අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප‍්‍රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
ප‍්‍රජාතන්ත‍්‍රප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්‍යාපාරයට අප ඉදිරිපත්කළ සංක්ෂිප්ත දැක්ම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒ සඳහා වූ අරගලය
1. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ ස්ථාවරයේ පදනම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික වශයෙන් දේශපාලන ක‍්‍රමවේදයක් වන අතර ආයතනයක් හෝ සංවිධානයක් තුළ තීරණ ගැනීමේ ක‍්‍රමවේදයක් ද වේ.
එහි මුල් ගී‍්‍රසිය, මෙසපොතේමියාව, ඉන්දියාව ආදී තැන්වල දැකිය හැකි වුව ද නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රභවය හා හැඩගැසීම ඓතිහාසික සමාජ සංවර්ධනය තුල සිදුවන ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රභවයත් එහි සංවර්ධනයත් සමග සමානුපාතිකව සිදුවන බව දැකිය හැකි ය.
නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එහි සාමාන්‍ය පොදු අර්ථයෙනුත් ඓතිහාසික අර්ථයෙනුත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි.
ඒ අනුව එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. එහි හැඩයන් කවර ආකාරයක වුවත් ධනේශවර දේශපාලන ක‍්‍රමවේදයකි.
පංතීන් පවත්නා තෙක් දේශපාලන ක‍්‍රමවේදයන් පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ඊට අයත් වෙයි.
යාපනයේ සරසවි සිසු ගැටුම - යහපාලනයේ නොහැකියාවෙන් වීරවංශලා උඩ යති

යාපනයේ සරසවි සිසු ගැටුම - යහපාලනයේ නොහැකියාවෙන් වීරවංශලා උඩ යති

සෝමවංශ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරවදැක්වීම හා වාම සංස්කෘතිය
සෝමවංශ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ගොස් මම එහි රැදි සිටි කාලය තුල ලංකාවේ වාමාංශිකයන්ගේ නොදියුනු සංස්කෘතිය මනාව නිරීක්ෂණය කෙළෙමි. ජවිපෙ අය පෙරටුගාමින්ගේ මුහුණ බලන්නේ නැහැ. පෙරටුගාමිනුත් පැත්ත පලාත බලන්නේ නැහැ. නන්දන ඇතුළු තව හිටපු තනි චරිතත් එසේමයි. ඇයි මේ කථාකරනවා තියා මුහුණවත් බලන්නේ නැත්තේ? දේශපාලනිකව වෙන්වීම, මතවාද වෙනස්වීම පුද්ගලික කාරණා නෙමෙයිනේ. දේශපාලන කාරණා. ඒක පුද්ගලිකව ගන්ඩ ඕනද? කිහිප දෙනෙකුට පුද්ගලික කාරණා තියෙන්න පුළුවන්. පොදුවේ තියෙන්න බැහැනේ. නමුත් එතනට ආපු ධනේශ්වර දේශපාලනඥයන් සමග නම් සමහර වම්මුන්, වම ඇත ඇර දාපු හිටපු වම්මුන් පැන පැන තමයි කථා කරන්නට උනේ. ටී වී නිවුස්ටික බලපුවාම හොඳට පේනවානේ. මං හිතන්නේ මේ ධනේශ්වර දේශපාලනඥයන් කැඩිච්ච අයට වඩා සමාජ විප්ලවයට හිතකර ඇති.
ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය- විශ්ලේෂණාත්මක ඇගයුමක්
අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බව අපි දනිමු. මෙවන් පසුබිමක ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප‍්‍රතිවිරෝධතාවන්ට කෙතරම් අභියෝගවලට මුහුණපෑවත්, අර්බුද මැද්දේ වුවත් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බව ද අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, කළ හැකි බවත් එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමුු.
