සෝමවංශ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරවදැක්වීම හා වාම සංස්කෘතිය

සෝමවංශ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ගොස් මම එහි රැදි සිටි කාලය තුල ලංකාවේ වාමාංශිකයන්ගේ නොදියුනු සංස්කෘතිය මනාව නිරීක්ෂණය කෙළෙමි. ජවිපෙ අය පෙරටුගාමින්ගේ මුහුණ බලන්නේ නැහැ. පෙරටුගාමිනුත් පැත්ත පලාත බලන්නේ නැහැ. නන්දන ඇතුළු තව හිටපු තනි චරිතත් එසේමයි. ඇයි මේ කථාකරනවා තියා මුහුණවත් බලන්නේ නැත්තේ? දේශපාලනිකව වෙන්වීම, මතවාද වෙනස්වීම පුද්ගලික කාරණා නෙමෙයිනේ. දේශපාලන කාරණා. ඒක පුද්ගලිකව ගන්ඩ ඕනද?  කිහිප දෙනෙකුට පුද්ගලික කාරණා තියෙන්න පුළුවන්. පොදුවේ තියෙන්න බැහැනේ. නමුත් එතනට ආපු ධනේශ්වර දේශපාලනඥයන් සමග නම් සමහර වම්මුන්, වම ඇත ඇර දාපු හිටපු වම්මුන් පැන පැන තමයි කථා කරන්නට උනේ. ටී වී නිවුස්ටික බලපුවාම හොඳට පේනවානේ. මං හිතන්නේ මේ ධනේශ්වර දේශපාලනඥයන් කැඩිච්ච අයට වඩා සමාජ විප්ලවයට හිතකර ඇති.

