දුගීබවේ ගැටළු විසදීමට ධනවාදයට ශක්‍යතාවයවත්, ධෛර්යවත්, සදාචාරයවත් නැත. පිඩෙල් කැස්ත්‍රෝ - 1991, ජුලි



 ‘   පිදෙල් කැස්ත්‍රෝ, කියුබානු විප්ලවයේ නියමුවා අද , 2106 නොවැම්බර් 25, පස්වරු 10.29 ට මිය ගිය බව අපේ ජනතාවටත් ලතින් ඇමරිකාව සහ ලෝකය පුරා අපේ මිතුරන්ටත් මහත් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි’ යි කැස්ත්‍රෝගේ සොහොයුරු, කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ  රූපවාහිණියේ පෙනීසිටිමින් ප්‍රකාශකිරීමත් සමග   ලොව පුරා අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලී ජනතාව මහත් කම්පාවටත්  සංවේගයටත් පත්වූහ.

1926 අගෝස්තු 13 දින කියුබාවේ ඔරියනට්හිදී කැස්ත්‍රෝ උපත ලැබීය. ඔහුගේ පියා මහන්සිවී වැඩකරන උක් ගොවියෙකි. හවානාහී කතෝලික උසස් පාසැලෙදී  මූලික අධ්‍යාපනය හමාර කළ කැස්ත්‍රෝ හවානා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබමින් සිටින  අතර එහිදී අධිරාජ්‍ය විරෝධී ශිෂ්‍ය දේශපාලනයට යොමුවිය. 1950 දී නීතිය, ජාත්‍යන්තර නීතිය සහ සමාජවිද්‍යාව උපාදිය දිනාගත් ඔහු (පසුකාලයේ බැටිස්ටා පාලනයේ ඉහළ නිළයක් දැරූ ) නිළධාරියෙකුගේ දියණියක හා විවාහවිය.  ඩොමිනිකන් සමුහ ආණ්ඩුවේ සහ කොලොම්බියාවේ දක්ෂිණාංශික ආණ්ඩුවලට එරෙහි නැගිටිම්වලට සහභාගිවූ ඔහු 1953 දී කියුබාවේ මොන්කාඩා කදවුරට  පහරදෙමින් ආඥාදායක් බැටිස්ටා පාලනයට එරෙහිව සටන්වැදුනි.

සිවිල් සමාජ සිහින සහ යථාර්ථය


ඔක්තෝබර් 12 දින  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආබාධිත හමුදා සොල්දාදුවන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා කරන ලද ආවේගාත්මක  කතාව සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. සිය කතාවේ දී ඔහු:
හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ආරක්ෂක ලේකම් ‘උසාවියට දක්කාගෙන ඒම’ ගැන දැඩි අප්‍රසාදය පළ කළේ ය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමට සම්බන්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මාස 16 ක තරම්  දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටීම ගැන කණස්සල්ල පලකරමින් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ආයතනවලට  ඒවා දේශපාලන උවමනාවන්ට අනුව ක්‍රියාකරන බවට   චෝදනා කළේ ය.      
ජනාධිපතිවරයාගේ එම කතාවට දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා විශේෂයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්   ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරයා ජනවාරි 8 ජනවරමට පයින් ගසා දූෂිතයන් ආරක්ෂා කිරීමේ දිසාවකට ගමන් කරමින් සිටින බවට  සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය සහ සමහර බුද්ධිමත්තු දැඩි දෝෂාරෝපණයක් එල්ල කරති. ජනාධිපතිවරයාට පක්ෂ ඇමතිවරු  හා තවත් පිරිසක් කියා සිටින්නේ අල්ලස, දූෂණය, හොරකම, අපරාධ මර්දනය කිරිමට ගොඩනගා ඇති ආයතන දේශපාලන න්‍යාය පත්‍ර‍යකට අනුව මෙහෙය වන බව පෙනීයන බැවින් ඒවා නිවැරදි පීල්ලට ගැනීමට ද දේශපාලන න්‍යාය පත්‍ර‍ අනුව වැඩ කරන සමහර නිලධාරීන්ට අනතුරු ඇඟවීමට ද  ජනාධිපතිවරයා  මෙම ප්‍ර‍කාශය සිදු කළ බව  ය. මෙවැනි ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා ඉක්මන් වුනා වැඩි යයි තවත්  සිවිල් සංවිධාන හා පුද්ගලයන් ස්වල්පයකගේ  අදහස ය.  
සිවිල් සමාජ සිහින සහ  යථාර්ථය
ඔක්තෝබර් 12 දින  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආබාධිත හමුදා සොල්දාදුවන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකදී ජනාධිපතිවරයා කරන ලද ආවේගාත්මක  කතාව සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. සිය කතාවේ දී ඔහු:
හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ආරක්ෂක ලේකම් ‘උසාවියට දක්කාගෙන ඒම’ ගැන දැඩි අප්‍රසාදය පළ කළේ ය. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමට සම්බන්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මාස 16 ක තරම්  දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටීම ගැන කණස්සල්ල පලකරමින් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ආයතනවලට  ඒවා දේශපාලන උවමනාවන්ට අනුව ක්‍රියාකරන බවට   චෝදනා කළේ ය.      
ජනාධිපතිවරයාගේ එම කතාවට දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා විශේෂයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්   ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරයා ජනවාරි 8 ජනවරමට පයින් ගසා දූෂිතයන් ආරක්ෂා කිරීමේ දිසාවකට ගමන් කරමින් සිටින බවට  සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය සහ සමහර බුද්ධිමත්තු දැඩි දෝෂාරෝපණයක් එල්ල කරති. ජනාධිපතිවරයාට පක්ෂ ඇමතිවරු  හා තවත් පිරිසක් කියා සිටින්නේ අල්ලස, දූෂණය, හොරකම, අපරාධ මර්දනය කිරිමට ගොඩනගා ඇති ආයතන දේශපාලන න්‍යාය පත්‍ර‍යකට අනුව මෙහෙය වන බව පෙනීයන බැවින් ඒවා නිවැරදි පීල්ලට ගැනීමට ද දේශපාලන න්‍යාය පත්‍ර‍ අනුව වැඩ කරන සමහර නිලධාරීන්ට අනතුරු ඇඟවීමට ද  ජනාධිපතිවරයා  මෙම ප්‍ර‍කාශය සිදු කළ බව  ය. මෙවැනි ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා ඉක්මන් වුනා වැඩි යයි තවත්  සිවිල් සංවිධාන හා පුද්ගලයන් ස්වල්පයකගේ  අදහස ය.   
රාජපක්ෂ රෙජිමය  සිදු කළ මහජන දේපළ කොල්ලකෑම, වංචා, දූෂණ, පුද්ගලයන් අතුරුදහන්කිරීම හා ඝාතන පිළිබඳව සමාජයේ ගොඩනැගෙමින් පැවතියේ දැඩි විරෝධයකි. අදාළ  දූෂිතයන්, ඝාතකයන්  නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදී යහපත් සමාජ දේශපාලන තත්ත්වයක් රට තුළ ගොඩනැගිය යුතු බවට සමාජ මතයක් සැකසෙමින් තිබිණි. මෙහි පුරෝගාමීන් වූයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත සිවිල් සමාජ ව්‍යාපාරය යි. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය එහි අතිශය වැදගත් වැඩ කොටසක් ඉටු කළේ ය. සැබවින්ම මෙහි ආරම්භකයන්ට යහපාලනයක් පිළිබඳ අවංක අපේක්ෂා තිබුණේ යයි කිව හැකි ය. ඔවුහු මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු පිළිබඳ අපේක්ෂා දල්වාගෙන සිටියහ. ප්‍රධාන විරුද්ධ පක්ෂය -එජාපය-  පවා මේ සමාජ ප්‍රවනතාවය ඉදිරියේ  සිටියේ තරමක් අන්ද මන්දව ය.

