ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු-ලයනල් බෝපගේ


                                                                 
  පස්වන කොටස                                                                                                      

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්
2.         ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු සුළුතර ජන ප්‍රජාවක් වාර්ගිකත්වය පදනම් කොට ගෙන වෙනස්කම් කිරීමක් ගැන පැමිණිලි කරන බවක් නොපෙනේ; වාර්ගිකත්වය මත පදනම්ව කිසිදු වෙනස්කම් කිරීමක් ඇත්තේ නැත; එය සැඟවුනු අභිප්‍රායක් සහිතව (දෙමළ දේශපාලණ නායකත්වය විසින්) ගෙන යන හුදු දේශපාලන ප්‍රචාරයක්.
“වෙනත් කිසිදු සුළුතර ජන ප්‍රජාවක් වාර්ගිකත්වය පදනම් කොට ගෙන වෙනස්කම් කිරීමක් ගැන පැමිණිලි කරන බවක් පෙනෙන්නට නැතැ” යි යනුවෙන් ආචාර්‍ය ගොඩහේවා කරන ප්‍රකාශය කරුණු මුළුමණින්ම වැරදි සහගත ලෙස ඉදිරිපත් කිරීමකි. ශ්‍රී ලංකාවේ බහුතරය නොවන ජන ප්‍රජාවෝ බොහෝ ආකාර වෙති. ඒ අය අතර දමිල, මුස්ලිම් සහ බර්ගර් වශයෙන්ද හින්දු, ක්‍රිස්තියානි, මැලේ, චීන, කෆීර් යනාදීහු ද සිටිති. මොවුන් අතරෙන් දමිල, මැලේ, චීන සහ කෆීර් ජාතිකයෝ පමණක් වාර්ගික වශයෙන් පදනම් වන බව සැලකිය හැකිය. අනෙක් අය වාර්ගික වශයෙන් පදනම් නොවන නමුත්, ඔවුහු විශ්වාස මත පදනම් වෙති. බහුතරය නොවන ජන ප්‍රජාවන්ට එරෙහිව, ඔවුන් කිතුනුවන්[1]  හෝ මුස්ලිම්වරුන්[2] වන නිසාම පමණක් මෑත දී දකුණේ ඇති කරන ලද නොයෙක් කැරලි කෝලාහල පිළිබඳව කිසිවෙකු දැන සිටිය නොහැක්කේ කෙසේද? 2014 ජූනි මාසයේ බොදුබල සේනා විසින් අළුත්ගම මුස්ලිම්වරුන්ට එරෙහිව ගැටුම් අවුළුවා ලීම පුළුල් ලෙස හෙළා දකින ලද අතර, මාරාන්තික කැරලි වළක්වන්නට කඩිනම් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව බල කර සිටියේය. යුද්ධයේ අවසානයෙන් පසුව පවා, දමිල ජනයා[3] සහ මලයියහ (කඳුරට) දමිල ජනයාට[4] එරෙහිව ඕනෑකමින් ඇති කරන ලද කැරලි කෝලාහල දකුණේ සමහර වතුවල දිගටම සිදු වෙයි; ඒ සඳහා කිසිදු සාධාරණ යුක්තිසහගත හේතු දැක්වීමක් නැත.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු- ලයනල් බෝපගේ