ලංකාව වාම දේශපාලන ක‍්‍රියාකාරිත්වයට පිවිසියේ දශක අටකටත් එපිට දී ය. විසල් ක‍්‍රියාකාරී සමාජවාදී ව්‍යාපාරයක් මෙහි පැවතුනි. එහෙත් ඕනෑම සමාජවාදී ව්‍යාපාරයක ආරම්භයේ පවතින ආධුනිකත්වයෙන්, අපැහැදිලිතාවයෙන් මිදී පරිණත සැබෑ සමාජවාදී ව්‍යාපරයක් වීමට එය අසමත් වූයේ ය. අද දක්වාම එය නිවැරදි දෘෂ්ටියක්, වැඩපිළිවෙලක්, කි‍්‍රයාමාර්ගයක් හා උපක‍්‍රම ගොඩ නගා ගැනීමට අසමත්ව තිබේ.
මේ මොහොත සමාජවාදී ව්‍යාපාරය නිවැරදි දෘෂ්ටියක්, වැඩපිළිවෙලක්, කි‍්‍රයාමාර්ගයක් හා උපක‍්‍රම මත ගොඩනැගීමට ප‍්‍රවේශ විය යුතු මොහොතකි. එසේ නොමැතිව හෙට දවසේ ධනවාදය පරාජය කිරිම තබා එයට අභියෝග කිරීම ගැනවත් සිතීම අසීරු ය. එහෙත් සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීම ආවාට ගියාට කළ හැක්කක් නොවේ. එය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද ගැඹුරින් කෙරෙන අධ්‍යයනයක් මැද්දේ ඉටු කළ යුතු කාර්යයකි.
මෙම කෘතියෙන් අපගේ අවධානය යොමුකර ඇත්තේ ලංකාවේ වාම ව්‍යාපාරය සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ලෙස ගොඩ නොනැගීමට හේතූ වු කරුණු පිළිබඳව රුසියාවේ බොල්ෂෙවික් ව්‍යාපාරය සමග ගෙන සංසන්දනාත්මක අධ්‍යයනයක් ඇසුරෙන් විශ්ලේෂණයක යෙදීම යි.
අප මෙවන් ප‍්‍රවේශයක් ගෙන ඇත්තේ මාක්ස්වාදය-ලෙනින්වාදය යල් පැනගිය න්‍යායක් ලෙස හුවා දැක්වීම මෝස්තරයක් හා සංස්කෘතියක් බවට පත්ව තිබෙන සන්දර්භයක් තුළ ය යන්න ගැන මනා වැටහීමකින් යුතුව ය. මාක්ස්වාදී-ලෙනින්වාදී පොතේගුරුවාදයෙන් මිදී වත්මන් ගෝලීය ධනවාදයේ නව තත්ත්වයන්ට ගැලපෙන ලෙස කටයුතු කිරීමේ කාලීනභාවය පිළිබඳව හිටපු මාක්ස්වාදීහු මෙන්ම සුළු ධනපති න්‍යායාචාර්යවරු ද අනුශාසනා කරති. පංති අරගල මාවතෙන් බැහැරව සිවිල් සමාජ ව්‍යාපාර අරගල හරහා කරන මැදිහත්වීමකින් ධනවාදය වඩාත් මානුෂීයකරණයට ලක්කර ගත හැකි යයි ඔවුහු බොහෝ දෙනා කියා සිටිති. මෙය නව සොයාගැනීමක්වත්, නව ප‍්‍රවේශයක්වත් නොව එංගල්ස්ගෙන් පසු ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුළ අධිපතිත්වය ලැබුවා වූ ද පසුව බොල්ෂෙවික් විප්ලවය විසින් නිෂේධ කරනු ලැබූවා වූ ද ප‍්‍රතිසංස්කරණවාදී පංති සහයෝගිතාවාදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයම ‘‘ගෙඩි පිටින්ම’’ නැවත ඔසවා තැබීමකි. එවිට එය මේ මහත්වරුන්ට පොතේගුරුවාදය නොවේ!
