පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය ගෙන රාජ්‍යය තමන් අතට ගැනීමේ න්‍යාය

“ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදයට, නිර්ධන පංති විප්ලවයට සමුදෙයි!” යනුවෙන් "එල්ලය" නොව "ධාරණ" බ්ලොග් අඩවියේ පළ වූ අපේ ලිපියට ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු පෙරේරා සහෝදරයා ලියා තිබූ "අනුර දිසානායකගේ පර්ත් කථාව - විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයට පිළිතුරක්" නම් ලිපිය අද දේශපාලන සංවාද බිමෙහි  සැබවින්ම වාද පිටියෙහි රජ කරන උසාවි තර්කවාද කලාවට වෙනස්ව  සාධනීය සංවාදයකට  කැඳවුම් කරන්නකි. පමා වී හෝ ඉන් මතුකර තිබූ කේන්ද්‍රීය කරුණු කිහිපයක් ගැන  සංවාදයක් ගොඩ නැගීම වැදගත් ය යනු අපේ අදහස ය. මෙහි දී අප අවධානය යොමු කරන්නේ  “වැඩ කරන ජනතාවගේ පක්ෂයකට” පොදුවේ ගත් කල වාමාංශයට පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු බලය අනතුරුව රාජ්‍ය බලය ද තමන් අතට ගෙන ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ හැකි ය යන ප්‍රවාදය යථාර්ථවාදී ද යන්න පිළිබඳව ය.  

ජවිපෙ හා ජාජබ වෙනුවෙන් අපට පිළිතුරු සපයන රමිඳු සහෝදරයා සිය විවේචනය ගොඩ නගන්නේ  මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ යයි අප කියනවාය යන පිළිගැනීමේ සිට ය. “මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ නම් බලය අල්ලා ගැනීමේ විකල්ප මාවත කෙබඳු විය යුතු දැ”යි ප්‍රශ්න කරන ඔහු මේ ගැන නිශ්චිත අදහසක් විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය ඉදිරිපත් නොකරන බව කියා සිටියි.

මාක්ස්ගේ ප්‍රාග්ධනය තේරුම් ගැනීම ....

 



                 “ ධනේශ්වරයට කිසිදාක නැවත නැගිටින්න  බැරිවෙන්න  න්‍යායික ප්‍රහාරයක් එල්ල කරන්න  මාක්ස්    සමත් වුනා.    14 සැප්තැම්බර් . 1867 දින ප්‍රාග්ධනය එළිදක්වමින්. පළමුවරට ධනවාදයේ සැබෑ ක්‍රියාකාරිත්වය දෙසට ලෝකයේ අවධානය යොමුකරවමින්  ප්‍රාග්ධනය දේශපාලන ආර්ථික විද්‍යාව විප්ලවීයකරණයට ලක් කරනු ලැබුව.

