2018 දෙසැම්බර් මස 13
වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි දෙන ලද තීන්දුව රටේ පැවති අවම ප්‍රජාතන්තවාදය හො ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්වූ වැදගත් නඩු තීන්දුවකි.
අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක් වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බවත් , ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප්රතිවිරෝධතාවන්ට මුහුණපෑවත්, ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බවත් අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත් විශ්වාස කරන්නෝ වෙමු.
ආර්ථික විෂමතාවය හා ජාතිකවාදය - පළමුවන කොටස ලයනල් බෝපගේ
සෝවියට් සංගමයේ හා නැගෙනහිර කඳවුරේ ක්‍රියාත්මක කරන ලද අන්දමේ ,සමාජවාදය, යයි හැඳින්වුන රාජ්‍ය ධනවාදී ආකෘතිය බිඳ වැටීමත් සමග පසුගිය ශතවර්ෂයේ පැවති ආකාරයෙන් වූ සීතල යුද්ධය අතුරුදහන් විය. ඒ රාජ්‍ය ධනවාදී ආකෘතියම අනුගමනය කරන රටවල් කිහිපයක් ලෝකයට ශේෂවී ඇත. සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමඟ සීතල යුද්ධය අවසන් වූ බවට විශ්වාස කළද, පළි ගැනීමෙන් යුක්තව නව සීතල යුද්ධයක් පැන නැඟී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි ප්‍රධාන ලක්ෂණය රුසියානු සමුහාණ්ඩුව හා එහි හවුල්කාර ආණ්ඩුවලට එරෙහි එක්සත් ජනපදයේ සහ එහි සගයන්ගේ සංස්ථාපිත ධනේශ්වර වුවමනාවන් සේ පෙනී ගියත් බටහිර භීතියේ හා කෝපයේ සැබෑ කේන්ද්‍රය මහජන චීන සමූහාණ්ඩුව විය හැක.
ශ්‍රි ලංකාව- මැයි දිනය සහ කම්කරු අයිතිවාසිකම් - ලයනල් බෝපගේ
රාජ්‍ය අංශය බැංකු හා වෙළඳ අංශ සඳහා 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි මැයි දින උත්සව වෙසක් උත්සවයේ උවමනාවන් හෝ ඒ වෙනුවෙන් පවත්වන උත්සව කටයුතු සමඟ කිසි විටෙකත් ගැටුම්කාරී වී නැත.මෙම තත්ත්වය ගැන නොසළකා සහ උපදේශනයකින් තොරව ජනාධිපතිවරයා විසින් මෙම වසරේ වෙසක් සතියක් පැවැත්වීමට නියමිතය යන්න කඩතුරාවක් ලෙස යොදා ගනිමින් මැයි දිනය කල් තබන්නට ඒකමතිකව තීරණය කොට ඇත.ඊයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනයකින් මැයි 1 ට යෙදී ඇති මැයි දින නිවාඩුව අවලංගු කර තිබේ.
71 අරගලය විමර්ෂණයට වැදගත් කරුණු කීපයක් . . .
”වහලූන් සහ පෑගී සිටින ජනතාව අධීපතිනට එරෙහිව කැරළිගසා නැගී සිටිය හොත් ධනවාදයේ සභ්‍යත්වය හා සාධාරණත්වය ස්වකීය නග්න හා කෲර ස්වරූපයෙන් පෙනී දිටිනු ඇත. එවිට ඒ සභ්‍යත්වය සහ සාධාරණත්වය මෙලෙච්ඡත්වය හා නීති රහිත පළි ගැනීමක් ලෙස විවෘතව පෙනී සිටීයි.”