ලාභය උපරිමයකර ගැනීමේ අභිලාෂයෙන් සියලූ දේපළ හා වස්තුව අන්තිම අංශුව පවා පෞද්ගලිකව අත්පත්කර ගැනීමේ මාරාන්තික තරගයක යෙදී සිටින ධනවාදය එහි ස්වභාවයෙන්ම එකී අභිලාෂයට ප‍්‍රතිපක්ෂව නැගී සිටින නිෂ්පාදනය- භාණ්ඩ හා සේවා එන්ට එන්ට සමාජීයකරණය කරන්නා වූ කි‍්‍රයාවලියක් ඔස්සේ විසඳිය නොහැකි ප‍්‍රතිවිරෝධයක් නිර්මාණ කර තිබෙන බව අපි දකිමු. එහි තීරක ප‍්‍රතිවිරෝධය වන මෙය වැඞීයාම කිසිලෙකින්වත් නවතන්නට ධනවාදයට නොහැකි ය. එහි නෛසර්ගික ගතිකය එයයි. එයින් කියන්නේ නව ගුණාත්මක අදියරයක් (සමාජවාදයෙ) කරා ප‍්‍රවිෂ්ඨ වීමේ විප්ලවීය ගතිකත්වයක් ධනවාදය විසින්ම නෛසර්ගිකව නිර්මාණය කරනු ලබන බව ය. එහෙත් අචේතනික සොබා දහම තුළවන ප‍්‍රතිවිරෝධයන් මෙන් අචේතනිකව සචේතනික මිනිස් සමාජය තුළ ප‍්‍රතිවිරෝධතා විසඳෙන්නේ නැත. ඒවා මානවයා විසින්, මානව කණ්ඩායම් විසින් සචේතනිකව විසඳිය යුතු ය. ධනවාදයේ මේ පදනම් ප‍්‍රතිවිරෝධය විසඳිය හැක්කේ ඒ සඳහා වන ද්‍රව්‍යමය අවශ්‍යතාව තිබෙන මිනිස් සමූහයන්ට පමණි. එනම් නිර්ධන පංතිය ප‍්‍රමුඛ පීඩතයින්ගේ සචේතනික සංවිධානමය කි‍්‍රයාකාරිත්වයකට පමණි. එහිදී ඔවුන්ට මෙම කාර්යභාරයට මග පෙන්වන හා නායකත්වය සපයන ඔවුන්ගේම සංවිධානයක් එනම් විප්ලවීය පක්ෂයක් තිබිය යුතුය. ධනේශ්වර හෝ සුළු ධනේශ්වර පක්ෂ පසු පස යාමෙන් හෝ ඒවා ප‍්‍රජාතන්තී‍්‍රය කර ගැනීමෙන් නිර්ධන පංතිය ඇතුළු සුවිශාල පීඩිත ජනතාවන්ගේ සැබෑ අවශ්‍යතා ඉටු වන්නේ නැති බව තේරුම් ගන්නට මහා තර්ක ඥානයක් අවශ්‍ය නොවේ.
ධනේශ්වර හා සුළු ධනේශ්වර පක්ෂ හා කණ්ඩායම් වෙතින් මෙහි දී නැගෙන හා නැගිය හැකි විරෝධතා, විවේචන අපට තේරුම් ගන්නට පුළුවන. ඒවා නැගෙන්නේ ඔවුන්ගේ පංති අවශ්‍යතාවන්ට අනුව ය. එසේ වුව ද ඔවුන්ගේ විවේචනවලට පාදක වන බොහෝ වැරදි සමාජවාදී ව්‍යාපාරය තුළ සිදුව ඇති බව ඇත්ත ය. ඒ වැරදි අපි නොපැකිල පිළිගත යුත්තෙමු. එහෙත් ඒ ඔවුන් යෝජනා කරන පරිදි ධනවාදයේ අනු ඛණ්ඩයක් බවට පත්ව තිබෙන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ධනවාදයේ වෙනත් කුමන හෝ රූපකායක් වෙතට පසු බැසීමට නොවේ. ඒවා නිවැරදි කර ගෙන සැබෑ නිර්ධන පංති ව්‍යාපාරයක් ගොඩ නැගීමට ය. ධනපති ක‍්‍රමය අහෝසි කිරීම කරා පෙරට යාමට ය. මාක්ස්වාදය අපට වැදගත් වන්නේ ඒ මිස මේ කාර්යය සඳහා මාර්ගෝපදේශය සැපයෙන අන් කිසිදු ප‍්‍රායෝගික දර්ශනයක්, කි‍්‍රයාමාර්ගික ප‍්‍රවේශයක් අප හමුවේ නොමැති නිසා ය. අනෙක් සියලූම ඒවා ක‍්‍රමයේ මූලික පදනම්වලට අත නොතබා ක‍්‍රමය යහපත් කරන්නට සිහින මවන ඒවා ය.