එහෙත් සමාජ ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යාමට  අවශ්‍යයෙන්ම තිබිය යුතු  සාපේක්ෂ හෝ ඒකාග්‍ර පළල් දේශපාලන දැක්මක්වත් වැඩපිළිවෙලක්වත් පහළට කිඳා බැසගත් ජනතාව මත පදනම්වූ විනයගත සංවිධාන රටාවක්වත් බිම් මට්ටමේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පිළිබඳ දැක්මක්වත් මෙම ව්‍යාපාරවලට නොතිබිණ. පොදු අපේක්ෂකයා පිළිබඳ ඔවුන්ගේ වැඩපිළිවෙල පළල් හා ඈතට විහිදුන එකක්  නොවීය. එය ප්‍රායෝගිකත්වය මත  පමණක් බරතබා සකස් කළ එකක් විය.  තමන්ගේම නායකත්වයක් (පොදු අපේක්ෂයෙක්) නිර්මාණයකර ගැනී‍මේ වැඩපිළිවෙලක්   ඔවුන්ට නොවීය. මේ තත්ත්වය තුළ රනිල් චන්ද්‍රිකා ඇතුලු කණ්ඩායමට මෛත්‍රී මහින්දගෙන් ගලවාගෙන කුමන්ත්‍රණකාරී ලෙස ඔහුව පොදු අපේක්ෂකයා ලෙස කරලියට ගෙන ඒමට හැකිවිය. මෙලෙස මෛත්‍රී පොදු අපේක්ෂකයා වශයෙන් සිවිල් සමාජ ව්‍යාපාරයට තෝරාගැනීමට බලකරනු ලැබුවා වගේම සිවිල් සමාජ ව්‍යාපාරය  සිටියේ ද එවැනි බලකරනු ලැබීමකට සරිලන අස්ථාවර තත්ත්වයකය.  (කොහොම වුණත් සිවිල් සමාජය මෛත්‍රීපාල සිරිසේන තෝරාගත්තේ වෙන විකල්ප නොතිබුණු හින්දා- නිර්මාල් රංජිත් දේවසිරි, ඔක්. 16 රාවය)

මහින්දට එරෙහිව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වූ  මෛත්‍රීපාල සිරිසේන සිවිල් සමාජ ව්‍යාපාරය සමග ප්‍රසිද්ධියේ ගිවිසුමකට එළඹුණේ ය.  එහෙත්  ඊට පෙර ඔහු රහසේ එජාපය සමග විසුමකට එළඹ තිබුණි. කරුණු සියල්ල පෙළ ගැසුණේ  2015 ජනවාරි 8 වෙනිදා මෙරට හයවන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමට මෛත්‍රීපාල සිරිසේනට වරම් ලැබෙන ආකාරයකට ය. ජනවාරි 8 සිදුවූ දේශපාලන පෙරළියෙන් ඇතැමෙක් කොතෙක් උද්දාමයට පත්වීදැයි කීවොත් ඔවුහු  එය  විප්ලවයකැයි හැඳින්වීමට තරම් ද දුර දිග ගියහ.
රාජපක්ෂ පරදවා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ලබා දුන් මාස හයක කාලය  දින 100 ට කෙටි කරමින් සිවිල් සමාජ ව්‍යාපාරය නොඉල්ලූ ඉල්ලීම් පවා ලබා දීමට පොරොන්දු විය. එහෙත් වැඩිකල් නොයාම යහපාලන කොකාගේ සුද පෙනෙන්නට පටන් ගත්තේය. දූෂිත රාජපක්ෂ රෙජිමයේ සිටි, ඒවගේම මේ ජනාධිපතිවරණයේදී පවා මහින්ද වෙනුවෙන් ඇප කැපවී වැඩ කළ හිටපු මැති ඇමතිවරු ජනාධිපතිවරයා විසින් යහපාලනයට ඈඳා ගන්නා ලද්දේ කිසිම හිරිකිතයකින් තොරව ය. මහින්ද වටා සිටි දූෂිත නිළධාරීන් අර හෝ මේ තනතුරු නිර්මාණයකර ඒවායේ පිහිටුවීය. උපදේශක තනතුරුවලින් පුදනු ලැබූහ. ඉහළ පෙළේ දූෂිතයන්‍, අපරාධවලට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදිය යුතුය යන මග හැරයා නොහැකි දැඩි සමාජ ඉල්ලීම යම් තරමකට ක්‍රියාත්මක කරමින්    දූෂණ, වංචා,  ඝාතන සහ අතුරුදහන්කිරීම්වලට වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත්කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරුකිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සාහ දැරීම ආදියට මුලපිරුව ද ඒ ඒවා සැබෑ ලෙසම ඉටු කිරීමකට  හා සිවිල් සමාජය තෘප්තිමත් කිරීමකට වඩා ජාත්‍යන්තරය තෘප්තිමත්ව තබා ගැනීමට  ගත් ක්‍රියාමාර්ග ලෙස සැලකිය හැකි ය. ඒවා වුවත් අර්ධ මවා පෑම් ය. අනෙක් අතට ඒ තාක් දුරට වුවත්  ඒ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූයේ  ද ඇතැම් ඇමතිවරුන්ගේ  හා ඉහළ නිළධාරීන්ගේ බාධා කිරීම් හා යටි ගනු දෙනු  මධ්‍යයේ ය. රාජපක්ෂවරුන්ට දඬුවම් නොදෙන බවට  අධිකරණ ඇමති ප්‍රසිද්ධියේම සපථ කළේ ය. තමන් පරාජයට පත් වූවා නම් අඩි හයක් පොළොව යටට යන්නට සිදුවේ යයි කියූ ජනාධිපතිවරයාම ඒ ප්‍රකාශයේ උණුසුම යන්නටත් පෙර රාජපක්ෂවරුන් ගලවා ගැනීමේ යටි ක්‍රියාවලියකට  සම්බන්ධ වූ බවට  කරුණු හෙළි වී තිබේ.
ඒ අතර නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කරන්නේ යයි ද වත්මන් ධූර කාලයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ යයි ද සපථ කළ ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිවරයා වෙමින් තමන් වටා ද බලය ගොඩ නගා ගැනීමේ ක්‍රීඩාවකට පිවිස සිටින අයුරු ද දැකිය හැකි ය. ඔක්තෝබර් 12 දින හා ඉන් පසු පුවත්පත් සම්මුඛ සාකච්ඡා මගින් ජනාධිපතිවරයාගේ මුවින් ගිලිහෙන්නේ මේ බලය පිළිබඳ ඔහුගේ හද පත්ලෙන් මොර දෙන “හෘද සාක්ෂියේ” දෝංකාරය  බව ඉතා පැහැදිලි ය.
උපන්ගෙයි නව ලිබරල් ධනවාදී නායකයෙකු වශයෙන් රනිල් ඉතා සූර ලෙස පවතින දේශපාලන වාතාවරණය කළමනාකරණය කරන බව පෙනෙන්නට තිබේ. ඒ අතර මහින්ද හා මෛත්‍රී අතර පැලුම් විවරය එසේම පවත්වාගැනීම ද රනිල්ගේ ඉදිරි දේශපාලනයට අවශ්‍ය සාධකයකි. එය කළමනාකරණය කරගන්නත් ඔහු  මේ පරීක්ෂණ යොදා ගන්නා බවට සැක නැත.   
ඇතුලේ සීතල යුද්ධයක් ලෙස දිස් වුවත්  අපරාධකරුවන්ට අනුකම්පාව පෙන්වන මෛත්‍රීගේ හැරවුමත් භාණ්ඩාගාර බිල්පත් ජාවාරම වසාලීමට රනිල් දරන උත්සාහයත් නව ලිබරල්වාදයේ එකම කේන්ද්‍රයෙන් පිළිපන් ඒවාය. සීතල හෝ උණුසුම් හෝ මේ යුද්ධ කුමක් සඳහා ද? ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවීම සඳහා නම් නොවන බව පැහැදිලි ය. එය මේ ධනවාදී ක්‍රමයේ සුක්කානම ඩැහැගන්නට ධනපති දේශපාලන පාර්ශවයන් අතර කෙරෙන බල අරගලයකි. සිවිල් සමාජය බලාපොරොත්තුවන ‘ජනතා පරමාධිපත්‍යය’  මේ කියන  ධනපති බල අරගලයට  යටත් සාපේක්ෂ එකක් බව තේරුම් ගත යුතු ය. ඉදිරියේදී මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති තවතවත් නිරාවරණය වනු ඇත. ඒ මේ බල අරගලය   වගේම නව ලිබරල්වාදය ඉදිරියේ ඔවුන්ට වෙනත් විකල්ප ප්‍රතිපත්ති නැති නිසා ය.
ආර්ථික වශයෙන් ගත් කල මෛත්‍රී - රනිල් ආණ්ඩුව නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට තදින් ගැටගසා තැබීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඒ අනුව නවතනවායැයි කියූ වරාය නගරය මුල්‍ය නගරයක් වී ඇත. එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිත ය. දූෂිත භාණ්ඩාගාර බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වැරදිකරු කළ හිටපු මහ බැංකු අධිපති බේරාගැනීමට අගමැතිවරයා අවසානය දක්වා බල ඇණි මෙහෙය වූයේ ය. ශ්‍රිලනිප ඇමති සමහරෙක් තමන්ගේ ආණ්ඩුවක් හැදීමේ දොළදුකෙන් පෙළෙති. ඔවුන් එළිපිට ගතින් මෛත්‍රී සමග සිටියත් මුළු හදින් මහින්ද සමග ය. රාජපක්ෂවරු ජාතිවාදය හා ආගම්වාදය මතින් ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය තහවුරු කෙරෙන දේශපාලන ව්‍යාපෘතිවලට පණ දෙමින් සිටිති. උතුරේ දෙමළ ජනයා සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් පේනතෙක් මානයකවත් නැත. දේශපාලන වශයෙන් ‘ජාතික ආණ්ඩුව’ දෙකොන ඇවිලෙනු ඇති  විලක්කුවක් වැනිය.
‘යහපාලනය‘ සමග   සිවිල් සමාජ ව්‍යාපාරයේ බැඳීම්  එකින් එක බිඳවැටෙමින් තිබේ. ඔක්තෝබර් 12 දින  ප්‍රකාශයෙන් හා අනතුරුව පුවත්පත්වලට දෙන ලද සම්මුඛ සාකච්ඡාවලින් ජනාධිපතිවරයා එම බැඳීම් කපා දැමීමට තමන්ගේ ඇති සූදානම නොකියා කියා සිටියේ දැන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ම කියන විදියට ඔවුන් වේදනාවටත් තිගැස්මටත් පත් කරමිනි.
මේ සිදුවීම්දාමය හුදු ‘සිවිල් ‘ දෘෂ්ටියකින් තේරුම් ගැනීම, තේරුම් කිරීම හා පිළියම් සෙවීම අවසාන වන්නේ දැන් සිදුවී ඇති පරිදිම තුච්ඡ ලෙස රවටනු ලැබීමෙන් හා ඉන් විඳවන  වේදනාත්මක අත්දැකීම සම්බන්ධයෙන් අඳෝනා නැගීමෙන් පමණි. ‘දේශපාලනය’ ඇකඩමික   සීමාවන් තුළ බහා පිරික්සනතාක්  කෙනෙකුට මෙවැනි අත්දැකීම් ලැබීමෙන් ගැලවිය නොහැකි ය. දේශපාලනය නිසැකවම පංතිමය බලවේගවල  චලනයන්ගේ පැහැදිලි ප්‍රකාශනයක් බව යළි යළිත් සනාත කෙරෙයි. එහෙයින් අදාළ සත්‍යය මතුකර ගත හැක්කේ  එම චලනයන් තුළට කිඳා බැස බලන්නේ නම් පමණක් බව ද පැහැදිලි වෙයි.