වර්තමානයේ වෙළඳ භාන්ඩ අපේ එදිනෙදා ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිර ගිය,  අපට  ඉතා සමිප, හුරු පරුදු දෙයක් බවට පත්ව ඇත. වෙළඳ භාන්ඩ සම්බන්ධයෙන් වගේම වෙළඳ පොල ප්‍රෙභ්දයන් - එනම් එහි මූලික නියාමයන් - මුදල්, වැටුප්, ලාබය, බදු,  වැනි දේ පිළබඳව විශ්ලේෂණය කිරීමකින් තොරව ම පිළිගැනීමට සමාජය  පෙළඹී සිටි. ඒවා මිනිසාගේ  පාලනයෙන් තොර, මිනිසාට  තේරුම්ගත නොහැකි,,මිනිස් මොළයේ පහළවෙන ගුප්ත පරාවර්තනයන් ලෙස සළකනු බලයි. ඒ නිසාම ඒවා තේරුම් ගැනිමට ගැඹුරු විද්‍යාත්මක විශ්ලේෂනයක් අත්‍යාවශ්‍ය ය. ආගම වැනි අධි -ඉන්ද්‍රීය බලවේගයන් ගේ ස්වරූපය ගත් මේ වෙළඳ පොල නියාමයන් පිළිබද ගුප්ත ලෝකයෙන් මිනිසා සම්පූර්ණයෙන්ම  සහ සදහටම ඈත්කර තැබීමට මාක්ස්ට අවශ්‍ය වුනා. මිනිසා මේ භෞතිකමය ලෝකයේ  පරිනාමීය ක්‍රියාවලියක එක් ස්වභාවික පුරුකක් පමණක් බවත්  මිනිස් සමාජය, නිෂ්පාදනය හා බෙදාහැරීමේ සංවිධානය ලෙසත් ධනවාදය මානව සමාජයට එළඹිය හැකි උච්ඡතම අවධිය නොව, එය හුදෙක් සමාජ සංවර්ධනයේ තවත් එක් අවධියක් පමණක් බවත්    අවබෝධ ගැන්වීම මාක්ස්ගේ අරමුණ වුනා.  මෙහිදී මාක්ස්ගේ  මුළු ශක්තිය යෙදවූයේ  කිසියම් උත්තරීතර පුද්ගලයකුගේ  මනෝමය ආස්ථානයන් ආශ්‍රෙයන්  විෂයට ප්‍රෙව්ශවීමට නොව, සමාජය , මානව ක්‍රියාකාරිත්වය සමස්ථයක් ලෙස ගෙන ඒ හරහා ප්‍රෙව්ශවීමටය.

පුලන්ට්සාස්ගේ රාජ්‍යය හා මාක්ස්වාදී කියවීම

 

         

   

 

අනුර දිසානායකගේ පර්ත් කථාව- විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයට ප්‍රතිචාරයක් මැයෙන් ප්‍රතිවාදවිසින් 2023 ජුලි මස දී පළ කළ රමිඳු සහෝදරයාගේ ලිපියෙහි වාමාංශය තුල සාකච්ඡාවට ලක්විය යුතු වැදගත් කරුණු  කීපයක් සටහන්ව තිබිණි.  * රාජ්‍යය,  *මැතිවරණ මාර්ගයෙන් වාමාංශික ආණ්ඩුවක් බලය දිනාගැනීම, *රාජ්‍ය ව්‍යුහය  ජනතාවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීම  (හ්‍යුගෝ චාවේස්), *පාර්ලිමේන්තුව තුල දේශපාලනය  හා පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලනය  අතර වන සමබරතාවය රඳවා ගැන්ම සහ* මෙරට වාමාංශය තුල  විධිමත් ප්‍රශ්න සම්බන්ධ විධිමත් සාකච්ඡාවක් නොපැවැත්වීම. වැනි මාතෘකා  අතිශයින් වැදගත්ය. මේ මොහොතේ  රාජ්‍යය පිළිබඳ  ප්‍රතිවාද විශ්වාසකරන බව පෙන්නුම් කරන  ස්ථාවරය ගැන  මගේ අවබෝධය සටහන් කරන්නට කැමැත්තෙමි.

යටත් විජිතවාදයේ සාහසික ඉරණමෙන් බැට කන - පලස්තීනය

 