                                                         සිව්වන කොටස                                                                                                            
නිවැරදි කිරීම: මෙම දිගු ප්‍රතිචාරයේ පෙර කොටස් පළ කරන ලද්ද ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් යන මාතෘකාව යටතේය. කතුවරයා කථිකයාට නුසුදුසු ගරවයක් ආරෝපනය කිරීමෙන් කරන ලද මෙම නොදැනුවත් වරද ගැන කණගාටු වෙයි. 
ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්
1.      ශ්‍රී ලංකාව නිදහසෙන් පසු සියලු පුරවැසියන්ට සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දුන්නේය; ශ්‍රී ලංකාව තුළ පවත්නා ව්‍යවස්ථාමය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය විධිවිධාන කිසිවක් විසින් කිසිදු සුළුතර ජනකොටසක් වෙනස්කම් කිරීමට ලක් කරනු නොලැබේ; සියලු දෙනාම ඒකීය රාජ්‍යයක් තුල සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියන් වෙති; යුද්ධයෙන් පසුව පවා, සංවර්ධන වියදම්වලින් වැඩි කොටසක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන ලදි;
ධ්‍යාපනය
යටත් විජිත පාලනය යටතේ ප්‍රභූ පෙලැන්තියේ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඉගැන්වීමේ භාෂාව විය[1]. මෙය ඉංග්‍රීසි කථා කරන්නන්ට වාසිදායක වූවද, බහුතරයට එහි ප්‍රතිලාභ ලබා ගන්නට නොහැකි විය. කලින් සඳහන් කළ අන්දමට, උතුරු හා නැගෙනහිර පළාත්වල සිටි, ප්‍රධාන වශයෙන් දමිල සිසුන්ට, ඔවුන් අයත්ව සිටි සමාජ ආර්ථික ස්ථර නොසලකා මිෂනාරි පාසල් මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගන්නට ඇතුල් විය හැකිව තිබිනි. 1931 දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් විට 84,000 ක් ඉංග්‍රීසි පාසැල්වල ද, 476,000 ක් ස්වභාෂා පාසැල්වල ද ඉගෙනුම ලැබූහ. නිදහස ලැබෙන්නට ආසන්න කාලයේදී, 180,000 ක් පමණ ඉංග්‍රීසි පාසැල්වලත්, 720,000 ක් ස්වභාෂා පාසැල්වලත් ඉගෙනුම ලැබූහ. ඉංග්‍රීසි පාසල් විෂය මාලාව තුළ උසස් පාඨමාලා ඇතුළුව සෑම ශ්‍රේණියක් සඳහාම පන්ති සහ විභාග ඇතුළත් වූ අතර, ස්වභාෂා පාසැල්වල පන්ති පස්වන මට්ටමෙන් අවසාන විය. 1942 දී ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවනු ලැබීය. බොහෝ ඉංග්‍රීසි කතා කරන දමිල හා සිංහල සිසුහු විශේෂයෙන් විද්‍යා, වෛද්‍ය විද්‍යා හා ඉංජිනේරු විද්‍යා පාඨ මාලා හදාරන්නට විශ්ව විද්‍යාලවලට ඇතුළ් වූහ. විශ්ව සාක්‍ෂරතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් සමඟින්, ආණ්ඩුවේ පාසල් වල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන බවට පත් විය. මූලික හා තාක්‍ෂණික පාසැල් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටුවන ලද අතර ස්වභාෂාවෙන් ලබන අධ්‍යාපනය නිල වශයෙන් දිරි ගැන්වුනි.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් -ලයනල් බෝපගේ


                                                                                  තෙවන කොටස                                                                                                  

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු
1. ශ්‍රී ලංකාව නිදහසෙන් පසු සියලු පුරවැසියන්ට සහ ජනප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දුන්නේය; ශ්‍රී ලංකාව තුළ පවත්නා ව්‍යවස්ථාමය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය විධිවිධාන කිසිවක් විසින් කිසිදු සුළුතර ජනකොටසක් වෙනස්කම් කිරීමට ලක් කරනු නොලැබේ; සියලු දෙනාම ඒකීය රාජ්‍යයක් තුල සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසියන් වෙති; යුද්ධයෙන් පසුව පවා, සංවර්ධන වියදම්වලින් වැඩි කොටසක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙත යොමු කරන ලදි;
1947 සෝල්බරි ව්‍යවස්ථාව දිවයිනේ ප්‍රථම ඒකීය රාජ්‍යය ස්ථාපිත කර ලීය. එය, එතෙක් විමධ්‍යගත පරිපාලනයක් යටතේ පැවති රටක් මත ආරෝපණය කරන ලද අපරදිග ව්‍යවස්ථාමය නිර්මිතයකි. නව පාලනය පදනම් වූයේ ජනවාර්ගික, ආගමික හා භූගෝලීය විවිධත්වය නොසලකා සජාතීය මහජනතාවක් උපකල්පනය කල බහුතරවාදී ප්‍රජාතන්ත්‍රවාදය මත යි. බහුතරයේ කැමැත්ත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සකස් කරන බවට සලකන ලදි. එසේ වුවත්, අඩු තරමින් පසුගිය ශතවර්‍ෂ කිහිපයේදී වත් ලංකාව සජාතීය සමාජයක් ව පැවතී නැත. නව ඒකීය රාජ්‍යය ඇතැම් විට බහුතරය නොවන ජනයාගේ මානව හා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් යටපත් කර දමමින්, බහුතරයේ අදහස් පමණක් හැම විටකම පාහේ ක්‍රියාත්මක කළේය.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන්--ලයනල් බෝපගේ