ප‍්‍රංශයේ සිවිල් යුද්ධය-මාක්ස්
පැගි සිටින ජනතාවක් වහල්බායට එරෙහිව නැගී සිටන විට ලොව කොතැනකත් අධීපතීන් කරන්නාක් මෙන් ලංකාවේදී ද අධිපතීහු 1971 අරගලය නග්න හා කෲර ස්වරූපයෙන් මර්ධනය කර දමනු ලැබූහ. ධනවාදයේ සභ්‍යත්වය හා සාදාරණත්වය මුලූගැන්වී පෙරට පැමිණියේ මෙලෙච්ඡත්වය හා නීති යෙන් තොර වියරු පළිගැනීමය. පැරණි කාව්‍ය සංග‍්‍රහවල වර්ණිත ‘ගංගා කොමලියන් ’ තුල අධිපතීන් දුටුවේ මරා දමනු ලැබූ ස්ත‍්‍රීන් හා පුරුෂයන්ගේ මළ ක`දන් පාකර හැරිය හැකි ජල ක`දන්ය.
ධනවාදය අර්බූය කරා යන්නේ ඇයි ?
ධනවාදය යනු මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙන්වු ව්‍යාකූල නිෂ්පාදන ක‍්‍රමයකි. එය මිනිස් සමාජය සදාතිනික අර්බුදයන් තුලට ඇද දමයි. ඇයි එය මෙලෙස නිරන්තර අර්බුදයන් කරා යොමුව පවතින්නේ ?
2007-08 වර්ෂය අපි එතෙක් නොදැක තිබු ලෝක ආර්ථික අර්බුදයක් අපේ දෙනෙත් ඉදිරියේ විද්යා්මාන කළේය. දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සිට නිළ වශයෙන් ප‍්‍රකාශිත ආර්ථික පසුබැසීම් අවස්ථා හතකි. එහෙත් ඒ සෑම එකක්ම අනතුරුව සාපේක්ෂ වශයෙන් වේගවත් ප‍්‍රකෘති තත්ත්වයක් ලබා ගැනීමට සමත්විය. 2007-08 දී තත්ත්වය වෙනස් මුහුණුවරක් ගත්තේය. එවිට ප‍්‍රතෘති තත්ත්වයක් හෝ වර්ධනයක් අත්කරගන්නා බවක් පෙනෙන්නට නොවීය. යුරෝපය පුරා වැටුප් වර්ධනය ඇනහිටියේය, රැුකියා වියුක්තිය හා ජීවන වියදම ඉහළ ගියේය, මේ සමග ආණ්ඩු මහජන සේවාවන් කප්පාදුකරමින් ලූහුපෙවෙත දේශනා කරන්නට විය. ජනතාවට කියා සිටියේ වෙනත් විකල්පයක් නැති බවය. එනිසා ඔවුන් එය වි`ද දැරියයුතුම විය.
අන්ත ජාතිකවාදී හා ආගම්වාදී රකුසා පරදවමු!
මහනුවර ආශ්‍රිත ප්රදේශ කීපයක සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර පැන නැගී ඇති ගැටුම්කාරී උණුසුම් වාතාරවරණය පිළිබඳ බලවත් ලෙස කනස්සල්ලට පත්ව සිටින අපි සියළු ආකාරයේ වෛරීය හා ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමු. වාර්තාවන අන්දමට සුළු ත්‍රීරෝද රථ අනතුරක් පාදක වූ ආසන්න සිද්ධියක් ජාතිවාදී ආගම්වාදී මහත් ව්‍යාසනකාරී ව්යාපාරයක් බවට වර්ධනය කරන්නට ඇතැම් දුෂ්ට, කුමන්ත්රණකාරී කොටස් ක්‍රියාකාරී වූ බව පෙනෙන්නට ඇත. මීට දින කීපයකට පෙර අම්පාර නගරයෙන් ද මෙවැනිම ජාතිවාදී ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය. ගෙවී