 2023 ඔක් 7 දින අල් අක්සා ප්‍රවාහය ” (Operation Al-Aqsa Flood) නමින් හමාස් දියත් කළයුධ ක්‍රියාන්විතය  ඊශ්‍රායල් -පලස්තීන ගැටුම්වල   නව අදියරයක ආරම්භය සනිටුහන් කරයි.  ඊශ්‍රායල් හමුදා බාධක බිඳ හෙළමින් රට ඇතුලට ගොඩින් , මුහුදෙන්  රිංගාගත් හමාස්වරු ඊශ්‍රායලයේ එක් කොනක සිට අනෙක් කොන දක්වාම මිසයිල 3000 ක පමණ මහා රොකට් ප්‍රහාරයක් දියත් කරමින් ඊශ්‍රායල  හමුදා කදවුරුවලට, සමාන්‍ය ඊශ්‍රායල් වැසියන්ට පහරදෙමින් ඊශ්‍රායල් රජය  අන්දමන්ද කරනු ලැබ ඇත.   මේ ප්‍රහාරයන්ගෙන් එක දවසක් ඇතුලත මරා දැමුනු ඊශ්‍රායල් හමුදා සහ සාමාන්‍ය වැසියන්ගෙ ප්‍රමාණය 1200 ට වැඩිය. 150 ට වැඩි ඊශ්‍රායල් වැසියන් හා හමුදා සොල්දාදුවන් ප්‍රමාණයක් ද පැහැරගෙන ගොස් ගාසා තීරයේ රඳවාගෙන සිටී. ඊශ්‍රායල් ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙසත් හිට්ලරගේ යුදෙව් සංහාරයට පසු සිදුවූ භයානකම යුදෙව් ඝාතනය බවත් සමහර විචාරකයන්ගේ මතය යි.  පලස්තීනයේ සිට ක්‍රියාත්මක තවත් ප්‍රහාරක කණ්ඩායම් රාශියක් හමාස්වරුන්ගේ මේ ප්‍රහාරයට සහාය දක්වමින් සම්බන්ධවී ඇත.

හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් රජය සමස්ත පලස්තීනුවන්ට එරෙහි යුධ ප්‍රකාශකර සිටී,  “ යකඩ අසිපත ක්‍රියාන්විතය( Operation Swords of Iron )නමින් දියත් කර ඇති පලස්තීනය “ සුද්ධ කිරීමේ යුධ මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.

කාටූනයක කතාව --

 



කෑලි කඩා හැලුන කාර් එකක බොනට්ටුව ඇරගෙන ඇන්ජිම උඩ ඉඳගෙන මහින්ද අහනව “  මේකෙ වටිනා කෑලි සේරම විකුණල ඇයි දැන් ඔය රෝද හතර කුඩුකරන්නෙ?

“ අපෙන් පස්සෙ වෙන එකෙකුට මේක තල්ලුකරගෙනවත් ඉස්සරහට යන්න බැරිවෙන්න.! “    රනිල් උත්තරදෙනව කුළු ගෙඩියක් උස්සගත්ත ගමන්.....

                දේශපාලකයෙක් මිණිය හැක්කේ ඒ දේශපාලකයා වේදිකාවේ හඬ ගා කියන දේවලින් හෝ ඔහු වෙනුවෙන් නිකුත්කෙරන මාධ්‍ය ප්‍රකාශවලින් නොව, ඒ දේශපාලකයා ගේ අරමුණු හා බලාපොරොත්තු කොතෙක් දුරට ඔහුගෙ තත්‍ය ක්‍රියාකාරිත්වය සමග, විශේෂයෙන් අතීත ක්‍රියාකාරිත්වය සමග ගැලපෙන්නේද කියන කරුණ මගින් ය. ඇත්ටම දැන් රනිල් වික්‍රමසිංහ, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා  කරමින් ඉන්නේ ඔහුට බැරි දේ අනාගතයේ වෙන කාටවත් කරන්න බැරි විදියට රට ප්‍රපාතවකට ඇද දැමීම ය. මේ ඔහුට ලැබීඇති අවසාන අවස්ථාවයි. ඉදිරි අවස්ථාවක් ගැන සිතාගැනීම සිහිනයක්ම විතරයි.

මහජන ව්‍යාපාරය පිළිබඳ ජවිපෙ කියවීම


 


අනුර කුමාර දිසානායකගේ පර්ත් නුවර ප්‍රකාශය බලය හා රාජ්‍යය පිළිබඳ ජවිපෙ නිර්මාක්ස්වාදී අවබෝධය හා පිළිගැනීම ඉතා නිරවුල්ව එළිදැක්වූවා සේ ම මහජන ව්‍යාපාරය පිළිබඳ ජවිපෙ සැබවින්ම දරන මතය ද එලෙසම එළි දක්වා තිබේ. අනුරගේ වචන මෙහෙමයි.