දෙවන කොටස                                                                                                

පූර්ව යටත් විජිත සහ යටත් විජිත පාලනය
පූර්ව යටත් විජිත ලංකාව, ප්‍රාදේශීය රාජධානිවලින් මෙන්ම, කුල වැදගත්කම විසින් ආගමික සහ වාර්ගික ගැටළුව යටපත්කර දමන ලද දමිල සහ සිංහල වැඩවසම් වංශාධිපතීන් අතර පැවති සුහදතාවයේ සංකලනයකින්ද නිරූපනය වුනු බොහෝ සෙයින් ධූරාවලිගත වැඩවසම් සමාජයක් වූයේය. මතභේද පැන නැගුනේ ජනවාර්ගික ද්වේෂය නිසා නොව, වංශාධිපතීන් අතර පැවති එදිරිවාදිකම් හේතුවෙනි. දිවයිනේ ධනවාදය දේශිය තත්ත්වයන්ගෙන් පැන නැඟුනා නොව, යටත් විජිත හාම්පුතුන් විසින් ඔවුන්ගේ ආර්ථික හා ව්‍යුහාත්මක අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ආරෝපනය කරන ලද්දකි. සියලූ ජනප්‍රජාවන්ට අයත් වූ ප්‍රභූ පිරිස් මෙම යටත් විජිත ව්‍යවසායයේ පර්යන්තයෙහි කටයුතු කරමින් ඔවුන්ගේ වස්තුව හා සමාජ තත්වයන් තහවුරු කර ගත්හ. එබැවින් ඔවුහු යටත් විජිත හාම්පුතුන් ගේ අනුග්‍රහය මත යැපුනහ.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන්-ලයනල් බෝපගේ


පළමුවන
කොටස
                                                                                             
මතකයන් සහ අතීත අත්දැකීම් නව තත්වයන් ඇසුරෙන් යළි පරික්ෂා කරනු නොලැබුවහොත් සියලු නව පරම්පරාවන්වල අනාගතය අඳුරු වනවා ඇත.
ආචාර්ය නාලක ගොඩහේවාගේ වෘත්තිමය පසුබිම සළකා බැළු විට ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) දී කරන ලද කතාව දේශපාලන ප්‍රෝඩාවක් බව පෙනේ. මක්නිසාද යත් එය මූලික වශයෙන් නොමඟ යවන සුළු, අතාර්කික, අවිචාරී, "ආචාර්‍යමය නොවන" සහ ඇතැම් අවස්ථාවලදී අවංකකමින් තොර කතාවක් වන හෙයිනි. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට, විශේෂයෙන් දෙමළ ජනයාට එරෙහිව වෙනස්කම් කරනු ලැබීම ගොතන ලද (හෝ හිතේ මවා ගත්) මිථ්‍යාවක් ය යන වැරදි සහගත කල්පිතය මත ඔහුගේ කතාව පදනම් වී ඇත. මෑතකදී කරන ලද කටයුතුවලින් පෙනී යන්නේ ඔහු "වියත්මඟ" නියෝජනය කරන්නට ඇති බවයි. ඔහුගේ සැක සහිත දේශපාලන අභිප්‍රායයන් කතාව අවසානයේ දී පැහැදිලි වෙයි. දැනට කෙරෙන අසීරු ව්‍යවස්ථා වර්ධන ක්‍රියාවලියට මුහුණ නොදෙන්නට තෝරා ගන්නා ඔහු, මේ සමස්ත ක්‍රියාවලිය "අපව බෙදා වෙන්කිරීමට පමණක් අවශ්‍ය" වී ඇති බාහිර බලවේගවල බටහිර න්‍යාය පත්‍රයක් සපුරා ගන්නට කරන එකක් බව කියමින්, "ජනවර්ග මත පදනම්වූ විසඳුම් එපා" යයි ප්‍රකාශ කරයි.

සිම්බාබ්වේ: විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත



ලයනල් බෝපගේ

අවිනිශ්චිතතාවය

රොබට් මුගාබේ ඉල්ලා අස් වූයේය. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු ඇත්තේ දැන් මොකක්ද? යන්නයි. සිම්බාබ්වේහි පාලක සානු-පීඑෆ් (ZANU - PF) පක්‍ෂය මුගාබේ සහ ඔහුගේ බිරිඳ ගුචි ග්‍රේස් යන දෙදෙනාම පක්‍ෂයෙන් ඉවත් කලේය. පෙනෙන ආකාරයට ඇය, නිදහස ලැබූ දා පටන් බලයට ඉතා සමීපව සිටින යුද ප්‍රවීනයන් බෙල හීන කරන්නට උත්සාහ කොට තිබේ. සානු පීඑෆ් පක්‍ෂය මුගාබේට විමුක්තිදායකයෙකුගේ සිට ඒකාධිපතියෙකු දක්වා ස්වයං-පරිණාම වෙන්නට ඉඩ හැරියේය. එම සානු-පීඑෆ් පක්‍ෂයම දිගටම බලයේ සිටිනු ඇත; එහෙත්, සිම්බාබ්වේ විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත ගමන් කරවීම පිළිබඳ වගකීම සහ වගවීම ගැන සිදු වන්නේ කුමක් ද? මුගාබේගේ අභිලාශයන් අනුව පක්‍ෂය බොහෝ වාරයක් එහි උපසභාපතිවරුන් මාරු කොට ඇත. මුගාබේ හිටපු උප ජනාධිපති එමර්සන් මනංගග්වා වෙනුවට 'ගුචි ග්‍රේස්' ව ආදේශ කරන්නට අදහස් කරන තුරු, මනංගග්වා මුගාබේගේ යාවජීව ආධාරකරුවෙකු වූ අතර ඔහුගේ බලය යොදවන්නා ලෙස අනුකමිපා විරහිත හසුරුවන්නෙකුද විය. සිම්බාබ්වේහි අඳුරේ නිමග්න ජනයාට වැඩි දේශපාලන නිදහසක් හෝ ආර්ථික සහනයක් ලබා දෙන්නට ජනාධිපති විය හැකි මනංගග්වාට හැකි වේද?