ගිය වසර කිපය තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩකාරී ආක්රමණකාරී ප්‍රවනතාවයේ වැඩීමක් නිරීක්ෂණය වෙයි. මහනුවර දිගන රිය අනතුර කොහේ දී වුවත් සිදු විය හැකි සාමාන්න්‍ය අහඹු සිදුවීමකි. එහෙත් එක් ත්‍රීරෝද රථයක සිංහලයෙක් සිටීමත් අනෙකෙහි මුස්ලිමුන් සිටීමත් එම රිය අනතුර 'අසාමාන්න්‍ය' රිය අනතුරක් බවට පත්කර ඇත! එය නම් අහඹු දෙයක් නොවේ! එය අසාමාන්න්‍ය රිය අනතුරක් බවට පත්කරනු ලැබ ඇත්තේ නිසැකවම මැතක සිට සමාජ අභ්‍යයන්තරයෙහි පණ පොවමින් තිබෙන අන්ත ජාතිවාදී හා අන්ත ආගම්වාදී මනෝභාවයන් හා ඒවාට පොළඹවන අන්ත අවස්ථාවාදී දේශපාලන උවමනාවන් විසින් බව පැහැදිලි ය. වපුරමින් තිබූ වෛරය හා ක්‍රෝධය පුලපුලා සිටි ප්‍රචණ්ඩත්වය බවට පරිවර්තනය කරන ලද්දේ ප්‍රධාන කොටම මෙම මනෝභාවයගෙන් හා උවමනාවන්ගෙන් පිරි සංවිධිත බලවේග ය. ජාතිවාදිය දවස්
365 පුරාම වපුරන සමාජයක මෙවැනි සිදුවිම් ඇතිවීම අරුමයක් නොවේ.පන්සල්, පල්ලි හා කෝවිල් වැඩි හරියක් එක් එක් ජාතින් හා ආගමිකයන් අතර වෛරය, අවිශ්වාසය ගොඩනගන ස්ථාන බවට පත්ව ඇත . සියළු ජාතින්ට හා ආගමිකයන්ට පොදුවේ විශ්වාසකල හැකි පලල්දෘෂ්ටිමය දැක්මක් ඇති .දේශපාලන ව්‍යාපාරයක් නොමැති කම සුළුතර ජාතීන් හා ආගමිකයන් හැමවිටම තමන්ගෙම සංවිධාන ගොඩනැගීමට පෙළඹවී තිබේ. මහ ජාතිවාදයට එරෙහි එවැනි සංවිධාන යන්ද සුළු ජාතික හා ආගමික මඩ ගොහොරුවේම ගිලී යති.
ඡන්දය, ධනේශ්වරයට එරෙහිව !
පළාත් පාලන
මැතිවරණය අභියසට අපි පැමිණ ඇත්තෙමු. ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන බලවේග සිය බලය තහවුරු කර ගැනීම සඳහා සටනට අවතීර්ණ වී
තිබේ.මේ සඳහා ඔවුහු විවිධ උපාය උපක්‍රම භාවිතාකරමින් සිය දේශපාලන ශක්තිය වැඩිකර
ගැනීම සදහා කටයුතු කරමින් සිටිති. සුපුරුදු සැමදාමත් විකුණන පොරොන්දු මාලා හා වීර චරිතවීමට
දරන ප්‍රයත්න මෙම ඡන්දයේදී ද මතුපිටට පැමිණ තිබේ. සමහරුන් මෙවරත් රට බේරාගැනීමට
ඉදිරියට පැමිණ ඇති අතර තව කොටසක් දූෂණයෙන් තොර සුපිරිසිදු රටක් වෙනුවෙන් සටනට
පිවිස තිබේ. ඉහළ ආර්ථික සංවර්ධන ඉලක්කයන් ලඟාකර ගැනීමට රටේ බලය පමණක් නොව ගමේ
බලයත් තමන් සතු කර ගැනීම එජාපයේ සටන් පාඨය යි. මෙම සියලු ප්‍රකාශ හා පොරොන්දු පිළිබඳව බහුතර ජනතාවකට විශ්වාසයක් නැති
බව නම් පැහැදිලි ය.
