වර්තමාන දේශපාලන අර්බුදයේ ඇතුලාන්තය

මධ්‍යම පංතික හෙජමොනික බුද්ධමතුන්ගේ දෝමනස්ස ආඩපාලි කෙලවර විදේශ ඇමති ,රවි කරුණානායකට සිය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නට සිදුවිය. තමන් ද කන, බොන, නිදන, සැතපෙන නිවස තමන්ගෙ බිරි`ද විසින් අර්ජුන් ඇලෝෂියස් නම් දානපතියා විසින් මිලියන ගණනක් ගෙවා ලබා දී ඇති බව ඔහු ‘දැන සිට නැත’.  ‘මුදල් ඇමතිවරයෙකු’ වශයෙන් මුල්‍ය කටයුතු ගැන  සංවේදී විය යුතුව තිබියදී ඔහුගේ මේ නොදැනීම නම් පුදුම සහගත ය. කෙසේ වුවත්  බැ`දුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ ඔහුගේ ‘නොදැනුම ’ දිග හැරෙන්නට වීම නිසා ඔහුට ඇමතිකමෙන් ඉල්ලා අසවෙන්නට සිදු විය. එසේ ඔහු ඉල්ලා අස් වූයේ සිය  කැමැත්තෙන් නොවේ. ආණ්ඩුව ඇතුලෙන්මත් ඔහුට දැඩි විරෝධයක් එල්ලවෙමින් පැවතිණි.  සිය කාර්ය මණ්ඩලය හා ඇමති වරප‍්‍රසාද තවදුරටත් සිය සන්තකයේ තබාගෙන මෙලෙස අස්වීමෙන් පෙනෙන්නේ තව මාස කිපයකින් නැවත එම තනතුරට ඒ මේ ඔහුගේ බලාපොරොත්තුවයි. මේ සිදුවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අසාමාන්‍ය වේගවත් පරීක්ෂණ ක‍්‍රියාකරිත්වය පිටුපස ආණ්ඩුවේම ඇමතිවරු සිටින බවට රවී කරුණානායකමත් චෝදනා කරයි. එය එසේ විය හැකි බව රාජපක්ෂ රෙජිමයේ දුෂිතයන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් එම නීතිපති දෙපාර්තමේන්තුවම  ඉතාමත් මන්දගාමීව කටයුතු කරන ආකාරයෙන් පෙනේ. 


සයිටම් අරගලය තීරණාත්මක කඩඉමක







මේ මොහොත වන විට සයිටම් විරෝධි අරගලය තීරණාත්මක කඩඉමක් කරා පැමිණ තිබේ. රජය හා සයිටම් විරෝධි බලවේග අතර සටන  සාකච්ජා හා සංවාදවලින් ඉවතට පැමිණ ඇති අතර  මහපාරේ මුහුණට මුහුණ හැප්පෙන තත්වයක් නිර්මාණය වී ඇත.
කුමන තත්වයක් යටතේවත් සයිටම් ආයතනය අහෝසි නොකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා සෞඛ්‍ය ඇමතිවරයා   ඇතුළු රජයේ අමාත්‍ය වරුන් පැහැදිලිව කියා සිටිති.  රාජ්‍ය  විශ්ව විද්‍යාලවලට අමතරව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට අවස්ථාව ලබාදීම රජයේ ප්‍රතිපත්තිය   බව ජනාධිපතිවරයා ද පැහැදිලිව ප්‍රකාශකර කර තිබේ.

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...