අවස්ථාවාදයට තදින් පහර දෙන්ඩ ඕනේ. නමුත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් තමන්ගෙන් දේශපාලනිකව වෙන්වුණාට පංති අරගලය තුළ සිටින තුරු , පංති අරගලයට හරස් නොවන තුරු ඹවුන් සමාජ විප්ලවයට වටිනා මිනිස්සු. ලෙනින්ලා වැඩ කළේ එහෙමයි. මේක තේරුම් ගන්ඩ බැරි වම්මුන් අති බහුතරයක් සිටීම තමා ඛේදවාචකය.
වාම ව්යාටපාරයට දැනට දශක අටකට වඩා වැඩි ඉතිහාසයක්  ඇතිවා සේම මෙම නොදියුණු සංස්තෘතියට ද එවැනිම ඉතිහාසයක් පවතී. මෙය නව වමට මෙන් පැරණි වමට ද අදාල ය. ජවිපෙ මෙයට ප්‍රචණ්ඩ ආකාරයක් ලබා දුන්නේය.තම පක්ෂය හැර යන බොහෝ ක්‍රියාකාරීන් ද්‍රෝහීන් සේ සලකා ප්‍රතිචාර දක්වනු ලැබීය. පැරණි වම මෙන්ම නව වම ද දියුණු වාම සංස්කෘතියක් පැවැති රුසියානු බොල්ෂෙවික් සංස්කෘතිය පිලිබඳව අධ්‍යායනය කර අවබෝධකරගත් බවක් ඹවුන්ගේ භාවිතයන් තුලින් නොපෙන්වයි .
නව සජිවි දේශපාලන ව්‍යාපාරයක් බිහිකර ගැනිමේදි දියුණු වාම සංස්කෘතියක් තීරණාත්මක කාර්යභාර්යයක් ඉටුකරනු ලබයි සංවාද සාකච්ජා විවෘත තලයක් තුල පවත්වාගෙන යාමට දියුණු වාම සංස්කෘතියක් පැවැතීම අනිවාර්ය දෙයකි. රුසියානු සමාජ  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය ආරම්භවීමට ප්‍රථම රුසියාවේ  මාක්ස්වාදි කම්කරු කව රාශියක් පැවැතුනි. මෙම කව අතර මාක්ස්වාදය ගැඹුරින් අධ්‍යායනය කෙරුනු අතර ඔවුන් අතර තියුණු සාකච්ජා සංවාද පැවැතුනි . රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි පක්ෂයක් බිහිවන්නේ මෙවැනි පසුබිමක් තුලය.
නමුත් ලංකාවේ  සෑම වාම දේශපාලන  සංවිධානයක්ම වාගේ ක්‍රියාත්මක වන්නේ තම දේශපාලන සංවිධානයට සෙසු පක්ෂ, කණ්ඩායම්, කව  ආදිය එක්කෝ   උරාගැනිමට නැතහොත්  විනාශකර දැමීමේ උත්සාහයක් තුළයි.  එසේ නොමැතිව සෞඛ්‍යමවත් දෘෂ්ටිමය අරගලයක්    පවත්වාගෙන යමින් පලල් සාකච්ජා හා සංවාද තුලින්  එකඟත්වයට පැමිණිය හැකි සෑම දියුණු කොටසක්ම එක්සත්  කර ගන්නා පක්ෂයක්  බිහිකර ගැනිමට නොවේ. මෙම දැක්ම තුළ අනෙක් පක්ෂයක් හෝ කණ්ඩාමක් බොහෝ විට දකින්නේ  මිත්‍ර ප්‍රතිවිරෝධතා සහිත ඒවාට වඩා සතුරු ප්‍රතිවිරෝධතා සහිත ඒවා ලෙසිනි. ඉතින් සතුරන්ට ගහනවා හැර වෙන මොනවා කරන්ඩ ද? සහෝදරවරුනි, සහෝදරියනි මේ මාක්ස්වාදී ප්‍රවේශය නොවේ. රුසියාවේ පක්ෂය බිහි වූයේ කෙසේ දැයි බලන්න. ගත යුතු මූලික ප්‍රවේශය ඔබට පැහැදිලි වෙනවා ඇත. 
සෝමවංශ සහෝදරයාගේ මරණය තුලින් තවත් අලුත් කථා බහක් ආරම්භ වී තිබේ. සෝමවංශ යනු විප්ලවවාදියෙකු නොව අඩුතරමින් භෞතිකවාදියෙකුවත් නොවන ජාතිකවාදියෙකු හෙයින් වාමාංශිකයන් ඔහුට අවසන් බුහුමන් දැක්වීමට යාම  නොකළ යුත්තකැයි සමහර වාමාංශිකයෝ  තර්ක කරති. එවැනි පුද්ගලයෙකුට ගෞරව දැක්වීමේදි සමහර වාමාංශික පක්ෂ පමණ ඉක්මවා කටයුතු කර ඇති බව  මොවුහු කියා සිටිති. ඇත්ත ය. සෝමවංශ යනු අවසානයේ දී විප්ලවවාදියෙකුවත් භෞතිකවාදියෙකුවත් නොව  ජාතිකවාදියෙකු වූ බව ඇත්ත ය. එහෙත් ඔහු වැන්නකුගේ අවසන් කටයුතුවලට සහභාගිවීම විප්ලවීය මාක්ස්වාදීන්ට අකැප ද යන ප්‍රශ්ණය පිළිබඳව  කථාකිරිම වැදගත්ය. පුද්ගලයෙකු ජීවත්ව සිටින කාලය තුල නිර්ධන පංතිය ඇතුළු පීඩිත පංතීන්ගේ අරගලය තුල ඉටුකල සමස්ත කාර්යභාර්ය පිලිබදව ඇගයීමක් අවශ්‍යය .මෙම තක්සේරුව තුල ඔහුට / ඇයට වාමාංශිකයන් ගෞරව දැක්වීමේ මට්ටම තීරණය කල හැකිය . නමුත් පංතියට සතුරු නොවි සිටි පුද්ගලයන්ගේ මරණවලට සහභාගිත්වයට කිසිදු පදනමක් අයශ්‍යම  විය නොහැක . වාමාංශික  සංස්කෘතිය වන්නේ මෙය නෙවේද .