ධනවාදය බටහිර යුරෝපීය රටවල ප‍්‍රධාන නිෂ්පාදන මාදිලිය බවට පත්වෙමින් තිබූ ආරම්භක අවධියේම එහි වෙනස්වීම් හා එහි සංවර්ධනයේ දිශානතිය පැහැදිලි කිරීමට සමත් වූයේ මාක්ස්වාදය යි. ධනවාදයේ ගෝලීයකරණ ගතිකය මාක්ස් එංගල්ස් පෙන්වා දෙන්නේ 1848 තරම් ඈත දී ය. වත්මන් ධනේශ්වර ගෝලීයකරණයේ සංයුක්ත කාරණා එදා ගෙන හැර දැක්විය නොහැකි බව කිව යුතු නොවේ. එහෙත් එහි නෛසර්ගික ස්වභාවය විශ්ලේෂණය කරමින් මාක්ස් එංගල්ස් ධනවාදයේ ගෝලීයකරණ ප‍්‍රවණතාව කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහි සටහන් කළේ මෙලෙස ය.
‘‘සිය නිෂ්පාදිතයන් සඳහා අනවරතව ව්‍යාප්තවෙමින් පවතින වෙළෙඳපොලක අවශ්‍යතාවය මගින් ධනපති පංතිය මුළුමහත් පොළෝ තලය සිසාරා ලූහුබඳින්නේ ය. එය හැමතැනටම තුරුළු විය යුත්තේ ය, හැම තැනම පදිංචි විය යුත්තේ ය, හැම තැනම සබඳතා ගොඩ නගා ගත යුත්තේ ය.
ධනේශ්වර පංතිය ලෝක වෙළෙඳපොළ සූරාකෑම තුළින් සෑම රටකම නිෂ්පාදනයට හා පරිභෝජනයට විශ්වව්‍යාපී ස්වභාවයක් දී තිබේ. එය ප‍්‍රතිගාමීන් මහත් කණස්සල්ලට පත් කරමින් කර්මාන්තය එය රඳා සිටි ජාතික පදනම එහි පා යටින් ඇද දමා තිබේ. සියලූ චිරාගත-ස්ථාපිත ජාතික කර්මාන්ත විනාශකර දමනු ලැබ තිබේ. නැතහොත් දිනපතා විනාශකර දමනු ලබමින් තිබේ. සියලූ ශිෂ්ට ජාතීන් හමුවේ ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයක් බවට පත්වන නව කර්මාන්ත හඳුන්වා දීම මගින්, තවදුරටත් ස්වදේශීය අමුද්‍රව්‍යවලින් නොව ඈත එපිට කලාපවලින් ගෙන එන අමුද්‍රව්‍යවලින් වැඩ කරන කර්මාන්ත මගින්, සිය රටේ පමණක් නොව ලෝක ගෝලයේ සෑම දිග් භාගයකම පරිභෝජනයට ගනු ලබන භාණ්ඩ නිපදවන කර්මාන්ත මගින් ඒවා ඉවත දමනු ලැබේ. රටේ නිෂ්පාදනය මගින් සපුරන ලද පැරණි අවශ්‍යතාවන් වෙනුවට ඒවායේ අවශ්‍යතා සපුරනු සඳහා ඈත හා විවිධ දේශගුණ සහිත රටවල නිෂ්පාදිත අවශ්‍ය කරන නව අවශ්‍යතාවන් අපට හමුවේ. පැරණි ප‍්‍රාදේශීය හා ජාතික හුදෙකලාභාවය හා ස්වයං පෝෂිතභාවය වෙනුවට සෑම දිසාවකින්ම සිදු වන අන්තර් කි‍්‍රයාකාරිත්වයක් ද ජාතීන්ගේ විශ්වීය අන්තර් රැුඳියාවක් ද අපි දකිමු....’’
