“ ධනේශ්වරයට කිසිදාක නැවත නැගිටින්න බැරිවෙන්න
න්‍යායික ප්‍රහාරයක් එල්ල කරන්න” මාක්ස් සමත් වුනා.
ඒ 14 සැප්තැම්බර් . 1867 දින ප්‍රාග්ධනය
එළිදක්වමින්. පළමුවරට ධනවාදයේ සැබෑ ක්‍රියාකාරිත්වය දෙසට
ලෝකයේ අවධානය යොමුකරවමින් ප්‍රාග්ධනය
දේශපාලන ආර්ථික විද්‍යාව විප්ලවීයකරණයට ලක් කරනු ලැබුව.
වර්තමානයේ වෙළඳ භාන්ඩ අපේ එදිනෙදා ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිර ගිය, අපට ඉතා සමිප, හුරු පරුදු දෙයක් බවට පත්ව ඇත. වෙළඳ භාන්ඩ සම්බන්ධයෙන් වගේම වෙළඳ පොල ප්‍රෙභ්දයන් - එනම් එහි මූලික නියාමයන් - මුදල්, වැටුප්, ලාබය, බදු, වැනි දේ පිළබඳව විශ්ලේෂණය කිරීමකින් තොරව ම පිළිගැනීමට සමාජය පෙළඹී සිටි. ඒවා මිනිසාගේ පාලනයෙන් තොර, මිනිසාට තේරුම්ගත නොහැකි,,මිනිස් මොළයේ පහළවෙන ගුප්ත පරාවර්තනයන් ලෙස සළකනු බලයි. ඒ නිසාම ඒවා තේරුම් ගැනිමට ගැඹුරු විද්‍යාත්මක විශ්ලේෂනයක් අත්‍යාවශ්‍ය ය. ආගම වැනි අධි -ඉන්ද්‍රීය බලවේගයන් ගේ ස්වරූපය ගත් මේ වෙළඳ පොල නියාමයන් පිළිබද ගුප්ත ලෝකයෙන් මිනිසා සම්පූර්ණයෙන්ම සහ සදහටම ඈත්කර තැබීමට මාක්ස්ට අවශ්‍ය වුනා. මිනිසා මේ භෞතිකමය ලෝකයේ පරිනාමීය ක්‍රියාවලියක එක් ස්වභාවික පුරුකක් පමණක් බවත් මිනිස් සමාජය, නිෂ්පාදනය හා බෙදාහැරීමේ සංවිධානය ලෙසත් ධනවාදය මානව සමාජයට එළඹිය හැකි උච්ඡතම අවධිය නොව, එය හුදෙක් සමාජ සංවර්ධනයේ තවත් එක් අවධියක් පමණක් බවත් අවබෝධ ගැන්වීම මාක්ස්ගේ අරමුණ වුනා. මෙහිදී මාක්ස්ගේ මුළු ශක්තිය යෙදවූයේ කිසියම් උත්තරීතර පුද්ගලයකුගේ මනෝමය ආස්ථානයන් ආශ්‍රෙයන් විෂයට ප්‍රෙව්ශවීමට නොව, සමාජය , මානව ක්‍රියාකාරිත්වය සමස්ථයක් ලෙස ගෙන ඒ හරහා ප්‍රෙව්ශවීමටය.