මාක්ස්ගේ ප්‍රාග්ධනය තේරුම් ගැනීම ....

 



                 “ ධනේශ්වරයට කිසිදාක නැවත නැගිටින්න  බැරිවෙන්න  න්‍යායික ප්‍රහාරයක් එල්ල කරන්න  මාක්ස්    සමත් වුනා.    14 සැප්තැම්බර් . 1867 දින ප්‍රාග්ධනය එළිදක්වමින්. පළමුවරට ධනවාදයේ සැබෑ ක්‍රියාකාරිත්වය දෙසට ලෝකයේ අවධානය යොමුකරවමින්  ප්‍රාග්ධනය දේශපාලන ආර්ථික විද්‍යාව විප්ලවීයකරණයට ලක් කරනු ලැබුව.

වර්තමානයේ වෙළඳ භාන්ඩ අපේ එදිනෙදා ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිර ගිය,  අපට  ඉතා සමිප, හුරු පරුදු දෙයක් බවට පත්ව ඇත. වෙළඳ භාන්ඩ සම්බන්ධයෙන් වගේම වෙළඳ පොල ප්‍රෙභ්දයන් - එනම් එහි මූලික නියාමයන් - මුදල්, වැටුප්, ලාබය, බදු,  වැනි දේ පිළබඳව විශ්ලේෂණය කිරීමකින් තොරව ම පිළිගැනීමට සමාජය  පෙළඹී සිටි. ඒවා මිනිසාගේ  පාලනයෙන් තොර, මිනිසාට  තේරුම්ගත නොහැකි,,මිනිස් මොළයේ පහළවෙන ගුප්ත පරාවර්තනයන් ලෙස සළකනු බලයි. ඒ නිසාම ඒවා තේරුම් ගැනිමට ගැඹුරු විද්‍යාත්මක විශ්ලේෂනයක් අත්‍යාවශ්‍ය ය. ආගම වැනි අධි -ඉන්ද්‍රීය බලවේගයන් ගේ ස්වරූපය ගත් මේ වෙළඳ පොල නියාමයන් පිළිබද ගුප්ත ලෝකයෙන් මිනිසා සම්පූර්ණයෙන්ම  සහ සදහටම ඈත්කර තැබීමට මාක්ස්ට අවශ්‍ය වුනා. මිනිසා මේ භෞතිකමය ලෝකයේ  පරිනාමීය ක්‍රියාවලියක එක් ස්වභාවික පුරුකක් පමණක් බවත්  මිනිස් සමාජය, නිෂ්පාදනය හා බෙදාහැරීමේ සංවිධානය ලෙසත් ධනවාදය මානව සමාජයට එළඹිය හැකි උච්ඡතම අවධිය නොව, එය හුදෙක් සමාජ සංවර්ධනයේ තවත් එක් අවධියක් පමණක් බවත්    අවබෝධ ගැන්වීම මාක්ස්ගේ අරමුණ වුනා.  මෙහිදී මාක්ස්ගේ  මුළු ශක්තිය යෙදවූයේ  කිසියම් උත්තරීතර පුද්ගලයකුගේ  මනෝමය ආස්ථානයන් ආශ්‍රෙයන්  විෂයට ප්‍රෙව්ශවීමට නොව, සමාජය , මානව ක්‍රියාකාරිත්වය සමස්ථයක් ලෙස ගෙන ඒ හරහා ප්‍රෙව්ශවීමටය.

