හමාස් ප්‍රහාරයට
ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් රජය සමස්ත පලස්තීනුවන්ට එරෙහි යුධ ප්‍රකාශකර සිටී, “ යකඩ අසිපත ක්‍රියාන්විතය”( Operation
Swords of Iron )නමින් දියත්
කර ඇති පලස්තීනය “ සුද්ධ කිරීමේ” යුධ මෙහෙයුම
දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.
පලස්තීනයට, පලස්තීන ජනයාට එරෙහිව කැඳවා
ඇති ඊශ්රායෙල හමුදා,ඊශ්‍රායල් ජනපදකරණය
යටතේ පදිංචිකරවූවන්ගේ ස්වෙච්ඡා හමුදා , ත්‍රස්ත
මර්ධන හමුදා ඛණ්ඩ විසින් කරගෙන යනු ලබන අඛණ්ඩ
මෙලෙච්ඡ පහරදීම් හේතුවෙන් පලස්තීන
ජාතිකයන් 1799 ක් මියගොස් ඇත. ගාසා තීරයේ
මිලියන 2.3 ක තරම් පලස්තීනුවන් ප්‍රමාණයක්
ඊශ්‍රායල් හමුදා විසින් කටු කම්බි වැටවල්
ගසා කොටුකරනු ලැබ, ඔවුන්ට ජලය, ආහාර, ඉන්ධන, විදුලිය, නිවාස, සහ බෙහෙත් ද්‍රව්‍ය ලබගැනීමේ ඉඩකඩ මුළුමනින්ම අවහිරකර “ ජන සංහාරයකට“ අරඅඳිමින් සිටී.
පලස්තීන ජනතාව
තමන්ගේ වාස භූමියෙන් පලවා හැර සතුන් මෙන්
කුඩා බිම් කඩවල් දෙකක - ගාසා හා බටහිර ඉවුර
ප්‍රෙද්ශ තුල - කොටුකර සිටීන්නේ අඩ සිය වසකටත් වැඩි කාලයක සිට ය. ඔවුන්ගෙ ජීවිතය තීරණය කරනු ලබන්නෙ පිටස්තරයන් -
ඔවුන් එසේ කොටුකරනු ලැබූවන් විසින් ම ය.මේ සියල්ල
සිදුවෙමින් පවතින්නේ ලෝකය “
දියුණු ”ශිෂ්ඨාචාරයක- මහත් ඉහළින් අගයන, සැම දෙනා සමානකොට සළකන “ ප්රජාතන්ත්රවාදී
” සමාජ ක්‍රමයක් ලෙස සළකනුලබන යුගයකය. ඒ වෙනුවෙන්ම පිහිටුවාගත්
ජාත්‍යන්තර සංවිධාන ගොන්නක් ම විසිරී ඇති පරිසරයකය. රාජ්‍ය නායකයන්, දේශපාලකයන්, කොටින්ම ලෝකය පාලනය කරන්නවුන් නිති පතා
රැස්වෙමින් එම සමුළුවල දේශන පුවරු බදාගෙන සාමය, මානව වටිනාකම් ගැන දේශන පවත්වති. එහෙත් ඔවුන්ම ය රට, ජාතිය, වර්ගය, ආගම, සමාජ පංතිය, වර්ණය,ලිංගිකත්වය මත
බෙදා වෙන්කර පාලනය කිරීමේ නූල් සූත්‍රය යටින් මෙහෙයවමින් සිටින්නෙ. දියුණු
තාක්ෂණික ලෝකයක ඔවුන් තම බල අරමුණු
ඉෂ්ඨසිද්ධ කරගැනීමට පිහිට කරගෙන ඇත්තෙ පැරණි යටත් විජිත ප්‍රතිපත්තිය ම ය. පලස්තීන අරගලය තුලින් දෝංකාර දෙන්නේ එම
කෘරත්වයට එරෙහි හඬ ය. කොන්දේසි නැත.! තම
උපන් භූමියට පලස්තීන ජනයාට ඇති අයිතය ස්ථාපිත කළ යුතුය! එසේම හමාස් හෝ සමාජ
විමුකිතිය වෙනුවෙන් කියා සටන් වදින වෙන
ඕනෑම කණ්ඩායමක් ඉන් බැහැර හිතාමතා සාමාන්‍ය ජනතාව
ඉලක්ක කරගෙන කරන පහරදීම් අපි
එකහෙළා ප්‍රතික්ෂේප කරමු. එය ජන පීඩකයන් කෙරෙහි අනවශ්‍ය අනුකම්පාවක් ද ඔවුන්ගේ ඊළඟ මෙලෙච්ඡ ප්‍රහාරය යුක්ති යුක්ත
කිරීමක් ද වෙයි.
