මේ මොහොත වන විට සයිටම් විරෝධි අරගලය තීරණාත්මක කඩඉමක් කරා පැමිණ තිබේ. රජය හා සයිටම් විරෝධි බලවේග අතර සටන සාකච්ජා හා සංවාදවලින් ඉවතට පැමිණ ඇති අතර මහපාරේ මුහුණට මුහුණ හැප්පෙන තත්වයක් නිර්මාණය වී ඇත.
කුමන තත්වයක් යටතේවත් සයිටම් ආයතනය අහෝසි නොකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු රජයේ අමාත්‍ය වරුන් පැහැදිලිව කියා සිටිති. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට අමතරව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට අවස්ථාව ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා ද පැහැදිලිව ප්‍රකාශකර කර තිබේ.
මෙම තත්වයන් යටතේ සයිටම් විරෝධි අරගලය නිසා රට තුළ විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. අනෙක් අතට සයිටම් විරෝධී අරගලයේ සිටින සියලු බලවේග අතර මෙම අරගලයේ අවසාන අරමුණු සම්බන්ධව ඒකමතික අදහසක නොමැති බව ඉතා පැහැදිලි ය.
සයිටම් විරෝධි අරගලයේ ඉදිරි පෙළ සටන්කරුවන් වන අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමි සමාජවාදි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේග සයිටම් ආයතනය ජනසතු කල යුතු බව පැහැදිලිව කියා සිටිති. එසේම මෙම බලවේග ප්‍රතිපත්තියක් ලෙස ලෙස අධ්‍යාපනය සෙෘඛ්‍ය වෙළද පොළ තුළ විකිණීමට විරුද්ධව පෙනී සිටින බලවේගයන්ය. සයිටම් විරෝධි අරගලය තුළ සිටින වෙනත් කුඩා වාමාංශික පක්ෂ හා කංඩායම්වල අදහස ද මීට සමාන තත්ත්වයක පවතී.
සයිටම් විරෝධි අරගලයේ තවත් ඉදිරිපෙල සටන්කරුවෙකු වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අදහස මෙයට වඩා වෙනස්ය. එම සංවිධානය සයිටම් අහෝසි කළ යුතු බව හෝ ජනසතු කළ යුතු බව පුකාශකළත් ප්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අධ්‍යාපනයට පමණක් නොව පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ද විරුද්ධ නැති බව ප්‍රකාශ කර ඇත. සයිටම් ආයතනයට ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ එය පිහිටුවා ඇති වංචනික ස්වරූපයට හා එම ආයතනය වෛද්‍යවරුන් බිහිකිරිමට තරම් නිසි ප්‍රමිතියක් නොමැතිකම නිසා යයි කියනු ලැබේ.
සයිටම් ආයතනයට විරුද්ධව අදහස් දක්වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙ සංගමෙආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය හා රජයේ සමහර අමාත්‍යවරුන්ගේ අදහස් ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මතයට සමාන තත්ත්වයක පවතී.
නිසි ක්‍රමවේදයක් තුල නිසි ප්‍රමිතියකට වෛද්‍යවරුන් බිහිවන්නේ නම් පුද්ගලික අංශයෙන් කියා මෙම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොහැකි බව එහි හිටපු සභාපතිවරයා වූ මහචාර්ය කාලෝ පොන්සේකා මහතා පැහැදිලිව ප්රළකාශ කර ඇත. නමුත් මේ දක්වා වෛද්‍ය අධ්‍යාපනයට ඇතුළුවිමේදී අවශ්‍ය වන අවම අධ්‍යාපන සුදුසුකම් ඇතුළු අවශ්‍ය නිර්නායකයන් සකස් කිරිමට වෛද්‍ය සභාවට නොහැකිවීම ඉතා ඛේදජනක තත්වයකි. වෛද්‍ය අධ්‍යාපනයට ඇතුළුවීමේ දී පැවැතිය යුතු අවම සුදුසුකම් ඉදිරියේ දී ගැසට් කරන බව රජය නිවේදනය කර තිබේ.
වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි වෛද්‍ය අධ්‍යාපනයට සෘජුව සම්බන්ධ වන ආයතන හා සංවිධානවල පැවති නිද්‍රාශිලී බව නිසා සියළු තත්වයන් අරගලය විසින්ම නිර්මාණය කිරීමට සිදු වී ඇත.