ඡන්දය, ධනේශ්වරයට
එරෙහිව
පළාත් පාලන
මැතිවරණය අභියසට අපි පැමිණ ඇත්තෙමු. ප්‍රධාන ධාරාවේ සියලුම දේශපාලන බලවේග සිය බලය තහවුරු කර ගැනීම සඳහා සටනට අවතීර්ණ වී
තිබේ.මේ සඳහා ඔවුහු විවිධ උපාය උපක්‍රම භාවිතාකරමින් සිය දේශපාලන ශක්තිය වැඩිකර
ගැනීම සදහා කටයුතු කරමින් සිටිති. සුපුරුදු සැමදාමත් විකුණන පොරොන්දු මාලා හා වීර චරිතවීමට
දරන ප්‍රයත්න මෙම ඡන්දයේදී ද මතුපිටට පැමිණ තිබේ. සමහරුන් මෙවරත් රට බේරාගැනීමට
ඉදිරියට පැමිණ ඇති අතර තව කොටසක් දූෂණයෙන් තොර සුපිරිසිදු රටක් වෙනුවෙන් සටනට
පිවිස තිබේ. ඉහළ ආර්ථික සංවර්ධන ඉලක්කයන් ලඟාකර ගැනීමට රටේ බලය පමණක් නොව ගමේ
බලයත් තමන් සතු කර ගැනීම එජාපයේ සටන් පාඨය යි. මෙම සියලු ප්‍රකාශ හා පොරොන්දු පිළිබඳව බහුතර ජනතාවකට විශ්වාසයක් නැති
බව නම් පැහැදිලි ය.
විශේෂයෙන්ම යහපාලනයැයි
තමන්වම හදුනා ගන්නා ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකම සිය බලමුළු තරකර ගැනීම සදහා ප්‍රසිද්ධියේම
එකිනෙකාට පහර දෙන තත්වයක් නිර්මාණය වී ඇත. ලංකාව වැනි පසුගාමි චින්තනයක් පවතින රටක
මෙම විවේචන ප්‍රතිපත්ති රාමුවෙන් පිටතට පැමිණ ග්‍රෝතිකවාදි ස්වරූපයක් ගැනීම පුදුම
විය යුතු දෙයක් නොවේ. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙකේ මතු වී ඇති මෙම තත්ත්වය උපයෝගි
කර ගනිමින් 2015 ජනවාරි 08 වැනිදා පරාජයට පත් කළ දුෂ්ට ජාතිවාදි බලවේග සිය බලය
තහවුරු කර ගැනීම සඳහා උපරිම උත්සාහයක් දරන බව පෙනේ. මෙය බලාපොරාත්තු විය හැකි දෙයකි. මෙලෙස බලය
සඳහා තුන්කොන් අරගලයක් පැන නැගී ඇති අතර මෙම පළාත් පාලන මැතිවරණය මෙම තෙපාර්ශවයේ
ගල උඩ සටනක් බවට පත්ව ඇත.
කොතරම්
අඩුපාඩු හා ගැටළු පැවැතියත් පැවැති රාජපක්ෂ පාලනයට සාපේක්ෂව මෙම පාලනය තුළ තවමත් කිසියම්
ප්‍රජාතන්ත්‍රීය බවක් පවතී. රාජපක්ෂ පාලනය තුළ පැවැති මර්දනකාරි, භීෂණකාරි, ප්‍රජාතන්ත්‍ර
විරෝධී ස්වභාවයන් කිසියම් ප්‍රමාණයකට හෝ ඉවත් වී තිබේ. මෙය වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී
බලවේගවල අරගලවල ප්‍රතිඵල ය. වාමාංශික, විප්ලවවාදී, ප්‍රජාතන්ත්‍රවාදි සියලුම දේශපාලන බලවේග උත්සාහ කළ යුත්තේ මෙම
තත්වයන් තවත් වර්ධනීය තත්වයට පත්කර ගැනිමේ දේශපාලන ක්‍රියාමාර්ග තෝරනවා විනා ඒවා
පසු පසට ඇද දැමීමේ ක්‍රියාමාර්ග තේරීම නොවේ.