මියන්මාරය- ධ්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක්

 Image result for rohingya refugee

රොහින්ගානුවෝ ලෝකයේ පුරවැසි අයිතිය නොමැති විශාලතම ජනප්‍රජාව වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ජීවත් වන්නේ මියන්මාරයේ දුප්පත්ම ප‍්‍රාන්තයක් වන බටහිර වෙරළබඩ රහයින් ප්‍රාන්තයේයි, රෝහින්ගා බහුතරය මුස්ලිම් වන අතර ශතවර්‍ෂ ගණනාවක් පුරා බෞද්ධ මියන්මාරයේ වාසය කොට ඇත. රොහින්ගා ජනයා කථා කරන්නේ රොහින්ගා හෙවත් රුවයින්ගා නමැති උපභාෂාවකි. රහයින් ප්‍රාන්තයේ සහ මියන්මාරයේ කතා කරන උපභාෂාවන්ට වඩා මෙම උපභාෂාව වෙනස් ය. රටේ නිළ වශයෙන් පිළිගත් ජනවාර්ගික කණ්ඩායම් 135 කි පමණ වෙයි. රෝහින්ගානුවෝ එසේ පිළිගත් ජන වාර්ගික කණ්ඩායමක් සේ නොසැලකෙයි. 1982 සිට ඔවුන්ට පුරවැසිභාවය අහෝසිකොට ඇත.

ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඩයස්ලාගේ සිහින




මානව හිමිකම් නඩු සඳහා පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණ හා බුද්ධශාසන අමාත්ය විජේදාස රාපක්ෂගේ සහ සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ තර්ජන හමුවේ රට ඇතහැර ගොස් ඇත.
පසුගිය ජුනි 14 වෙනිදා දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘‘අළුත් පාර්ලිමේන්තුව’’යන වැඩ සටහනට එක්වෙමින් 2015 ජනවාරි 08 න් පසු රටේ ක‍්‍රිස්තියානි සිද්ධස්ථානවලට එරෙහිව පහරදීම් හා අඩන්තේට්ටම් කිරීම් 195 සිදුවි ඇති බවට ඩයස් කළ ප‍්‍රකාශය ඊට ආසන්නම හේතුව වේ.
ඩයස් ඒ අදහස් පළකර ඇත්තේ ශ‍්‍රී ලංකා ඉවන්ජිලික් සන්ධානය (NationalChristian Evangelical Alliance of Sri lanka) මගින් 2017 නිතුත් කරන ලද වාර්තාවක් පදනම්කරගෙනය.  ඉවන්ජිකල් සන්ධානයට අයත් වෙබ් අඩවියක එම වාර්තාව පල කර ඇත. එම වාර්තාව එම නිකායේ පල්ලිවලට පහරදි සම්බන්ධයෙන් බොදු බලසේනා සංවිධානයටචෝදනා එල්ලකර ඇත.

වර්තමාන දේශපාලන අර්බුදයේ ඇතුලාන්තය

මධ්‍යම පංතික හෙජමොනික බුද්ධමතුන්ගේ දෝමනස්ස ආඩපාලි කෙලවර විදේශ ඇමති ,රවි කරුණානායකට සිය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්නට සිදුවිය. තමන් ද කන, බොන, නිදන, සැතපෙන නිවස තමන්ගෙ බිරි`ද විසින් අර්ජුන් ඇලෝෂියස් නම් දානපතියා විසින් මිලියන ගණනක් ගෙවා ලබා දී ඇති බව ඔහු ‘දැන සිට නැත’.  ‘මුදල් ඇමතිවරයෙකු’ වශයෙන් මුල්‍ය කටයුතු ගැන  සංවේදී විය යුතුව තිබියදී ඔහුගේ මේ නොදැනීම නම් පුදුම සහගත ය. කෙසේ වුවත්  බැ`දුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ ඔහුගේ ‘නොදැනුම ’ දිග හැරෙන්නට වීම නිසා ඔහුට ඇමතිකමෙන් ඉල්ලා අසවෙන්නට සිදු විය. එසේ ඔහු ඉල්ලා අස් වූයේ සිය  කැමැත්තෙන් නොවේ. ආණ්ඩුව ඇතුලෙන්මත් ඔහුට දැඩි විරෝධයක් එල්ලවෙමින් පැවතිණි.  සිය කාර්ය මණ්ඩලය හා ඇමති වරප‍්‍රසාද තවදුරටත් සිය සන්තකයේ තබාගෙන මෙලෙස අස්වීමෙන් පෙනෙන්නේ තව මාස කිපයකින් නැවත එම තනතුරට ඒ මේ ඔහුගේ බලාපොරොත්තුවයි. මේ සිදුවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අසාමාන්‍ය වේගවත් පරීක්ෂණ ක‍්‍රියාකරිත්වය පිටුපස ආණ්ඩුවේම ඇමතිවරු සිටින බවට රවී කරුණානායකමත් චෝදනා කරයි. එය එසේ විය හැකි බව රාජපක්ෂ රෙජිමයේ දුෂිතයන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් එම නීතිපති දෙපාර්තමේන්තුවම  ඉතාමත් මන්දගාමීව කටයුතු කරන ආකාරයෙන් පෙනේ. 


