ප‍්‍රජාතන්ත‍්‍රප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්‍යාපාරයට අප ඉදිරිපත්කළ සංක්ෂිප්ත දැක්ම



ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒ සඳහා වූ අරගලය
1.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ ස්ථාවරයේ පදනම 
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික වශයෙන් දේශපාලන ක‍්‍රමවේදයක් වන අතර ආයතනයක් හෝ සංවිධානයක් තුළ තීරණ ගැනීමේ ක‍්‍රමවේදයක් ද වේ.   
එහි මුල් ගී‍්‍රසිය, මෙසපොතේමියාව, ඉන්දියාව ආදී තැන්වල දැකිය හැකි වුව ද නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ  ප‍්‍රභවය හා හැඩගැසීම  ඓතිහාසික සමාජ සංවර්ධනය තුල සිදුවන ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රභවයත් එහි සංවර්ධනයත් සමග සමානුපාතිකව සිදුවන බව දැකිය හැකි ය.  
නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එහි සාමාන්‍ය පොදු අර්ථයෙනුත් ඓතිහාසික අර්ථයෙනුත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. 
ඒ අනුව එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. එහි හැඩයන් කවර ආකාරයක වුවත් ධනේශවර දේශපාලන ක‍්‍රමවේදයකි. 
පංතීන් පවත්නා තෙක් දේශපාලන ක‍්‍රමවේදයන් පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ඊට අයත් වෙයි.
 
ප‍්‍රජාතන්ත්‍රවාදය හා නිතර යෙදෙන පූර්ණ, පිරිසිදු හා අව්‍යාජ ආදී  විශේෂණයන්  පංතිමය තත්ත්වයන්ට යටත් සාපේක්ෂ අර්ථයෙන් තෙරුම්ගත යුතුය. 
මධ්‍යකාලීන රදළවාදයට සාපේක්ෂව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරිගාමී වුවත් එය මූලික වශයෙන්  ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය  ආරක්ෂාකරන හා පෝෂණයකරන අතරම නිර්ධනීන් ඇතුළු පීඩිත පංතීන් මත ආධි්‍යපත්‍යය පවත්වා ගැනීමේ හා  පීඩාකාරී උගුලකට හසුකර තබා ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් ද කි‍්‍රයාත්මක කෙරෙයි. 
සාමය හා නීතිය බිඳදැමීම ඉදිරියට දමා පීඩිත ජනයා මත මර්ධනය මුදාහැරීමට උවමනා අණපනත් ,  කොතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුව ද සෑම රාජ්‍යයක් විසින්ම තම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් තුළට ඇතුලත්කර ගෙන ඇත.   
සාපේක්ෂ වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල්වීම සහ ධනේශවර ආර්ථික සංවර්ධනය අතර ඇත්තේ අන්‍යොන්‍ය සම්බන්ධතාවයකි, අනොන්‍ය පැවත්මකි.  වඩාත් දියුණු යැයි සම්මත බටහිර රටවල් කෙරෙන්   විද්‍යාමාන වෙන්නේ එයයි. 
මාක්ස්වාදීන් යෝජනා කරන සමාජවාදය යටතේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි, එනම් නිර්ධන පංතික ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. ධනවාදය යටතේ මෙන් පීඩක සුළුතරයේ නොව නිර්ධනීන් ප‍්‍රමුඛ පහළ පංතික බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. යථාමය වශයෙන් එය සුළුතරය විසින් බහුතරය මත යොදවන ආධිපත්‍යක් නොව බහුතරයක විසින් බලයෙන් පහකරදැමූ සුළුතරය මත යොදවන ආධිපත්‍යයකි. එහෙයින් සුළුතරයක් සම්බන්ධයෙන් ගත් කල එය සාපේක්ෂව පීඩාකාරීවන අතර එහි පීඩාකාරීබවේ ගතිකය අධිපති පංතිය වශයෙන් බලය අහිමි වූ පංතීන්ගේ කි‍්‍රයාකාරිත්වයට අනුව තීරණය වෙයි. එය සාපේක්ෂ වශයෙන්  ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉදිරිගාමීම ආකෘතිය යිි. 
පංතීන් අහෝසිවීයාමට සමානුපාතිකව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වියැකී යයි. 