‘‘ධනේශ්වර පංතිය අවුරුදු සියයකටත් අඩු සිය පාලන කාලය තුළ සියලූ පූර්ව පරම්පරාවන් විිසින් එකතුව කරන ලද නිර්මාණයන්ට වඩා යෝධ වූ ද අති දැවැන්ත වූ ද නිෂ්පාදන බලවේග නිර්මාණයකර තිබේ. සොබාදහමේ බලවේගයන් මිනිසාට යටත් කිරීම, යන්ත‍්‍රසූත‍්‍ර, කර්මාන්තයට හා කෘෂිකර්මයට රසායනය යෙදීම, වාෂ්පබල නෞකා ගමනාගමනය, දුම්රිය, විදුලි පණිවිඩ ක‍්‍රමය, වගාව සඳහා මුළුමහත් මහාද්වීප හෙළි කිරීම, ගංගා වාරිමාර්ගීකරණය, භූමිය මත සමස්ත ජනගහනයන් ප‍්‍රා¥ර්භූත කිරීම ආදී එවැනි නිෂ්පාදන බලවේග සමාජීය ශ‍්‍රමයේ උකුලෙහි සැතැපුණු බවට අපේක්ෂා මාත‍්‍රයක් පවා පෙර සියවසහෙි තිබුණේ ද?’’
මෙහි නිෂ්පාදිතයන් වෙනුවට මූල්‍ය ප‍්‍රාග්ධනය ආදේශ කරන්න. යන්ත‍්‍රසූත‍්‍ර, විදුලි පණිවිඩ ක‍්‍රමය ආදියට පසු රොකටය, පරිගණකය, තොරතුරු තාක්ෂණය එකතු කරන්න. වත්මන් ගෝලීයකරණ කි‍්‍රයාවලිය ඔබ හමුවේ මැවී පෙනෙන්නේ නැති ද?
මාක්ස් එංගල්ස් මෙසේ ද කීහ.
‘‘නිෂ්පාදන උපකරණ ද එමගින් නිෂ්පාදන සබඳතාවන් හා ඒ සමග සමාජයේ මුළුමහත් සබඳතාවන් ද අනවරත විප්ලවීයකරණයට භාජනය කිරීමෙන් තොරව ධනපති පංතියට පැවතිය නොහැකි ය....’’
වත්මන් ගෝලීයකරණය යයි අලූතෙන් සොයා ගත් දෙයක් වශයෙන් ගෙන හැර පාන කි‍්‍රයාවලිය තුළ සිදු වන්නේ ඒ විප්ලවීයකරණය නොවේ ද? ඊයේට වඩා අද අදට වඩා හෙට ධනේශ්වර ක‍්‍රමය පවතින තාක් කල් විශ්මයජනක නිර්මාණ කරනවා ඇත. එය අප ඔලූ අවුල්කර ගෙන ඉබාගාතේ වියරුවෙන් දිවිය යුතු තත්ත්වයක් නොවේ. ධනපති ක‍්‍රමයේ ස්වභාව නිරූපී ලක්ෂණයකිි. අප කළ යුත්තේ ඔලූව සන්සුන්ව තබා ගෙන තත්ත්වය අවබෝධකර ගැනීම හා ඊට අනුව වැඩපිළිවෙලවල්, කි‍්‍රයා මාර්ග, උපාය උපක‍්‍රම නිර්මාණය කර ගැනීමට කි‍්‍රයා කිරීම ය.