මෙම වාතාවරණය තුළ සයිටම් ආයතනය සම්බන්ධව රජය විසින් ඉදිරිපත්කර ඇති යෝජනා මගින් ඉතාම සුක්ෂම ලෙස එම ආයතනය ස්ථාපිත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් තිබෙන බව පැහැදිලි ය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස සටනේ කිසිදු පාර්ශවයක් ඉල්ලා නැත. නෙවිල් ප්‍රනාන්දු නම් මෙම ඉල්ලීම කලින්ම කර තිබුණි. රජය මෙම ආයතනය පවරාගැනිම මගින් වෛද්බියවරුන් බිහි කිරිම සදහා රෝගින් විශාල වශයෙන් පැමිණෙන ශීක්ෂණ මට්ටමේ රෝහලක් සයිටම් ආයතනයට නැත යන ප්‍රධාන චෝදනාවකට පිළිතුරක් ලබා දී තිබේ.
මෙම වෛද්‍ය විද්‍යාලය අර්ධ රාජ්‍යමය ආයතනක් ලෙස හෝ භාරකාර අරමුදලක් මගින් පවත්වාගෙන යාම පිළිබඳව රජයෙන් මුලදී අදහස් ඉදිරිපත් වුවත් අද වන විට ඒවා යටපත් වී තිබේ. සටන්කරන පාර්ශවයන් ද මෙම යෝජනා කෙරේ කිසිදු සැලකිල්ලක් නොදැක්වීම ද එයට හේතු විය හැකි ය. තනි අයිතිය අහෝසිකර අයිතිය සමාගමක ස්වරූපයෙන් පවත්වාගෙන යාමට රජය යෝජනා කර ඇත. එනම් සම්පුර්ණ පුද්ගලික ආයතනයක් ලෙස ය. ඊට අමතරව අවම අධ්‍යාපන සුදුසුකම් ඇතිකර නිසි ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය යෝජනා රජය විසින් ඉදිරිපත් කර ඇතිවා පමණක් නොව ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ද ගනිමින් තිබේ.
රජයේ කිසිදු යෝජනාවක සයිටම් විරෝධි බලවේගවල ප්‍ර ධානම සටන්පාඨය වන සයිටම් ජනසතු කරනු යන ඉල්ලීමට කිසිදු ඉඩක් නැත.
වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් හා ප්‍රමිතියක් සයිටම් ආයතනය තුළ නොමැති බව ප්‍රකාශ කරමින් සටන් කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු කොටස් රජය විසින් ඉදිරියේදි ගනු ලබන ක්‍රියාමාර්ග අනුව සටනින් ඉවත්වීමට ඇති ඉඩ කඩ වැඩි ය. මෙම සටන තුළ වාමාංශික බලවේගයන්ගේ හා ශිෂ්‍ය ව්යාරපාරයේ පවතින ක්රයාකාරිත්වය නොතිබෙන්නට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම සටන මීට බොහෝ කලින් නිමා කරන බව පැහැදිලි ය.
අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා හමු වී මෙන් පසු මෙම සංගමය විසින් කරන ප්‍රකාශවලින් මෙවැනි සංකිර්ණ සටන්වල හා ධනේශ්වර ආණ්ඩුවල හැසිරිමේ හා ක්රියාකාරිත්වයන් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අවබෝධයන් හොදින් ප්‍රදර්ශනයකර තිබේ. ඔවුන්ට අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග ඇතිකර ගන්නා එකඟතාවයන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බිඳ දැමිමට කටයුතු කිරීම මෙම ගැටළුව විසඳීමට ඇති ප්‍රධානතම බාධාව යි. සෞඛ්‍ය ඇමැති ජනාධිපතිටත් අගමැතිටත් වඩා බලවත් ද? මේක අහවලාගේ අහවලාගේ ප්‍රතිපත්තියක් නොව අද දවසේ බලයට පත්වන ඕනෑම ධනේශ්වර ආණ්ඩුවක ප්රතිපත්තියකි. සයිටම් මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුවේ ද ප්රතිපත්තියකි.
උසස් පෙළ ජීව විද්‍ය අංශයෙන් ඉගනුම ලබන ශිෂ්‍ය ප්‍රජාවගෙන් රජයේ වෛද්විය විද්ද්යායාල සඳහා බඳවා ගන්නේ වෛද්‍ය අධ්‍යාපනයට සුදුසුකම් ලබන ප්‍රමාණයෙන්17% ක ප්‍රතිශතකයකි. මොරටුව සබරගමුව හා ඌව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කරන අතර දැනට පවතින රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ද වැඩි කරන බව රජය ප්‍රකාශකර ඇත. රජයේ මෙම යෝජනාවන් එලෙසම ක්‍රියාත්මක වෙතැයි උපකල්පනය කළහොත් රජයේ වෛද්‍ය පීඨ සඳහා ඉදිරියේදි බඳවා ගන්නා ප්‍රමාණයෙහි කිසියම් වර්ධනයක් ඇතිකර ගත හැකි වනු ඇත. එය මේ සටන තුළින් ලබා ගත හැකි කිසියම් ආකාරයක ජයග්‍රහණයකි.