අර්ධ නාගරික මධ්‍යම පංතික බහුතරය ජාතිවාදී හා ආගම්වාදී ආස්ථානයක සිට රාජපක්ෂ රෙජිමය හා පෙළ ගැසී සිටි අතර එම පංතියේම ලිබරල්වාදී බුද්ධිමත්තු අතලොස්සක් රෙජිමයට එරෙහිව සාධාරණත්වය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියහ. පසුගිය කාලයේ ‘යහපාලනයක්‘ වෙනුවෙන් සිවිල් සමාජ ව්‍යාපාරය මෙහෙයවූයේ මේ පිරිස් ය.  ඔවුන්ගේ දැක්ම, උපාය උපක්‍රම, සංවිධාන රටාව ආදිය  ස්වභාවයෙන්ම ධනවාදයෙන් ගැලවීගත නොහුනු  මධ්‍යම පංතිමය ලක්ෂණයන් අඩංගුකර ගනී. නව ලිබරල් ධනවාදය තුළ සාධාරණත්වය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය අභ්‍යාස කළ හැකියැයි ඔවුන්ගෙන් සමහරෙක්  අවංකවම විශ්වාස කරන අතර සමහරෙකුට ඇත්තේ යටි අරමුණු ප්‍රමාණයක් ය. නව ලිබරල්වාදී  ප්‍රතිපත්ති තීරණාත්මකව මුහණට මුහුණ මුණ ගැසෙනවිට සමහරවිට ඔවුන්ගෙන් සමහරු මෙතෙක් කතා කළ ‘යුක්තිය ‘ ‘සාධාරණත්වය ‘පැත්තක දමා නව ලිබරල්වාදය සමග සිට ගනිති (උදා. සයිටම් ප්‍රශ්නයේ දී මෙන්).

ඉහත දැක් වූ පරිදි සමාජ ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යාමට  අවශ්‍යයෙන්ම තිබිය යුතු  සාපේක්ෂ හෝ ඒකාග්‍ර පළල් දේශපාලන දැක්මක්වත් වැඩපිළිවෙලක්වත් පහළට කිඳා බැසගත් ජනතාව මත පදනම්වූ විනයගත සංවිධාන රටාවක්වත් මෙවැනි ව්‍යාපාරවලට නොපිහිටන්නේ මේ මධ්‍යම පංතික පදනම නිසා ය. ඇත්තටම නම් ඔවුන් යම් යම් අංශයන්ගෙන් අත්කරගෙන සිටි සිය ප්‍රතිරූපය යොදා ගනිමින් සමාජය මත මතවාදීමය බලපෑමක් ඇතිකරගෙන සිටි ලිහිල් කුඩා කණ්ඩායම් ය. ඔවුන්ට ඒ ලිහිල් විසුරුණු බව ව්‍යාපාරය තුළ පවත්වා ගන්නට උවමනා ය. ඔවුන්ගේ වැඩපිළිවෙලවල් තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයක් වන දමිළ ජාතික ගැටළුවට විසඳුම් යෝජනාවක් ඉදිරිපත් නොවුනේත් ජනාධිපතිවරණය කිට්ටුවන තෙක්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මහින්දට ආයාචනය කළේත් පසුව මින් සමහරෙක් මහින්ද රෙජිමය හිස මුදුනේ තියාගෙන සිටි මංත්‍රීවරුන්ගේද සහායෙන් ‘යහපාලනයක්‘ සඳහා අවශ්‍ය අණපනත් සම්මතකරගත හැකියයි  විශ්වාස කළේත් මේ ප්‍රායෝගිකවාදී සුළුධනපති හිතළු නිසාම ය.  

අද මහින්ද පරාජය කර ඇත. එය සාක්ෂාත්කර ගත යුතුම හදිසි කාර්යයක්ම විය. ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අලුත් පාලනය ගැන අවධියෙන් සිටීම අනිවාර්ය  අවශ්‍යතාවක් විය. මන්ද කුමන පොරොන්දු දී බලයට පැමිණියත් එම පොරොන්දු පසෙකලා ඒවාට එරෙහි ක්‍රියාකාරිත්වයකට පිවිසීමේ නෛසර්ගික ස්වභාවය හා කොන්දේසි  පැවති නිසා ය. ඒවා ඉක්මවා යාමේ පදනමක් හෝ හැකියාවක් එකී පාලනයට  නොවූ නිසා ය.

මෛත්‍රීපාල සිරිසේනටවත් රනිල් වික්‍රමසිංහටවත්  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ  හැඟීමක් තිබූ බව පෙන්නුම් කරන ඉතිහාසයක් තිබී ද නැත. මෛත්‍රීපාල මහින්දගෙන් කැඩී වෙන්වන්නේ ඔහුට සිදු වූ මදිපුංචිකම් නිසා සහ මහින්ද විරෝධී රැල්ලක් වර්ධනය වීම නිසා මිස සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ  හැඟීමක් තිබූ නිසා යයි කිව නොහැකි ය. රීතියක් වශයෙන් සිදුවන පරිද්දෙන්ම මැතිවරණ ජයක් පතා සටන් වදින ඕනෑම විපක්ෂයක්, විපක්ෂ අගමැති හෝ  ජනාධිපති අපේක්ෂකයෙක් පරිද්දෙන්ම මෛත්‍රීපාල  ද රනිල්  ද ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයෝ ලෙස පෙනී සිටියහ.  

එමෙන්ම අල්ලස, දූෂණය, හොරකම යන මේවා ධනේශ්වරය සමග බැඳී පවතින අඩු වැඩි වශයෙන් වන එහි නෛසර්ගික ගුණාංගයන්ය. යම් යම්  නීතිරීති හා ආයතන ව්‍යුයන් ගොඩනැගිම තුළින් සිදු කළ හැක්කේ මෙම තත්ත්වයන් කිසියම් දුරකට අවම කිරිමක් විනා නැති කිරිමක් නොවේ. පෞද්ගලික දේපළ ක්‍ර‍මයක් පදනම් කරගත් ක්‍ර‍මයක් තුළ සුරාකෑම, ප්‍රාග්ධන සමුච්චකරණයන්  පවතිනවා සේම අල්ලස, දූෂණය, හොරකම ද අඩු වැඩි වශයෙන් බැඳී පවතී.  ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මිනිස් අයිතිවාසිකම් යන ඒවා ද සපුරාගත හැක්කේ යම් යම් සීමාවන්ට යටත්ව ය. දියුණු ධනේශ්වර රටවල ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මිනිස් අයිතිවාසිකම් කිසියම් ඉහළ මට්ටමක පැවැතියත් ශ්‍රී ලංකාව වැනි අඩු දියුණු රටවල මෙම තත්ත්වය ළඟාකර ගැනීම ඒවාට සාපේක්ෂව බෙහෙවින් අසීරු ය. ජනවාරි 08 දා බලවේගයන් තේරුම් නොගන්නේ ද, තේරුම් ගැනීමට උත්සහ නොකරන්නේ ද  සමහර අයට තේරුණත් පැහැදිලි කිරීමට උත්සාහ නොකරන්නේ ද මෙම සත්‍යය යි.