ආර්ථික විද්‍යා ක්ෂේත්‍රෙය්දි තීරණාත්මක වැදගත්කමක් හිමිවෙන්නෙ මිනිසුන් කරන්නෙ  මොනවද කරන්නේ කොහොමද යන්න මිස ඔවුන් හිත්නනේ කොහොමද යන්න නොවේ. සමාජයේ පදනමෙහි ඇත්තෙ ආගම හෝ  සදාචාරය  නොව, භෞතිකමය ස්වභාවය සහ ශ්‍රමය යි. මාක්ස්ට අනුව  පැවැත්මේ සිට විඥානය කරා වන ප්‍රෙව්ශය මිස වෙනත් මාර්ගයක් නැත.  එනිසා ඔහුගේ ක්‍රමය භෞතිකවාදීය. වැඩි දුරටත් එය අපෝහකවාදීය.  ඔහු ස්වභාවය සහ සමාජය සැළකුවේ  පරිණාමීය  ක්‍රියාවලියක් තුල බහා ය. පරස්පර බලවේගයන්ගේ අඛණ්ඩ අරගලයක් ලෙස ය.  

වර්තමානයේ  නිළ අධ්‍යාපනික ආයතන තුල උගන්වන හා ඒවා මගින් නිකුත්කෙරෙන පොත් පත් සඟරා තුල බරසාරයෙන් සාක්ච්ඡාකරන ආර්ථික විද්‍යාව  ආර්ථිකයේ සත්‍යමය කරුණු ගැන ගැඹුරැ හා විවිනවිද යන සුළු අවධානයක් යොමු නොකරන අතර ඒ නිසා ම  ආර්ථික ක්‍රියාවලිය සමස්ථයක් ලෙස එයට මුණ ගැසීම මගහැරෙයි, ඒ හෙයින් ම ආර්ථිකයේ, වතමන් ධනවාදී අර්ථිකයේ අභ්‍යන්තර යාන්ත්‍රනය සාරයෙන් ඉදිරිපත්කිරීමෙහි ලා එය අපොහොසත් වෙයි. ඒ තේරුමෙන් සම්ප්‍රදායික ආර්ථික විද්‍යාව මිය ගිය එකකි    . 

ප්‍රාගධනයේ පළමුවන පරිවර්තනය 1872 දි රුසියාවේදී එලිදක්වුනා. කොමියුනිස්ට්වාදය දේශනාකරන ලිපි ලේඛණ භයානක දේ ලෙස සැළකීමට පුරුදුව සිටි රුසියානු වාරණ මණ්ඩලය ප්‍රාග්ධනය  තක්සේරුකළේ ධනේශවර නොවන රාජාණ්ඩුක්‍රමයක් පවතින රුසියාවට එය අදාළ නොවන බවත් රුසියාවේ ඉතා ස්වල්ප දෙනෙක් විසින්  කියවනු ලැබුවත් කිසිවෙකුටත් එය  අවබෝධනොවන  තරම්  දැඩි විද්‍යාත්මක කෘතියක් බවත්  ය.  පසු කාලයේ මාක්ස්ගෙ පිලිගැනීම වුනේ   වෙන කිසිම රටකට වඩා  එය රුසියව තුල  කියවනු ලැබු  වගේම අගය කරනු ලැබු බවත් ය.  පලමු ජර්මන් මුද්‍රණයේ පිටපත් 1000 ක් අලෙවී වීමට අවුරුදුක්ම ගතවුනත්    අවුරද්දක් ඇතුලත පිටපත් 3000 ක වේගවත් අලෙවියක් රුසියාව තුල සිදුව ඇත.  ප්‍රාග්ධනයේ පළමු වෙළුම,  ඉංග්‍රීසයට පරිවර්ථනය කර ප්‍රකාෂයට පතකරනු ලැබුවේ 1872 දි ය. 1970 දී එම ඉංග්‍රීසි පරිවර්ථනය ම මොසකව් හි ප්‍රගති ප්‍රකාශකයන් විසින් ද ප්‍රකාශයට පත්කර ඇත.