අපි ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික ජන බලවේගය කියලා එකක් ගොඩ නගන්නේ ඇයි? අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස ගත්තම ජනතා විමුක්ති පෙරමුණට යම් කෙනෙකුට සම්බන්ධවීම ටිකක් දුෂ්කරයි වගේ. ඒ වගේම සමහර අය ජනතා විමුක්ති පෙරමුණට දුරයි... සමහර අයට ජනතා විමුක්ති පෙරමුණ දුරයි. එතකොට මොක ද වෙන්නේ? එතකොට අපි කල්පනා කළා මේ ඔක්කොටම එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක්, ජාතික ජනබලවේගය ගොඩ නගන්න....”

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදයට, නිර්ධන පංති විප්ලවයට සමුදෙයි!


 


"...අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බලය පිහිටුවීම. ඒක තමයි තියෙන යථාර්ථය. මේ මොහොතේ තියෙන යථාර්ථය. ඉදිරියේ දී ඇති වෙන වෙනස්වීම් එක්ක ඒක වෙනස් වෙයි ද දන්නේ නැහැ. නමුත් අපි තෝරාගෙන තියෙන පාර ඔික....අපි උපාය උපක්‍රම, සැලසුම් ඔක්කොම හදන්නේ ...මේකට

තියෙන සම්ප්‍රදායික බලය නිෂේධනය කරලා අලුත් බලයක් ප්‍රතිෂ්ඨාපනය කරන්නේ කොහොම ද? ඒක සංකීර්ණ කතාවක්. ලෝකයේ ගොඩක් තැන්වල ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙන්නේ සන්නද්ධ ව්‍යාපාරය හරහා. අපි එතැන නැහැ.... ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේ ජනතාවගේ ජනවරමක් හරහා. ජනතාව ජනවරමකින් දෙනවා ඒ හමුදාවට නියෝග දීමේ බලය...ඒ පොලීසියට නියෝග දීමේ බලය. ඔික තමයි අපි හිතන්නේ දැනට බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ආකාරය කියලා."

"කෙටිකාලීන අන්තර්කාලීන ආණ්ඩුවක්" හෙවත් "ද්විබල පාලනය"


කෙටිකාලීන අන්තර් කාලීන ආණ්ඩුවක්, ද්වි බල පාලනයක් පිළිබඳ අදහස මේ වන විට අද සමාජය තුළ සංවාදයට බඳුන් වෙමින් පවත්නා කරුණකි. මෙය සංවාද භූමයට කැඳවනු ලැබ ඇත්තේ පෙසප විසිනි. මෙම සාකච්ජාව මතු වී තිබෙන්නේ පළමුව මැයි 1 වෙනි දින පෙසප ලෝක කම්කරු දින රැස්වීමේදීත් දෙවනුව මැයි 12 දින පැවති පෙසප මාධ්ය සාකච්ජාවේදීත් ඉදිරිපත් කළ මාස 6 කට නොවැඩි කෙටිකාලීන අන්තර් කාලීන ආණ්ඩුවක් හෙවත් ද්විබල පාලනයක් යන ප්රස්තුතය පදනම් කර ගෙන ය. පළමු වැන්නේ ද්විත්ව බලය එතරම් අවධාරණයෙන් සඳහන් නොවන අතර දෙවැන්නේ දී එය අවධාරණය කෙරෙයි.

 අරගල කරන්නන් නව අරගල උපායන් හා උපක්‍රම සෙවිය යුතු හා භාවිතයට නැගිය යුතු අවස්ථාවක් හමුවට

පමුණුවා තිබේ


2022 ආරම්භත් සමග අප සමාජය ආර්ථික හා දේශපාලන යන දෙඅංශයෙන්ම අපගේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ

තීව්‍රතායකින් කඩා පාත් වූ තියුණු අර්බුදය මේ වන විට තරමක් ලිහිල් වෙමින් පවතින බවක් නිරීක්ෂණය කළ

හැකිය.