සිවිල් සමාජ ව්‍යාපාරය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් වූයේ නම් කළ යුතුව තිබූ කාර්යය විය යුතුව තිබුණේ රාජපක්ෂ රෙජිමය පලවා හැරි තැන් පටන්ම නව පාලනයෙන් එල්ලවන අනතුර පිළිබඳ අවදියෙන් යුතුව ඒ අනතුර පැන නගින මෙහොතේ සිට එයට එරෙහිව ජනතාව අවදිකර පෙළ ගස්වා බලමුළු ගැන්වීමේ කාර්යය සඳහා සූදානම් කිරීමේ ක්‍රියාවලියකට මුල පිරීම ය. එහෙත් ඒ වෙනුවට ඒවා  පාලකයන් පොරොන්දු ඉටු කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පාලනය වෙනුවෙන් ආරක්ෂක භූමිකාවක් රඟන තත්ත්වයකට තමන් විසින්ම පත්කර ගනු ලැබ තිබුණි.

නව පාලනය බිහි වූ ගමන්ම රාජපක්ෂ රෙජිමයට සාපේක්ෂව  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් බිහි වූයේය යන්න අපි ප්‍රතික්ෂේප නොකරමු.  එහෙත් එම අවකාශය පුළුල් කරන්නටවත්, ආරක්ෂා කරන්නටවත්, පවත්වා ගෙන යන්නටවත් වත්මන් පාලනයට වුවමනාවක් නැති බව එන්ට එන්ටම ඔප්පුකරමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාය තහවුරු කරන්නට ගෙන එනවා යයි කියූ නීති අණ පනත් ගෙනවිත් ඇත්තේ බොහෝ සෙයින් නමට පමණි. විශාල කප්පාදු කිරීම්වලට යටත්ව ය. නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට සපුරා පටහැනි වගන්ති ද ඇතුළත් කරමිනි.

රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ වැඩී යාමට නියමිත ප්‍රජාතන්ත්‍ර හා ජනතා විරෝධී පිළිවෙතට අභියෝග කළ හැකි මට්ටමකට සිවිල් සමාජ ව්‍යාපාරය වෙනස් වේ යැයි අපට මොහොතකටවත් බලාපොරොත්තු විය නොහැකි ය. ‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යන්න තේරුම් ගන්නට ඔවුන්ට ඕනෑ තරම් අවස්ථා තිබිණ. එහෙත් ඔවුන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින්, ප්‍රකාශ නිකුත් කරමින් නාහෙන් ඇඬීමය,   ආයාචනා කිරීම ය. ආරම්භයේ සිටම එනම් 2015 ජනවාරි 9 වෙනිදා සිටම ආණ්ඩුව පීලිපනින ඕනෑම මොහොතක පොදු ජනතාව බලමුළු ගැන්විය හැකි ආකාරයෙන් ක්‍රියා කළ  යුතුව තිබුණත් ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් ගැන සිහිනෙන්වත් සිතුවේ නැත. ඉදිරිටත් එසේ නොසිතනු ඇත. ප්‍රබල මහජන ව්‍යාපාරයකින් තොරව ලිබරල් ධනවාදය ඉදිරියේ ඉල්ලීම්, ආයචනා, සම්මුතීන් ආදියට කළ හැකි දෙයක් නැති බව සිවිල් සමාජ ව්‍යාපාරය විසින් පැහැදිලිව සනාථ කරනු ලැබ ඇත. සිවිල් සමාජ ව්‍යාපාරයේ මේ නෛසර්ගික නිෂේධනීය ගුණය පිටුදැක පළල් මහජන ව්‍යාපාරයක් කරා පරිවර්තනය වීමේ  ප්‍රවේශයන් සොයා බලා ඒවාට මැදිහත්වීම සැබෑ ප්‍රජාතන්ත්‍රීය බලවේගයන්ගේ වගකීම යැයි අපි සිතමු. මේ කාර්යයේලා ඉදිරි පෙරමුණේ සිට ක්‍රියාකාරී විය යුත්තේ වාමාංශික බලවේග ය. එහෙත් අපේ වමේ යයි කියන බලවේග  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයට හා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ දැවෙන අවශ්‍යතාවට තවමත් නිසි අවධානය හා අවධාරණය යොමුකර නැත.     

 

  



 

පයින් ගැප්- විශාලතම ඇමරිකානු ඔත්තු සේවා මධ්‍යස්ථානය





උතුරු ඕස්ව්‍රේලියා ප්‍රාන්තයේ පහළ කාන්තාරය මැද ඇලිස් ස්ප්‍රින්ග් නම් කුඩා නගරයට කිමී 18 ක් පමණ දුරකින් පයින් ගැප් නම් ස්ථානයේ   ඇමරිකානු ඔත්තුසේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇත. මෙය ඇමරිකා භූමියට පිටතින් ඇමරිකාව සතු අති විශාලතම හමුදා කදවුර ලෙස සැලකෙයි. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ඒකාබද්ධව 1970 දී පිහිටුවා ඇති මේ මධ්‍යස්ථානය අද සාමාන්‍යෙයන් හදුන්වන්නේ පයින් ගැප් යන කෙටි නමින්ය. ඇමරිකාව වෙනුවෙන් මෙය මෙහෙයවන්නේ මධ්‍යම ඔත්තුසේවා ඒජන්සිය,(CIA) ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) සහ ජාතික පිරික්සුම් කාර්යාලය මගිනි. ඇ.එ.ජ. ප්‍රධාන ආරක්ෂක ආතන කීපයකම මැදිහත්වීමෙන්  මෙම මධ්‍යස්ථානය නඩත්තුකිරීමෙන් ම පෙනීයන්නේ එහි ඇති වැදගත්කමය.
1999 දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව විසින්  මීට අදාළ ගිවිසුම් ඉදිරිපත්කරන ලෙස  ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට දන්වා සිටිය ද  ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂකරනු ලැබීම නිසා සෙනෙට් සභාව ඕස්ට්‍රේලියානු ජාතික වි.විද්‍යාලයේ ඔත්තුසේවා බිළිබද විශේෂඥයකු වූ මහාචාර්ය  ඩෙස් බොල් Des Ball කැදවා කරුණු විමසීය.   කක්ෂගත සැටලයිට් මගින් ලබාගන්නා  සංඥා එක් රැස්කිරීම හා එම සැටලයිට් පාලනය කිරීම මෙහි සිට සිදුකරන බවත් එමගින් අන් රටවල් විසින් නිශ්පාදනයකරන බැලස්ටික් මිසයිල වැනි දියුණු අවි   පිලිබද තොරතුරු ලබාගැනීම, සතුරු මිසයිල සහ ප්‍රහාරක යානා  පිලිබද සංඥා ලබාගැනීම සහ  ඈත  දුරකථන කතාබහ ගග්‍රහණයකරගැනීම මෙහි ප්‍රධාන වශයෙන් සිදුකරන බවත් අති ප්‍රබල ඇන්ටනා 33 ක් මේ සදහා යොදාගෙන ඇති අතර  ලබාගන්නා දත්ත විශ්ලේෂණ්‍අයකිරීම සදහා විශාල පරිඝණක සංකීර්ණයක් මෙහි ස්ථාපිත කර ඇතිබවත්  ඔහු  සාක්ෂිදෙමින් කියා සිටිය.

දෙමළ ජාතික අරගලය හා විග්නේශවරන්ලා









මේ දිනවල සිංහල සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ජා වන්නේ උතුරු පළාත් මහ ඇමති  විග්නේශ්වරම් එල්ලා දැමීමට ය. ඔහුගෙන් ප්‍රකාශවී ඇත්තේ බහුතර දමිළ සමාජ‍යේ සිතීම බව අපේ අදහසයි. මෙම අදහස දමිළ සමාජයේ බහුතරයක උවමනාවන් ප්‍රකාශ නොකරන බව  යමෙකුට තර්ක කර හැක. අප ඔවුන්ට කියන්නේ තර්ක නොව දෙමළ සමාජයේ අතීත ඉල්ලීම්  මෙන්ම අතීත හා වර්තමාන හැසීරිම් හොඳින් නිරික්ෂණය කර බලන ලෙසයි.