2.   ලංකාවේ පොදු ප‍්‍රජාතන්ත‍්‍රීය අරගලය හා විප්ලවීය සමාජවාදී ව්‍යාපාරය
රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංවර්ධනය එම රට ලබා ඇති  ආර්ථික සංවර්ධනය හා සමග දැඩිව බැඳී ඇත. 
ලංකාව පසුවන්නේ ගෝලීය නව ලිබරල් ධනවාදය සමග දැඩිව ගැට ගැසුණ නමුත් පසුගාමි ධනේශ්වර සංවර්ධන අවදියක ය. 
මේ හේතුවෙන් සාමාන්‍ය වශයෙන් ධනවාදය විසින් ඇතිකරනු ලබන පීඩනය පසෙකින් එහිම පසුගාමී එක තැන පල්වෙන ස්වරූපය විසින්  ද ලාංකීය සමාජය මත අතිරේක පීඩනයක් ඇතිකරනු ලබයි. 
මෙමගින් ඇතිකරන ප‍්‍රතිවිරෝධය දේශපාලන, සමාජ හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් තුළින් මනාව පිළිබිඹුවෙයි. දූෂණය, වංචාව, මර්දනය, සුළු ජන අයිතීන් පාගා දැමීම, ජාතිවාදය, ආගමික අන්තවාදය, වෙනස්කොටසැලකීම හා දේශපාලන සටකපටකම් ආදියෙන් එය වඩාත් විiමාන වෙයි.
මෙකී තත්ත්වයන් හේතුවෙන් පෙරළා ආර්ථික වර්ධනය එකතැන පල්වීමට ලක් වෙන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශිත  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරාහැලීමකටත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් විවෘතකරගැනීම අවහිරකිරීමත් සිදුවෙයි.   
බහුතරයක් වූ සාමාන්‍ය දුප්පත් පොදු ජනයා මත ද අමතරව ධනේශ්වරයේ සමහර කොටස් ද ඇතුළු සෙසු පංතිවලට අයත් ජන කොටස් මත ද වාර්ගික හා ආගමික වශයෙන් සුළු ජන කොටස් මතද මින් ද්විත්ව පීඩනයක් ඇතිකරයි. 
මේ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අරගලය අත්‍යවශ්‍ය කාර්යයක්  යන්න අපි පිළිගනිමු. එම අරගලය කරා ප‍්‍රවේශයන් දෙකක් විවෘතකරගතයුතුව ඇත. එකක් නම්  ව්‍යවස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂාකර ගැනීම ය. අනෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව අවකාශයන් හඳුනාගෙන ඒවා විවෘතකර ගැනීමය. 
3.   ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය කරා අපේ ප‍්‍රවේශයේ න්‍යායාත්මක පදනම
ඉහත වැටහීම මත පිහිටා  ධනේශවර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඒ සඳහා වූ අරගලය සම්බන්ධයෙන්  අපේ උපායික ප‍්‍රවේශය   සකස්කර ගැනීමේදි  අප පැහැදිලිවම මාක්ස්-ලෙනින්වාදය මත පිහිටා සිටිමු. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය  
සමාජ වංවර්ධනයේ පොදු යහපත සඳහා   අදාළවන්නේ ද, 
විප්ලවවාදී ව්‍යාපාරයේ ප‍්‍රමුඛ කාර්යභාරය වූ සමාජවාදයේ ජයග‍්‍රහණය  උදෙසා පීඩිත පංතීන් දැනුවත්කිරීම, පුහුණුකිරීම හා පෙළගැස්වීම සඳහා වඩාත් පහසු තත්ත්වයන්  තහවුරුකර ගැනීම හා දිනාගැනීම සඳහා අදාළවන්නේ ද 
පීඩිත පංතික ජනයාගේ ජීවන තත්ත්වය වඩාත් පහසුකරගැනීම සඳහා අදාළ වන්නේ ද  යන කරුණු ප‍්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනිමු. 