1967 දී එ.ජා.සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් පලසතීන
ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඒකච්ඡන්දයෙන් සම්මත
කරනු ලැබ ඇති, අංක 242 යෝජනව වඩාත් යතාර්තවාදී හා පළදායී එකක්
ලෙස සැළකිය හැකියි. 1967 දින හයේ යුද්ධයෙන් අල්ලගත් ප්‍රෙද්ශවලින් ඊශ්‍රායලය ඉවත්විය යුතුය, කලාපයේ සියළුම රාජ්‍යයන්ගේ
ස්වෙරීභාවය, භෞමික
අඛණ්ඩතාවය,.හා දේශපාලන
ස්වාධීනත්වය ද බලහත්කාරය හා තර්ජනයෙන් තොරව පිළිගත් දේශසීම ඇතුලත ආරක්ෂිතව ජීවත්වීමට
ඔවුන්ට ඇති අයිතිය ද පිළිගගත යුතුය,
හා ඒවාට ගරුකළ
යුතුය. යෝජනාව ඊශ්‍රායලය විසින් ද පිළිගනු ලැබණි. මුලදී ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදී සිට් අරාබි
කලාපය ද පසු කාලයේ ක්‍රමක්‍රමයෙන් ඊශ්‍රායලය සමග සාම ගිවිසුම් අත්සන් කරනු ලැබුව, ඊශ්‍රායලයේ පැවැත්ම ප්රතික්ෂේපකරමින් පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදී සිටි මුල් පෙළේ සංවිධානයක් වූ යසාර් අරපත්ගේ නායකත්වයෙන් යුත් පලස්තීන විමුක්ති
සංවිධානය විසින් ( පසුව තවත් සටන් සංවිධාන සමග එක්ව පිහිටුවාගත් -පලස්තීන ජාතික විමුක්ති
සංවිධානය) ද පසු කාලයේ (1993) එ.ජා.සංවිධානයේ
යෝජනාව පිළිගනු ලැබීය. මේ ක්රියාදාමයේ ඵලයක් ලෙස පලස්තීන ව්‍යවස්ථාදායක සභාවක් (පාර්ලිමේන්තුව) ද
ජනාධිපතිවරයෙක් ද තොරාපත්කරගැනීමට පලස්තීන
ජනතාවට අවස්ථාව හමිවුණා. අද දේශ සීමා නිශ්චිත
නොවුන ද එ.ජා.සංවිධානයේ සාමාජික රටවල් 193 න් 138 විසින් “ පලස්තීන රාජ්‍ය”පිළිගනු ලැබ ඇත. පලස්තීන ප්‍රශ්ණය සම්බන්ධයෙන් “රාජ්‍ය දෙකක් සංකල්පය”( Two-state solution) අද ශිෂ්ඨ ලෝකයේ පිළිගැනීමට ලක්වෙමින් ඇත. ඒ අනුව අද ඊශ්‍රායලයේ
පැවැත්ම පිළිගැනීමට මැළිවීම යතාර්ථ්යක්
නොවන බව අපේ අදහසය. එහෙත් ඒ ඊශ්‍රායලය
විසින් පනවන ඔවුන්ගේම කොන්දේසි මත සිදුවිය යුතු දෙයක් නොවේ. යුධවාදී,
ව්‍යාප්තවාදී නොවන ඊශ්‍රායල රාජ්‍යක් වගේම නිදහස් , ස්වෛරී පලස්තීන රාජ්‍යක් ! පලස්තීනයේ
නිදහස විසින් ම පමණක් ඊශ්‍රායලයේ නිදහස ද සහතික වවෙයි.! මේ
අපේක්ෂාව ඵල දැරීම ඇමරිකාව ප්රමුඛ බටහිර බලවේගවල කලාපීය බල අරමුණුවලට
පටහැනි බවත් දෙගුණ තෙගුණ වෙන ඔවුන්ගේ වියරුව විසින් පලස්තීන- ඊශ්‍රායල් ප්‍රශ්ණය යාවත්කාලීනව තබාගැනීමට දරන උත්සාහයන් ලෝක ප්රතගිශීලි ජන මතය විසින් පසු බැස්සවිය
යුතු බවත් අවධාරණය කරමු.
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය
19/10/2023
No comments:
Post a Comment