කෑලි කඩා හැලුන
කාර් එකක බොනට්ටුව ඇරගෙන ඇන්ජිම උඩ ඉඳගෙන මහින්ද අහනව “ මේකෙ වටිනා කෑලි සේරම විකුණල ඇයි දැන් ඔය රෝද
හතර කුඩුකරන්නෙ?
“ අපෙන් පස්සෙ
වෙන එකෙකුට මේක තල්ලුකරගෙනවත් ඉස්සරහට යන්න බැරිවෙන්න.! “ රනිල්
උත්තරදෙනව කුළු ගෙඩියක් උස්සගත්ත ගමන්.....
දේශපාලකයෙක් මිණිය හැක්කේ ඒ දේශපාලකයා වේදිකාවේ හඬ ගා කියන දේවලින් හෝ ඔහු වෙනුවෙන් නිකුත්කෙරන මාධ්‍ය ප්‍රකාශවලින් නොව, ඒ දේශපාලකයා ගේ අරමුණු හා බලාපොරොත්තු කොතෙක් දුරට ඔහුගෙ තත්‍ය ක්‍රියාකාරිත්වය සමග, විශේෂයෙන් අතීත ක්‍රියාකාරිත්වය සමග ගැලපෙන්නේද කියන කරුණ මගින් ය. ඇත්ටම දැන් රනිල් වික්‍රමසිංහ, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරමින් ඉන්නේ ඔහුට බැරි දේ අනාගතයේ වෙන කාටවත් කරන්න බැරි විදියට රට ප්‍රපාතවකට ඇද දැමීම ය. මේ ඔහුට ලැබීඇති අවසාන අවස්ථාවයි. ඉදිරි අවස්ථාවක් ගැන සිතාගැනීම සිහිනයක්ම විතරයි.
74 හැවිරිදි රනිල්
වික්‍රමසිංහ පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසෙන්නෙ 1977 එජාපයෙන් බියගම කොට්ටාශය
නියෝජනය කරමින් ය. එතැන් සිට එජාප නායකයා වශයෙන් තුන් වරක් අගමැති තනතුරු ද කීපවරක්ම මුදල් , ආරක්ෂක
, තාක්ෂණ හා කාන්ත, ළමා කටයුතු හා සමාජ බලගැන්වීම් ඇමති තනතුරු ද දරා ඇත. 2004
-2015 අතර විරුද්ධ පක්ෂ නායකත්වයේ ද කටයුත කර ඇත. මේ සා බලයක් හොබ වූ ඔහුට, එජාපයට
2020 මහ මැතිවරණයේ දී ලබැගතහැකි වුනේ ඡන්ද 2 49435 ක්පමණි. එනම් මුළු වලංගු ඡන්ද වලින් 2.15 % කි. ජාතික
ලැයිස්තුවෙන් එක මංත්‍රී ධුරයක් හිමිවිය. (එහෙත් අපේ
ලිබරල්වාදීන්ට නම් රනිල් එකම ගැලවුම්කරුවා
ය! ) මාස කීපයක කඹ ඇදීමකින් පසු ජාතික ලැයිස්තු මංත්‍රී
ධුරයට රනිල් වික්‍රමසිංහ නම් කරනු ලැබිනි. 2022 අප්‍රේල් මස පැන නැග උත්සන්නවෙමින්
පැවති ආණ්ඩු විරෝධි ජන අරගලය හේතුවෙන් මැයි 9 දින මහින්ද රාජපක්ෂ “ මහ රජාණෝ
“ අගමැති පදවිය හැරගියේ පොහොට්ටුවේ තවත් කිසිවෙකුවත්
එම තනතුරට නුසුදුසු බව අගවමිනි. තීව්‍ර
වෙමින් පැවති අරගලය ඉදිරියේ විරුද්ධ පක්ෂ නායකයන් එකහෙලා අගමැතිකම භාරගැනීම ප්‍රතික්ෂේප
කළත් තනි මංත්‍රිවරයෙක් වූ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාරගැනීම අහඹුසිදුවීමක්
නොවේ. ජුලි 13 දින ගෝටාබය රාජපක්ෂට ද ජනාධිපති ධූරය අතහැර පස්ස දොරෙන් පලායාමට සිදුවිමෙන්
ඇති වූ පුරප්පාඩුවට ව්‍යවස්ථානුකූලව ඉබේම රනිල් වික්‍රමසිංහට හිමි විය. අනතුරුව,
ජුලි 20 දින පාර්ලිමේන්තුව( පොහොට්ටුව)
විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කරනු
ලැබීය. ගෝටාබය-පොහොට්ටුව-රනිල් අතර කපුකම්
කරමින් මේ නාටකයේ නූල් සුත්තරය මුළුමනින්ම මෙහෙය වුයේ
බටහිර හා ඇමරිකානු බලවෙගයන් විසින් බව නිසැකය. විශේෂයෙන් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව, පොදු වශයෙන් පොහොට්ටුවේ ආරක්ෂාව සැලසීමත් ඊට
හිලව්වට රනිල් වික්‍රමසිංහට සහයෝගය
දීමටත් අවසානායේ සියළු දෙනාගේ සහායෙන් “ ක්‍රමය“ ආරක්ෂාකරගැනීමටත් එකගතාවයක් ඇතුවූ බව පැහැදිළිය.මේ සම්බන්ධයෙන් රනිල් හිතවාදීන්
කියන්නෙ රටේ පැවති අර්බූද හමුවෙ ජනාධිපති ධූරයට රනිල් හැර සුදුසු වෙනත්
කිසිවෙක් නොසිටි බවත් ඔහු ස්වෙච්ඡාවෙන්ම එය භාරගත් බවත් ය. කවදාවත් සැගවිය නොහැකි රනිල්ගෙ ඉතිහාසය
හිතාමතාම සගවන්න ඔවුන් උත්සාහකරන්නෙ එසේය.!