ප‍්‍රජාතන්ත‍්‍රප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ ව්‍යාපාරයට අප ඉදිරිපත්කළ සංක්ෂිප්ත දැක්ම



ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒ සඳහා වූ අරගලය
1.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ ස්ථාවරයේ පදනම 
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික වශයෙන් දේශපාලන ක‍්‍රමවේදයක් වන අතර ආයතනයක් හෝ සංවිධානයක් තුළ තීරණ ගැනීමේ ක‍්‍රමවේදයක් ද වේ.   
එහි මුල් ගී‍්‍රසිය, මෙසපොතේමියාව, ඉන්දියාව ආදී තැන්වල දැකිය හැකි වුව ද නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ  ප‍්‍රභවය හා හැඩගැසීම  ඓතිහාසික සමාජ සංවර්ධනය තුල සිදුවන ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රභවයත් එහි සංවර්ධනයත් සමග සමානුපාතිකව සිදුවන බව දැකිය හැකි ය.  
නූතන සම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එහි සාමාන්‍ය පොදු අර්ථයෙනුත් ඓතිහාසික අර්ථයෙනුත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. 
ඒ අනුව එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පංතිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. එහි හැඩයන් කවර ආකාරයක වුවත් ධනේශවර දේශපාලන ක‍්‍රමවේදයකි. 
පංතීන් පවත්නා තෙක් දේශපාලන ක‍්‍රමවේදයන් පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ඊට අයත් වෙයි.

යාපනයේ සරසවි සිසු ගැටුම - යහපාලනයේ නොහැකියාවෙන් වීරවංශලා උඩ යති

යාපනය සරසවියේ පසුගිය 16 දා  දමිළ හා සිහල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සිංහල සමාජය තුළ ජාතිවාදී අන්තවාදී බලවේගයන්ගේ අමන්දානන්දයට ද රටේම සමස්ත ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ගේ මහත් කණස්සල්ලටද හේතු වූ සිදුවීමකි. මෙය ඇතැම්විට වත්මන් දේශපාලන සන්දර්භය තුළ අන්තවාදී බලවේගයන්ගේ පෙළඹවීම් මගින් ඇති වූ සිද්ධියක් වන්නට ද බැරිකමක් නැත. මන් ද මීට පෙර ද මෙම සිද්ධියට පාදක වූ අන්දමේ පිළිගැනීම් උත්සව යාපන සරසවිය තුළ දෙපාර්ශවය අතර සමගියෙන්, සහෝදරත්වයෙන් සිදුව ඇති නිසා සහ ඒවායේ දී මෙවන් ගැටුම් ඇතිවී නොමැති නිසා ය. දමිළ හා සිංහල සිසුන් අතර සරසවිය තුළ පැවති මෙම සමගිය, සහෝදරත්වය බිඳ දැමීම අවශ්‍ය කරන බලවේග පවතින බව ඇතැම් පාර්ශවවලින් කර තිබෙන ප‍්‍රකාශවලින් පෙනේ. 


යාපනයේ සරසවි සිසු ගැටුම - යහපාලනයේ නොහැකියාවෙන් වීරවංශලා උඩ යති

යාපනය සරසවියේ පසුගිය 16 දා  දමිළ හා සිහල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සිංහල සමාජය තුළ ජාතිවාදී අන්තවාදී බලවේගයන්ගේ අමන්දානන්දයට ද රටේම සමස්ත ප‍්‍රජාතන්තී‍්‍රය බලවේගයන්ගේ මහත් කණස්සල්ලටද හේතු වූ සිදුවීමකි. මෙය ඇතැම්විට වත්මන් දේශපාලන සන්දර්භය තුළ අන්තවාදී බලවේගයන්ගේ පෙළඹවීම් මගින් ඇති වූ සිද්ධියක් වන්නට ද බැරිකමක් නැත. මන් ද මීට පෙර ද මෙම සිද්ධියට පාදක වූ අන්දමේ පිළිගැනීම් උත්සව යාපන සරසවිය තුළ දෙපාර්ශවය අතර සමගියෙන්, සහෝදරත්වයෙන් සිදුව ඇති නිසා සහ ඒවායේ දී මෙවන් ගැටුම් ඇතිවී නොමැති නිසා ය. දමිළ හා සිංහල සිසුන් අතර සරසවිය තුළ පැවති මෙම සමගිය, සහෝදරත්වය බිඳ දැමීම අවශ්‍ය කරන බලවේග පවතින බව ඇතැම් පාර්ශවවලින් කර තිබෙන ප‍්‍රකාශවලින් පෙනේ. 


සෝමවංශ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරවදැක්වීම හා වාම සංස්කෘතිය

සෝමවංශ සහෝදරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ගොස් මම එහි රැදි සිටි කාලය තුල ලංකාවේ වාමාංශිකයන්ගේ නොදියුනු සංස්කෘතිය මනාව නිරීක්ෂණය කෙළෙමි. ජවිපෙ අය පෙරටුගාමින්ගේ මුහුණ බලන්නේ නැහැ. පෙරටුගාමිනුත් පැත්ත පලාත බලන්නේ නැහැ. නන්දන ඇතුළු තව හිටපු තනි චරිතත් එසේමයි. ඇයි මේ කථාකරනවා තියා මුහුණවත් බලන්නේ නැත්තේ? දේශපාලනිකව වෙන්වීම, මතවාද වෙනස්වීම පුද්ගලික කාරණා නෙමෙයිනේ. දේශපාලන කාරණා. ඒක පුද්ගලිකව ගන්ඩ ඕනද?  කිහිප දෙනෙකුට පුද්ගලික කාරණා තියෙන්න පුළුවන්. පොදුවේ තියෙන්න බැහැනේ. නමුත් එතනට ආපු ධනේශ්වර දේශපාලනඥයන් සමග නම් සමහර වම්මුන්, වම ඇත ඇර දාපු හිටපු වම්මුන් පැන පැන තමයි කථා කරන්නට උනේ. ටී වී නිවුස්ටික බලපුවාම හොඳට පේනවානේ. මං හිතන්නේ මේ ධනේශ්වර දේශපාලනඥයන් කැඩිච්ච අයට වඩා සමාජ විප්ලවයට හිතකර ඇති.

ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය- විශ්ලේෂණාත්මක ඇගයුමක්

 