සෑම විද්‍යාවක වගේම දේශපාලන ආර්ථික විද්‍යාව තුල ද ඇති ඊටම අයත් පාරිභාෂික වචන එම විෂයය මගින් ඉදිරිපත්කරන සංකල්ප සහ නියමයන් වටහාගැනීම දුෂ්කර කරයි. ඒ අනුව ප්‍රාග්ධනය  ද වටහාගැනීමේ දුෂ්කරතාවයෙන් දුරස්වූවක් නොවේ.    මාක්ස් ප්‍රාග්ධනය-පළමුවන ජර්මන් සංස්කරණයට  ලියන පෙරවදන  තුල පැහැදිළිකරන ආකාරයට පළමුවන පරිච්ඡේදය තේරුම් ගැනීම , විශේෂයෙන් වෙළඳ භාණ්ඩ ගැන විග්‍රහය අඩංගු කොටස තේරුම්ගැනීම අතිශයින් දුෂ්කර විය හැකියි.යනුවෙන් අවධාරණය කරයි. වඩාත්ම එම දුෂ්කරතාවය පැන නගින්නෙ     මාක්ස් නුගමනය කරන අපෝහක  විශ්ලේෂණ විධික්‍රමය  අප ට නුහුරු නිසාය. කෙසේවුවත්, එවැනි දුෂ්කරතාවන් ජයග්‍රහණයකරමින් ඉදිරියට යන අයකුට වත්මන් සමාජය සහ ගෝලීය ධනවාදී ආර්ථිකය ගැන පමණක් නොව, අවට සමස්ථය ගැන  වැටහීමක්ලබාගත හැකි   නිමකළ නොහැකි වටිනා විශ්ලේෂන විධික්‍රමයක් ලැබෙයි.

දිගු කාලීන විගමන ජීවිතයක් ආරම්භ කරමින්   1949 මැද භාගයේ දී ලංඩනයට පැමැණි  මාක්ස් වහාම සම්භාව්‍ය ආර්ථික විද්‍යඥයින්ගේ ලිපි ලේඛණ එකතුකිරීමෙහි යුහුසුළු විය. ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ,  ජේම්ස් මිල්, සිස්මොන්ඩි සහ තවත් බොහෝ දෙනෙකගේ ඉදිරිපත්කිරීම්  සම්බන්ධයෙන් පුළුල්, තියුණු  දැනුමක් ලබා ගත් බව එවකට ඔහුගේ පිටු 1000  ඉක්මවූ තරම් සටහන් පොත් මගින් පෙන්නුම්කරයි. තෙසේවුවත්, මාක්ස් අතිශයින් පරීක්ෂාකාරී අයෙකි. ඔහුගෙ ආර්ථික  සංකල්ප අවසානයේ මුද්‍රණ ද්වාරයෙන් එලිදැක්වෙන්න තවත් අවුරුදු 10  ක්ම ගතවුනා. ඒ දේශපාලන ආර්ථික විද්‍යාවට විචෙනාත්මක දායකත්වය A Contribution to the Critique of Political Economy- නමින් 1859  දීය. ගතවෙන කාලයට වඩා ඔහු බලාපොරෙත්තු රැඳවූයේ හෘදයසාක්ෂියට අනූකූල පර්යේෂණයන් මගින් පමණක් ම ලැබෙන ප්‍රතිඵල කෙරෙහිය.