සයිටම් අරගලය තීරණාත්මක කඩඉමක







මේ මොහොත වන විට සයිටම් විරෝධි අරගලය තීරණාත්මක කඩඉමක් කරා පැමිණ තිබේ. රජය හා සයිටම් විරෝධි බලවේග අතර සටන  සාකච්ජා හා සංවාදවලින් ඉවතට පැමිණ ඇති අතර  මහපාරේ මුහුණට මුහුණ හැප්පෙන තත්වයක් නිර්මාණය වී ඇත.
කුමන තත්වයක් යටතේවත් සයිටම් ආයතනය අහෝසි නොකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා සෞඛ්‍ය ඇමතිවරයා   ඇතුළු රජයේ අමාත්‍ය වරුන් පැහැදිලිව කියා සිටිති.  රාජ්‍ය  විශ්ව විද්‍යාලවලට අමතරව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමට අවස්ථාව ලබාදීම රජයේ ප්‍රතිපත්තිය   බව ජනාධිපතිවරයා ද පැහැදිලිව ප්‍රකාශකර කර තිබේ.

සයිටම් එරෙහි වර්ජන ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මහාචාර්ය රොහාන් සරජිව (රාවය)


මහාචාර්ය රොහාන් සමරජිව කවදත් නව ලිබරල්වාදය වෙනුවෙන් සෘජුව පෙනි සිටි අයෙකි.
ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රකාශනය මගින් වෛද්‍ය අධ්‍යාපනය ද ඇතුළුව තෘතීයික අධ්‍යාපනය සැපයීමේ දි රාජ්‍ය නොවන පාර්ශවයන්ට ද ඉඩක් සපයන බව දක්වා ඇති බවත් ඒ නිසා සයිටම් විරෝධී වැඩ වර්ජන තර්ජනයන්ට ආණ්ඩුව යටත් වන්නේ නම් එය තමන් දුන් මැතිරණ පොරොන්දු බිඳ දැමීමක් බවත් ඔහු  අවධාරණය කරයි. කොටින්ම වැඩ වර්ජන මැඩ පුද්ගලික අධ්‍යනයට ඉඩ සපයා ආණ්ඩුව තම පොරොන්දු ඉටු කළ යුතුය.

'අධ්‍යාපනයේ නිදහස’ නිදහස් අධ්‍යපානය දියකර හැරිම


ගාමිණී වියන්ගොඩ  සයිටම් පක්ෂවාදීන්ගේ කඳවුර වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළ  මධ්‍යම පංතික දෘෂ්ටිවාදියෙකි. ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත්කරන තර්ක ඉතාමත් නිරවුල්ය. යමක් කමක් ඇති  ඔහු වැනි අයට මුදල් ගෙවා  අධ්‍යාපනය ලැබිමට අයිතිය තිබිය යතුය. ඔහුගේ තර්කයේ එකම පදනම එයයි. අපට නිදහස් අධ්‍යාපනය යන්න ඔහුට   'අධ්‍යාපනයේ නිදහස’ වී ඇත්තේ ඒ නිසාය.

දෙමළ ජාතික ප‍්‍රශ්ණය පෙසපෙ යේ පරණ කෝට්


පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි දෙවන ජාතික සමුළුව නිමිතිකරගෙනදේශපාලන කෘති කීපයක් නිකුත්කර තිබිණි. ඉන් ‘ලංකාවේ ජාතික ගැටළුව විසදිම පිලිබද මාක්ස්වාදී ස්ථාවරය සදහා ප‍්‍රවේශයක් කෘතිය තුල ලංකාවේ දෙමළ ජාතික ගැටළුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය දක්වා ඇත.  ජවිපෙ තුලින් උපත ලත් පෙසපයට ජවිපෙහි ජාන ලක්ෂණ තිබිම පුද්මයක් නොවේ. ඒ තරමට එය ජවිපෙ නායක විජේවීර විසින් ලියා ඇති ‘දෙමළ අරගලයට විසදුම කුමක්ද ‘ යන කෘතියෙහි ඉදිරිපත්කරන ව්‍යාජ විශ්ලේෂණයන් හා ජාතික ප‍්‍රශ්ණය අරඹයා ඉදිරිපත්කරන ලෙනින් වාදයට පටහැනි ප‍්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම අනුරූපව ඇත. පෙසපය දැන් දූවිලි ගසාදමා අන්දන්න යන්නේ ඒ පරණ කෝට් එකමය. 

