
පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මාක්ස්වාදී ස්ථාවරය සදහා ප‍්‍රවේශයක් කෘතිය තුල ලංකාවේ දෙමළ ජාතික ගැටළුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය දක්වා ඇත. ජවිපෙ තුලින් උපත ලත් පෙසපයට ජවිපෙහි ජාන ලක්ෂණ තිබිම පුද්මයක් නොවේ. ඒ තරමට එය ජවිපෙ නායක විජේවීර විසින් ලියා ඇති ‘දෙමළ අරගලයට විසදුම කුමක්ද ‘ යන කෘතියෙහි ඉදිරිපත්කරන ව්‍යාජ විශ්ලේෂණයන් හා ජාතික ප‍්‍රශ්ණය අරඹයා ඉදිරිපත්කරන ලෙනින් වාදයට පටහැනි ප‍්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම අනුරූපව ඇත. පෙසපය දැන් දූවිලි ගසාදමා අන්දන්න යන්නේ ඒ පරණ කෝට් එකමය.

