උතුරේ සමාජය තුළ හා දකුණේ සමාජය තුළ පවතින අධිපති චින්තනයන් පරස්පර විරෝධීය. සැබවින්ම ගැටුම්කාරී විභවයන්ගෙන් අන්තර්ගත ය. දැනට තාවකාලිකව මෙම ගැටුම්කාරී විභවයන් යටපත් වී තිබෙන බව ඇත්ත නමුත් අළු යට ගිනි පුපුරු මෙන් මතු වී ඇවිල යාමේ අනතුර තිබේ. ජාතික ගැටළුවට යථා විසඳුමකින් තොරව මෙම තත්ත්වය අහෝසි කළ නොහැකි ය. එහෙත් දකුණේ සිංහල සමාජය පසු වන්නේ ඊට විසඳුමක් ඇතිකර ගැනීමට එරෙහි බලවේග ශක්තිමත්ව කි‍්‍රයාත්මක වන පසු බිමක ය. උතුර බොහෝ දුරට පසු බැස ගොස් සිටින්නේ වුව ද ඒ මට්ටමින් වත් විසඳුමක් දීමට දකුණේ බලවේග සූදානම් නැත. විග්නේශ්වරන්ලාගෙන් සම්බන්දන්ලාගෙන් පොරොන්දු ඉල්ලන්නේ ඒ නිසා ය. ඔවුන්ගෙන් පොරොන්දු ඉල්ලා සිටින දකුණ උතුරේ ජනතාව වෙනුවෙන් කිසිදු පොරොන්දුවක් දීමට සූදානම් නැත. දකුණේ සාමාන්‍ය පොදු මතය වශයෙන් තවමත් පවතින්නේ උතුර එනම් දමිළ ජනයා (එමෙන්ම අනෙකුත් සුළුතර ජනතාවන් ද) දකුණේ එනම් සිංහල ජනයාගේ අණසක යටතේ පැවතිය යුතු බව ය. උතුරේ විරෝධයන් හා ගැටුම් පැන නැගීමේ හා කුළු ගැන්වීමේ විභවය ඇත්තේ මෙහි ය. මේ ආකාර ගැටුම්වල මූලය වන්නේ මෙම විෂයබද්ධ තත්ත්වයන් හා එමගින් ජනිත කරන චින්තන රටාවන් ය.
එකී පසුබිම යටතේ පොදු සමාජය තුළ කෙසේ වුව ද විශේෂයෙන් සිසු සමාජය තුළ අන්තවාදී කි‍්‍රයාකාරිත්වයන් උසි ගැන්වීම පහසු ය. මෙම තත්ත්වය උපයෝගීකර ගනිමින් ගැටුම් ඇවිලවීමේ නැතහොත් අවුළුවා ගැනීමේ කි‍්‍රයාවලින් පැන නගින්නට පුළුවන. එක් පැත්තකින් යටත් කරනු ලැබ සිටින දමිළ ජනතාගේ පැත්තෙන් ඊට ප‍්‍රතිචාර වශයෙන් මතු විය හැකි අන්තවාදීන් ද අනෙක මේ රටේ අධිපතිපතිත්වය හිමිවිය යුත්තේ සිංහලයාටය, සෙසු ජාතීන් හා ජන කොටස් තමන් යටතේ සිටිය යුතු යයි සිතන හා කි‍්‍රයාකරන සිංහල අන්තවාදීන් ද පසුබිමේ සිටිමින් මෙවන් කි‍්‍රයා අවුළුවන්නට පුළුවන. යාපනේ සිදුවීමෙන් මහත් සේ සිය සතුට දෝරේ ගලා යවන ලද ප‍්‍රධාන බලවේගය වූයේ යළි බලයට ඒම සඳහා ඕනෑම අශික්ෂිත හා ජඩ උපාමාරුවක් යොදා ගැනීමට පසුබට නොවන මහින්ද රාජපක්ෂලාගේ විමල් වීරවංශලාගේ ඒකාබද්ධ විපක්ෂය නැමති අන්ත දූෂිත කල්ලිය යි. ඇතැම්විට එහි බළල් අණ්ඩක් විය හැකි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නැමති සංවිධානය ඇවිලිය හැකි ගින්නට