මෛත්‍රීට එරෙහිව මෛත්‍රී ලෙස ඉතිහාසයේ ලියවෙයි ද ?





ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ විවිධ මට්ටටම්වල දේශපාලනඥයෝ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ පිළිබඳව විවිධ අදහස් දක්වමින් සිටිති.  ඔවුනට අනුව ජනමත විමසුමකට තුඩුදෙන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් නැති අතර ඒ අනුව විධායක ජනාධිපති ධූරය ද අහෝසි කළ නොහැකිවන අතර කළ හැක්කේ යම් යම් සංශෝධනයන් කිරිම පමණි.
2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදි  හැට දෙලක්ෂය ඉක්ම වූ මෙරටේ ඡන්දදායකයෝ ශ්‍රිලනිප අපේක්ෂකයා වු මහින්ද රාජපක්ෂ මහතා  පරාජය කර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කළහ. අද නිල ශ්‍රිලනිපයේ අයිතිකරුවෝ හා ප්‍ර‍කාශකයෝ බවට පත් වී සිටින බහුතරයක් එදා ශ්‍රිලනිප අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමට පෙනී සිටි අය වූහ. මෛත්‍රිපාල සිරිසේන මහතාට එක් වී සිටියේ ශ්‍රිලනිප නායකත්ව මට්ටමින් පුද්ගලයන් කිහිපදෙනෙකු  හා පාක්ෂිකයන් ගෙන් ඉතා සුළු පිරිසක් පමණි.

කාන්තා විමුක්තිය


ස්ත‍්‍රී දූෂණ, කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජන ලංකාවේ අද කවරදාටත් වඩා උත්සන්නවෙමින් පවතී. රාජ පාක්ෂික දේශපාලන බලයේ අනුහසින් දූෂණයෙන් වංචාවෙන් ඥාති සංග‍්‍රහයෙන් අධි සුඛෝපබෝගීව වැඩෙන ශරීරයන් ලිංගික අස්වාදය පතා කාන්තාවන් මත ප‍්‍රචණ්ඩවය මුදාහරීයී . දූෂකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර වීරයන් සේ නිදහසේ සැරිසරන්නට ආණ්ඩුව ඉඩ හරීග මෙසේ මේ ප‍්‍රවනතාවය උත්සන්නකිරීමෙහි ලා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත්තේ ආණ්ඩු පාක්ෂික දේශපාලන බලය හැර අන් යමක් නොවේ. 
පීඩිත ජනයාට අයත් කාන්තාවන් ළමයින් මෙසේ දූෂණයට ප‍්‍රචණ්ඩත්වයට අපචාරයට ගොදුරුවීම පීඩිත ජනයාට එරෙහි එල්ලකර ඇති පොදු පීඩනයේ එක් පැතිකඩකි. 

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !


දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්- SAITM, The South Asian Institute of Technology and Medicine)
 