එවකට වඩාත් ඉදිරියෙන් වූ යේ  බ්‍රතාන්‍ය  .සම්භාව්‍ය ආර්ථික දැක්ම යි.  බ්‍රතාන්‍ය ධනවාදය අත්පත්කරගනිමින් තිබූ අතිවිශාල ප්‍රගතිය මගින් පෙරලා මේ දැක්ම උත්තේජනය කරනු ලැබුණි. මාක්ස්  නවතම ආර්ථික ඉදිරිපත්කිරීම් අධ්‍යායන කළා පමණක් නොව,  සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ සීමාසහිතබව හා ප්‍රතිවිරෝධතාවන්  හෙළිකරමින් ඊට එරෙහිව සවිස්තරාත්සමක විවේචනයන් ද එල්ලකළා. සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්  වි ෂය කෙරෙහි ඉති වටිනා දායක්ත්වයක්  සැපයූ වුවද ධනවාදය මානව සමාජ සංවාර්ධනයේ උච්ඡස්ථානය ලෙස සැළකූ  ඔවුන්ගේ ධනවාදී දැක්ම හා අගතිගාමීත්වය විසින් ඔවුන්ට බාධා එල්ලකෙරුන. මේ සම්බන්ධයෙන් මාක්ස්ගේ පැහැදිළිකරීම මෙසේය, මේ සම්භාව්‍ය ආර්ථික විද්‍යා විෂයයෙහි ඇලී සිටි බුදධිමතුන් අයත් වුනේ පංති අරගලය තවමත් අඩු වර්ධනීය අවස්ථාවක වූ කාලපර්ච්ඡේදයකටය. මෙකී තත්ත්වය එම චින්තකයන් විෂයයෙහි ගැඹුරට විනිවද යාමෙන් වළකාලීය.එම පරපුරේ  අවසාන විශිෂ්ඨ නියෝජිතයා, වු  ඩේවිඩ් රිකාඩෝ පංති උවමනාවන් අතර ප්‍රතිඝතිකතාව,වැටුප්,සහ ලාභය, ලාභය හා කුලිය අතර ප්‍රතිඝතිකතාව ඔහුගේ පර්යේෂණයන්ගේ ආරම්භක ස්ථානය කරගෙන ඇති බව මාක්ස් ගේ නිරීක්ෂණයට ලක්වුනා.

රිකාඩෝ නිසැකවම විටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය මත පදනම් වූ වෙකි. පසු කාලයේ මාක්ස් විසින් එම න්‍යාය ගැඹුරින් විශ්ලේෂණය කරමින් වර්ධනය කරනු ලැබුව. එහෙත් මාක්ස්ගෙ නිගමනය වුනේ ඔවුන්ගේ චින්තනයෙහි වු පංතිමය අගතිගාමිත්වය  ඔවුන්ගේ අඟනා පර්යේෂණ  කෙරෙහි බලපා ඇති  බවත්,  ඒ හේතුවෙන් ධනවාදී  සම්භාව්‍ය ආර්ථික විද්‍යාව, තව දුරටත් අභිබවනය කළ නොහැකි එහි සීමාව කරා ලඟාවී ඇතිබවත්  ය.  ධනවාදයේ සත්‍යමය ප්‍රතිවිරෝධතවන් හෙළිකිරීමෙහි මේ න්‍යායන් අපොහසත්ව අර්බුදට ලක්ව ඇති බව මාක්ස් වැඩිදුරටත් නිමනය කළා. ඇත්තටම, මේ අත්‍යාවශය ඓතිහාසික කාර්ය පැවුරුනේ මාක්ස් ට ය. ඔහුගේ ආර්ථික විද්‍යා ඉගැන්වීම් අහසින් පාත්වූ , අහඹු යමක් නොව, මේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ ම දරුවෙකි.  

 ප්‍රාග්ධනය  ලියනු ලැබූ අවුරුදු 175 ට කරම් ඈත කාලයට වඩා එය අද ට වලංගුවෙයි.වෙළුම් තුනකින් යුත් ප්‍රාග්ධනය මගින් මාක්ස්  ධනවාදී ක්‍රමයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය,  හා නීති,  ද ඊට ආව්නික ප්‍රතිවිරෝදතාවන් ද හෙළිකරමින් හා පැහැදිළිකරමින්  එම ක්‍රමය පිළිබඳ අපේ අවබෝධය උඩුයටිකුරු කිරීමට සමත්ව සිටී.  ඇත්ත වශයෙන්ම මාක්ස්ගේ අවසාන අරමුණ වුනේ නූතන සමාජයේ චලිතය පිළිබඳ ආර්ථික නියාමය හෙළිදරවි කිරීමය.