පිදුරු දමමින් කියා සිටියේ මේ ‘‘ආකාරයේ ජාතිවාදී කි‍්‍රයාකාරකම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් උතුරේ හමුදා ශක්තිය වර්ධනය කිරීමත් කිසිදු හමුදා කඳවුරු ඉවත් නොකිරීමටත් රජය කටයුතු කළ යුතු බව අපේ අදහසයි’’ කියා ය. මෙය සිංහල අන්තවාදී බලවේගයන්ගේ නොනවතින ඉල්ලීමකි. මෙම තත්ත්වය පවත්වා ගැනීමට නම් මෙවැනි ගැටුම් ඇති විය යුතු ය. ඇත්තෙන්ම එකී බලවේගවලින් ප‍්‍රකාශයට පත් වන්නේ එවන් ගැටුම්වලට විරුද්ධ වීමේ වුවමනාවක් නොව ගැටුම් අඛණ්ඩව පැන නැගිය හැකි පසුබිමක් උතුරේ අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වුවමනාවකි.
මහින්ද රාජපක්ෂලා විමල් වීරවංශලා පමණක් නොව දැනට සිය ජාතිවාදී න්‍යාය පත‍්‍රයේ සැර තරමක් බාල කර සිටින චම්පික රණවකලා ද මෙම සිදුවීම පාදක කරගෙන සිය ජාතිවාදී න්‍යාය පත‍්‍රය පෙරට දමා තිබෙන බවක් ඔවුන්ගේ ප‍්‍රකාශවලින් පෙන්නුම් කර තිබේ. නව ෆැසිස්ට්වාදී ප‍්‍රභාකරන් කෙනෙක් බිහිවීමේ අනතුරක් මේ සිදුවීම පසුබිමේ ඇති බව ඔහු කියයි. මෙය ඔවුන්ගේ ප‍්‍රාර්ථනාවය. උතුරේ ජාතිවාදය, අන්තවාදය හිස එසවීම මහින්ද රාජපක්ෂලාට විමල් වීරවංශලාට සේ ම චම්පික රණවකලාට ද අවශ්‍ය ය. ඔවුන්ට ප‍්‍රභාකරන්ලාගේ ආගමනය අවශ්‍ය ය. එවිටය ඔවුන්ට ජාතිවාදී පදනමකින් සිංහල ජනතාව තුළ සිය පදනම් ශක්තිමත් කර ගත හැකි වන්නේ. දකුණේ පාලක පංතියේ ජාතිවාදය ප‍්‍රභාකරන්ලා බිහිකළා සේම උතුරේ ප‍්‍රභාකරන්ලා නොසිටින්ට අපට වීරවංශලාවත් චම්පික රණවකලාවත් ගම්මන්පිලලාවත් නැත. රාජපක්ෂලා, වීරවංශලා හා ගම්මන්පිලලා ඇතුළු උග‍්‍ර ජාතිවාදී ආගම්වාදී රොත්ත වාමාංශික යයි කියන වාසුදේවලා වැන්නනන් ද එල්ලාගෙන ඒකාබද්ධ විපක්ෂය යයි අටවා ගෙන තිබෙන මර උගුල මගින් අමු අමුවේ නග්න ජාතිවාදය ඉස්මතු කරමින් ව්‍යවස්ථා සංශෝධනය හරහා රට කැඞීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට මතයක් සමාජගත කරමින් මේ වන විටත් පාද යාත‍්‍රා හරහා මුළු රටම ගිනි තබන්නට සූදානම් වෙමින් සිටින අවස්ථාවක මෙවන් සිදුවීම් පැටව් ගැසීම ඔවුන්ගේ අවශ්‍යතාවක් වනු ඇත. එහෙයින් විශේෂයෙන්ම සිංහල පීඩිත ජනයා මෙම බොරු දේශපේ‍්‍රමීන් සියලූ දෙනාගේ සැබෑ අරමුණු වටහා ගත යුතු අතර ඔවුන් මානන උගුල්වල නොවැටීමට ප‍්‍රවේශම් විය යුතු ය.