 2008 ඔක්තෝබර් 1 දින ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත පෞද්ගලික ව්‍යාපාරයකි. එය වෛද්‍ය, කළමනාකරණ හා මූල්‍ය, ඉංජිනේරු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යනුවෙන් පීඨ හතරකින් යුක්තය. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ 2011 අගෝස්තු 30 දින ප‍්‍රසිද්ධ කළ රජයේ ගැසට් පත‍්‍රය මගින් වෛද්‍ය උපාධිය (MBBS)  ප‍්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා ඇති නමුත් අවශ්‍ය කොන්දේසි නිසි පරිදි සපුරා නොමැති නිසා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව එම උපාධිය පිළිනොගනී.    මෙය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට උත්සාහ දරා තිබෙන දෙවෙනි අවස්ථාවයි. පළමු අවස්ථාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යි. උද්ඝෝෂණ හේතුවෙන් එය රජයට පවරා ගැනිණ. 
-----------------------------------------------------
මෙම වෛද්‍ය විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ලද බරපලතල තර්ජනයක් වශයෙන් ගෙන එය  අහෝසි කරන්නැයි ඉල්ලා ආරම්භ කෙරී ඇති අරගලය දිගටම ඇදීයමින් පවතී. මෙම අරගලයේ පෙරටු බලඇණිය වී සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීම යටතේ සරසවි සිසු සිසුවියන් ය. 
පළමුවෙන්ම අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස පිළිගන්නා අපි ඒ අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට නැතහොත් වෙළෙඳපොලකරණයට ද එහි දිගුවක්වන සයිටම්වලට ද සපුරා විරුද්ධ වන්නෙමු. ඊට එරෙහි අරගලයට අපේ තිරසර සහය පළ කරමු. මෙහිදී  මුලින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය හා එයට පක්ෂ හා විපක්ෂ  මතවාද හා තර්ක පිළිබඳව පැහැදිලිතාවක් ලබා ගැනීම අවශ්‍ය බව අපගේ පිළි ගැනීම ය. 
සයිටම් ප‍්‍රශ්නය  හුදෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවේ. එය තනි, හුදකලා ප‍්‍රශ්නයක් වශයෙන් පමණක් ගත නොහැකි ආණ්ඩුවේ සමස්ත අධ්‍යාපන ප‍්‍රතිපත්තියට අදාළ ප‍්‍රශ්නයකි. එමෙන්ම එය අධ්‍යාපනයට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් පමණක් ද නොවේ. අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍යය, ප‍්‍රවාහනය ආදී අනෙකුත් මූලික සේවාවන් ද කර්මාන්ත, ගොවි, ධීවර හා අනෙකුත් ක්ෂේත‍්‍ර ද කොටින්ම වත්මන් සමාජ ආර්ථික හා සංස්කෘතික යන සියලූ ක්ෂේත‍්‍ර ද පුරා ද විහිද යන සමස්ත ප‍්‍රශ්නයක එක් ප‍්‍රකාශනයකි. 

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය (2 කොටස)

විප්ලවය, පංතිය හා පක්ෂය
  විප්ලවය පිළිබඳ සංකල්පය පොදු වශයෙන් ඉතිහාසය පිළිබඳ ලියකියවිලි හා පොත්පත් තුළ සටහන් වන්නේ මාක්ස්ට පෙර හා මාක්්ස්ට පසුකාලයේ පටන්ම ය. අදත් පාසැල් පෙළ පොත් තුළ අපට යුරෝපා ඉතිහාසය ඉගැන්වීමේදී විප්ලව ගැන කියා දෙයි. ඒ වැඩවසම්වාදය පෙරළා දමා ධනවාදය බිහිවීමට මග පෑදූ විප්ලවයන් - ධනේශ්වර විප්ලවයන් ගැන යි. නැගී එමින් තිබූ ධනවාදයට බාධකයන් වූ සියළු ආකාරයේ රදළවාදී සම්බන්ධතාවයන් වහාම බිඳදමා නව ධනේශ්වර සම්බන්ධතාවයන් තුළ මුළු මහත් සමාජය ස්ථානගත කිරීම ධනේශ්වර විප්ලවයේ කාර්යභාරය විය. එය ඒ තාක් දුරට ප‍්‍රගතිශීලී වෙයි.   මානව සමාජය ම්ලෙච්ඡුත්වයේ සිට ශිෂ්ඨත්වය කරා, නොදියුණුබවේ සිට දියුණුබව කරා, පහළ අදියරයක සිට ඉහළ අදියරයක් කරා ගමන්කරමින් පැවතිිි විචල්‍ය ප‍්‍රපංචයක් ලෙස දුටු ඉතිහාසඥයින් එය ධනවාදය කරා පිවිසි විගස  මානව සමාජීය සංවර්ධනය එතෙකින් කෙළවර කර ස්ථායී ප‍්‍රපංචයක් ලෙස සලකයි.  සිදුවෙන යම් දියුණුවක් වේ නම් ඒ ධනවාදයම ප‍්‍රසාරණය කරන්නකි. 

පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය (පළමුවන කොටස)