මාක්ස් තම ප්‍රාග්ධනය  තුලින් බුද්ධිමය යෝධයකු වශයෙන් හෙගල්ට ගෞරවය පිදූ අතර තමන් ඔහුගේ අනුගාමිකයකු බව ප්‍රසිද්ධියෙ පිළිගැනීමට තරම්  නිහතමානී  වුනා.  එසේම හෙගල්වාදය මොස්තරයක් මෙන් පැතිර තිබු මේ  කාලයේ මාක්ස් හෙගේලියානු අපෝහකවාදයේ ව්‍යාකූල පැති    විවේචනය කිරීමට ද පසුබට වුනේ නැහැ. හෙගල්ගේ විධික්‍රමය තුල අපෝහකවාදය ව්‍යාකූලබවින් පිරී පැවතුන ද එම ක්‍රමය පුළුල්ව හා සචේතනිකව පොදු විධික්‍රමයක් ලෙස යොදාගත් පළමුවැන්න ඔහු බව මාක්ස්ගේ නිරීක්ෂණය යි. ව්‍යාකූල කටුව ඇතුලෙ ඇති කාර්කික සාරය සොයගත යුතුය.   ඔහු ට ( හෙගල්ට) අදාළව එය ඔලුවෙන් සිටගත්තකි, එය නැවත දෙපයින් සිටවිය යුතුයයි මාක්ස්ගේ නිගමනය වය .

දේශපාලන අර්ථ සාශ්ත්‍රය තුල ධනවාදී ආර්ථික විද්‍යාඥයින් දුටුවෙ, විශේෂයෙන් වෙළඳ භාණ්ඩ හුවමාරව  දුටුවෙ,  දේවල්  අතර හුදු සම්බන්ධතාවයක් ලෙසය.  එහෙත් ආර්ථික විද්‍යාව යනු මිනිසුන් අතර , අවසාන විග්‍රහයේදී පංතීන් අතර සම්බන්ධතාවයන්ගේ සමස්ථය බව  මාක්ස් සිත්කාවදින ලෙස පැහැදිළි කළා.

කම්කරු පංතියට වැඩ කරන්න බලකරනු ලැබ  ඇත්තෙ   ඔවුන්ගේ වැටුප ප්‍රති නිෂ්පාදනය සඳහා පමණක් නොව,  අතිරික්ත වටිනාකම ,නිපදවීම සඳහා ද වැඩි කාලයක් වැඩ කරන්න බලකරනු ලැබ ඇත. ඒ අනුව , වැඩ දිනය අවශය ශ්‍රමය සහ අතිරික්ත ශ්‍රමය නිපදවන කාලය ලෙස කොටස් දෙකකට බෙදෙයි.   ධනවාදී නිෂ්පාදන ක්‍රමයේ ගාමක බලය, උත්පාදනය වෙන්නෙ මේසේ කම්කරු පංතියේ  ශ්‍රමයට නොගෙවන ලද පංගුවෙන් බව පෙන්වා දෙමින් මාක්ස් ධනවාදය යටතේ සිදුවෙන සූරාකෑමේ රහස එහි ගැඹුරින්ම ගෙන පැහැදිළි කළා. 

මාක්ස් ඔහුගේ ප්‍රාග්ධන කෘ තිය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඔහු සතු සියල්ල කැපකළා . ඔහුගේ පමණක් නොව ඔහුගෙ පවුලේ සෞඛය තත්තත්වයද ඒ කැපකිරීම් අතර වුනා. බෙහෙත් ගන්න සල්ලි නැති නිසා ලෙඩක් වු විට වෛද්‍යවරයෙක් කරා යාම මගහරින්න ඔහුට සිද්ධවුනා. . සමහරවිට ගෙවල් කුලී වගේ බිල් ලෙවන්න  ඔහුගෙ කෝට් එක කිපවිටක්ම උගස්කරන් න ඔහුට සිදුවුනා. ගෙවුන දවස් අට , දහය  මම මගෙ පවුල ජීවත් කලේ  සම්පූර්ණයෙන් ම අල සහ පාන් කාන්න දීල.මාක්ස්ගෙ සටනක් එසේ කිය යි. එංගලස්ගේ පරිත්‍යාගශීලිත්වය, කැපවීම මගින්  මාක්ස්ගේ ආර්ථික විද්‍යා හා දේශපාලන කටයුතු නිතරම දිරිමත් කරනු ලැබුව.  මාක්ස් ඒ සම්බන්ධයෙන් එංගල්ස්ට කෟතවේදිත්වය පිරිනමන්න අමතක කළේ නැහැ.    