“ශ්‍රී ලංකාවේ ආහාර, සෞඛ්‍ය හා බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම” සඳහා 2017 මාර්තුවල ඉන්දීය

ආණ්ඩුව ලංකා ආණ්ඩුවට ඩොලර් බිලියනයක සහන ණය පහසුකමක් සැපයීම ද 2023 අප්‍රේල්වල අයිඑම්එෆ්

පැකේජය අනුමත වීම ද එහි පළමු වාරිකය වන ඩොලර් මිලියන 330 ලැබීම ද අයිඑම්එෆ් පැකේජයෙන් පසු ලෝක

බැංකුවේ ආයෝජන හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඖෂධ, ආහාර, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන

සඳහා ඩොලර් මිලියන 400 ක් (පෞද්ගලික බැංකු තුනකට) සැපයීම ද ලංකාවේ ආහාර අර්බුදය සමහන් කිරීම සඳහා

ආසියානු ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200 ක හදිසි ණයක් අනුමත කිරීම ද මේ ලිහිල් වීමට හේතු වී

තිබේ. මේ සියල්ල සමගින් දියත් කරන ලද තිරසර මර්දනය මගින් විරෝධතා රැල්ලේ යම් පසු බැස්මක් ඇති කිරීමට

ආණ්ඩුව සමත්ව තිබීම ද මෙම ආර්ථික ලිහිල්කරණයට යම් දුරකට හේතු වී තිබේ.


මෙම ලිහිල්කරණය සිදු වන්නේ ප්‍රධාන කොටම ආණ්ඩුවට ගැලවී ගැනීම සඳහා එල්ලී ගැනීමට සිදුව තිබූ ජීව යොත

වූ අයිඑම්එෆ් පැකේජය අනුමත වීම හේතු කොට ගෙන ය. වසර හතරක් සඳහා වන මෙම පැකේජයෙන් අනුමත මුදල

ඩොලර් බිලියන 2.9 කි. ආණ්ඩුවේ වගකීමැති ආණ්ඩුව, රාජ්‍ය ව්‍යවසායන් හා මහ බැංකුව ගෙවීමට ඇති යෝධ ණය

කන්දරාව වන ඩොලර් බිලියන 83.6 (මින් විදේශ ණය ඩොලර් බිලියන 36.73 කි) සමග ගත් විට ඩොලර් බිලියන 2.9

ක් යනු බැලූ බැල්මට හාස්‍යෝත්පාදනීය ප්‍රදානයක් වන්නේ වුව ද එමගින් ලැබෙන සහතිකය ආණ්ඩුව පත්ව සිටි

තත්ත්වයට සාපේක්ෂව එහි පැවැත්ම සඳහා ලැබෙන සැලකිය යුතු අත්වැලක් වනු ඇති බව යථාර්ථයකි.


අයිඑම්එෆ් පැකේජය යනු තාවකාලිකව යම් ප්‍රකෘතිමත්භාවයක් අත් කර ගැනීම සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබා

දෙන එහෙත් ප්‍රතිකූල වශයෙන් ජනතාවට චිරස්ථායි බරපතල අතුරු ආබාධ ඇති කරන කටුක තිත්ත කසායකි.

ආණ්ඩුවේ වඩාත් නිවැරදිව කීවොත් පාලක පංතියේ පැවැත්ම සඳහා විවිධ මාත්‍රාවන්ගෙන් නියම කරනු ලබන මෙම

කසාය පාලකයන් විසින් ජනතාවට පොවනු ලබන්නේ බලහත්කාරය ද රැවටිල්ල ද දෙකම එකසේ උපරිමව යොදා

ගනිමිනි.