4.   මෙම ප‍්‍රස්තූතයන් මත පිහිටා අපට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ සංයුක්ත කොටස් හඳුනාගත හැකි ය.
සාමාන්‍ය වශයෙන් සමාජයේ පොදු ප‍්‍රගතිය අවහිර කරන හා විශේෂයෙන්   පොදු පීඩිත ජනයා මත පීඩනය, මර්දනය හා සීමාකිරීම් ජනනය කරන ආණ්ඩුවේ සියළු ආකාරයේ ක‍්‍රියා පිළිවෙත්වලට එරෙහිව කරන  අරගලය හා  සමාජයේ පොදු ප‍්‍රගතියට ඉවහල්වන හා පිඩිත ජනයාගේ ජීවන තත්ත්වය හා ඔවුන්ගේ උවමනාවන් තහවුරුකරන  නව තත්ත්වයන් හඳුනාගැනීමත් ඒවා දිනාගැනීමත් සඳහා කරන අරගලය වශයෙන් ද්විත්ව ආකාරයේ අරගලයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය තුල සංයුක්ත වෙයි.   ආණ්ඩුවේ මර්ධනකාරී අණපනත්, නියෝග හා එවැනි ක‍්‍රියාකාරම්, දූෂණ හා වංචා, ජාතික පීඩනය, ජාතිවාදය හා ආගමික අන්තවාදය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප‍්‍රවාහනය වැනි සමාජ සුභසාධන අංශයන් කප්පාදුකිරීම, අධිකරණයේ පිරීහීම්, ස්ත‍්‍රීන් වෙනස්කොටසැලකීම හා ළමා අපයෝජනය, පරිසර විනාශය ආදී වශයෙන්    පුලූල් ක්ෂේත‍්‍රයක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී  අරගලය විහිද යන බව මින් අදහස් වෙයි.
මෙකී සියළු තත්ත්වයන් සැලකිල්ලට ගෙන පොදු බහුතර පීඩිත ජනයා, බුද්ධිමතුන්, ශිෂ්‍යයින් , තරුණයින්, කාන්තාවන්,   වාර්ගික හා ආගමික සුළු ජන කොටස් ආදී වශයෙන්  විවිධ පංතීන් , ස්ථරයන් හා කණ්ඩායම් ආමන්ත‍්‍රණය කෙරෙන සුදුසු උපායන් ,උපක‍්‍රමයන් හා ක‍්‍රියාමාර්ග තෝරාගැනීම   අත්‍යාවශ්‍යයැයි සළකමු. 
 අද මෙම අරගලයේ රෙමුණ ගෙන සිටින්නේ සිවිල් සමාජ ව්‍යාපාර, සිවිල් පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන සමූයකි. මධ්‍යම පංතික ලිබරල්වාදී බුද්ධිමතුන් වශයෙන් මොවුන්ගේ වැනෙන සුළුබව, ඇයදීම, කන්කෙඳිරිය, පාවාදෙන සුළුබව සහ ධනපති පාලකයන් කෙරෙහි විශ්වාසය හා පොදු ජනතාව කෙරෙහි අවිශ්වාසය  මොවුන්ගේ සහජ ලක්ෂණ වෙයි. පාලකයන් ද මෙවැනි මධ්‍යස්ථානයන් සමග ගණුදෙනුකිරීමට කැමැත්තක් දකිවයි. එය ද අවම එක`ගතාවයිකින් යුතුවය. කෙසේවුවද පාලකයන් මෙම තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින්  තම නව ලිබරල්වාදී ආර්ථික හා දේශපාලන ක‍්‍රමෝපායන් ක‍්‍රමානූකූලව ඉදිරියට ගෙනයමින් සිටීයි. ආරම්භක වශයෙන් වඩාත් ඉදිරිගාමී, තිරසර විකල්ප ප‍්‍රජාතන්ත‍්‍රීය අරගල මධ්‍යස්ථානයක් ගොඩනගාගාගනිමින් හා එහි මග පෙන්වීමෙන් බහුජන අරගල මධ්‍යස්ථානයන් ගොඩනගමින්  ඉදිරියට යන උපායික ප‍්‍රවේශයක් සකසාගැනීමයට  වාම බලවේගය ක‍්‍රියාකළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් කෙරෙන ඵලදායී සංවාදයක් මගින් නිසි ඉදිරි වැඩපිළිවෙලක් සකස්කරගත යුතුයැයි අපි යෝජනා කරමු. 

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
24.07.2016 

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...