එක්අතකින් . අන්‍යොන්‍ය
වශයෙන් බලය සඳහා වන ආණ්ඩුවේ පාර්ශව දෙක අතර වන සීතල යුද්ධයද, ආණ්ඩුවේම ක්‍රියා
කලාපයද අනෙක්අතින් ඒ නිසාම පරාජිත ජාතිවාදී හා ගෝත්‍රවාදී ඒකාධිපතිවාදී බලවේගයන්
යළි හිස එසවීමද පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය
ද බොහෝ සෙයින් ලංකාවේ ඉදිරි ආසන්න දේශපාලනයේ ගතිකයන් නිශ්චය වනු ඇත.
මෙම තත්වයන්
පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කොට නිසි දේශපාලන ක්‍රියාමාර්ග තේරීමක් ඡන්දයට
ඉදිරිපත්ව සිටින ලංකාවේ ‘‘වාමාංශික” පක්ෂවලින් ද සිදුවන බවක් නොපනේ.මේ වන විට
ඡන්ද ව්‍යාපාරයේ නියැලී සිටින පොදුවේ ගත් කල ජාතික දේශපාලනයෙහි ප්‍රධානතම වාමාංශික දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකෙන ජ.වි.පෙ
මෙම ඡන්දය ගමේ ඡන්දයකට ලඝුකර ඇත. එය ද දූෂණයෙන් තොර සුපුරුදු ප්‍රාදේශීය සභාවක්,
සුපුරුදු නගර සභාවක් පිහිටුවීම සඳහා මහජනතාවගෙන් බලය ඉල්ලා සිටි. දූෂණය වංචාව වැනි
කාරණා පිළිබදව මහජනතාව දැනුවත් කිරිමේ කිසිදු වරදක් අපි නොදකිමු. මෙහි වරද
පවතින්නේ දූෂණය, අල්ලස වංචාව වැනි කාරණා
ධනවාදි ක්‍රමය තුළ පවතින නෛසර්ගිකයන් බව මහජනතාවට පෙන්වාදීමට
ඔවුන් දක්වන අසමත්කමයි. සිය අභ්‍යන්තර අධ්‍යාපන කඳවුරුවලදී මොනවා කීවත්
භාවිතයේදි ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරයක් බවට පත් වී තිබේ.
මීට අමතරව ප්‍රාදේශීය
සභා කිහිපයක් සඳහා ඉදිරිපත් වී සිටින කුඩා වාමාංශික දේශපාලන පක්ෂ කිසියම් සාධනීය
කරුණු ඉදිරිපත් කළත්, අධි බලැති ජනමාධ්‍ය කතිකාවතින් ඔවුන්ට කිසිදු ඉඩක් නොලැබේ.
එවැනි පක්ෂ කිහිපයක් ඉදිරිපත් වී සිටිනවා ද යන්නත් සමාජය නොදනී.
නමුත් සැළකියයුතු
ක්‍රියාකාරිත්වයක් පෙන්නුම්කරන පෙරටුගාමී
සමාජවාදී පක්ෂයේ ස්ථාවරය සපුරා වෙනස් තත්වයක පවතී. ඔවුන්ට අනුව හුදෙක් ඡන්ද ගුණ්ඩු
මල්වෙඩි පිපිරීමක් පමණක් වන මෙම ඡන්දයට ජනතාව නොරැවටිය යුතුය, මෙවැනි දූෂිත, ප්‍රජාතන්ත්‍රීය නොවන බොරු ඡන්ද
වර්ජනය කිරීමට ජනතාව කටයුතු කළ යුතුය.
විප්ලවවාදී
පක්ෂයක් මැතිවරණවලට ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ ඒවා නිශ්චිත
සන්දර්භය තුළ ජනතාවට අධ්‍යාපනය දීමේ වේදිකා බවට පත් කර හැකි ද හා පාර්ලිමේන්තුව හා
පළාත් පාලන ආයතන ආදිය තුළ යම් නියෝජනයක්
ලබා ගත හැකි ද සහ මැතිවරණවලට ඉදිරිපත්
වීමෙන් ව්‍යාපාරයේ හා පංති අරගලයේ වර්ධනයට ආධාරයක් සැලසේ ද නැත්ද යන්න මත ය.