පෙරවදන

අපි ධනවාදයට විකල්පය සමාජවාදය පමණක්මය යන්න දැඩි ලෙස විශ්වාස කරන සමූහයක්  වෙමු. එහෙත් අප ජීවත් වන්නේ සමාජවාදී ව්‍යාපාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද කේ`ඩෑරි වී ගිය සන්දර්භමය මොහොතක බව අපි දනිමු. මෙවන් පසුබිමක ධනවාදය ලෝක පරිමාණව කෙතරම් ප‍්‍රතිවිරෝධතාවන්ට කෙතරම් අභියෝගවලට මුහුණපෑවත්, අර්බුද මැද්දේ වුවත් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව අත්කර ගෙන සිටින බව ද අපි දනිමු. එනමුදු අපි ධනවාදයට අභියෝග කොට එය බිඳ දමා නව සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත්, කළ හැකි බවත් එය කළ හැක්කේ සෑබෑ නිර්ධන පංති ව්‍යාපාරයට පමණක් බවත්  විශ්වාස කරන්නෝ වෙමුු.
ලංකාව වාම දේශපාලන ක‍්‍රියාකාරිත්වයට පිවිසියේ දශක අටකටත් එපිට දී ය. විසල් ක‍්‍රියාකාරී සමාජවාදී ව්‍යාපාරයක් මෙහි පැවතුනි. එහෙත්  ඕනෑම සමාජවාදී ව්‍යාපාරයක ආරම්භයේ පවතින ආධුනිකත්වයෙන්, අපැහැදිලිතාවයෙන් මිදී පරිණත සැබෑ සමාජවාදී ව්‍යාපරයක් වීමට එය අසමත් වූයේ ය. අද දක්වාම එය නිවැරදි දෘෂ්ටියක්, වැඩපිළිවෙලක්, කි‍්‍රයාමාර්ගයක් හා උපක‍්‍රම ගොඩ නගා ගැනීමට  අසමත්ව තිබේ.    
මේ මොහොත සමාජවාදී ව්‍යාපාරය නිවැරදි දෘෂ්ටියක්, වැඩපිළිවෙලක්, කි‍්‍රයාමාර්ගයක් හා උපක‍්‍රම මත ගොඩනැගීමට ප‍්‍රවේශ විය යුතු මොහොතකි. එසේ නොමැතිව හෙට දවසේ ධනවාදය පරාජය කිරිම තබා එයට අභියෝග කිරීම ගැනවත් සිතීම අසීරු ය. එහෙත් සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීම ආවාට ගියාට කළ හැක්කක් නොවේ. එය දේශීය  මෙන්ම ජාත්‍යන්තරව ද ගැඹුරින් කෙරෙන අධ්‍යයනයක් මැද්දේ ඉටු කළ යුතු කාර්යයකි. 
මෙම කෘතියෙන් අපගේ අවධානය යොමුකර ඇත්තේ ලංකාවේ වාම ව්‍යාපාරය සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ලෙස ගොඩ නොනැගීමට හේතූ වු කරුණු පිළිබඳව රුසියාවේ බොල්ෂෙවික් ව්‍යාපාරය සමග ගෙන සංසන්දනාත්මක අධ්‍යයනයක් ඇසුරෙන්  විශ්ලේෂණයක යෙදීම යි.
අප මෙවන් ප‍්‍රවේශයක් ගෙන ඇත්තේ මාක්ස්වාදය-ලෙනින්වාදය යල් පැනගිය න්‍යායක් ලෙස හුවා දැක්වීම මෝස්තරයක් හා සංස්කෘතියක් බවට පත්ව තිබෙන සන්දර්භයක් තුළ ය යන්න ගැන මනා වැටහීමකින් යුතුව ය. මාක්ස්වාදී-ලෙනින්වාදී පොතේගුරුවාදයෙන් මිදී වත්මන් ගෝලීය ධනවාදයේ නව තත්ත්වයන්ට ගැලපෙන ලෙස කටයුතු කිරීමේ කාලීනභාවය පිළිබඳව හිටපු මාක්ස්වාදීහු මෙන්ම සුළු ධනපති න්‍යායාචාර්යවරු ද අනුශාසනා කරති. පංති අරගල මාවතෙන් බැහැරව සිවිල් සමාජ ව්‍යාපාර අරගල හරහා කරන මැදිහත්වීමකින් ධනවාදය වඩාත් මානුෂීයකරණයට ලක්කර ගත හැකි යයි ඔවුහු බොහෝ දෙනා කියා සිටිති. මෙය නව සොයාගැනීමක්වත්, නව ප‍්‍රවේශයක්වත් නොව එංගල්ස්ගෙන් පසු ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුළ අධිපතිත්වය ලැබුවා වූ ද පසුව බොල්ෂෙවික් විප්ලවය විසින්  නිෂේධ කරනු ලැබූවා වූ ද ප‍්‍රතිසංස්කරණවාදී පංති සහයෝගිතාවාදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයම ‘‘ගෙඩි පිටින්ම’’ නැවත ඔසවා තැබීමකි. එවිට එය මේ මහත්වරුන්ට පොතේගුරුවාදය නොවේ! 
ලාභය උපරිමයකර ගැනීමේ අභිලාෂයෙන් සියලූ දේපළ හා වස්තුව අන්තිම අංශුව පවා පෞද්ගලිකව අත්පත්කර ගැනීමේ මාරාන්තික තරගයක යෙදී සිටින ධනවාදය එහි ස්වභාවයෙන්ම එකී  අභිලාෂයට ප‍්‍රතිපක්ෂව නැගී සිටින නිෂ්පාදනය- භාණ්ඩ හා සේවා එන්ට එන්ට සමාජීයකරණය කරන්නා වූ කි‍්‍රයාවලියක් ඔස්සේ විසඳිය නොහැකි ප‍්‍රතිවිරෝධයක් නිර්මාණ කර තිබෙන බව අපි දකිමු. එහි තීරක ප‍්‍රතිවිරෝධය වන මෙය වැඞීයාම කිසිලෙකින්වත් නවතන්නට ධනවාදයට නොහැකි ය. එහි නෛසර්ගික ගතිකය එයයි. එයින් කියන්නේ නව ගුණාත්මක අදියරයක් (සමාජවාදයෙ) කරා ප‍්‍රවිෂ්ඨ වීමේ විප්ලවීය ගතිකත්වයක් ධනවාදය විසින්ම නෛසර්ගිකව නිර්මාණය කරනු ලබන බව ය. එහෙත් අචේතනික සොබා දහම තුළවන ප‍්‍රතිවිරෝධයන් මෙන් අචේතනිකව සචේතනික මිනිස් සමාජය තුළ ප‍්‍රතිවිරෝධතා විසඳෙන්නේ නැත. ඒවා මානවයා විසින්, මානව කණ්ඩායම් විසින් සචේතනිකව විසඳිය යුතු ය. ධනවාදයේ මේ පදනම් ප‍්‍රතිවිරෝධය විසඳිය හැක්කේ ඒ සඳහා වන ද්‍රව්‍යමය අවශ්‍යතාව තිබෙන මිනිස් සමූහයන්ට පමණි. එනම් නිර්ධන පංතිය ප‍්‍රමුඛ පීඩතයින්ගේ සචේතනික සංවිධානමය කි‍්‍රයාකාරිත්වයකට පමණි. එහිදී ඔවුන්ට මෙම කාර්යභාරයට මග පෙන්වන හා නායකත්වය සපයන ඔවුන්ගේම සංවිධානයක් එනම් විප්ලවීය පක්ෂයක් තිබිය යුතුය. ධනේශ්වර හෝ සුළු ධනේශ්වර පක්ෂ පසු පස යාමෙන් හෝ ඒවා ප‍්‍රජාතන්තී‍්‍රය කර ගැනීමෙන් නිර්ධන පංතිය ඇතුළු සුවිශාල පීඩිත ජනතාවන්ගේ සැබෑ අවශ්‍යතා ඉටු වන්නේ නැති බව තේරුම් ගන්නට මහා තර්ක ඥානයක් අවශ්‍ය  නොවේ.
ධනේශ්වර හා සුළු ධනේශ්වර පක්ෂ හා කණ්ඩායම් වෙතින් මෙහි දී නැගෙන හා නැගිය හැකි විරෝධතා, විවේචන අපට තේරුම් ගන්නට පුළුවන. ඒවා නැගෙන්නේ ඔවුන්ගේ පංති අවශ්‍යතාවන්ට අනුව ය. එසේ වුව ද ඔවුන්ගේ විවේචනවලට පාදක වන බොහෝ වැරදි සමාජවාදී ව්‍යාපාරය තුළ සිදුව ඇති බව ඇත්ත ය. ඒ වැරදි අපි නොපැකිල පිළිගත යුත්තෙමු. එහෙත් ඒ ඔවුන් යෝජනා කරන පරිදි ධනවාදයේ අනු ඛණ්ඩයක් බවට පත්ව තිබෙන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ධනවාදයේ වෙනත් කුමන හෝ රූපකායක් වෙතට පසු බැසීමට නොවේ. ඒවා නිවැරදි කර ගෙන සැබෑ නිර්ධන පංති ව්‍යාපාරයක් ගොඩ නැගීමට ය. ධනපති ක‍්‍රමය අහෝසි කිරීම කරා පෙරට යාමට ය. මාක්ස්වාදය අපට වැදගත් වන්නේ ඒ මිස මේ කාර්යය සඳහා මාර්ගෝපදේශය සැපයෙන අන් කිසිදු ප‍්‍රායෝගික දර්ශනයක්, කි‍්‍රයාමාර්ගික ප‍්‍රවේශයක් අප හමුවේ නොමැති නිසා ය. අනෙක් සියලූම ඒවා ක‍්‍රමයේ මූලික පදනම්වලට අත නොතබා ක‍්‍රමය යහපත් කරන්නට සිහින මවන ඒවා ය.    
