හමාස් ප්‍රහාරයට
ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් රජය සමස්ත පලස්තීනුවන්ට එරෙහි යුධ ප්‍රකාශකර සිටී, “ යකඩ අසිපත ක්‍රියාන්විතය”( Operation
Swords of Iron )නමින් දියත්
කර ඇති පලස්තීනය “ සුද්ධ කිරීමේ” යුධ මෙහෙයුම
දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.
අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
හමාස් ප්‍රහාරයට
ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් රජය සමස්ත පලස්තීනුවන්ට එරෙහි යුධ ප්‍රකාශකර සිටී, “ යකඩ අසිපත ක්‍රියාන්විතය”( Operation
Swords of Iron )නමින් දියත්
කර ඇති පලස්තීනය “ සුද්ධ කිරීමේ” යුධ මෙහෙයුම
දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.
කෑලි කඩා හැලුන
කාර් එකක බොනට්ටුව ඇරගෙන ඇන්ජිම උඩ ඉඳගෙන මහින්ද අහනව “ මේකෙ වටිනා කෑලි සේරම විකුණල ඇයි දැන් ඔය රෝද
හතර කුඩුකරන්නෙ?
“ අපෙන් පස්සෙ
වෙන එකෙකුට මේක තල්ලුකරගෙනවත් ඉස්සරහට යන්න බැරිවෙන්න.! “ රනිල්
උත්තරදෙනව කුළු ගෙඩියක් උස්සගත්ත ගමන්.....
දේශපාලකයෙක් මිණිය හැක්කේ ඒ දේශපාලකයා වේදිකාවේ හඬ ගා කියන දේවලින් හෝ ඔහු වෙනුවෙන් නිකුත්කෙරන මාධ්‍ය ප්‍රකාශවලින් නොව, ඒ දේශපාලකයා ගේ අරමුණු හා බලාපොරොත්තු කොතෙක් දුරට ඔහුගෙ තත්‍ය ක්‍රියාකාරිත්වය සමග, විශේෂයෙන් අතීත ක්‍රියාකාරිත්වය සමග ගැලපෙන්නේද කියන කරුණ මගින් ය. ඇත්ටම දැන් රනිල් වික්‍රමසිංහ, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරමින් ඉන්නේ ඔහුට බැරි දේ අනාගතයේ වෙන කාටවත් කරන්න බැරි විදියට රට ප්‍රපාතවකට ඇද දැමීම ය. මේ ඔහුට ලැබීඇති අවසාන අවස්ථාවයි. ඉදිරි අවස්ථාවක් ගැන සිතාගැනීම සිහිනයක්ම විතරයි.
අනුර කුමාර දිසානායකගේ පර්ත් නුවර ප්‍රකාශය
බලය හා රාජ්‍යය පිළිබඳ ජවිපෙ නිර්මාක්ස්වාදී අවබෝධය හා පිළිගැනීම ඉතා නිරවුල්ව
එළිදැක්වූවා සේ ම මහජන ව්‍යාපාරය පිළිබඳ ජවිපෙ සැබවින්ම දරන මතය ද එලෙසම එළි දක්වා
තිබේ. අනුරගේ වචන මෙහෙමයි.
“අපි ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික ජන බලවේගය කියලා එකක් ගොඩ නගන්නේ ඇයි? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගත්තම ජනතා විමුක්ති පෙරමුණට යම් කෙනෙකුට සම්බන්ධවීම ටිකක් දුෂ්කරයි වගේ. ඒ වගේම සමහර අය ජනතා විමුක්ති පෙරමුණට දුරයි... සමහර අයට ජනතා විමුක්ති පෙරමුණ දුරයි. එතකොට මොක ද වෙන්නේ? එතකොට අපි කල්පනා කළා මේ ඔක්කොටම එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක්, ජාතික ජනබලවේගය ගොඩ නගන්න....”
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...