරවරණය පිළිබඳ බලවත් ලෙස කනස්සල්ලට පත්ව සිටින අපි සියළු ආකාරයේ වෛරීය හා ප්රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමු. වාර්තාවන අන්දමට සුළු ත්‍රීරෝද රථ අනතුරක් පාදක වූ ආසන්න සිද්ධියක් ජාතිවාදී ආගම්වාදී මහත් ව්‍යාසනකාරී ව්‍යාපාරයක් බවට වර්ධනය කරන්නට ඇතැම් දුෂ්ට, කුමන්ත්රණකාරී කොටස් ක්‍රියාකාරී වූ බව පෙනෙන්නට ඇත. මීට දින කීපයකට පෙර අම්පාර නගරයෙන් ද මෙවැනිම ජාතිවාදී ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය. ගෙවී ගිය වසර කිපය තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩකාරී ආක්රමණකාරී ප්රවනතාවයේ වැඩීමක් නිරීක්ෂණය වෙයි. මහනුවර දිගන රිය අනතුර කොහේ දී වුවත් සිදු විය හැකි සාමාන්න්‍ය අහඹු සිදුවීමකි. එහෙත් එක් ත්‍රීරෝද රථයක සිංහලයෙක් සිටීමත් අනෙකෙහි මුස්ලිමුන් සිටීමත් එම රිය අනතුර 'අසාමාන්න්ය' රිය අනතුරක් බවට පත්කර ඇත! එය නම් අහඹු දෙයක් නොවේ! එය අසාමාන්න්ය රිය අනතුරක් බවට පත්කරනු ලැබ ඇත්තේ නිසැකවම මැතක සිට සමාජ අභ්යයන්තරයෙහි පණ පොවමින් තිබෙන අන්ත ජාතිවාදී හා අන්ත ආගම්වාදී මනෝභාවයන් හා ඒවාට පොළඹවන අන්ත අවස්ථාවාදී දේශපාලන උවමනාවන් විසින් බව පැහැදිලි ය. වපුරමින් තිබූ වෛරය හා ක්‍රෝධය පුලපුලා සිටි ප්රචණ්ඩත්වය බවට පරිවර්තනය කරන ලද්දේ ප්‍රධාන කොටම මෙම මනෝභාවයගෙන් හා උවමනාවන්ගෙන් පිරි සංවිධිත බලවේග ය. ජාතිවාදිය දවස්
365 පුරාම වපුරන සමාජයක මෙවැනි සිදුවිම් ඇතිවීම අරුමයක් නොවේ.පන්සල්, පල්ලි හා කෝවිල් වැඩි හරියක් එක් එක් ජාතින් හා ආගමිකයන් අතර වෛරය, අවිශ්වාසය ගොඩනගන ස්ථාන බවට පත්ව ඇත . සියළු ජාතින්ට හා ආගමිකයන්ට පොදුවේ විශ්වාසකල හැකි පලල්දෘෂ්ටිමය දැක්මක් ඇති .දේශපාලන ව්‍යාපාරයක් නොමැති කම සුළුතර ජාතීන් හා ආගමිකයන් හැමවිටම තමන්ගෙම සංවිධාන ගොඩනැගීමට පෙළඹවී තිබේ. මහ ජාතිවාදයට එරෙහි එවැනි සංවිධාන යන්ද සුළු ජාතික හා ආගමික මඩ ගොහොරුවේම ගිලී යති.
බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුව මෙම අගතිගාමි අන්ත ජාතිවාදය හා ආගමික අන්තවාදය සිය බල ව්‍යාපෘතිය ශක්තිමත්කර ගැනීමට නොනිල වශයෙන් නමුත් ප්‍රසිද්ධියේ කළමනාකරණය කිරීමෙහි නිර්ලජ්ජිතව නියැලි සිටි අන්දම අපි අත්විඳ ඇත්තෙමු. රාජපක්ෂ පිටුපස වු සමාජ බලවේගයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයෙන් කියැවුනේ දෙමළ විරෝධයක් පමණක්ම නොවේ, මුස්ලිම් විරෝධය ද ඉන් මැනවින් කියැවිනි. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පොහොට්ටුව ලැබු ජයග්රහණයෙන් මේ සිංහල - බෞද්ධ ස්වෝත්තමවාදය තවත් මුවහත් වු බව නිසැක ය. එය පිටුදැකීමට සඵත කරමින් බලයට පත් වත්මන් යහපාලන ආණ්ඩුව රාජපක්ෂ රෙජිමයට තරමක් වෙනස්ව නමුත් අනුගමනය කරමින් සිටින්නේ එම පිළිවෙතම බව දිස් වෙයි. වතුර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුන ගොවීන්ට වඩා ලේ ඉල්ලා ප්රචණ්ඩ ක්‍රියාවන්හි යෙදුන ජාතිවාදී හා ආගමික අන්තවාදීන් යහ පාලන ආණ්ඩුවට බරෙන් අඩු ය. ගොවීන්ට එරෙහිව එල්ල වුණු බැටන් පොලු, කඳුළු ගෑස් අන්ත ජාතිවාදී හා ආගම්වාදී උම්මත්තක ප්‍රහාරකයන්ට එල්ල වූයේ නැත. ඒ සිංහල වගේම තමන්ට ඇති මුස්ලිම් ඡන්ද පදනම ගැන ද ආණ්ඩුවට දෙවරක් කල්පනා කරන්නට සිදුවූ නිසා විය හැකි ය. රතුපස්වලක වැලලී යන්නට ආණ්ඩුවට අවහ්‍ය නැත. ප්රචණ්ඩ ක්‍රියා මැඩීමට ආණ්ඩුව ඇල්මැරුණ පිළිවෙතක් අනුගමනය කරන බවට ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය. අපේ වැනි රටක ඊනියා ප්රජාතන්ත්රවාදය සිය ශක්තිය උකහා ගන්නේ ජාතිවාදය, ආගමික අන්තවාදය ඇතුළත් පසුගාමී සමාජ මනෝභාවයේ රුධිරය උරා බීමෙනි. සිංහල, දමිළ හා මුස්ලිම් ජනප්රජාවන් පසුබිමේ තබාගත් සියළු දේශපාලන පක්ෂ එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් කරන්නේ අනෙකා කරන දේ ම ය. සිය ජනප්‍රජාව තුළ මුල්බැසගත් අගතිගාමි මනෝභාවය පිස දමනවා වෙනුවට එය විටින් විට පිරිමැදීම නැතිනම් ඉවසා සිටීම සිය දේශපාලන පැවැත්ම ආරක්ෂකර ගැනීමේ එක් ප්‍රබල කොන්දේසියකි.
මේ ආකාරයේ
සමාජ ගැටුම් අභිබවනයකර ක්‍රමයට තමන්ගේ ඉසව්ව ඔස්සේ ඉදිරියට යා නොහැකි යයි අපි
නොකියමු. එහෙත් ලංකාව තුළ ක්‍රමය කුණුවී
ඇති ප්‍රමාණය අනුව එය කිසි ලෙසකින්වත් සිදු විය නොහැක්කක් බවට සාක්ෂි එමට ය. ප්රජාතන්ත්රවාදී මාවතේ යම් සාධාරණිය වෙනසක් සිදු
කිරීමට සමත්වේ ය යි අපේක්ෂා කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ජාතිවාදී
ආගම්වාදී මඩ ගොහොරුවේ ගිල්වා මියැදෙන්නට හුස්ම හිරකරමින් සිටින අන්දම මෑතක දැක්විය
හැකි එක් ප්‍රධාන උදාහරණයකි.
අපි ජනතාව
වෙත හැරෙමු! ඒ ඒ ජනවර්ගයන් තුළ බහුතරය නොවන අතිශයින් සුළුතර කණ්ඩායම් හා නිකායන්
නියෝජනය කරන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වගේම තැනින් තැන මතුවන බව දැකිය හැකි මුස්ලිම්
ආගමික අන්තවාදය ද දෘෂ්ටිමය වශයෙන් පරාජය කළ යුතුව ඇත. නොඑසේ නම් සමාජවාදය නොව අවම වශයෙන් ප්රජාතන්ත්රවාදයවත්
සහතික කළ නොහැකි වනු ඇත. ව්‍යාජ මනෝභාවය වෙනුවට ජනතාව වෙත සත්‍යයේ මනෝභාවය රැගෙන යා
යුතු ය. මෙම මානවීය වගකිම පළමුකොට සමාජවාදීන්
මත පැවරෙන අතර ඊට නොදෙවෙනි වගකීමක්
ඒ ඒ ජන ප්‍රජාවන් තුළ සිටින ප්රගතිශීලි බුද්ධිමතුන් වෙත පැවරෙයි. අපේ
ආයාචනය ඔවුන් වෙතය!
විප්ලවීය
සමාජවාදි කේන්ද්‍රය
07.03.2018
No comments:
Post a Comment