අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
ප‍්‍රජාතන්ත‍්‍රප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්‍යාපාරයට අප ඉදිරිපත්කළ සංක්ෂිප්ත දැක්ම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒ සඳහා වූ අරගලය
1. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ ස්ථාවරයේ පදනම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික වශයෙන් දේශපාලන ක‍්‍රමවේදයක් වන අතර ආයතනයක් හෝ සංවිධානයක් තුළ තීරණ ගැනීමේ ක‍්‍රමවේදයක් ද වේ.
එහි මුල් ගී‍්‍රසිය, මෙසපොතේමියාව, ඉන්දියාව ආදී තැන්වල දැකිය හැකි වුව ද නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රභවය හා හැඩගැසීම ඓතිහාසික සමාජ සංවර්ධනය තුල සිදුවන ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රභවයත් එහි සංවර්ධනයත් සමග සමානුපාතිකව සිදුවන බව දැකිය හැකි ය.
නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එහි සාමාන්‍ය පොදු අර්ථයෙනුත් ඓතිහාසික අර්ථයෙනුත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි.
ඒ අනුව එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. එහි හැඩයන් කවර ආකාරයක වුවත් ධනේශවර දේශපාලන ක‍්‍රමවේදයකි.
පංතීන් පවත්නා තෙක් දේශපාලන ක‍්‍රමවේදයන් පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ඊට අයත් වෙයි.
යාපනයේ සරසවි සිසු ගැටුම - යහපාලනයේ නොහැකියාවෙන් වීරවංශලා උඩ යති
යාපනය සරසවියේ පසුගිය 16 දා දමිළ හා සිහල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සිංහල සමාජය තුළ ජාතිවාදී අන්තවාදී බලවේගයන්ගේ අමන්දානන්දයට ද රටේම සමස්ත ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ගේ මහත් කණස්සල්ලටද හේතු වූ සිදුවීමකි. මෙය ඇතැම්විට වත්මන් දේශපාලන සන්දර්භය තුළ අන්තවාදී බලවේගයන්ගේ පෙළඹවීම් මගින් ඇති වූ සිද්ධියක් වන්නට ද බැරිකමක් නැත. මන් ද මීට පෙර ද මෙම සිද්ධියට පාදක වූ අන්දමේ පිළිගැනීම් උත්සව යාපන සරසවිය තුළ දෙපාර්ශවය අතර සමගියෙන්, සහෝදරත්වයෙන් සිදුව ඇති නිසා සහ ඒවායේ දී මෙවන් ගැටුම් ඇතිවී නොමැති නිසා ය. දමිළ හා සිංහල සිසුන් අතර සරසවිය තුළ පැවති මෙම සමගිය, සහෝදරත්වය බිඳ දැමීම අවශ්‍ය කරන බලවේග පවතින බව ඇතැම් පාර්ශවවලින් කර තිබෙන ප‍්‍රකාශවලින් පෙනේ. යාපනයේ සරසවි සිසු ගැටුම - යහපාලනයේ නොහැකියාවෙන් වීරවංශලා උඩ යති
යාපනය සරසවියේ පසුගිය 16 දා දමිළ හා සිහල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සිංහල සමාජය තුළ ජාතිවාදී අන්තවාදී බලවේගයන්ගේ අමන්දානන්දයට ද රටේම සමස්ත ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ගේ මහත් කණස්සල්ලටද හේතු වූ සිදුවීමකි. මෙය ඇතැම්විට වත්මන් දේශපාලන සන්දර්භය තුළ අන්තවාදී බලවේගයන්ගේ පෙළඹවීම් මගින් ඇති වූ සිද්ධියක් වන්නට ද බැරිකමක් නැත. මන් ද මීට පෙර ද මෙම සිද්ධියට පාදක වූ අන්දමේ පිළිගැනීම් උත්සව යාපන සරසවිය තුළ දෙපාර්ශවය අතර සමගියෙන්, සහෝදරත්වයෙන් සිදුව ඇති නිසා සහ ඒවායේ දී මෙවන් ගැටුම් ඇතිවී නොමැති නිසා ය. දමිළ හා සිංහල සිසුන් අතර සරසවිය තුළ පැවති මෙම සමගිය, සහෝදරත්වය බිඳ දැමීම අවශ්‍ය කරන බලවේග පවතින බව ඇතැම් පාර්ශවවලින් කර තිබෙන ප‍්‍රකාශවලින් පෙනේ.
Subscribe to:
Posts (Atom)
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්රජාතන්ත්රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...