යෝධ අඩි තබමින් නැගී වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදයේ ආසන්නතම ප්‍රතිවිපාකයන්ගෙන් බැට කෑමෙන්

අපේක්ෂා භංගත්වයට පත් සමාජ තීරුවලට අයත් ජන කොටස්වලට අයත් ජනයා ප්‍රමුඛ කර ගත් ඇවිස්සී ගිය ජන

බලවේග විසින් පාලකයන්ට එරෙහිව සාංසිද්ධිකව දියත් කරන ලද 2022 මාර්තු - ජූලි යෝධ විරෝධතා රැල්ල

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් බලයේ සුක්කානමෙන් පන්නා දැමීමට සමත් වු අයුරු අපි දුටිමු. එහෙත්

අනතුරුව රාජපක්ෂවරුන් විසින් බලයේ සුක්කානම පවරන පවරන ලද රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ සිදු

වූයේ කලකිරීම හා විරෝධය නොඅඩුව පැවතුන ද ඉහත කී තත්ත්වයන් හේතු කොට ගෙන පියවරෙන් පියවර අරගල

රැල්ලේ බැස යාමකි.


ඉහත කී තත්ත්වයන් සමග ආණ්ඩුව ආණ්ඩු විරෝධී රැල්ල යළි උත්තේජනය කළ හැකිව තිබූ පළාත් පාලන ඡන්දය

කූඨ ලෙස කල් දමා ගැනීම හරහා ද ආණ්ඩු විරෝධය යම් පමණකට පසු බැස්ස වීමට සමත්ව තිබේ. ඡන්දය කල්

දමන ලද මුල් අවස්ථාවේ විරෝධතා රැල්ලක් නැගී ආව ද මේ වන විට දැකිය හැක්කේ එම රැල්ලේ ද බැස යාමකි.


උත්ප්‍රාසය වන්නේ කිසිදු සුජාතභායක්, ජන ප්‍රසාදයක් නැති, අභ්‍යන්තර අර්බුද හා දැවැන්ත පිරිහීමක් මැද්දේ

ගමන් කරන ආණ්ඩුවක් කිසිදු විරෝධතාවක් ගණනකට නොගනිමින් නිදැල්ලේ ගමන් කරමින් තිබීම ය. දශක

ගණනාවක් තිස්සේ කුරිරු මර්දනීය උපකරණයක් ලෙස ක්‍රියා කළ ත්‍රස්තවාදය වැළක් වීමේ පනත වෙනුවට

ආණ්ඩුව දසතින් එල්ල වෙමින් තිබෙන විරෝධය නොතකා අතිශයින් කුරිරු ප්‍රති ත්‍රස්ත පනතක් සම්මත කිරීමට

සැරසෙයි. මීට දේශපාලන, බහුජන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මිස සිවිල් සමාජයේ බරපතල

විරෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මහා දේශපාලන ක්‍රියාකාරිත්වයක දී මිස සිවිල් සමාජයේ දෘෂ්ටිය

වන්නේ පාලක පංතියේ දෘෂ්ටිය යි. ඒ නිසා අර්බුද මැද්දේ වුව විවිධ තාවකාලික සහන හා ප්‍රයෝග හරහා මෙන්ම

මර්දනය හරහා සිවිල් සමාජය යම් ග්‍රහණයක පවත්වා ගන්නට පාලක කණඩායම්වලට හැකියාවක් තිබේ.


පාලක රෙජිමයට එරෙහිව විවිධ ආකාරයෙන් සටන් සටන් වදින වාමාංශික හා ප්‍රගතිශීලී කියන සියලු දේශපාලන

පක්ෂ, සංවිධාන හා කණ්ඩායම්, බහුජන හා වෘත්තීය සමිති සංවිධාන හා සන්ධාන විසින් මෙම උපායික වැරද්ද

කරනු ලබන බව පෙනෙන්නට තිබේ. පාලක රෙජිමයේ සෑම ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ටම

එරෙහිව සටන් වැදිය යුතු ය යන්න අවිවාදිත ය. එහෙත් සුපුරුදු හුදු විරෝධය පෑමේ අරගලවලින් හා පාලකයන්ට

එරෙහිව ප්‍රේක්ෂක ජන සමූහයා මන්මත් කරවන අභියෝගවලින් පමණක් පාලක රෙජිම පලවා හැරිය නොහැකි

බව වටහා ගැනීම අවශ්‍ය ය.


