පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය ගෙන රාජ්‍යය තමන් අතට ගැනීමේ න්‍යාය

“ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදයට, නිර්ධන පංති විප්ලවයට සමුදෙයි!” යනුවෙන් "එල්ලය" නොව "ධාරණ" බ්ලොග් අඩවියේ පළ වූ අපේ ලිපියට ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු පෙරේරා සහෝදරයා ලියා තිබූ "අනුර දිසානායකගේ පර්ත් කථාව - විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයට පිළිතුරක්" නම් ලිපිය අද දේශපාලන සංවාද බිමෙහි  සැබවින්ම වාද පිටියෙහි රජ කරන උසාවි තර්කවාද කලාවට වෙනස්ව  සාධනීය සංවාදයකට  කැඳවුම් කරන්නකි. පමා වී හෝ ඉන් මතුකර තිබූ කේන්ද්‍රීය කරුණු කිහිපයක් ගැන  සංවාදයක් ගොඩ නැගීම වැදගත් ය යනු අපේ අදහස ය. මෙහි දී අප අවධානය යොමු කරන්නේ  “වැඩ කරන ජනතාවගේ පක්ෂයකට” පොදුවේ ගත් කල වාමාංශයට පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය අනතුරුව රාජ්‍ය බලය ද තමන් අතට ගෙන ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ හැකි ය යන ප්‍රවාදය යථාර්ථවාදී ද යන්න පිළිබඳව ය.  

ජවිපෙ හා ජාජබ වෙනුවෙන් අපට පිළිතුරු සපයන රමිඳු සහෝදරයා සිය විවේචනය ගොඩ නගන්නේ  මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ යයි අප කියනවාය යන පිළිගැනීමේ සිට ය. “මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ නම් බලය අල්ලා ගැනීමේ විකල්ප මාවත කෙබඳු විය යුතු දැ”යි ප්‍රශ්න කරන ඔහු මේ ගැන නිශ්චිත අදහසක් විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය ඉදිරිපත් නොකරන බව කියා සිටියි.

මාක්ස්ගේ ප්‍රාග්ධනය තේරුම් ගැනීම ....

 



                 “ ධනේශ්වරයට කිසිදාක නැවත නැගිටින්න  බැරිවෙන්න  න්‍යායික ප්‍රහාරයක් එල්ල කරන්න  මාක්ස්    සමත් වුනා.    14 සැප්තැම්බර් . 1867 දින ප්‍රාග්ධනය එළිදක්වමින්. පළමුවරට ධනවාදයේ සැබෑ ක්‍රියාකාරිත්වය දෙසට ලෝකයේ අවධානය යොමුකරවමින්  ප්‍රාග්ධනය දේශපාලන ආර්ථික විද්‍යාව විප්ලවීයකරණයට ලක් කරනු ලැබුව.

වර්තමානයේ වෙළඳ භාන්ඩ අපේ එදිනෙදා ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිර ගිය,  අපට  ඉතා සමිප, හුරු පරුදු දෙයක් බවට පත්ව ඇත. වෙළඳ භාන්ඩ සම්බන්ධයෙන් වගේම වෙළඳ පොල ප්‍රෙභ්දයන් - එනම් එහි මූලික නියාමයන් - මුදල්, වැටුප්, ලාබය, බදු,  වැනි දේ පිළබඳව විශ්ලේෂණය කිරීමකින් තොරව ම පිළිගැනීමට සමාජය  පෙළඹී සිටි. ඒවා මිනිසාගේ  පාලනයෙන් තොර, මිනිසාට  තේරුම්ගත නොහැකි,,මිනිස් මොළයේ පහළවෙන ගුප්ත පරාවර්තනයන් ලෙස සළකනු බලයි. ඒ නිසාම ඒවා තේරුම් ගැනිමට ගැඹුරු විද්‍යාත්මක විශ්ලේෂනයක් අත්‍යාවශ්‍ය ය. ආගම වැනි අධි -ඉන්ද්‍රීය බලවේගයන් ගේ ස්වරූපය ගත් මේ වෙළඳ පොල නියාමයන් පිළිබද ගුප්ත ලෝකයෙන් මිනිසා සම්පූර්ණයෙන්ම  සහ සදහටම ඈත්කර තැබීමට මාක්ස්ට අවශ්‍ය වුනා. මිනිසා මේ භෞතිකමය ලෝකයේ  පරිනාමීය ක්‍රියාවලියක එක් ස්වභාවික පුරුකක් පමණක් බවත්  මිනිස් සමාජය, නිෂ්පාදනය හා බෙදාහැරීමේ සංවිධානය ලෙසත් ධනවාදය මානව සමාජයට එළඹිය හැකි උච්ඡතම අවධිය නොව, එය හුදෙක් සමාජ සංවර්ධනයේ තවත් එක් අවධියක් පමණක් බවත්    අවබෝධ ගැන්වීම මාක්ස්ගේ අරමුණ වුනා.  මෙහිදී මාක්ස්ගේ  මුළු ශක්තිය යෙදවූයේ  කිසියම් උත්තරීතර පුද්ගලයකුගේ  මනෝමය ආස්ථානයන් ආශ්‍රෙයන්  විෂයට ප්‍රෙව්ශවීමට නොව, සමාජය , මානව ක්‍රියාකාරිත්වය සමස්ථයක් ලෙස ගෙන ඒ හරහා ප්‍රෙව්ශවීමටය.

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...