එජාප නායකත්වයට රනිල් පත්වීමට සමානුපාතිකව එම
පක්ෂයේ ගරාවැටීම වේගයෙන් සිදුවුන බවත් ඊටත්
වඩා වරින් වර හෝ ඔහු අගමැති ධුරය දෑරූ අවු.8
පමණ මුළු කලය ද ඇමති ධුර පමණක් දැරූ අවු 16 පමණ කාලය ද එකතුකර ගත් විට අවු
24 ක් පමණ කාලයක් රටේ බල අධිකාරිය මෙහෙයවමින් රට 2022 වන විට විනාශයේ අන්තයටම ඇද දෑමීමේ ප්‍රධාන
පෙළේ හවුල්කාරයක් ද වි ඇති බවත්..සඟවන්නට
ඔවුන් උත්සාහකරන්නෙ රනිල්ගෙ මේ
මුස්පේත්තු ඉතිහාසය නොසළකා ය. අඩුම වශයෙන්
ඔහුගෙ එජාප කවයේ කිසිවෙකුවත් මේ පමණින් ඔහු
වෙනුවෙන් ඉදිරිපත්නොවෙන තත්ත්වයකදී ය.
රනිල් වික්‍රමසිංහ උපතින්ම දක්ෂිණාංශික, නව ලිබරල් ධනවාදී උපාය මාර්ගයන් කරපින්නාගත් බටහිර හා ඇමරිකානු ලැදි දේශපාලකයෙකි. ජත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවල නිළ තල හොබවමින් මහා ප්‍රජාතන්ත්‍රවාදියකු සේ පෙනීසිටීමට වෙර දැරූවෙකි. ජාතික ගැටළුවට සාධාරණ විසඳුමක් ලාබ දීමට මහත් උත්සාහයක් දරන මහා ලිබරල්වාදියෙකු බව පෙන්නුම්කළ අයෙකි. ඇත්ත වශයෙන්ම ඔහු දකුණේ සිංහල ඡන්ද ගැන හිතුවේ රාජපක්ෂවරුන්ට නොදෙවනි ආකාරයෙන් ය. රනිල්ගෙ සැඟවුන කෘරත්වය පෙන්නුම්කරන්න අරගෙන ඇත්තේ ඔහු අනුප්‍රාප්තික ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ය. එයට හේතු කීපයකි. ඉන් ප්‍රධානම හේතුව නම් ඔහු ජනතාවකට, පක්ෂයකට හා පාර්ලිමේන්තුවකට වගකීමට බැඳී නැති නිසා ය, ,ඒ වගේම අනාගතයේ කිසිම දිනක නැවත මහජන ඡන්දයකින් ජනාධිපති තනතුරකට හිමිකම් කියන්න මැරෙන තුරාවට අවස්ථාවක් නොලැබෙන බව නිසැකව ම දන්න නිසා ය, ඒ නිසා තමන්ගෙ පංතිමය දැක්ම උපරිමයන් මුදාහරින්නට ඔහු මේ අවස්ථාවක් කරගෙන ඇත. ඊළඟ ජනාධිපතිවරණයක දි අකුරු තුනක් ඇති රාජපක්ෂවරයෙක් ඉදිරිපත්කරන බවට පොහොට්ටුව කරන ඇඟවුම රනිල්ගෙ මාරාවේශය තව තවත් කුලුගන්වයි. පසු ගිය 2 දා wd news නම් ජර්මන් ප්‍රවෘත්ති සේවාවක් මගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවෙදි රනිල් වික්‍රමසිංහගෙ හැසිරීම එය තහවුරුකරයි. පාස්කු ප්‍රහාරය ගැන අහන ප්‍රශ්ණ හමුවේ ඔහු හැසිරුනේ ඊනියා ලිබරල් ශිෂ්ටත්වයේ සියළු සළු පිළි උනාදමා ය. මාධ්‍යෙව්දියාට ප්‍රශ්ණ ඉදිරිපත්කරන්න පවා අවස්ථාව නොදී කඩා පැන්නේ වියරුවෙන් මෙන්ය. ඇත්තටම රනිල් වික්‍රමසිංහ තමන් වෙනුවෙන් මෙසේ ශක්තිමත්ව පෙනීසිටින එක ගැන රාජපක්ෂවරු පවා පුදුම වෙනවා ඇත. එහෙත් ඔවුන්ගෙ ඉදිරි අරමුණු වෙනස්කරන්න නම් රනිල්ගේ මේ රංගනය ප්‍රමාණවත් නැත. මේ පරිසරය තුල වෛරය , ක්‍රෝධය, කෘරත්වය ඉහවහා ගිය රනිල් වික්‍රමසිංහ වෙතින් ඉදිරියේදී ජනතාවට දැරිය නොහැහැකි පීඩාකාරී, මරධනකාරී නියෝග , අණ පනත් වැල නොකැඩී එන්න නියමිත අතර අතුරු ඵලයක් විදියට රනිල් -මහින්ද දීගයත් එක්කම කෑලිවලට කැඩෙන්න ගත්ත පොහොට්ටුව ද තව තවත් කෑලි වලට කැඩී යනවා ඇත. රනිල් එක්කම අභාවයට යන්න නියමිත ප්‍රභූ දේශපාලනය වෙනුවට තවත් එවැනිම දේශපාලන යුගයකට තහවුරුවෙන්න ඉඩ නොතබා ජනතාවාදී දේශපාලනයක් ඉදිරියට ගැනීමට වාමාංශය සූදානම් ද?
No comments:
Post a Comment