(මෙම ලිපිය 2014. 10.22 පීපල්ස් මාර්ච් සංවිධානය විසින් ලියන ලද්දකි. විප්ලවීය පක්ෂය හා බහු ජනතාව අතර සහසම්බන්ධතාවය ගොඩනැගීම සම්බන්ධ උපාය මාර්ගය බොල්ෂෙවික් අත්දැකීම් ආශ්‍රයෙන් සැකෙවින් සාකච්ඡාකරයි. ලංකාවේ වාමාංශික පක්ෂ, පක්ෂය නමින් යම් ආයතනයක් ගොඩනැගීමට උත්සාහ දරන නමුත් පලල් බහුජනතාව සදහා අත්‍යාවශ්‍ය  සංවිධානාත්මක වේදිකාවක් නිර්මාණයකිරීම පසෙකටදමා ඇත. එහෙත් වෘත්තීය සමිති, තරුණ සමිති, කාන්තා සමිති,ගොවි සමිති වගේ තම පූර්ණ අධිකාරිත්වයට යටත් සංවිධාන ගොඩනැගීම ගැන දැඩි  උනන්දුවක් දක්වයි. මෙහි තේරුම බහුජන ක්‍රියාකාරිත්වය අවතක්සේරුකිරීම, ඒ කෙරෙහි තම අධිපතිත්වය අහිමිවීයාම ගැන ඇති බිය බව පැහැදිලිය. ඒ සමගම තමන්ගේ ප්‍රතිපත්ති, උපාය, උපක්‍රම හා නායකත්වය උත්රීතරයැයි සිතන උද්ච්ඡ මනෝභාවය ද ඉන් ගම්‍යකෙරෙයි. රුසියානු විප්ලවයේදි බොල්ෂෙවික ව්‍යාපාරයට බරිභාහිරව වූ  දේශපාලනිකව විවිධත්වයෙන්  යුත් කම්කරුවන්,සොල්දාදුවන් හා ගොවීන්ගේ සභා (සෝවියට් සභා ) විප්ලවය ඉදිරියට මෙහෙයවු ප්‍රධාන සංවිධාන ව්‍යුහය  විය. ජයග්‍රහණයෙන්  පසු රාජ්‍ය බලය කරා ඔසවා තැබුයේ එයයි.  පක්ෂය වෙත නොව නිර්ධන පංතිය වෙත රාජ්‍ය බලය  දිනාගැනීම අර්ථවත් කෙරුනේ එලෙසයි.   බොල්ෂෙවිකයන් ඊට මගපෙන්පවීම හා නායකත්වය   දුන්නා පමණි.  )

අද අප ජීවත් වන සමාජය  ස්වභාවික වශයෙන් ම ධනපති ක‍්‍රමයයේ ප‍්‍රචණ්ඩමය ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන, සංස්කෘතිකමය සමාජයක් පමණක් ම නොව ආගමික හා වාර්ගික  ඓතිහාසික සාධකයන් විසින් පොළවඹවනු ලැබ ආවේශයට පත් ජනතාවක් විසින් ස්ව කැමැත්තෙන්මත් තමන් පාලනය කරනු ලැබීමට ස්වකීය නියෝජිතයන් ලෙස සලකන සමාජ බල කණ්ඩායම් හරහා ධනපති පාලකයන්ට වරම් දෙනු ලැබ ඇති  සමාජයකි. මෙම තත්ත්වයන් ගේ එකතුව විසින් රාජපක්ෂ හෙජමොනිය නිර්මාණය කරනු ලැබ ඇත. ඊට ගෝලීය ධනවාදයේ ආශිර්වාදය හා අනුබලය නොඅඩුව ලැබෙයි. තරවටු කිරීම් කරන්නේ නම් ඒ ‘‘යහ මගට’’ ගැනීම සඳහාම පමණි. උතුරේ දෙමළ ජනතාවට ගේ දොර ඉඩකඩම් අහිමිකර ඇත. ඔවුන්ගේ පැල්පත් යටකරගෙන විසල් හමුදා සංකීර්ණයන් ගොඩ නැගෙයි. ඊටත් වඩා ඔවුන්ට හිමි ජාතික ගෞරවය හා අභිමානය අහිමි කරනු ලැබීමෙන් ඉතිහාසයේ කවරදාටත් වඩා ඔවුහු විඳවමින් සිටිති. 53 දී සහල් සහනාධාරය අත් හිටුවා සේරුව ශත විසි පහකින් වැඩි කළ විට මහා නැගිටීමකට පිළිපන් ජනතාවක්  පාන් රාත්තල රුපියල් දහයකින් වැඩිවන විට, සිය ගණනින් පුද්ගලයන් පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම්වලට ආණ්ඩුවේ සෘජු සම්බන්ධය පැහැදිලිව එළිදරව් වෙමින් පවතින විට, බිලියන ගණනින් රාජ්‍ය සම්පත් වංචනික හා ¥ෂිත මාර්ගයෙන් ගිලදමන විට, හමුදාමය මැදිහත්වීම් මගින් නීතියේ ස්ථානය ඩැහැ ගනිමින් තිබෙනා විට අද ඒවාට එරෙහිව විටින් විට වුවත් නැගෙන විරෝධතාවන්  නොසලකා සිටින්නේ  එම ජනතාවගෙන් බහුතරය රාජපක්ෂ හෙජමොනිය සමග ඇති කරගෙන ඇති මේ සහමිතික බැඳීම ද  නිසා ය. මීට අමතරව මහින්ද රෙජිමය නිවැරදි කරන්්නට හා ආරක්ෂා කරන්නට උපදේශන පාඨමාලා පවත්වන ජාතික හා ඇතැම් විකල්ප මාධ්‍ය  ගෙන යන මාධ්‍ය ප‍්‍රචාරය ද මෙම සහමිතික බැඳීම නගාලීම සඳහා කරන කුප‍්‍රකට සේවය මෙහි දී නොකියා නොහැකි ය.  

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...