ධනවාදය බටහිර යුරෝපීය රටවල ප‍්‍රධාන නිෂ්පාදන මාදිලිය බවට පත්වෙමින් තිබූ ආරම්භක අවධියේම එහි වෙනස්වීම් හා එහි සංවර්ධනයේ දිශානතිය පැහැදිලි කිරීමට සමත් වූයේ මාක්ස්වාදය යි. ධනවාදයේ ගෝලීයකරණ ගතිකය මාක්ස් එංගල්ස් පෙන්වා දෙන්නේ 1848 තරම් ඈත දී ය. වත්මන් ධනේශ්වර ගෝලීයකරණයේ සංයුක්ත කාරණා එදා ගෙන හැර දැක්විය නොහැකි බව කිව යුතු නොවේ. එහෙත් එහි නෛසර්ගික ස්වභාවය විශ්ලේෂණය කරමින් මාක්ස් එංගල්ස් ධනවාදයේ ගෝලීයකරණ ප‍්‍රවණතාව කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහි සටහන් කළේ මෙලෙස ය.
‘‘සිය නිෂ්පාදිතයන් සඳහා අනවරතව ව්‍යාප්තවෙමින් පවතින වෙළෙඳපොලක අවශ්‍යතාවය මගින් ධනපති පංතිය  මුළුමහත් පොළෝ තලය සිසාරා ලූහුබඳින්නේ ය. එය හැමතැනටම තුරුළු විය යුත්තේ ය, හැම තැනම පදිංචි විය යුත්තේ ය, හැම තැනම සබඳතා ගොඩ නගා ගත යුත්තේ ය. 
ධනේශ්වර පංතිය ලෝක වෙළෙඳපොළ සූරාකෑම තුළින් සෑම රටකම නිෂ්පාදනයට හා පරිභෝජනයට විශ්වව්‍යාපී ස්වභාවයක් දී තිබේ. එය ප‍්‍රතිගාමීන් මහත් කණස්සල්ලට පත් කරමින් කර්මාන්තය එය රඳා සිටි ජාතික පදනම එහි පා යටින් ඇද දමා තිබේ. සියලූ චිරාගත-ස්ථාපිත ජාතික කර්මාන්ත විනාශකර දමනු ලැබ තිබේ. නැතහොත් දිනපතා විනාශකර දමනු ලබමින් තිබේ. සියලූ ශිෂ්ට ජාතීන් හමුවේ ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයක් බවට පත්වන නව කර්මාන්ත හඳුන්වා දීම මගින්, තවදුරටත් ස්වදේශීය අමුද්‍රව්‍යවලින් නොව ඈත එපිට කලාපවලින් ගෙන එන අමුද්‍රව්‍යවලින් වැඩ කරන කර්මාන්ත මගින්, සිය රටේ පමණක් නොව ලෝක ගෝලයේ සෑම දිග් භාගයකම පරිභෝජනයට ගනු ලබන භාණ්ඩ නිපදවන කර්මාන්ත මගින් ඒවා ඉවත දමනු ලැබේ. රටේ නිෂ්පාදනය මගින් සපුරන ලද පැරණි අවශ්‍යතාවන් වෙනුවට ඒවායේ අවශ්‍යතා සපුරනු සඳහා ඈත හා විවිධ දේශගුණ සහිත රටවල නිෂ්පාදිත අවශ්‍ය කරන නව අවශ්‍යතාවන් අපට හමුවේ. පැරණි ප‍්‍රාදේශීය හා ජාතික හුදෙකලාභාවය හා ස්වයං පෝෂිතභාවය වෙනුවට සෑම දිසාවකින්ම සිදු වන අන්තර් කි‍්‍රයාකාරිත්වයක් ද ජාතීන්ගේ  විශ්වීය අන්තර් රැුඳියාවක් ද අපි දකිමු....’’  
‘‘ධනේශ්වර පංතිය  අවුරුදු සියයකටත් අඩු සිය පාලන කාලය තුළ සියලූ පූර්ව පරම්පරාවන් විිසින් එකතුව කරන ලද නිර්මාණයන්ට වඩා යෝධ වූ ද අති දැවැන්ත වූ ද නිෂ්පාදන බලවේග නිර්මාණයකර තිබේ. සොබාදහමේ බලවේගයන් මිනිසාට යටත් කිරීම, යන්ත‍්‍රසූත‍්‍ර, කර්මාන්තයට හා කෘෂිකර්මයට රසායනය යෙදීම, වාෂ්පබල නෞකා ගමනාගමනය, දුම්රිය, විදුලි පණිවිඩ ක‍්‍රමය, වගාව සඳහා මුළුමහත් මහාද්වීප හෙළි කිරීම, ගංගා වාරිමාර්ගීකරණය, භූමිය මත සමස්ත ජනගහනයන් ප‍්‍රා¥ර්භූත කිරීම ආදී එවැනි නිෂ්පාදන බලවේග  සමාජීය ශ‍්‍රමයේ උකුලෙහි සැතැපුණු බවට අපේක්ෂා මාත‍්‍රයක් පවා පෙර සියවසහෙි තිබුණේ ද?’’ 
මෙහි නිෂ්පාදිතයන් වෙනුවට මූල්‍ය ප‍්‍රාග්ධනය ආදේශ කරන්න. යන්ත‍්‍රසූත‍්‍ර, විදුලි පණිවිඩ ක‍්‍රමය ආදියට පසු  රොකටය, පරිගණකය, තොරතුරු තාක්ෂණය එකතු කරන්න. වත්මන් ගෝලීයකරණ කි‍්‍රයාවලිය ඔබ හමුවේ මැවී පෙනෙන්නේ නැති ද? 
මාක්ස් එංගල්ස් මෙසේ ද කීහ. 
‘‘නිෂ්පාදන උපකරණ ද එමගින් නිෂ්පාදන සබඳතාවන් හා ඒ සමග සමාජයේ මුළුමහත් සබඳතාවන් ද අනවරත  විප්ලවීයකරණයට භාජනය කිරීමෙන්  තොරව ධනපති පංතියට පැවතිය නොහැකි ය....’’
වත්මන් ගෝලීයකරණය යයි අලූතෙන් සොයා ගත් දෙයක් වශයෙන් ගෙන හැර පාන කි‍්‍රයාවලිය තුළ සිදු වන්නේ ඒ විප්ලවීයකරණය නොවේ ද? ඊයේට වඩා අද අදට වඩා හෙට ධනේශ්වර ක‍්‍රමය පවතින තාක් කල් විශ්මයජනක නිර්මාණ කරනවා ඇත. එය අප ඔලූ අවුල්කර ගෙන ඉබාගාතේ වියරුවෙන් දිවිය යුතු තත්ත්වයක් නොවේ. ධනපති ක‍්‍රමයේ ස්වභාව නිරූපී ලක්ෂණයකිි. අප කළ යුත්තේ ඔලූව සන්සුන්ව තබා ගෙන තත්ත්වය අවබෝධකර ගැනීම හා ඊට අනුව වැඩපිළිවෙලවල්, කි‍්‍රයා මාර්ග, උපාය උපක‍්‍රම නිර්මාණය කර ගැනීමට කි‍්‍රයා කිරීම ය.    
මාක්ස්ට එංගල්ස්ට එම දැක්ම තිබුණි. ලෙනින් තවත් ඉදිරියට ගියේ ය. යෝධ ඒකාධිකාරයන්ගේ  හා භාණ්ඩ අපනයනය වෙනුවට ප‍්‍රාග්ධන අපනයනයේ අවධියට එළඹීම මගින් ධනේශ්වර ක‍්‍රමය එහි උච්ච අවධියට, මූල්‍ය ප‍්‍රාග්ධනය අධිපතිත්වය කරා නැගි අවධියට, අධිරාජ්‍යවාදයේ අවධියට (ගෝලීයකරණයේ අවධියට) එළඹි අන්දම ලෙනින් විග‍්‍රහකර දැක්වීය. එය සැබෑ නිෂ්පාදනයෙන් වෙන්වීම හා අති විශාල වශයෙන් පොලී කන බලයක් බවට විපර්යාස වීම හා එනයින් සම්පූර්ණ පරපුටු බලයක් බවට පත් වීම මේ යුගයේ ධනවාදයේ ස්වභාව නිරූපී ලක්ෂණය වන බව පෙන්වා දුන්නේ ය. පරිගණක හා තොරතුරු තාක්ෂණ විප්ලවයෙන්  සිදුවූයේ එම ස්වභාව නිරූපී ලක්ෂණය එහි පරිණතිය කරා ගමන් කිරීම ය. ලෙනින් විසූ අවධියේ ගෝලීයකරණය එහි පරිණතිය බවට පත් වූයේ නැත. එහෙත්  මේ අවධිය ඉතිහාසීය වශයෙන් ධනවාදයේ අවසාන අවධිය වන අන්දම, එහි සෑම විප්ලවීය හැරවුමක්ම එහි කුණුවීම, පිටකටුව වඩ වඩාත් සන්ධාරයට නොගැලපෙන තත්ත්වය කරා ගෙනයාම තීව‍්‍ර කරන අන්දම ලෙනින් පෙන්වා දුන්නේ ය. ප‍්‍රායෝගික දේශපාලන අර්ථයෙන් ගත් කල ධනපති ක‍්‍රමය තවත් සැලකිය යුතු කාලයක් අල්ලා සිටිනු ඇත. මන් ද එය ඉබේ බිඳ වැටෙන්නේ නැති හෙයිනි.  