පවතින ආණ්ඩුව යනු ධනේශ්වර ආණ්ඩුවකි. ධනේශ්වර ක්‍රමයක් තුළ පෞද්ගලික කරණය එහි ආර්ථික ප්රතිපත්තියකි. පෞද්ගලික ආයෝජන යොමුවන්නේ කෘෂිකර්මාන්තය කර්මාන්ත වැනි ක්ෂේත්රවලට පමණක් නොවන අතර අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අංශ වෙත ද එය අනිවාර්යයෙන්ම යොමුවේ. ලංකාවේ ව්‍යාපාරිකයෙක් මෑතක දී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ජීවිත හැර සෑම දෙයක්ම තම ආයතනය විකිණීමට කටයුතු කරන බවයි. ධනේශ්වරයේ නියම ස්වරූපය මෙම ව්‍යාපාරිකයා අමුවෙන්ම පෙන්වා දී ඇත.
ධනේශ්වර ක්රමයේ විශේෂයෙන්ම අද දවසේ පදනම් ප්වරතිපත්නතිය පෞද්ගලිකරණ ආර්ථික ප්‍රතිපත්තිය පරාජය කළ හැක්කේ හුදු ආණ්ඩුමාරුවකින් නොව ක්රමයේම කරන වෙනසකින් බව මාක්ස්වාදී වාමාංශිකයෝ දනිති. ඊට මෙහා කළ හැක්කේ කම්කරුවන් ශිෂ්යසයන් ඇතුළු සියලු පීඩිත කොටස් සඳහා මෙම ක්‍රමය තුළ උපරිම පහසුකම් හා අවස්ථාවන් නිර්මාණය කර ගැනීම සඳහා සටන්කිරීම පමණි. අද පවත්නා විෂයබද්ධ තත්ත්වයන් තුළ සුවිශේෂ වටාපිටාවක දී මිස මෙවන් අරගලවලදී අත්කර ගත හැක්කේ සාපේක්ෂ ජයග්රහණයන් පමනක් බව අරගලයේ අවංකව යෙදී සිටින බලවේග වටහාගත යුතු කරුණකි. සටනේ පුරෝගාමීන් අරගලයේ සංකිර්ණතාවය පෙළගැසි සිටින බලවේලවල අරමුණුවල විවිධත්වය පොදු මහජනයාගේ අදහස් උදහස් අරගලයට එරෙහිව කටයුතු කරන ආණ්ඩුවේ ද රාජ්‍ය යාන්ත්රනයේ ද ඒ වටා එක් වී සිටින බලවේගවල ද ක්රියාකාරිත්වයන් අරගලය තුළ පෙළගැසෙමින් අරගලය තමන්ගේ අවස්ථාවාදී බලලෝභී අරමුණු සාධනයකර ගැනීම සඳහා දඩමීමාකර කරගන්නට ක්‍රියා කරන බලය අහිමි වූ තක්කඩි පරාජිත දේශපාලන බලවේගවල කුමන්ත්‍රණකාරි උපාමාරු ආදිය පිළිබඳව නිවැරදි තක්සේරුවකින් කටයුතු කිරීම මේ මොහොතේ තීරණාත්මක ය. අරගලය පරාජයකින් කෙළවර නොවිය යුතු ය. එහෙත් හැම අරගලයක්ම ජයග්රහණයෙන් කෙළවර කළ හැකි යයි නොසිතිය යුතු ය. වැරදි තක්සේරු කිරීම් මත ඕනෑම අරගලයක් පරාජය අත්කර ගන්නට පුළුවන. එහෙයින් අරගලයේ යෙදී සිටින අව්‍යාජ බලවේග අරගලයේ ජයග්‍රහණයේ වපසරිය ගැන නිසි තක්සේරුවක් ඇතිව අරගලයේ ක්‍රියාකාරී විය යුතු ය. එළඹ ඇත්තේ තීරණාත්මක ඔව් අතිශයින්ම තීරණාත්මක මෙහොතකි.
ශාන්ත...
No comments:
Post a Comment