මේ වනවිට සිසුන් අතර සමථයක් ඇති කර ගෙන තිබෙන බව ද සරසවි පාලනාධිකරය වසා දමන ලද විද්‍යා පීඨය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. එහෙත් එම සමථයන් තාවකාලික විය හැකි බව ද අන්තවාදී බලවේග විශේෂයෙන්ම දකුණේ අන්තවාදී ජාතිවාදී බලවේග තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සිසුන් පොළඹවා ගැටුම්කාරී තත්ත්වයන්ට ඇද දැමීමේ කි‍්‍රයාවලීන් පණ ගැන්වීමට කටයුතු කරනු ඇති බව කියා සිටිමු. පාලකයන් ද මොන තරම් සංහිඳියාව ගැන කතා කළත් මේ තත්ත්වයන් ඇතිවීමට පදනම් වූ හා තවමත් දැවෙමින් පවත්නා හේතූන්ට ආමන්ත‍්‍රණය කිරීමට කටයුතු නොකරන බව කිවමනා නොවේ.
ගිනි ගැනීමේ හා විනාශය ඇති කිරීමේ විභවයන් දකුණේ සමාජයේ මෙන්ම උතුරේ සමාජයේ ද පතුලේ කැකෑරෙමින් පවතින බවත් මේ තත්ත්වයන් අහෝසි කිරීමට නම් ප‍්‍රථමයෙන් දකූණේ සමාජය උතුරේ සමාජය මත ආධිපත්‍යය පැටවීමට දක්වන අභිලාෂයට ව්‍යවහාරිකවම තිත තැබිය යුතුව ඇති බවත් පැහැදිලිය. උතුරේ සමාජයේ ජාතිකවාදය වියැකී යනු ඇත්තේ සැබවින්ම ඊට සමානුපාතිකව ය. මෙය හුදෙක් ස්වයංසිද්ධ ක‍්‍රියාවලියක් නොවන අතර දකුණේ කැපවීම අන්තර්ගත ශක්තියකින් ආරම්භවී සක‍්‍රීය විය යුත්තකි. පීඩිත ජාතිකවාදය පීඩක ජාතකවාදයේ ම නිමැවුමකි. තෙරපන්නෙකු නොමැති නම් තෙරපනු ලබන්නෙකු ද සිටිය නොහැකි ය. ගැටුම් සම්බන්ධ ආසන්න ක‍්‍රියාකාරිත්වය කුමන පාර්ශවයෙන් සිදුවුවත් යතාර්ථය එය යි. ධනපති පාලකයන් මෙහිදී බල දේශපාලනයේ ලාභ පාඩු ගණන් බලමින් කල්මැරීමේ පිළිිවෙතක් අනුගමනය කරමින් සිටින බව පැහැදිලි ය. දමිළ ජාතික ගැටළුවට සාධාරණ විසඳුම් සෙවීමට බල කෙරන හා සෑම ආකාරයකම ජාතිකවාදයන්ට එරෙහිව සටන් වැදීමේ විභවය ඇත්තේ සැබෑ වමේ ව්‍යාපාරයකට හා පුළුල් ප‍්‍රජාතන්තී‍්‍රය ව්‍යාපාරයකට බව අවධාරණය කරන අපි එවන් වමේ ව්‍යාපාරයක් හා පුළුල් ප‍්‍රජාතන්තී‍්‍රය ව්‍යාපාරයක් නගා සිටුවීමට කරන අරගලය පෙරට ගනිමින් ඒ සමග අතිනත ගෙන මෙම කි‍්‍රයාකාරිත්වයන්ට එරෙහිව ජන බලවේග පෙළ ගැස්වීමට සටන් වැදිය යුතු බව කියා සිටිමු.
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
No comments:
Post a Comment