ලෝකය තේරුම් ගැනීම සහ වෙනස් කිරීම සඳහා එහි අවශ්‍යතාවෙන් වැඩියෙන්ම පෙළෙන ජනගහණයේ සුවිශාලතම බලවේගයවන නිර්ධන පංතිය ප‍්‍රමුඛ පීඩිත ජන සන්නිපාතයට මාර්ගෝපදේශකත්වය සපයන ආඪ්‍යතම ප‍්‍රායෝගික දේශපාලන දර්ශනය හා කි‍්‍රයාමාර්ගය ලෙස නැගී සිටින්නේ මාක්ස්-ලෙනින්වාදය යි. ඒ තැන හිමිකර ගන්නට මාක්ස්වාදී නොවන අන් කිසිදු දර්ශනයකට, කි‍්‍රයාමාර්ගයකට හැකියාවක් නැත. එය ප‍්‍රායෝගික ද්‍රව්‍යමය බලයක් බවට හා වාස්තවික යථාර්ථයක් බවට පරිවර්තනය කරමින්  සිය රටේ නිර්ධන පංතිය හා පීඩිතයින්ට පමණක් නොව ලෝකයේම නිර්ධනීන්ට හා පීඩිතයින්ට මාර්ගෝපදේශය ලබා දීමේ ගුරු පොත වූයේ රුසියාව ය.  ඕනෑම රටක විප්ලවීය සමාජවාදී ව්‍යාපාරයක් උකහා ගතයුතු මූලික සාරය එහි අඩංගු වෙයි. මාක්ස්වාදී දෘෂ්ටිවාදයෙන් සන්නද්ධවීම, අවස්ථාවාදයට එරෙහි අඛණ්ඩ අරගලය, වෘත්තීය විප්ලවවාදීන්ගෙන් සමන්විත විප්ලවීය පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදී සංවිධාන විධික‍්‍රමය, පැහැදිලි පක්ෂ වැඩපිළිවෙලක් හා බහුජන ව්‍යාපාරය මත පදනම් වූ පංති අරගල කි‍්‍රයාමාර්ගය ආදී වැදගත් ලක්ෂණවලින් එකී සාරය නිර්මිත වෙයි. ඒවා කිසිසේත් යල්පැන ගිය හෝ යන ඒවා නොවේ. අපේ හැදෑරීම්වලදී මෙන්ම අපේ ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග සකසා ගැනීමේදී  මාක්ස්-ලෙනින්වාදය එහි අගනා භාවිතයන් අප ප‍්‍රවේශයක් කරගත යුත්තේ එනිසා ය.     
ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ පිරිහීම සම්බන්ධයෙන් මෙන්ම නැගීම් සම්බන්ධයෙන් ද අපේ මෙන්ම බොහෝ (සමහරවිට සමස්ත) වාමාංශික දේශපාලන ක‍්‍රියාධරයන්ගේ දේශපාලන අවබෝධය ගොඩනගා ඇත්තේ  එහි බාහිරෙන් පෙනෙන්නට ඇති සිදුවීම් හා හැසිරීම් රටාව මත බර තබා බව දැකිය හැකි ය. ඊටත් වඩා සරල ආකාරයෙන් සමාජවාදී ව්‍යාපාරය මැනීමට පොදු සමාජය ද ඒ අනුව පුරුදුවී සිටීම ඒ අනුව  පුදුමයක් නොවේ. යමක් පිළිබඳ සාමාන්‍ය ඉන්ද්‍රීය ගෝචර දැනුම එය නිවැරදිව තේරුම් ගැනීමට ප‍්‍රමාණවත් නොවේ. විශේෂයෙන් සංකීර්ණ සමාජ ප‍්‍රපංචයක් වූ සමාජවාදී ව්‍යාපාරයක් එයාකාරයෙන් තේරුම් ගැනීම කළ නොහැක්කක්ම ය. ඒ තාක් එය ඒ සම්බන්ධ නිවැරදි දැනුමක් නොවන වග අපේ පසු කාලීන අධ්‍යයනයන් මගින් අපට ඒත්තු ගැන්වී ඇත. පැරණි සමාජවාදී ව්‍යාපාරයට (පැරණි වමට) අදාළව නම් එය ප‍්‍රතිසංස්කරණවාදයට, පාර්ලිමේන්තුවාදයට, සභාගවාදයට ඇදවැටීම ආදිය එහි පිරිහීම බාහිරට ප‍්‍රදර්ශනය වූ   රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. නව සමාජවාදී ව්‍යාපාරයට (නව වමට) විශේෂයෙන් ජවිපෙට  අදාළව ද තත්ත්වය එසේම ය. 88-89 අරගලය, හවුල් ආණ්ඩු දේශපාලනය, යුදවාදය හා වත්මන් නවීන සමාජවාදය වැනි ඒවා එහි පිරිහීම විදහාපාන රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. පොදු වශයෙන් ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ මෙකී ලක්ෂණ එහි පිරිහීම ඇති කරන, එය ජනනය කරන ගතික ගුණය නොව විය යුතු පරිද්දෙන් ම එහි නියමාකාර ඵලයන් ය. ඒ සඳහා හේතුකාරක ගුණය අඩංගුවන්නේ  සමාජවාදී ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙහි ය. එය මාක්ස් ලෙනින්වාදී සාරයෙන්  කෙතරම් නම් පිරී පවතින්නේ ද යන්න මගින් එම ගුණය තීරණය කෙරෙයි. පෙර සඳහන්කර ඇති පරිදි මාක්ස්වාදය මත තිරසරව පිහිටීම, කැපවූ වෘත්තීය විප්ලවවාදීන්ගෙන් සමන්විත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගත විනය මත විප්ලවීය පක්ෂය ගොඩනැගීම හා පක්ෂ වැඩපිළිවෙල නිර්මාණයකර ගැනීම, අවස්ථාවාදයට එරෙහි නොනවතින අරගලය හා බහුජන ව්‍යාපාරය මත පදනම් වූ පංති අරගලය වැනි මූලික ගුණාංග ලංකාවේ පැරණි හා නව සමාජවාදී ව්‍යාපාරය තුළ අඩංගුවූයේ ද යන්න විමර්ශනය කළ යුතු ය. ඒ මගින් අපට එහි අභ්‍යන්තරය  විනිවිද යමින් ඒ සම්බන්ධයෙන්  සැබෑ දැනුමක් අත්කරගත හැකි ය. ලංකාවේ සමාජවාදයේ ජයග‍්‍රහණය සඳහා විප්ලවවාදී දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ ද එසේම පොදු පීඩිත ජනතාවගේ ද පංති සවිඥානකත්වය ඉහළ දැමීමට, ඔවුන් සංවිධානය කිරීමට මූලික වශයෙන් අපේ සමාජවාදී ව්‍යාපාරයේ හරය තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය වැදගත් සාධකයක් බව අපේ පිළිගැනීම ය. මෙම  කෘතිය ඒ සඳහා ප‍්‍රමාණවත් යයි අපි නොකියන නමුත්  ඒ සඳහා ප‍්‍රවේශයක් කරගත හැකි යයි  විශ්වාස කරමු.   
විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය වශයෙන් ගොනු වී වැඩකරන අප සැබෑ සමාජවාදි ව්‍යාපාරයක් ගොඩනැගීම උදෙසා වසර ගණනාවක් තිස්සේ විවිධ ප‍්‍රයත්නයන්හි නියැලූණා වූ ද එලෙසම එම ප‍්‍රයත්නයන්ට අලූතෙන් සම්බන්ධ වෙමින් සිටින්නා වූ ද ක‍්‍රියාකාරීන් හා ක‍්‍රියාකාරිනියන්ගෙන් යුතුව ගොඩ නැගෙමින් පවතින නව සංවිධානයකි. අපේ ප‍්‍රවේශය මෙම කෘතියේ ‘‘නව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අපේ ඉදිරි දැක්ම හා ප‍්‍රවේශය’’ යන්නෙහි සංක්ෂිප්තව දක්වා ඇත. සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය පිළිබඳ පළල් අධ්‍යයනයක් අවශ්‍ය බව අපගේ අදහස යි. මෙම කෘතිය එළි දකින්නේ එම පියවරේ පළමු පියවර වශයෙනි.  
මෙම කෘතියෙන් ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන පාඨකයාගේ දැනුම වර්ධනය වනු නොඅනුමාන ය. එහෙත් අපේ අරමුණ හුදු දැනුම වර්ධනය කිරීමක්ම නොවේ. කි‍්‍රයාකාරිත්වයට මග පෙන්වන ඓන්ද්‍රිය දැනුමක් වර්ධනය කිරීම ය. අප මෙම කෘතියෙන් විශේෂයෙන් ආමන්ත‍්‍රණය කරන්නේ සැබෑ විප්ලවීය ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අපේක්ෂාවෙන් පෙළෙන, ඒ වෙනුවෙන් කි‍්‍රයාකරන හා කි‍්‍රයාකිරීමට ප‍්‍රයත්න දරන මිනිසුන්ට හා ගැහැණුන්ට බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. 

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය  

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...