මාක්ස්ට එංගල්ස්ට එම දැක්ම තිබුණි. ලෙනින් තවත් ඉදිරියට ගියේ ය. යෝධ ඒකාධිකාරයන්ගේ හා භාණ්ඩ අපනයනය වෙනුවට ප‍්‍රාග්ධන අපනයනයේ අවධියට එළඹීම මගින් ධනේශ්වර ක‍්‍රමය එහි උච්ච අවධියට, මූල්‍ය ප‍්‍රාග්ධනය අධිපතිත්වය කරා නැගි අවධියට, අධිරාජ්‍යවාදයේ අවධියට (ගෝලීයකරණයේ අවධියට) එළඹි අන්දම ලෙනින් විග‍්‍රහකර දැක්වීය. එය සැබෑ නිෂ්පාදනයෙන් වෙන්වීම හා අති විශාල වශයෙන් පොලී කන බලයක් බවට විපර්යාස වීම හා එනයින් සම්පූර්ණ පරපුටු බලයක් බවට පත් වීම මේ යුගයේ ධනවාදයේ ස්වභාව නිරූපී ලක්ෂණය වන බව පෙන්වා දුන්නේ ය. පරිගණක හා තොරතුරු තාක්ෂණ විප්ලවයෙන් සිදුවූයේ එම ස්වභාව නිරූපී ලක්ෂණය එහි පරිණතිය කරා ගමන් කිරීම ය. ලෙනින් විසූ අවධියේ ගෝලීයකරණය එහි පරිණතිය බවට පත් වූයේ නැත. එහෙත් මේ අවධිය ඉතිහාසීය වශයෙන් ධනවාදයේ අවසාන අවධිය වන අන්දම, එහි සෑම විප්ලවීය හැරවුමක්ම එහි කුණුවීම, පිටකටුව වඩ වඩාත් සන්ධාරයට නොගැලපෙන තත්ත්වය කරා ගෙනයාම තීව‍්‍ර කරන අන්දම ලෙනින් පෙන්වා දුන්නේ ය. ප‍්‍රායෝගික දේශපාලන අර්ථයෙන් ගත් කල ධනපති ක‍්‍රමය තවත් සැලකිය යුතු කාලයක් අල්ලා සිටිනු ඇත. මන් ද එය ඉබේ බිඳ වැටෙන්නේ නැති හෙයිනි.
ලෝකය තේරුම් ගැනීම සහ වෙනස් කිරීම සඳහා එහි අවශ්‍යතාවෙන් වැඩියෙන්ම පෙළෙන ජනගහණයේ සුවිශාලතම බලවේගයවන නිර්ධන පංතිය ප‍්‍රමුඛ පීඩිත ජන සන්නිපාතයට මාර්ගෝපදේශකත්වය සපයන ආඪ්‍යතම ප‍්‍රායෝගික දේශපාලන දර්ශනය හා කි‍්‍රයාමාර්ගය ලෙස නැගී සිටින්නේ මාක්ස්-ලෙනින්වාදය යි. ඒ තැන හිමිකර ගන්නට මාක්ස්වාදී නොවන අන් කිසිදු දර්ශනයකට, කි‍්‍රයාමාර්ගයකට හැකියාවක් නැත. එය ප‍්‍රායෝගික ද්‍රව්‍යමය බලයක් බවට හා වාස්තවික යථාර්ථයක් බවට පරිවර්තනය කරමින් සිය රටේ නිර්ධන පංතිය හා පීඩිතයින්ට පමණක් නොව ලෝකයේම නිර්ධනීන්ට හා පීඩිතයින්ට මාර්ගෝපදේශය ලබා දීමේ ගුරු පොත වූයේ රුසියාව ය. ඕනෑම රටක විප්ලවීය සමාජවාදී ව්‍යාපාරයක් උකහා ගතයුතු මූලික සාරය එහි අඩංගු වෙයි. මාක්ස්වාදී දෘෂ්ටිවාදයෙන් සන්නද්ධවීම, අවස්ථාවාදයට එරෙහි අඛණ්ඩ අරගලය, වෘත්තීය විප්ලවවාදීන්ගෙන් සමන්විත විප්ලවීය පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදී සංවිධාන විධික‍්‍රමය, පැහැදිලි පක්ෂ වැඩපිළිවෙලක් හා බහුජන ව්‍යාපාරය මත පදනම් වූ පංති අරගල කි‍්‍රයාමාර්ගය ආදී වැදගත් ලක්ෂණවලින් එකී සාරය නිර්මිත වෙයි. ඒවා කිසිසේත් යල්පැන ගිය හෝ යන ඒවා නොවේ. අපේ හැදෑරීම්වලදී මෙන්ම අපේ ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග සකසා ගැනීමේදී මාක්ස්-ලෙනින්වාදය එහි අගනා භාවිතයන් අප ප‍්‍රවේශයක් කරගත යුත්තේ එනිසා ය.
ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ පිරිහීම සම්බන්ධයෙන් මෙන්ම නැගීම් සම්බන්ධයෙන් ද අපේ මෙන්ම බොහෝ (සමහරවිට සමස්ත) වාමාංශික දේශපාලන ක‍්‍රියාධරයන්ගේ දේශපාලන අවබෝධය ගොඩනගා ඇත්තේ එහි බාහිරෙන් පෙනෙන්නට ඇති සිදුවීම් හා හැසිරීම් රටාව මත බර තබා බව දැකිය හැකි ය. ඊටත් වඩා සරල ආකාරයෙන් සමාජවාදී ව්‍යාපාරය මැනීමට පොදු සමාජය ද ඒ අනුව පුරුදුවී සිටීම ඒ අනුව පුදුමයක් නොවේ. යමක් පිළිබඳ සාමාන්‍ය ඉන්ද්‍රීය ගෝචර දැනුම එය නිවැරදිව තේරුම් ගැනීමට ප‍්‍රමාණවත් නොවේ. විශේෂයෙන් සංකීර්ණ සමාජ ප‍්‍රපංචයක් වූ සමාජවාදී ව්‍යාපාරයක් එයාකාරයෙන් තේරුම් ගැනීම කළ නොහැක්කක්ම ය. ඒ තාක් එය ඒ සම්බන්ධ නිවැරදි දැනුමක් නොවන වග අපේ පසු කාලීන අධ්‍යයනයන් මගින් අපට ඒත්තු ගැන්වී ඇත. පැරණි සමාජවාදී ව්‍යාපාරයට (පැරණි වමට) අදාළව නම් එය ප‍්‍රතිසංස්කරණවාදයට, පාර්ලිමේන්තුවාදයට, සභාගවාදයට ඇදවැටීම ආදිය එහි පිරිහීම බාහිරට ප‍්‍රදර්ශනය වූ රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. නව සමාජවාදී ව්‍යාපාරයට (නව වමට) විශේෂයෙන් ජවිපෙට අදාළව ද තත්ත්වය එසේම ය. 88-89 අරගලය, හවුල් ආණ්ඩු දේශපාලනය, යුදවාදය හා වත්මන් නවීන සමාජවාදය වැනි ඒවා එහි පිරිහීම විදහාපාන රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. පොදු වශයෙන් ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ මෙකී ලක්ෂණ එහි පිරිහීම ඇති කරන, එය ජනනය කරන ගතික ගුණය නොව විය යුතු පරිද්දෙන් ම එහි නියමාකාර ඵලයන් ය. ඒ සඳහා හේතුකාරක ගුණය අඩංගුවන්නේ සමාජවාදී ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙහි ය. එය මාක්ස් ලෙනින්වාදී සාරයෙන් කෙතරම් නම් පිරී පවතින්නේ ද යන්න මගින් එම ගුණය තීරණය කෙරෙයි. පෙර සඳහන්කර ඇති පරිදි මාක්ස්වාදය මත තිරසරව පිහිටීම, කැපවූ වෘත්තීය විප්ලවවාදීන්ගෙන් සමන්විත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත විනය මත විප්ලවීය පක්ෂය ගොඩනැගීම හා පක්ෂ වැඩපිළිවෙල නිර්මාණයකර