සෝමවංශ සහෝදරයාගේ වාමාංශිකත්වය බොහෝ අය ප්‍රශ්ණ කරන්නේ දෙමල ජාතික ප්‍රශ්ණය පිලිබදව ඹහුගේ ආස්ථානය දෙස බැලිමෙනි . මගේ තක්සේරුවට අනුවනම් ඔහු මියයන තුරාම ඔහුගේ ස්ථාවරය වුයේ ජවිපේ මතවාදයයි . පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මතවාදය ද මීට සමාන වුවකි .ක්‍රියාමාර්ගවල යම් වෙනස්කම් පැවැතිය  හැකිය . ජවිපේ , පෙරටුලාමින්ගේ , සෝමවංශගේ යම් යම් ක්‍රියාමාර්ගවල වෙනස්කම් පසුගිය කාලය තුල දක්නට  තිබුනි. පැරනි වමේ පක්ෂද අඩු වැඩි වශයෙන් ජාතිකවාදයට හිමිකම් කියයි .ජාතිකවාදයට ගොදුරු නොවුවේ  කුඩා වාම කංඩායම් කිහිපයක්  පුද්ගලයන් සුළුතරයක් පමනි  .
යම්කිසි පුද්ගලයෙකුගේ විප්ලවවාදිත්වය, වාමාංශිකත්වය මැනිමේදි  සෙසු ජාතීන් පිලිබදව පක්ෂයක,කංඩායමක  පුද්ගලයෙක් ගේ  ආස්ථානයන් වැදගත් සේම එය එකම මිමිමද නෙවේ.ස්වයං තීරණ අයිතිය යනු හැම තැනටම අදාල පොදු සූත්‍රයක් නොව තත්වයන් අනුව ගලපා ගත යුතු දෙයකි . ජවිපේ මතවාදය හැමවිටම ගොඩනැගි තිබුනේ දෙමල ජාතික අරගලයට එරෙහිවය .දෙමල ජාතික අරගලය අධිරාජ්‍යවාදී බලවේග වල අවශ්‍යතාවය අනුව සිදුවන්නක් බව ජවිපේත් එයින් බිදිගිය බොහෝ පුද්ගලයන්ගේත් කොටස්වලත් මතයයි.ඔහුන්ට දෙමල ජාතික අරගලය අධිරාජ්ම‍යවාදී කුමන්ත්‍රණයකි. මෙම ආස්ථානය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ  ජවිපේ සිටි සුළුතරයක් පමනි . සෝමවංශ වැඩි වශයෙන් ජාතිකවාදි බලවේග සමග වැඩි වශයන් සම්බන්ධතා ගොඩනගාගැනිමට කටයුතු කල ජාතිකවාදයට වැඩි වශයෙන් නැඹුරු වී සිටි අයෙකු බව ඹහුගේ දේශලපාලන භාවිතය දෙස බැලීමේදි පෙනියයි. ඒ ජවිපේ මුලික මතවාදය තුල පිහිටාය . ඔහු ගොඩ නැගීමට නායකත්වය දුන්නේ සැබෑ විප්ලවීය ව්‍යාපාරයකට  වඩා දේශප්‍රේමී ජාතිකවාදි ව්ගො‍යාපාරයක් ගොඩනැගීම සදහාය. පලල් විප්ලවීය වමක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ඔහු ඇගයීම අපහසුය . එසේම ඔහු ගොඩනැගීමට උත්සහ කල ව්‍යාපාරය වාම ව්‍යාපාරයක්  වූයේ ඉතාමත්ම පොදු හා පුළුල් අර්ථයෙන් පමණි.මෙය සෝමවංශගේ මරණයට වත් නොයායුතු දෙයක් ද ?  

සෝමවංශ සහෝදරයාගේ අවමගුල් අවස්ථාවකට විප්ලවවාදින් සහභාගිවීම වැරද්දකැයි මම නොසලකමි. එසේ සහභාගි වීමේ අයිතිය සෑම විප්ලවවාදියෙකුටම තිබිය යුතු යයි මම විශ්වාස කරමි. ගුණ කතනයකට වුව සහභාගි වීමේ වැරද්දක් මම නොදකිමි. එහෙත් එම ගුණකතනය අනිවාර්යයෙන්ම යථා එකක් විය යුතු ය.සාමාන්‍ය ගුණ කතනයන්ගෙන් සපුරා වෙනස් විය යුතු ය. එම වෙනස පැහැදිලිව සනිටුහන් කළ යුතු අතර එසේ කිරිම විප්ලවවාදියෙකු වගකීමකි. එසේ නොකර අවමගුල් අවස්ථාවක දී ගුණකතනයෙහි යෙදිම විප්ලවවාදියෙකුට තරම් නොවේ.
ඩබ්.එම්. ශාන්ත

No comments:

Post a Comment

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...