බ්‍රිතාන්‍ය කෟතුකාගාරය තොරතුරු සහ මූලාශ්‍රවලින් පිරි දැනුමේ රන් ආකරයක් බඳුය. මාක්ස්ගේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිද අදහස් හැඩගැසී පෝෂණය ලැබුවේ එහිදී ය. එවකට බ්‍රිතාන්‍ය යේ ක්‍රිායාත්මක වූ ප්‍රකාෂණ  අයිතිය පනත අනුව ප්‍රසිද්ධ කරනු ලබන සෑම පොතකම, පත්‍රිකාවකම, සඟරාවක්ම. පුවත්පතකම පිටපතක් බ්‍රිතාන්‍ය කෟතුකාගාරයට භාරදිය යුතු විය. එවැනි පිටපත් 600,000 ක් එහි විය. පාර්ලිමේන්තු හැන්සර්ඩ්, පාර්ලිමේන්තු කමිටු වාර්ථා, සහ වෙනත් පරීක්ෂන කමිටු වාර්ථා  ඇතුලු මිහි පිට ඇති සෑම විෂයයක් අලලා ලියුවුනු පිටපත් ඒ ගොන්නට  අතර විය. කෟතුකාගාරයේ  කියවීම් කාමරයේ අංක 7 ආසනයට ඇලී සිටිමින් මාත්ස් කියවීම හා ලිවිම ට පුරුදුව සිටිය. ‍

මාක්ස්ගේ අපිරිමිත උත්සාහයේත්  කැපවීමේත් ප්‍රතිපලයක්  වශයෙන් 1859 දී දේශපාලන අර්ථ සාශ්ත්‍රයට විවේචනාත්මක දායකත්වය නමින් කුඩා පොතක් සම්පාදනය වුනත් අවසානයේ එය රක්ෂණ- තැපෑල මගින් යවාගන්න  බැරි තරම්  මුදල් හිඟයකට මාක්ස්ට  මුහුණ  දෙන්න සිදුවුනා.     1867 අගෝස්තු මස 16 දින ප්‍රාග්ධනයේ පළමුවන කොටස ලියා අවසන් කිරීමෙන්  සතුටට පත්  මාක්ස් වහාම එංගල්ස්ට ලිපියක් යවමින් ඔබ මා වෙනුවෙන් කළ  කැපවීම්  නොවෙන්න මේ  වෙළුම් තුන ලියා නිම කරගන්න මට බැරි වෙනව. මම ඔබ වැළද ගන්නව, ඔබට ගොඩක් ස්තුතියි! එංගල්ස් ගැන මාක්ස්ගේ තක්සේරුව හා විශ්වාසය නිසැක එකක් මය. ඔහුගේ මරණින් පසු අත්පිටපත් කියවා එකලස් කර ප්‍රාග්ධනයේ දෙවන හා තුන්වන තොටස් ප්‍රකාෂණය සදහා සූදානම් කරන්න එංගල්ස් කටයුතු කලා.

කොමියුනිස්ට්වාදියකු , විප්ලවවාදියක් වගේම මාක්ස්ගේ බෑණා  වූ    පෝල් ලපාර්ග් ට මාක්ස්, ලියූ ලිපියක මෙසේ සටහන් වෙයි, “ ඔබ දන්නව මම මගේ මුළු ජීවිතය ම විප්ලවීය අරගලය වෙනුවෙන් කැප කළ බව. මම ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නහැ. ඊට වෙනස්ව, මට මගෙ ජීවිතය ආයෙමත් මුළ ඉඳන් පටන් ගන්න සිද්ධ වුනොත් , මම කරන්නෙ  එය ම යි.!

24/11/2023

ඒඩිපී .රත්නායක

 

 

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...