ශ්‍රි ලංකාව- මැයි දිනය සහ කම්කරු අයිතිවාසිකම් - ලයනල් බෝපගේ



රාජ්‍ය අංශය බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ කිසි විටෙකත් ගැටුම්කාරී වී නැත.මෙම තත්ත්වය ගැන නොසළකා සහ උපදේශනයකින් තොරව ජනාධිපතිවරයා විසින් මෙම වසරේ වෙසක් සතියක් පැවැත්වීමට නියමිතය යන්න කඩතුරාවක් ලෙස යොදා ගනිමින් මැයි දිනය කල් තබන්නට ඒකමතිකව තීරණය කොට ඇත.ඊයේ ස්වදේශ කටයුතු පිළිබඳ  අමාත්‍යවරයා  විසින් නිකුත් කරන ගැසට් නිවේදනයකින් මැයි 1 ට යෙදී ඇති මැයි දින නිවාඩුව අවලංගු කර තිබේ.

71 අරගලය විමර්ෂණයට වැදගත් කරුණු කීපයක් . . .


”වහලූන් සහ පෑගී සිටින ජනතාව අධීපතිනට එරෙහිව කැරළිගසා නැගී සිටිය හොත් ධනවාදයේ සභ්‍යත්වය හා සාධාරණත්වය ස්වකීය නග්න හා කෲර ස්වරූපයෙන් පෙනී දිටිනු ඇත. එවිට ඒ සභ්‍යත්වය සහ සාධාරණත්වය මෙලෙච්ඡත්වය හා නීති රහිත පළි ගැනීමක් ලෙස විවෘතව පෙනී සිටීයි.”
ප‍්‍රංශයේ සිවිල් යුද්ධය-මාක්ස් 
පැගි සිටින ජනතාවක් වහල්බායට එරෙහිව නැගී සිටන විට ලොව කොතැනකත් අධීපතීන් කරන්නාක් මෙන්  ලංකාවේදී ද අධිපතීහු  1971 අරගලය නග්න හා කෲර ස්වරූපයෙන් මර්ධනය කර දමනු ලැබූහ. ධනවාදයේ සභ්‍යත්වය හා සාදාරණත්වය මුලූගැන්වී පෙරට පැමිණියේ මෙලෙච්ඡත්වය හා නීති යෙන් තොර වියරු පළිගැනීමය. පැරණි කාව්‍ය සංග‍්‍රහවල වර්ණිත ‘ගංගා කොමලියන් ’ තුල අධිපතීන් දුටුවේ   මරා දමනු ලැබූ ස්ත‍්‍රීන් හා පුරුෂයන්ගේ මළ ක`දන් පාකර හැරිය හැකි  ජල ක`දන්ය.

ධනවාදය අර්බූය කරා යන්නේ ඇයි ?


ධනවාදය යනු මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙන්වු ව්‍යාකූල නිෂ්පාදන ක‍්‍රමයකි. එය මිනිස් සමාජය සදාතිනික අර්බුදයන් තුලට ඇද දමයි. ඇයි එය මෙලෙස නිරන්තර අර්බුදයන් කරා යොමුව පවතින්නේ ?
2007-08 වර්ෂය අපි එතෙක් නොදැක තිබු ලෝක ආර්ථික අර්බුදයක් අපේ දෙනෙත් ඉදිරියේ විද්යා්මාන කළේය.  දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සිට නිළ වශයෙන් ප‍්‍රකාශිත ආර්ථික පසුබැසීම් අවස්ථා හතකි. එහෙත් ඒ සෑම එකක්ම අනතුරුව සාපේක්ෂ වශයෙන් වේගවත් ප‍්‍රකෘති තත්ත්වයක් ලබා ගැනීමට සමත්විය. 2007-08 දී තත්ත්වය වෙනස් මුහුණුවරක් ගත්තේය. එවිට ප‍්‍රතෘති තත්ත්වයක් හෝ වර්ධනයක් අත්කරගන්නා බවක් පෙනෙන්නට නොවීය. යුරෝපය පුරා වැටුප් වර්ධනය ඇනහිටියේය, රැුකියා වියුක්තිය හා ජීවන වියදම ඉහළ ගියේය, මේ සමග ආණ්ඩු මහජන සේවාවන් කප්පාදුකරමින්  ලූහුපෙවෙත දේශනා කරන්නට විය. ජනතාවට කියා සිටියේ වෙනත් විකල්පයක් නැති බවය. එනිසා ඔවුන් එය වි`ද දැරියයුතුම විය. 

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...