ධනේශ්වර පාලන ක්‍රමයක් තුළ කිසිදු ජනතා ප්‍රශ්නයකට සැබෑ
විසඳුම් නොසැලසෙන බව ඇත්තය. පළල් මහජන ව්‍යාපාරයක්
සහිත විප්ලවවාදි දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේදී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදි
ඉඩකඩ පුළුල්කර ගැනීමට කටයුතු කිරිම ඉතා වාසිදායකය. විප්ලවවාදී දේශපාලන කණ්ඩායම් මෙය ප්‍රමුඛ අවධානයක් යොමු කළ
යුතු කරුණකි.
මෙම ක්‍රමය
තුළ මහජනතාවගේ ඡන්දයට හිමිවන්නේ අවම වටිනාකමක් බව ඇත්තය. ඡන්දය ලබාගෙන බලය තහවුරු
කර ගැනිමෙන් පසු අති බහුතරයක් හැසිරෙන්නේ
මහජනතාවෙග් නියෝජිතයන් ලෙස නොව ව්‍යාපාරිකයන්ගේ, කුඩුකාරයන්ගේ හා අන්ත දූෂිත බලවේග වල නියෝජිතයන් ලෙස බව
පැහැදිලිය. එයට විකල්පය ඡන්දය වර්ජනය කිරිමද? යම් යම්
විශේෂිත තත්වයන් යටතේ ඡන්ද වර්ජන ව්‍යාපාරයන් ගෙනයාමට වාමාංශික, විප්ලවවාදි සංවිධානවලට
සිදුවේ. නමුත් මේ මොහොතේ එවැනි තත්වයක් ඇතැයි අපි විශ්වාස නොකරමු.
පවතින සියලු
මහජන නියෝජිත ආයතන අන්ත දූෂිත ඒවා බවට කිසිදු විවාදයක් නැත. ප්‍රාදේශීය සභාවේ සිට
පාර්ලිමේන්තුව දක්වාම මෙම තත්වය පවතී.මෙම මහජන නියෝජිත ආයතන කොතරම් දූෂිතවූවත්,
ඒවාට තම පක්ෂ හා කණ්ඩායම්වලින් නියෝජිතයන් කිහිප දෙනකු හෝ පත්කරයවා ඒවා තුළමත්
හෙළිදරව්කිරීම් සහ එමගින් ජනතාව දැනුවත්කිරීම
ඒ ඒ නිශ්චිත තත්ත්වයන් යටතේ වාමාං ශික බලවේගවල වගකීම විය යුතුය.
කිසියම්
විප්ලවීය පක්ෂයකට හෝ කණ්ඩායමකට ඡන්දයක් සඳහා ඉදිරිපත් වන්නට හැකියාවක් නොතිබෙන්නට
පුළුවන. එහෙත් මේ ඡන්දයේ දී එජාප, ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවලට එරෙහිව දූෂණයට
මර්දනයට එරෙහිව හඬ නගන ධනේශ්වර නොවන පක්ෂ හා කණ්ඩායම්වල නියෝජිතයින් මේ ආයතනවල
නියෝජනය වීම වැදගත් ය, ප්‍රයෝජනවත් ය. නිවැරදි ය. කළ යුත්තේ පවත්නා නිශ්චිත තත්ත්වයන් තුළ මෙම
ඡන්දයේදී එජාප, ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවලට එරෙහිව ඒ ඒ තැනවලදී ඉදිරිපත්ව සිටින ධනේශ්වර නොවන පක්ෂ වන සමාජවාදී
පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල අපේක්ෂකයන්
තෝරාපත්කර යැවීමට ඡන්දය දීම ය.
විප්ලවීය
සමාජවාදී කේන්ද්‍රය
06.02.2018
Subscribe to:
Posts (Atom)
Featured Post
අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !
දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine) 2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...
-
" ...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බල...
-
. පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මා...
-
වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී සහ වෙනත් සමාජ ක්‍රියාකාරී කොටස් අතර මාස ගණනාවක් පුරා කරගෙන ගිය සාකච්ඡා මාලාවකින් අනතුරුව එළඹුන එකගතාවය මත ...