රනිල්ලා, රාජපක්ෂලා, ඩලස්ලා, වීරවංශලා, මෛත්‍රීපාලලා, චම්පිකලා, හකීම්ලා යන සියල්ලෝම කුමනාකාරයෙන්

පෙළ ගැසුණ ද පාලක පංතික කල්ලි කණ්ඩායම්ම ය. මෙම හැම කණ්ඩායමක්ම විටින් විට ඒ ඒ ආණ්ඩුවේ පමණක්

නොව එකම ආණ්ඩුවල ද කොටස්කරුවෝ වූහ. මොවුන් කුමනාකාර සන්ධාන හදා ගෙන බලය සඳහා ජනතාව හමුවට

පැමිණිය ද අනුගමනය කරන්නේ එකම ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගම ය.


මේවාට වෙනස්ව ජනතා ඵලප්‍රයෝජන වෙනුවෙන් පෙනී සිටින වාම, ප්‍රගතිශීලී හා පාලක පංති විරෝධී

ජනප්‍රියවාදී බලවේගයන්ට උක්ත පෙළගැසීම් අතරවන ප්‍රතිවිරෝධතා සැලකිල්ලට ගනිමින් ප්‍රති ත්‍රස්ත

පනත වැනි ආණ්ඩුවේ මර්දනීය පියවර පරාජයට පත් කරන්නට එක්ව ක්‍රියා කරන්නට කටයුතු කරන්නට පුළුවන.

කටයුතු කළ යුතු ය. එය හදිසි අවශ්‍යතාවකි. එහෙත් මෙකී බලවේගයන්ට ඊට වඩා යමක් සඳහා එම පෙළ ගැසීම්

සමග ක්‍රියාකාරිත්වයන්ට යන්නට බැරි ය.


පාලක පංති සන්ධානයන්ට යම් වෙනසක් පෙන්නුම් කරන හා අද දවසේ ප්‍රධාන ජනප්‍රියවාදී දේශපාලන

ව්‍යාපාරය බවට පත්ව තිබෙන ජවිපෙ කේන්ද්‍රිත ජාජබය සියල්ල ඡන්දයට ඌනනය කර ගත් සන්ධානයක් බවට

පත් කර තිබෙන අතර එයට සිදුව ඇත්තේ අරගලය ඡන්දයක් ලැබෙන තෙක් තමන් වටා ගොනු කර ගත් රැල්ල

නඩත්තුකර පවත්වා ගැනීමේ ක්‍රියාකාරිත්වයකට කොටු කර ලීමට ය. මේ සඳහා ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමය වී

ඇත්තේ ලොකු රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වල දී ප්‍රේක්ෂක ජනයා මන්මත් කරවන ආණ්ඩුවට එරෙහි ප්‍රවේගකාරී

අභියෝග කිරීම් හා ඕඩියන්ස් කතා ය.


වාම හා ප්‍රගතිශීලී බලවේගයන් ද විරෝධය පෑම් වලින් ඔබ්බට සිය ක්‍රියාකාරිත්වය පෙළ ගස්වන බවක්

පෙනෙන්නට නැත. ඉදිරි වර්ධනයන් තුළ නව උපාය උපක්‍රම ගැන සිතන්නට ගවේෂණය කරන්නට සිදුව තිබේ.

අප ජනප්‍රිය විරෝධතාවන්ට පමණක් සිමා නොවී ඉන් ඔබ්බට ගමන් කළ යුතුව තිබේ. එය වාම හා ප්‍රගතිශීලී

සෑම කොටසකගේම වගකීමකි.

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

Featured Post

අධ්‍යාපනය අයිතියකි ! විකිණීම සඳහා නොවේ !

දකුණු ආසියාතික තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (සයිටම්-  SAITM, The South Asian Institute of Technology and Medicine)    2008 ඔක්තෝබර් 1 දින ආයෝජ...