ගැනීම, අවස්ථාවාදයට එරෙහි නොනවතින අරගලය හා බහුජන ව්‍යාපාරය මත පදනම් වූ පංති අරගලය වැනි මූලික ගුණාංග ලංකාවේ පැරණි හා නව සමාජවාදී ව්‍යාපාරය තුළ අඩංගුවූයේ ද යන්න විමර්ශනය කළ යුතු ය. ඒ මගින් අපට එහි අභ්‍යන්තරය විනිවිද යමින් ඒ සම්බන්ධයෙන් සැබෑ දැනුමක් අත්කරගත හැකි ය. ලංකාවේ සමාජවාදයේ ජයග‍්‍රහණය සඳහා විප්ලවවාදී දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ ද එසේම පොදු පීඩිත ජනතාවගේ ද පංති සවිඥානකත්වය ඉහළ දැමීමට, ඔවුන් සංවිධානය කිරීමට මූලික වශයෙන් අපේ සමාජවාදී ව්‍යාපාරයේ හරය තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය වැදගත් සාධකයක් බව අපේ පිළිගැනීම ය. මෙම කෘතිය ඒ සඳහා ප‍්‍රමාණවත් යයි අපි නොකියන නමුත් ඒ සඳහා ප‍්‍රවේශයක් කරගත හැකි යයි විශ්වාස කරමු.
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය වශයෙන් ගොනු වී වැඩකරන අප සැබෑ සමාජවාදි ව්‍යාපාරයක් ගොඩනැගීම උදෙසා වසර ගණනාවක් තිස්සේ විවිධ ප‍්‍රයත්නයන්හි නියැලූණා වූ ද එලෙසම එම ප‍්‍රයත්නයන්ට අලූතෙන් සම්බන්ධ වෙමින් සිටින්නා වූ ද ක‍්‍රියාකාරීන් හා ක‍්‍රියාකාරිනියන්ගෙන් යුතුව ගොඩ නැගෙමින් පවතින නව සංවිධානයකි. අපේ ප‍්‍රවේශය මෙම කෘතියේ ‘‘නව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අපේ ඉදිරි දැක්ම හා ප‍්‍රවේශය’’ යන්නෙහි සංක්ෂිප්තව දක්වා ඇත. සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය පිළිබඳ පළල් අධ්‍යයනයක් අවශ්‍ය බව අපගේ අදහස යි. මෙම කෘතිය එළි දකින්නේ එම පියවරේ පළමු පියවර වශයෙනි.
මෙම කෘතියෙන් ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන පාඨකයාගේ දැනුම වර්ධනය වනු නොඅනුමාන ය. එහෙත් අපේ අරමුණ හුදු දැනුම වර්ධනය කිරීමක්ම නොවේ. කි‍්‍රයාකාරිත්වයට මග පෙන්වන ඓන්ද්‍රිය දැනුමක් වර්ධනය කිරීම ය. අප මෙම කෘතියෙන් විශේෂයෙන් ආමන්ත‍්‍රණය කරන්නේ සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අපේක්ෂාවෙන් පෙළෙන, ඒ වෙනුවෙන් කි‍්‍රයාකරන හා කි‍්‍රයාකිරීමට ප‍්‍රයත්න දරන මිනිසුන්ට හා ගැහැණුන්ට බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
Subscribe to:
Posts (Atom)
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ වෙනත් සමාජ ක‍්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...